අනු­බුදු මිහිඳු මාහි­මි­යන් වැඩ විසූ මිහිඳු ගුහාව | Page 2 | සිළුමිණ

අනු­බුදු මිහිඳු මාහි­මි­යන් වැඩ විසූ මිහිඳු ගුහාව

 

හා වෘක්ෂ, මහා පර්වත, හිරු, සඳු වන්දනා කර­මින් ජීවත් වූ ලාංකි­ක­යන් බුද්ධ දර්ශ­නයේ ප්‍රභා­වෙන් විචා­ර­ශීලී මිනි­සුන් පිරි­සක් බවට පත් වීමේ ආර­ම්භය සිදු වන්නේ මහි­න්දා­ග­ම­න­යත් සමඟ බව අප අවි­වා­දි­තව පිළි­ගන්නා කරු­ණකි. ඒ අනුව සිංහල බෞද්ධ ශිෂ්ටා­චා­ර­යේත්, ලාංකේය සංස්කෘ­තික ප්‍රවේ­ණි­යේත් උල්පත ලෙස හඳු­නා­ගන්නේ මිහිඳු මාහි­මි­යන් වැඩම කළ මිහි­න්ත­ලය යි.

 

තුන් වැනි ධර්ම සංගා­ය­නාව අව­සා­න­යේදී එයට ප්‍රධා­න­ත්වය ලබා­දුන් මොග්ගලී පුත්ත­තිස්ස තෙරුන් සහ අනු­ග්‍ර­හය ලබා­දුන් ධර්මා­ශෝක රජු විදේ­ශ­යන්හි බුද්ධ දර්ශ­නය ප්‍රච­ලිත කිරී­මට අදි­ටන් කර­ගත්හ. ඒ අනුව ලක්දි­වට මිහිඳු මාහි­මි­යන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්ද­සාල, සුමන සාම­ණේ­ර­යන් සහ භණ්ඩුක උපා­සක යන පිරිස පිටත් කර එවන ලදි. එසේ මෙර­ටට වැඩම කළ පිරිස එකල මෙරට පාල­කයා වූ දේවා­න­ම්පි­ය­තිස්ස රජුට මුණ­ගැ­සෙන්නේ මිහි­න්ත­ලා­වේ­දීය. සොළො­ස්ම­ස්ථාන අත­රින් එකක් සේ සැල­කෙන මිහි­න්ත­ලය “අම්බ­ස්ත­ලය” එනම් අඹ­ත­ලය යන නාම­යෙන්ද හඳු­න්වනු ලබන අතර තවද සෑගි­රිය, චේති­ය­ගි­රිය හා මිස්සක පව්ව යන නාම ද භාවිතා වේ.

අනු­රා­ධ­පුර නග­රයේ සිට කිලෝ­මී­ටර් 11ක් පමණ දුරින් එයට ඊශාන දිශා­වෙන් මිහි­න්තලා පුද බිම පිහිටා තිබෙන අතර මුහුදු මට්ටමේ සිට මීටර 309.27ක් උස් වූ එම ඓති­හා­සික ශේෂ කන්ද ප්‍රාග් ඓති­හා­සික යුගයේ පටන් මේ දක්වාම දිවෙන දිගු ඉති­හා­ස­යක් හිමි ඉතා වැද­ගත් පූජ­නීය ස්ථාන­යකි. අක්කර 450ක පමණ භූමි ප්‍රදේ­ශ­යක පැතිර පව­තින එම ශුද්ධ භූමිය ඉති­හා­සය පුරා අවි­ඡි­න්නව රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන් පෝෂි­තවූ බිමකි.

මිහිඳු මාහි­මි­යන් යනු ගිහි කල ධර්මා­ශෝක රජුගේ එකම පුත්‍ර­යාය. ධර්මා­ශෝක රජු පැළ­ලුප් නුවර අධි­රා­ජයා බවට පත් වන විට මහින්ද කුම­රුගේ වයස අවු­රුදු 14ක් වූ අතර ඉන් වසර 6කට පසු එනම් කුමරු වයස අවු­රුදු 20දී පැවිදි දිවි­යට ඇතු­ළත් වී ඇති බවත් පැනේ. මහ­ණ­දම් පිරීම අර­භයා වසර කිහි­ප­යක් ගිය කල උන්ව­හන්සේ රහත් ඵල­යට පත් වූහ. සස­ර­මඟ කෙටි කර­ගත් මහින්ද මහ­ර­හ­තන් වහන්සේ තම පියාගේ ඉල්ලීම පිරිදි උතුම් වූ බුද්ධ දර්ශ­නයේ හරය රැගෙන ලක්දි­වට වැඩම කළහ.

මිහිඳු මාහි­මි­යන් ඇතුළු භික්ෂු පිරි­වර තමන්ගේ වාස­ස්ථා­නය ලෙස මිහි­න්තලා පුද බිමම තෝරා ගත්හ. මිහිඳු හිමියෝ මිහි­න්ත­ල­යේම වැඩ උන්හ. වංශ­කථා සාධක අනුව දෙවන පෑතිස් රජ දවස සංඝයා උදෙසා පූජා කළ ලෙන් 68න් එක් ලෙනක මිහිඳු මාහි­මි­යන් වාසය කර ඇති බවත් වර්ත­මා­නයේ මිහිඳු ගුහාව ලෙස ජන­ව­හරේ ප්‍රච­ලිත වන්නේ එම ගුහාව බවත් පිළි­ගැනේ.

