ඉදිරි දශක තුනේ එජා­පය ඉතාම ශක්ති­මත්,රට සංව­ර්ධ­නය කරා ගෙන යෑමට තරුණ නාය­ක­යන් පන්න­රය ලබා සිටි­නවා | සිළුමිණ

ඉදිරි දශක තුනේ එජා­පය ඉතාම ශක්ති­මත්,රට සංව­ර්ධ­නය කරා ගෙන යෑමට තරුණ නාය­ක­යන් පන්න­රය ලබා සිටි­නවා

 

රුණයන් කෙරෙහි විශ්වාසය තබන එජාපයේ ඉදිරි දශක කිහිපයේ දේශපාලනය බාර ගනිමින් ඉදිරියට එන තරුණ නායකයෙක් ලෙස ප්‍රියාන් විජේරත්න මහතා හැඳින්විය හැකිය. දඹුල්ල ආසන සංවිධායකවරයා ලෙස තමා උගත් දෙයින් රටට වැඩක් කිරීමට සැරැසෙන හෙතෙම කෙටි කලක් තුළදී දඹුල්ල ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උරදෙන වැඩපිළිවෙළක නිරත වෙමින් සිටී. මේ ප්‍රියාන් විජේරත්න මහතා සමඟ සිළුමිණ කළ සාකච්ඡාවකි.

 

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේම­දාස මහතා එජා­පයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස නම් කරනු ලැබුවා. එතැ­නින්ම අපේ කතා­බහ ආරම්භ කළොත්...

සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස නම් කිරී­මෙන් එජා­පයේ නියම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රට­ටම ඔප්පු වුණා. එජා­පය කියන්නෙ අවු­රුදු හැත්තෑ­වක් පැරැණි, සියලු දෙනා­ටම අව­ස්ථා­වක් ලැබෙන පරිදි සම්පා­ද­නය කර තිබෙන ව්‍යව­ස්ථා­වක් ඇති, මේ රටට විශාල වැඩ කොට­සක් කරපු පක්ෂ­යක්.

එදා හිටිය අපේ නාය­ක­යන් ගත් තීන්දු තීර­ණ­වල ප්‍රති­ඵ­ල­යක් ලෙසයි රටේ සංව­ර්ධ­න­යට මහත් අත්වැ­ලක් වී තිබෙන ව්‍යාපෘති මේ රටට පැමිණ තිබෙන්නෙ.

එසේ රටට වැඩ­දායි ගම­නක් ආ පක්ෂ­ය­කින් තවත් අලුත් නාය­ක­යෙකු රටට බිහි කරන්න අවශ්‍ය වට­පි­ටාව මෙවර කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යේදී ඒක­ම­ති­කව තීන්දු කෙරුවා. මෙහිදි ඉතාම වටිනා දේ තමයි, පක්ෂයේ අවු­රුදු 29ක් නාය­ක­ත්වය දරපු අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාම තමන්ගේ නියෝජ්‍ය නාය­කයා පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස නම් කිරීම.

ඒ වගේම විශේෂ පක්ෂ සම්මේ­ල­න­යේදී අග­මැ­ති­තුමා, සජිත් ප්‍රේම­දාස මහ­තාගේ මෑණි­යන් සභා­වට කැඳ­වා­ගෙන ආ අයුරු ඉතාම සංවේදී දසු­නක් වුණා. අග­මැ­ති­තු­මා­ගෙන් ලැබුණ ආශි­ර්වා­ද­යත් සමඟ සජිත් ප්‍රේම­දාස මහතා විශාල ගම­නක් ආරම්භ කර තිබෙ­නවා. ඒ ආර­ම්භය නොවැ­ම්බර් 17 වැනිදා ජය­ග්‍රා­හීව අව­සන් කර­නවා.

සංජීව කවි­රත්න මහ­තා­ගෙන් පසු කාල­යක්ම ආසන සංවි­ධා­ය­ක­ව­ර­යකු නොසිටි දඹුල්ලේ එජාප සංවි­ධා­ය­ක­ව­රයා ලෙස පත් වූ ඔබ­තුමා ඉදිරි මැති­ව­ර­ණ­යට සූදා­නම කෙබඳු ද?

