AIA Premier Agency Circle තවත් මෙට්‍රෝ කාර්යා­ල­යක් | සිළුමිණ

AIA Premier Agency Circle තවත් මෙට්‍රෝ කාර්යා­ල­යක්

AIA රක්ෂණ සමා­ගමේ 2 වනPremier Agency Circle මෙට්‍රෝ කාර්යා­ලය නොබෝදා කොළඹ 7, AIA Tower හි පිහිටි සමා­ගමේ ප්‍රධාන කාර්යාල ගොඩ­නැ­ගිල්ලේ දී විවෘත කරන ලදී. මෙම PAC කාර්යා­ල­යන් විවෘත කරන්නේ පූර්ණ කාලීන අලෙවි බල­කා­යක් ඇති කිරීමේ අර­මුණ ඇති­වයි. රක්ෂණ සමා­ග­මක් තුල පූර්ණ කාලීන අලෙවි කරු­වන් බඳවා ගැනීම නව­තම සංක­ල්ප­යක් වන අතර AIA රක්ෂණ සමා­ගම ඉතා­මත් ක්‍රමා­නු­කූල ආකා­ර­යක් ඔස්සේ තෝරා­ගන්නා මෙම අලෙවි කරු­වන් විශේෂ වූ පුහුණු සහ කළ­ම­නා­ක­රණ වැඩ­ස­ට­හ­න­කට යොමු­ක­රන අතර එම­ගින් කෙටි කාල­යක් තුලදී මිලි­යන් ඩොලර් වට­මේස සාමා­ජි­ක­ත්වය සඳහා ඔවුන්ව සූදා­නම් කරනු ලබයි. MDRT සාමා­ජි­ක­ත්වය යනු රක්ෂණ අලෙවි වෘත්ති­ක­යෙකු හට අත්පත් කර­ගත හැකි ඉහ­ලම සුදු­සු­ක­මයි. මෙම PAC කාර්යාල ඔස්සේ ගුණා­ත්මක බවින් සහ කණ්ඩා­යම් හැගී­මෙන් ඉහල අලෙවි කරු­වන් පිරි­සක් බිහි කිරී­මට සමා­ගම අපේක්ෂා කරයි.

Comments