අලුත් කෝච්චි­යෙන් බදුලු ගිහින් චීන ඉංජි­නේ­රු­වන්ට මැර පාට් දැමූ බේබදු ගාඩ්ලා | සිළුමිණ

අලුත් කෝච්චි­යෙන් බදුලු ගිහින් චීන ඉංජි­නේ­රු­වන්ට මැර පාට් දැමූ බේබදු ගාඩ්ලා

 

ලෝකය ආද­ර­ණීය තැනක් උනේත්, මනු­ෂ්‍ය­යාට මනු­ෂ්‍ය­යෙ­කුට හිමි විය යුතු ගෞර­ව­ණීය ජීවි­තය හිමි වුනේත් ලෝක­යට ආද­රය කළ පැහැ­සර මිනි­සුන් ස්වකීය රුධි­රය, දහ­දිය, කඳුළු මතු නොව ජීවිත ප්‍රාර්ථනා ද කැප කර දියත් කළ අර­ග­ල­ය­න්ගෙනි. ඒ අර­ගල දියත් වූයේ පුළුල් සමාජ, දේශ­පා­ලන හා දෘෂ්ටි­මය පර­ණ­ති­යක් සහිත වට­පි­ටා­ව­කය. එය මිනි­සුන්ට විපුල සමාජ ඵල නෙලා දුන්නේය.

 

එහෙත් මානව ශිෂ්ටා­චා­රයේ හැඩය වෙනස් කළ වෘත්තීය අර­ගල නැමැති මහා බල­ගතු අවිය සදා­චා­රා­ත්ම­කව ව්‍යස­න­යට ලක් කර­මින් අව­ලමේ යැවීමේ අශි­ෂ්ට­කම රටක් ලෙස මේ මොහොතේ අපි අත්වි­ඳි­මින් හිඳිමු. මැති­ව­ර­ණ­යක් ප්‍රකාශ කර ඇති අව­ස්ථා­වක පව­තින දුර්වල ආණ්ඩුව ගෙල ග්‍රහ­යෙන් ගෙන ස්වකීය පුද්ග­ලික අභි­ම­තාර්ථ සාධ­නය සඳහා කරන මේ සාහ­සික කොල්ලයේ නින්දිත බව ගත­වන පැයේදී ලෝක­යට ප්‍රකාශ කර­මින් සිටින්නේ දුම්රිය සේව­ක­යන්ය. දුම්රිය සේවය සංවෘත සේව­යක් බවට පත් කිරීම පම­ණක් ප්‍රමා­ණ­වත් නැතැයි පව­සන දුම්රිය වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන් ආර්.එම්.1 හා ආර්.එම් 2 වැටුප් පරි­මාණ ලබා ගැනී­මට අසං­වර පොර­යක නිරත වෙමිනි. ඒ අනුව දුම්රිය රියැ­දුරු, නියා­මක, පාලක ස්ථානා­ධි­ප­ති­වරු, අධී­ක්‍ෂණ කළ­ම­නා­කාර ඇතුළු තාක්‍ෂණ සේව­ක­යන් දැන් අඛණ්ඩ වර්ජ­න­ය­කය. මේ ලියන අව­ස්ථාව වන­වි­ටත් ගැට­ලුව විසඳී නැත.

