ලාංඡනය ගැන නොසිතා ප්‍රතිවාදී සජිත් පරාජය කරමු | සිළුමිණ

ලාංඡනය ගැන නොසිතා ප්‍රතිවාදී සජිත් පරාජය කරමු

 ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය කව­දාද ඉදි­රි­පත් කරන්නේ.?

මේ සම්බ­න්ධ­යෙන් විවි­ධ‍ ­ක්ෂේත්‍ර නියෝ­ජ­නය කරන පිරිස් හමු­වෙලා ඒ අය ගේ අද­හ­ස්‍ ­යෝ­ජනා පිළි­බඳ ව කතා­බහ කර­මින් සියලු ක්ෂේත්‍ර­වල නියෝ­ජි­ත­යන්ගේ අද­හස් විම­සීම් කට­යුතු මේ වන විට සිදු කර­මින් පව­ති­නවා. සම්මේ­ලන පව­ත්වන්නේ දේශ­පා­ලන වශ­යෙන් ඔළු ගෙඩි ටික දැකලා සිඟිති ආතල් ගන්න නෙමෙයි. ඒ අයගේ යෝජනා සියල්ල එකට එකතු කරලා අපි අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ඉදි­රි­පත් කර­නවා. අපිට සැම සම්මේ­ල­න­යක ම අද­හස් යෝජනා මාලා ඉදි­රි­පත් වෙනවා.

පොදු සන්ධා­න­යක් ගොඩ­නැ­ඟීම පිළි­බඳ ශ්‍රිල­නිප සහ පොදු ජන පෙර­මුණ අතර සාකච්ඡා දිගින් දිගට ම කල් යනවා. මෙහි වාසිය යන්නේ ප්‍රති­වාදී පිලට නේද ?

ලාංඡ­න­යට මොනවා වුණත් කමක් නැහැ කියලා යුඑන්පී විරෝධි බල­ක­ද­වු­ර­කට එන්න ඕන. ශ්‍රිල­නි­පයේ ප්‍රමා­ද­යක් තමයි තියෙන්නේ. අපේ ප්‍රති­වා­දියා වන මේ රටට වින කරන එජා­පය මුදා හරින්න දෙපා­ර්ශ්වය ම එක­ඟ­තා­ව­කට පැමි­ණිය යුතුයි. මම පැහැ­දි­ලිව ම දන්නවා ඒ එක­ඟ­තාව ඉදි­රි­යේදී සිදු වෙයි. ශ්‍රිල­නිප කිහි­ප­දෙ­නෙක් එකතු වෙලා මේ ලාංඡ­න­යක් සම්බ­න්ධ­යෙන් කතා­බ­හක් සිදු වෙනවා. ඒ නිසා මම දකින දෙයක් තමයි රටට වින කරන මේ ප්‍රති­වා­දියා පළවා හැරීමේ ක්‍රම­වේ­දය ගැන තමයි අපි කතා කර­න්නට ඕන. මම පැහැ­දිලි ව ම දන්නවා ඒ එක­ඟ­තාව ඉක්ම­නින් සිදු වෙයි. පක්ෂ දේශ­පා­ල­නික වශ­යෙන් සමා­ජීය දේශ­පා­ලන වශ­යෙන් ඇද වැටිලා ජීව­ත්වෙන්න නුසු­දුසු ර‍ටක් බවට පත්වෙලා ජන­තාව මේ රජය ගැන ඉන්නේ ඉතා කළ­කි­රිලා.

ලාංඡ­න­යට මොනවා වුණත් කමක් නැහැ කියලා ඔබ­තු­මාලා කිය­නවා නම්, ලාංඡ­නය සම්බ­න්ධ­යෙන් මීට වඩා නම්‍ය­ශීලි ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කරන්න පොදු ජන පෙර­මු­ණ­ටත් පුළු­වන් නේද?