පක්ෂ පාට බේද­ය­කින් තොරව දඹුල්ලේ ගම්මාන 624ක සහ දඹුල්ල, ගලේ­වෙල, පල්ලෙ­පොළ කියන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස තුන පුරා අප පහු­ගිය කාලයේ කළ සංව­ර්ධ­නය අනුව සියලු ජනයා සැදි­පැ­හැදී සිටින්නෙ මෙවර මැති­ව­ර­ණ­යෙන් එජා­ප­යට දඹු­ල්ලෙන් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා දෙන්නයි.

අග­මැ­ති­තුමා ජ්‍යෙෂ්ඨ­යන් සිටි­යත් දඹුල්ල ආස­නය තරු­ණ­යෙකු ලෙස මට බාර­දුන්නා. දඹුල්ල ජන­තාව කලෙක සිටම බලා­පො­රො­ත්තු­වෙන් සිටියේ ඉදිරි කාලය වෙනු­වෙන් තරුණ නාය­ක­යෙක්. මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් 43%ක වප­ස­රි­යක පිහිටි දඹුල්ල ආස­නය වැනි විශාල ආස­න­යක් මා වැනි තරු­ණ­ය­කුට ලබා දෙමින් පක්ෂය තැබූ විශ්වා­සය මා මේ වන විටත් සපථ කර තිබෙ­නවා. දඹුල්ලේ ඊළඟ දශක කීපයේ සංව­ර්ධ­නය සඳහා මා ස්ථිර­සාර වැඩ­පි­ළි­වෙ­ළක් නිර්මා­ණය කර තිබෙ­නවා.

 

තරුණ දේශ­පා­ල­න­ඥ­යෙකු ලෙස එජා­පයේ ඉදිරි දේශ­පා­ල­නය දකින්නෙ කොහොම ද?

එජා­පයේ ඉදි­රිය බොහෝම පැහැ­දි­ලියි. එජා­පයේ ඉදිරි අනා­ග­තය බාර­ගැ­නී­මට තරුණ නාය­ක­යන් පිරි­සක් ඉදි­රි­යට ඇවිත් සිටි­නවා. සජිත් ප්‍රේම­දාස මහ­තා­ගෙන් ආරම්භ වන නව ගමන නවින් දිසා­නා­යක, අකිල විරාජ්, හරින් ප්‍රනාන්දු වැනි මෙකී නොකි විශාල තරුණ නාය­ක­යන් පිරි­ස­ක­ගෙන් පෝෂ­ණය වෙනවා.

අග­මැ­ති­තුමා නාය­කත්ව පර­පු­රක් හැදුවා. එජා­පයේ ඊළඟ දශක තුන ඉතාම ශක්ති­මත්. ඒ වගේම රට විශාල සංව­ර්ධ­න­යක් කරා ගෙන යෑමට තරුණ නාය­ක­යන් පන්න­රය ලබා සිටි­නවා.

1977න් පසුව මේ රටේ සිදු වන විශා­ලම පරි­ව­ර්ත­නය සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති වූවා­යින් පසුව තරුණ නාය­ක­යන් පිරි­සත් සමඟ යන දේශ­පා­ලන ගම­නේදී සිදු වෙනවා.

ඊළඟ අවු­රුදු 30ම එජාප පාල­න­යක් තමා මේ රටේ පව­තින්නෙ. එහිදී තරු­ණ­යෙකු ලෙස එජා­පයේ ඉදිරි දේශ­පා­ල­න­යට මගෙන් විය යුතු සේවාව සේම ජන­තා­වට විය යුතු කාර්ය­භා­රය වෙනු­වෙන් මා නොපැ­කි­ළිව කැප වෙනවා.

 

දඹුල්ල වැනි ගොවි ආර්ථි­ක­යක් මූලික කර­ගෙන ජීවත් වන පිරි­සක් සිටින ප්‍රදේ­ශ­යක දේශ­පා­ල­න­ඥ­යෙකු ලෙස එම ප්‍රදේ­ශයේ ජන­තාව වෙනු­වෙන් කළ කාර්යය භාරය ගැනත් සඳ­හ­නක් කළොත්...?

