HNB ඇෂු­ව­රන්ස් නව සන්නාම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක් | Page 2 | සිළුමිණ

HNB ඇෂු­ව­රන්ස් නව සන්නාම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක්

HNB ඇෂු­ව­රන්ස් (HNBA) හී ආය­ත­නික වෙ‍ෙළ­ඳ­නා­මය ප්‍රව­ර්ධ­නය කිරීම උදෙසා සන්නි­වේ­දන වැඩ­ස­ට­හ­නක් මෑත­කදී සමා­ගම එළි දැක්විය. මෙම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හනේ තේමාව වුයේ ‘‘ජීවි­තයේ සෑම පිය­ව­ර­ක­ටම ඔබට ශක්ති­යක් වෙමින් සැමට ඉහ­ළින් ඔබගේ විශ්වා­සය දිනූ අපි’’ යන්නයි. මෙම වැඩ­ස­ට­හන දියත් කිරීමේ ප්‍රධාන අර­මුණු වුයේ සමා­ග­මත්, සමා­ගමේ සේවා­ලා­භීන් මෙන්ම ශ්‍රී ලංකීය ජන­තාව අත­රත් ඇති සුහද සබැ­ඳි­යාව තව දුර­ටත් වර්ධ­නය කිරී­මත්, HNBA වෙළෙඳ නාමය පිළි­බඳ සමා­ජයේ දැන­ගැ­න්මත් අව­බෝ­ධ­යත් ඉහළ නැංවී­මත් වේ.

HNBA සහ එහි පූර්ණ පරි­පා­ලිත සමා­ග­මක් වන HNB ජෙන­රල් ඉන්ෂු­ව­රන්ස් ලිමි­ටඩ් (HNBGI) හී කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන අධ්‍යක්ෂ නිල­ධාරී දීප්ති ලොකු­ආ­රච්චි මහතා මෙම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන පිළි­බඳ සිය අද­හස් දැක්වූයේ අප මෙහෙ­යුම් කරන්නා වූ මෙම කාල පරි­ච්ඡේ­දය තුළ වර්ධ­න­යට නොයෙ­කුත් අව­ස්ථා­වන් ඇති අතර, ආසි­යානු කලා­පීය සහ ජාත්‍ය­න්ත­රයේ ආර්ථික සාධ­ක­යන් හේතු­කො­ට­ගෙන ශ්‍රී ලාංකීය සමා­ජයේ පසු­බි­මද ශීඝ්‍රව වෙනස් වෙමින් පවතී. පසු­ගිය වසර කිහි­පය සලකා බලන කල අප සමා­ගම අඛණ්ඩ, තිර­සාර වර්ධ­න­යක් අත්පත් කර ගන්නා ලදී. අනා­ග­ත­යේදී ද අපගේ විස­ඳුම් සහ සැල­සුම් තුළ කැපී­පෙ­නෙන සේවා විශේ­ෂාංග තව දුර­ටත් හඳුන්වා දිය යුතු බව අප අව­බෝධ කර­ගෙන ඇති අතර අපගේ විස­ඳුම් සොයා පැමි­ණී­මට ශ්‍රී ලාංකි­ක­යන් හට වුව­ම­නා­වක් ඒ තුළින් ඇති කිරීම අපගේ ඉල­ක්කය වේ. මේ සඳහා අප කළ­ම­නා­කා­රණ කණ්ඩා­යම සයි­මන් සිනෙක් ගේ 'ගෝල්ඩන් සර්කල්' ව්‍යුහය උප­යෝගී කර­ග­නි­මින් විස­ඳුම් සෙවීමේ විශේෂ අභ්‍යා­ස­යක නිර­තවිය.

එම­ගින් අප අව­බෝධ කර­ගත් ප්‍රධාන කාර­ණාව නම්, සමා­ග­මක් ලෙස අපගේ සියලු සේවා­වන් හී උසස් පර­මා­ර්ථය වන්නේ අපගේ සේවා­ලා­භීන්ගේ ජිවිත ගමනේ සෑම පිය­ව­රක්ම සවි­බ­ල­ගැ­න්වීම බවයි. එබැ­වින් මෙම වෙ‍ෙළඳ නාම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නෙහි ප්‍රධාන බලා­පො­රො­ත්තුව වන්නේ අප සමා­ගමේ මෙම අර­මුණ පැහැ­දි­ලිව අපගේ සේවා­ලා­භීන් වෙත සන්නි­වේ­ද­නය කිරී­මය.

HNBA ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී වන ප්‍රසාන්ත ප්‍රනාන්දු මහතා අද­හස් දක්ව­මින් පැව­සුවේ ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමා­ග­මක් වීමේ අපගේ උපාය මාර්ගයේ වැද­ගත් කොට­සක් ලෙස මෙම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන හඳු­න්වා­දිය හැකි අතර එය අපගේ අලෙවි බල­කා­යට නව සැල­සුම් අලෙවි කිරීමේ ක්‍රියා­ව­ලි­යෙහි මුහුණ දෙන්නා වූ තර­ඟ­කාරී අභි­යෝ­ග­යන් ජය ගැනී­ම­ටත් ඉම­හත් සවි­යක් වනු නොඅ­නු­මා­නය.

මෙම අලෙවි ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන පිළි­බඳ අද­හස් දක්ව­මින් HNBA සමා­ග­මෙහි අලෙ­වි­ක­රණ අංශ ප්‍රධානී දිනේෂ් යෝග­ර­ත්නම් මහතා මෙසේ පැව­සීය ‘‘අපේ ජීවි­තයේ සුවි­ශේ­ෂීම අව­ස්ථා­වන් පද­නම් කර­මින් ගොඩ­නැ­ගුණු මෙම අලෙවි ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන HNBA හී සමා­ජීය අග­යන් මනාව පිළි­බිඹු කරයි.

අපගේ ආද­ර­ණී­යයන් හා සමග අප ගත කරන්නා වූ ඒ සුන්දර, සුවි­ශේෂී අව­ස්ථා­වන්හී අපට දැනෙන්නා වූ සංවේදී, මිහිරි හැඟීම් කාණ්ඩ හත­රක් මෙම වැඩ­ස­ට­හනේ පාදක දර්ශන ලෙස යොදා ගෙන ඇත. තවද අපගේ වෙළඳ සන්නාම ලාංඡ­නයේ ඇති සූර්යයා මෙන් අන් සිය­ල්ලන්ට වඩා අප විශ්වා­ස­වන්ත බව සන්නි­වේ­ද­නය කිරී­මද අපගේ අර­මු­ණක්වේ’’ යන්නයි.

Comments