ඒක ඇත්ත. ලකු­ණක් බදා­ගෙන දඟ­ල­න­වට වඩා මේ එක ම බල කඳ­වු­රක් ලෙස මේ ඡන්ද­යට මුහුණ දෙන්න පුළු­වන්. අද වෙන­කොට පොහොට්ටු‍ව මිනි­සුන්ගේ හද­වතේ ලාංඡ­න­යක් බවට පත් වෙලා ඉව­රයි. ශ්‍රීලංකා පොදු­ජන පෙර­මුණ කියලා කිව්වාට දන්නේ නැහැ; මිනි­සුන්ගේ හද­වතේ අන­න්‍ය­තාව බවට මේ ලාංඡ­නය පත්වෙලා ඉව­රයි. ඒනිසා අපි කියන්නේ අපි මේ වෙලාවේ අපිට මේ ලාංඡන ගැන හිතන්නේ නැතුව අපේ ප්‍රති­වා­දියා වූ සජිත් ප්‍රේමදාස පරා­ජය කිරීමේ ජාතික වග­කීම ඉටු කිරි­මයි කර­න්නට සිදු­වෙන්නෙ.

ජනා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් පසුව මහ­මැ­ති­ව­ර­ණය සඳහා පොදු­ජන පෙර­මුණ පක්ෂයේ සල­කුණ වන පොහො­ට්ටුවේ වෙන­සක් කර­මින් පොදු සල­කු­ණ­කින් මහ­මැ­ති­ව­ර­ණ­ය­කට ඉදි­රි­ප­ත්වෙ­න­වාද ?

නැහැ එහෙම වෙන්නේ නැහැ. දැන් තියෙන තත්ත්ව­යෙන් මයි යන්නේ. මැති­ව­රණ කොම­සා­රි­ස්‍ව­ර­යාගේ අනු­දැ­නු­මෙන් පොඩි වෙන­සක් වෙයි.කොහොම වුණත් පොහො­ට්ටුව නම් වන ජය­ග්‍රාහි සංකේ­ත­යෙන් ම තමයි මැති­ව­ර­ණ­ව­ලට ඉදි­රි­ප­ත්වෙන්න බලා­පො­රොත්තු වෙන්නේ.

මේ වන­විට ශ්‍රිල­නි­පයේ ප්‍රබ­ලයෝ කිහි­ප­දෙ­නෙක් මේ වන විට එජා­ප­යට සහය පළ කර­න්නට සුදා­න­මක් තිබෙ­නවා නේද?

ඔය යන එන අය නම ප්‍රසිද්ධ වුණත් පුද්ග­ල­යන්ගේ මුහුණ හුරු වුණාට ජන­තාව අත­රට ගිහින් ජනතා සිතු­ම්පැ­තුම් හඳු­නා­ගෙන තියෙ­න­වාද කිය­ලයි අපි බලන්න ඕන. ජන­තා­වට සමීප වෙලා තිය­න­වාද කියලා බලන්න ඕන. එහෙම අය ගියොත් පම­ණයි එහි අවා­සි­යක් තියෙන්නේ. ඔය යන අය කට­යුතු කළේ වර­ප්‍ර­සාද තන­තුරු වලට විත­රයි. ඒ පිළි­බද අ‍වබෝ­ධ­යක් ජන­තා­වට තියෙ­නවා. නමක් විත­රක් ඒ පැත්තට ගියාට ඒ අය සමඟ එකතු වන අයට කිසිදු වැඩක් නැහැ. ජන­තාව ඒ අය සමඟ යන්නේ නැහැ. ඒකා­බද්ධ විප­ක්ෂයේ ඉන්න කිසිදු කෙනෙක් මම හිතන්නේ නැහැ; ඒ පැත්තට ගන්න පුළු­වන් වෙයි කියලා. නමුත් මේ වන විටත් එජා­පයේ තරුණ පෙළ මන්ත්‍රි­ව­රුන් ඉන්නේ කළ­කි­රී­මෙන් කියලා මම ඉතා පැහැ­දිලි ව ම දන්නවා. ඒව­ගේම මේ අපෙ­ක්ෂ­ක­ත්ව­යට අක­මැති කිහි­ප­පො­ලක්ම ෙජ්‍යෂ්ඨ­යන් අතර ඉන්නවා. ඉතා වග­කී­මේන් කියන්න පුළු­වන් ඒ ගැන. මාධ්‍ය සන්ද­ර්ශ­න­ව­ලට කල් ගිය දින අව­ලංගු වෙච්ච භාණ්ඩ ලාබෙට ගන්න හද­නවා වගේ යම් යම් වර­දාන වර­ප්‍ර­සාද දිලා ගත්තට ජන­තා­වට ආදරේ කරන අය එහෙම ගන්නත් බැහැ. එක්සත් ජාතික පක්ෂ විරෝධි සියල්ල අපි සමඟ ඉන්නවා.