දඹුල්ල ආස­නය සිය­යට 90ක්ම කෘෂි­ක­ර්මා­න්තය මූලික කර­ගෙන ජීවත් වන ජන­තා­වක් සිටින ප්‍රදේ­ශ­යක්. මුළු රට­ටම අවැසි බී ලුනු අව­ශ්‍ය­තා­වෙන් සිය­යට 47ක් ලබා දෙන්නේ දඹු­ල්ලෙන්. ඒ කාර­ණා­වෙන්ම හිතා­ගත හැකි නේද දඹුල්ල රටේ කෘෂි ආර්ථි­ක­යට මොන තරම් බල­පෑ­මක් කරන ප්‍රදේ­ශ­යක්ද කියා. එම ජන­තා­වට නව පණක් ලබා දීම­ටයි මේ රජය පැමිණි සැණින් ඔවුන්ගේ ගැටලු රාශි­යක්ම හඳු­නා­ගත්තෙ.

ඒ අනුව දඹුල්ලෙ වාරි පද්ධ­තිය නැවත සකස් කිරීම ආරම්භ කිරී­මට අවශ්‍ය පිය­වර අර­ගෙන තියෙ­නවා. වය­ඹ­ඇළ ව්‍යාපෘ­තිය මඟින් දඹුල්ල, ගලේ­වෙල ජන­තා­වගේ ජල අව­ශ්‍ය­තා­ව­න්ටත් ලොකු දාය­ක­ත්ව­යක් ලබා­දී­මට කට­යුතු කර තිබෙ­නවා. එසේම කණ්ඩ­ලම වැවේ ජල ධාරි­තාව වැඩි කිරී­ම­ටත් නව සැලැ­ස්මක් සක­ස­නවා. දඹුල්ල සහ ඒ අවට ජන­තා­වගේ එකම අව­ශ්‍ය­තාව ජල­යයි. දඹුල්ල, ගලේ­වෙල මිනිස්සු කිසිම විටෙක රත්රන්, පවුම් ඉල්ලන්නෙ නැහැ. ඒ මිනිස්සු කියන්නෙ අපිට වතුර ටික දෙන්න... ඒ ඇති කියලා.

ඒ වගේම භෝග නාස්තිය දඹුල්ල ජන­තාව නඟන ප්‍රශ්න­යක්. මුළු භෝග­ව­ලින් සිය­යට 40ක් නාස්ති වෙනවා. ඊට පිළි­තු­රක් ලෙස ගත් තීන්දු­වක් අනුව එළ­වළු මෙට්‍රික් ටොන් 5500ක් ගබඩා කළ හැකි නව ශිතා­ගා­ර­යක් දඹුල්ලෙ ඉදි­වෙ­මින් පව­ති­නවා. එය තව නොබෝ දින­කින්ම ජනතා අයි­ති­යට පත් කර­නවා.

එසේම භෝග­ව­ලට හොඳ මිලක් ලබා­දී­ම­ටත් අපි කට­යුතු කළා. ඒ දේ මේ කන්න­යේදී හොඳින්ම සිදු වුණා. රුපි­යල් 50ට 60ට තිබූ බී ලුනු කිලෝව මෙවර රුපි­යල් 150ට ගියා. එය ගොවීන්ට හොඳ මිලක් වගේම ඔවුන්ගේ ආර්ථි­ක­යට ලොකු ශක්ති­යක්. දේශ­පා­ලන වාසි ගැනී­මට නොව ගොවි ජන­තාව දෙප­යින් නැඟි සිටු­වී­ම­ටයි අපේ රජය කට­යුතු කළේ.