ගැබි­ණි­යන්, තරු­ණි­යන්, විය­පත් අම්මා­ව­රුන්, පිය­ව­රුන්, ඇතුළු අපේ පන්තියේ දුගී මිනි­සුන් අසී­මිත පීඩා­වට ලක්ක­ර­මින් මහ මගට ඇද දැමූ ඒ අශි­ෂ්ඨ­ත්වය දැන් සීමාව ඉක්ම ගොස් තිබේ. රටට හෙළි නොවුන ඇත්ත­නම් මේ වැඩ­ව­ර්ජ­නය මෙහෙ­ය­වන ඇතැම් නිල­යන් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව හැසි­ර­වීමේ බලය බල­හ­ත්කා­ර­යෙන් සිය­තට ගෙන තිබී­මය. කෙත­රම් විධග්ධ වෘත්ති­යන් සිටි­යත් ඔවුන් ඇතුළු දුම්රිය දෙපා­ර්ත­මේන්තු ඉහළ පරි­පා­ල­න­යට මේ පිරිසේ හැසි­රීම කල­ම­ණා­ක­ර­ණය කර ගත නොහැකි තත්ව­යක් උද්ගත වීමය. මුලින්ම දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව ගෙල ග්‍රහ­යෙන් ගත් මේ පිරිස අතර අත්ත­නෝ­ම­තික හැසි­රීම් වැඩි වශ­යෙන් ප්‍රකට කළේ දුම්රිය රිය­දු­රන් හා නියා­ම­ක­ව­රුන්ය.

ඒ අශි­ෂ්ට­ත්වය මේ වර්ජ­න­යට සති­ය­කට පෙරත් හෙළි වූයේය. ඒසේ නිරු­වත් වූවෝ දුම්රිය නියා­ම­ක­යන්ය. රාජ්‍ය දෙකක් අතර පරි­පා­ලන සබ­ඳතා තහ­වුරු කරන අති­ශය වැද­ගත් රාජ­කාරි කට­යු­ත්ත­කදී බලය යොදා එහි කාර්ය පටි­පා­ටිය අවුල් කර­මින්, ඒ සඳහා එක්වූ චීන රජය නියෝ­ජ­නය කළ චීන ඉංජි­නේ­රු­ව­රුන්ට බීමත්ව පහර දීමට තැත් කර­මින් මේ ගාඩ්ලා රට කාණු පල්ලට ඇද දැමූ ආකා­රය ප්‍රධාන ඉංජි­නේරු ධාවන විසින් දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රී­ව­රයා වෙත ලිඛි­තව දන්වා තිබිණි.

සිද්ධිය වාර්තා වන්නේ පසු­ගිය මස 20දාය ( 2019.09. 20). අලු­තින් ලංකා­වට ගෙන්වා තිබූ S14 පන්තියේ 971 හා 972 බල­වේග කට්ටල දෙක 878C හා 18/09 ලෙස නම් කර තිබූ පරී­ක්ෂණ ධාව­නය සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා යොදවා තිබිණි. ධාව­නය ආරම්භ වූයේ 20 දා උදේ වරු­වේය.

චාරි­කාවේ සැල­සුම වී තිබුනේ කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ධාව­නය කර නැවත එදි­නම ආපසු බණ්ඩා­ර­වෙල දක්වා පැමිණ රාත්‍රී කාලයේ බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානයේ නැවතී සිට පසු­දින කොළඹ බලා ගමන් කිරී­මය. ගමන අතර විවිධ තාක්ෂ­ණික පරී­ක්ෂණ ගණ­නා­වක් කිරී­මට නිය­මිත විය. එහෙත් දුම්රිය එදින බණ්ඩා­ර­වෙ­ලට එන­විට රාත්‍රී 9.30 පමණ වී තිබිණි. බදු­ල්ලට ගොස් නැවත බණ්ඩා­ර­වෙ­ලට පැමි­ණී­මට කාල­යක් නොවීය. එමෙන්ම එක් දුම්රිය ඇන්ජි­මක කොට­ස්වල යම් රත්වී­මක් නිරී­ක්ෂ­ණය විය. එබැ­වින් එදින පරී­ක්ෂණ ධාව­නය බණ්ඩා­ර­වෙ­ලින් අව­සන් කිරී­මට දුම්රිය ගම­නා­ග­මන අධි­කා­රී­ව­රයා උප­දෙස් ලබා දුන්නේය.