මේවන විට ර‍ට පුරා වර්ජන රැල්ලක් ක්‍රියා­ත්මක වෙනවා. මේ වැඩ­ව­ර්ජන මාලාව පිටු­පස ඉන්නේ ඔබ­තු­මාල‍ගේ පක්ෂයේ නාය­ක­යන් කියලා චෝදනා තියෙ­නවා නේද?

හැම­වෙ­ලා­වෙම රටක කණ්ඩා­යම් කිහි­ප­යක් ඉන්නවා. ප්‍රති­වා­දීන් හැම­වෙ­ලා­වෙම පැහැ­දිලි ව ම තමන්ට වාසි­යක් වන විදි­හට යි ක්‍රියා කරන්නේ. ආර්ථි­කය අධික අර්බු­ද­යක ඉන්නේ. සැබෑ ලෙස ම අද වන විට ජන­තා­වගේ ආර්ථි­කය ඇද වැටිලා. භාණ්ඩ වල මිල ඉහළ ගිහින්. ඒ වගේම ප්‍රවා­හ­නය ඇතුළු සියලු දේවල් නැති­වෙලා. මුලින් සාකච්ඡා කර­නවා; ඉන් අන­තු­රුව ලිඛි­තව කර­නවා; අව­සා­නයේ දී වැඩ­ව­ර්ජන හර්තාල් යනවා. මේ රට ම හර්තාල් වැඩ­ව­ර්ජන රැල්ලක් බවට පත් කිරී­මට කට­යුතු කළේ වෙන කවු­රුත් නොවෙයි; ආණ්ඩුව. යහ­පා­ලන ආණ්ඩුව විවිධ යෝජනා දාලා රාජ්‍ය සේවයේ සහ වෙනත් සේවා වල ඉන්න ජන­තාව වැටුප් වැඩි­ක­ර­නවා කියලා කිව්වා.

වර්ජකයන් අද බහු­ත­ර­යක් කරන්නේ සාධා­රණ ඉල්ලීම්. මහින්ද රාජ­පක්ෂ පරාද කරලා මේ දේවල් කර­නවා කියලා. මේ මාස දෙක­තුන තුළ පොරොන්දු දුන්න දේවල් මේ අය ඉල්ලන්නේ. යම් මට්ට­ම­කට මේ ඉල්ලීම් ලබා­දෙ­න්නට ඕන; එයට කාට­වත් අත දික්ක­රලා වැඩක් නැහැ. ආබා­ධිත රණ­වි­රු­වන් ගුරු­වරු පාරට බැහැලා හිටියා. මේ රටේ ජන­තා­වට ජීවත් වෙන්න බැරි තත්ත්ව­යක් සෑම ක්ෂේත්‍ර­යක ම උදා වෙලා තිය­නවා. පාරට බැහැලා අයි­ති­වා­සි­කම් දිනා නොග­ත­යුතු පිරිස් පවා පාරට බැහැලා තියෙ­නවා. මේ සියලු දේවල් වලින් තැලෙන්නේ මේ රටේ අහිං­සක ජන­තාව.

 

Comments