දඹුල්ලෙ කෘෂි­ක­ර්මා­න්තය වගේම සංචා­රක කර්මා­න්ත­යෙ­නුත් විශාල ආදා­ය­මක් රටට ලබා­දිය හැකියි. ලෝකයේ අට­වැනි පුදු­මය වන සීගි­රිය අයත් වන්නෙ දඹු­ල්ල­ටයි. සීගි­රිය පුරා­විද්‍යා වටි­නා­ක­ම­කින් යුත් ස්ථාන 14ක් තිබෙන ප්‍රදේ­ශ­යක්. ඒ ස්ථාන මෙතෙක් සංචා­රක ව්‍යාපා­ර­යේදී මාකට් කරලා නැහැ. එයින් රටට වැඩ­දායි යමක් කිරී­මට විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

මං මෙතෙක් පැමිණි කෙටි­කා­ලීන දේශ­පා­ලන ගමන තුළදී දඹු­ල්ලට රුපි­යල් ලක්ෂ හත­ළිස් නව­ද­හ­සක වැඩ කොට­සක් කරලා තියෙ­නවා. ගම්පෙ­ර­ළිය වැඩ­ස­ට­හ­නෙන් විශාල වැඩ­කො­ට­සක් කරන්න හැකි වුණා. සජිත් ප්‍රේම­දාස මැති­තු­මාගේ නිවාස වැඩ­ස­ට­හ­නෙන් දඹු­ල්ලට විශාල නිවාස ප්‍රමා­ණ­යක් ඉදි කළා.

 

ඔබ වැනි උගත්, බුද්ධි­මත්, නාය­ක­යන් දේශ­පා­ල­න­යට අව­ශ්‍යයි..?

මම දේශ­පා­ල­න­යට පිවි­සියේ 2013 වසරේ විපක්ෂ නාය­ක­ව­ර­යාව සිටි රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාගේ ආරා­ධ­න­යෙන්. දේශ­පා­ල­න­යට අව­තීර්ණ වීමට මූලික ලෙසම බල­පෑවේ උගත් දෙයින් රටට යමක් දිය යුතුයි කියා සිතූ නිසා.

විශේ­ෂ­යෙන්ම මෙරට දේශ­පා­ලන පරි­පා­ලන ව්‍යුහය තුළ දැනුම සහ අව­බෝ­ධය පිළි­බඳ ලොකු අඩු­වක් තිබෙන බව මට තේරුණා. ඒ අඩුව පුර­ව­මින් යම්කිසි කාල­ය­කට තරු­ණ­යකු ලෙස රටට වැඩක් කිරී­ම­ටයි මම හිතුවේ.

එහිදී මන්ත්‍රී­ව­ර­යකු ලෙස පාර්ලි­මේ­න්තු­වට වාර දෙකක් ගොස් එතැ­නින් පසුව වෙනත් කෙනෙ­කුට අව­ස්ථාව ලබා­දී­මයි මගේ අර­මුණ. මැරෙන තුරු දේශ­පා­ල­නයේ නිරත වීමට මගේ බලා­පො­රො­ත්තු­වක් නෑ.

 

මැති­ව­රණ සම­ය­කට එළැ­ඹෙන මේ මොහොතේ සමස්ත රට­වැ­සි­යාට ඔබ දෙන පණි­වි­ඩය කුමක් ද?

එක් එක් කන්නා­ඩි­ව­ලින් ඉදිරි මැති­ව­ර­ණය දෙස බලන්න එපා. අවම වශ­යෙන් ඊළඟ දශක දෙක මේ රට කුමන දිශා­න­ති­ය­ක­ටද ගෙන­යන්නෙ කියා සිතිය යුතුයි. එසේ ගෙනි­යන්න පුළු­වන් පක්ෂය කුමක්ද කියා සිතන්න. ඒ ගෙන යා හැකි පක්ෂය එක්සත් ජාතික පක්ෂ­යයි.

මේ රටේ මෙතෙක් බිහි වී තිබෙන ප්‍රධාන ව්‍යාපෘති වන මහ­වැලි, කර්මාන්ත, නිද­හස් ආර්ථි­කය, නිද­හස් අධ්‍යා­ප­නය වැනි සෑම දෙයක්ම එජාප රජ­යන් යටතේ බිහි වූයේ. එම නිසා ඉදිරි දශක දෙක අනි­වා­ර්ය­යෙන්ම එක්සත් ජාතික පක්ෂ­යට බාර දෙන්න කියා සමස්ත රට­වැ­සි­යා­ගෙන් ඉල්ලා සිටි­නවා.

 

Comments