සාම­කාමී සංව­ර්ධිත රටක් හදමු | Page 2 | සිළුමිණ

සාම­කාමී සංව­ර්ධිත රටක් හදමු

මගේ ලංකාව හරි ලස්සන පුංචි රටක්
ඉස්සර තිබුණේ නෑ නොවැ කිසි කර­ද­රයක්
කෝටි දෙකක් ඉන්නා මේ පුංචි රටක්
මොක­ටද අනේ මැති­වරු දෙසිය විසි­පහක්

බයි­සි­ක­ලෙන් රජ සබ­යට පැමි­ණෙන්න
දුප්පත් ගම්මු සම­ඟින් උරෙ­නුර ගැටෙන
සැප වාහන, සැප මන්දිර පිටු දකින
හද­මුද පුංචි රජ­යක් රට රැක­ගන්න

විද්වත් සැමට , කරු­ණන් හට රට බාරයි
මේ හැටි සභා පොඩි රට­කට අන­ව­ශ්‍යයි
පක්ෂ නොමැති පොඩි රජ­යක් හරීම අගෙයි
මගේ ලක් මවට බුදු­ස­ර­ණයි, දෙවි පිහි­ටයි

නන්දා රාම­නා­යක, බත්ත­ර­මුල්ල
 

Comments