අම්බ­ස්තල දාගැබේ සිට නැඟෙ­න­හිර දිශා­වට ගමන් කරන විට එම ස්ථාන­යෙන් පහ­ළට යොමු වූ අඩි පාරක් දැක­ගත හැකි වේ. ස්වාභා­වික ගල් පිහි­ටීම් හා තැනින් තැන ගොඩ­නැඟූ ශිලා­මය පිය­ගැට පේළි ඔස්සේ එම මඟ සකස් වී ඇති අතර එම මග ඔස්සේ ටික දුරක් ගිය විට මිහිඳු ගුහාව දැක­ගත හැකිය.

මිහිඳු ගුහා­වට එම නම ලැබී­මට හේතුව ලෙස ජන­ප්‍ර­වා­දයේ සඳ­හන් වන්නේ එය මිහිඳු මාහි­මි­යන් වැඩ සිටි ලෙන යන විශ්වා­සය මතය. ජන­ප්‍ර­වා­දයේ නිර­ව­ද්‍ය­තාව සනාථ වන සාධක ලෙනෙන් මෙන්ම ලෙන අවට පරි­ස­ර­යෙන්ද ලැබෙන බව පෙනේ.

මිහි­න්තලා කන්දේ එක් බෑවු­මක පිහිටි ලෙන තුළ සිටින අයෙ­කුට හාත්පස දක්නට ලැබෙන්නේ ඉතාම සුන්දර දර්ශ­න­යකි. ලෙන අවට ස්වාභා­වික පරි­ස­රයේ චම­ත්කා­රය දෙනෙ­තට හසු වන ඕනෑම අයෙ­කුගේ සිතට සැන­සීම ගෙන­දෙ­නවා නොඅ­නු­මා­නය. රහ­තන් වහන්සේ නම­කට එම නිද­හස් පරි­ස­රය තම මනස දියුණු කර­ගැ­නී­මට මනා පිටි­ව­හ­ලක් බව පැව­සීම උචි­තය.

එම ලෙන මිහි­න්තලා කඳු අරණේ පිහිටි අනෙ­කුත් ලෙන් අත­රින් වෙනස් වන සුවි­ශේෂී පිහි­ටී­ම­කින්ද යුක්ත වේ. ඒ අනුව එම ලෙන සකස් වී ඇත්තේ ගල් දෙකක් ඉහ­ළින් එකට බද්ධවූ ආකා­ර­යට වන අතර එම නිසා ඇතු­ළත දෙප­සින්ම පරි­ස­ර­යට විවෘත වී පවතී. එම පිහි­ටීම නිසාම ලෙන හරහා නිරි­න්ත­ර­යෙන් සිහිල් සුළ­ඟක් හමා­යනු දැනේ. එම අපූ­ර්ව­තම ලෙන තුළ පිහිටි ගලේම මනාව ඔප දැමූ ගල් ආස­න­යක් සකස් කර ඇත.

එය මිහිඳු මාහි­මි­යන් භාව­නා­යෝ­ගීව සිටී­මට හා සය­නය කිරී­මට උප­යුක්ත කර­ග­න්නට ඇතැයි ජන­ප්‍ර­වා­දයේ පවතී.

සිංහල ථූප­වං­සයේ සඳ­හන් වන්නේ මිහිඳු මාහි­මි­යන් බොහෝ දෙනාට අව­වාද කර­මින් මිහි­න්ත­ල­යේම වැඩ විසූ බවය. ඒ අනුව පැහැ­දිලි වන කරුණ වන්නේ පොසොන් මස මෙර­ටට වැඩම කළ උන්ව­හන්සේ ඉන් මස­කට පසු උදා වන වස් කාලයේ මිහි­න්ත­ල­යේම වස් විසූ බවය. සෙසු භික්ෂූන් අට­සැට ලෙන්හි වස් වසන කල මිහිඳු මාහි­මි­යන් එම මිහිඳු ගුහාවේ වස් වස­න්නට ඇති බව සිතීම යුක්ති සහ­ග­තය.

මිහිඳු මාහි­මි­යන් සැට­ව­සක් ආයු වළඳා චේති­ය­ගිරි පර්ව­ත­යේදී එනම් මිහි­න්ත­ල­යේදී පිරි­නි­වන් පෑ බව මහා­වං­සය සඳ­හන් කරන අතර ඒ අනුව උන්ව­හන්සේ වෙනු­වෙන්ම වෙන්වූ ලෙනක් එම ආරාම සංකී­ර්ණයේ පැවැ­තු­ණේ­යැයි ජන­ප්‍ර­වා­දයේ එන අද­හස යුක්ති සහ­ගත බව පෙනේ. එසේ නම් මිහි­න්තලා පූජා භූමි­යට බැමි­ණෙන සැදැ­හැ­ව­තුන් අනි­වා­ර්යෙන්ම දැක­බ­ලා­ගත යුතු පූජ­නීය ස්ථාන­යක් ලෙසට මිහිඳු ගුහාව හැඳි­න්වීම වටී.

Comments