අන­තු­රුව ධාව­න­යට එක් වූ ඉංජි­නේ­රු­ව­රුන්ගේ සැල­සුම වූයේ පසු දින බදුල්ල දුම්රිය ස්ථානය වෙත ගොස් නැවත කොළඹ බලා පැමි­ණී­මය. බදුල්ල දක්වා ධාව­න­යේදී වැය වන ලිහිසි තෙල් ප්‍රමා­ණය මැන ගැනීම, එන්ජි­න්වල හැසි­රීම අධ්‍ය­ය­නය කිරීම මෙන්ම ගම­නට එක්වූ චීන ඉංජි­නේ­රු­වන්ට අවශ්‍ය ජී.පී.එස් දත්ත ලබා ගැනීම සම්පූර්ණ කර­ගත යුතු වූ නිසා මේ පරී­ක්ෂණ ධාව­නය බදුල්ල තෙක් ගමන් කිරීම අත්‍ය­වශ්‍ය වී තිබිණි. එබැ­වින් දුම්රිය ගම­නා­ග­මන අධි­කා­රී­ව­ර­යාගේ උප­දෙස් මත පසු දින උදෑ­සන (21) කණ්ඩා­යම බදුල්ල දක්වා ගමන් කිරී­මට සූදා­නම් වූහ.

මේ අව­ස්ථා­වේදී එම ගම­නට එක් වූ නියා­ම­ක­වරු පිරි­සෙන් එක් අයෙක් පැමිණ පරී­ක්ෂණ කණ්ඩා­යම ඇම­තු­වේය. “ රෑ හරි­යට නිදා­ගන්න බැරි උනා. ඔය­ගොල්ල බදු­ල්ලට යනවා නම් ගිහින් අපට පැය 09 ක් රෙස්ට් කරන්න දෙන්න වෙනවා. එත­කොට අපිට කොළඹ එන්න පුලු­වන් වෙන්නේ හෙට ( ඔක්තො­ම්බර් 22). මේ නියා­ම­කයා චීන නිල­ධා­රීන් ඇතුළු වෘත්ති­ක­යන් පිරිස හමුවේ කියා බදුලු ගොස් කොළඹ ඒම මුලු­ම­නින්ම ප්‍රති­ක්ෂේප කළේය.

නිල­ධා­රීහු අස­රණ වූහ. කණ්ඩා­යම නාව­ල­පි­ටිය ප්‍රවා­හන අධි­කා­රී­ව­ර­යාව විම­සු­වේය. ඔහු ඒ වන­විට බදුල්ල දුම්රිය ස්ථානයේ සිටි දුම්රිය නියා­ම­ක­වරු දෙදෙ­නෙක්ව සම්බන්ධ කර­ගෙන නැවත දුම්රිය කොළ­ඹට ධාව­නය කර­වී­මට හැකි සෑම උත්සා­හ­යක්ම ගත්තේය. එය ව්‍යර්ථ වුනේය. විශේ­ෂ­ත්වය වන්නේ මේ පරී­ක්ෂණ ධාවන කට­යුත්ත වෙනු­වෙන් නියා­ම­ක­ව­රුන් දස දෙනෙ­කු­ගෙන් යුතු කණ්ඩා­ය­මක් ද සහ­භාගී වී සිටි­මය. එහෙත් පැය 9 ක විවේක කාල­යක් ඉල්ලා සිටි මේ මිනිස්සු දුම්රිය බදුල්ල තෙක් ධාවන කර එතැ­නින් කොළ­ඹට ගෙන ඒමට සහය දැක්වීම ප්‍රති­ක්ෂේප කළහ. පරී­ක්ෂණ ධාවන සැල­සුම කඩා­ක­ප්පල් විය. තත්වය දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රී­ව­ර­යාට දැනුම් දුන් පිරිස බදු­ල්ලට කළ යුතු පරී­ක්ෂණ ධාව­නය අව­ලංගු කර නැවත කොළඹ බලා ඒමට තීර­ණය කළහ.

සිදුවූ අප්‍ර­සන්න අත්දැ­කීම අම­තක කළ කණ්ඩා­යම කළ යුතු වූ නිරී­ක්ෂණ සහි­තව බණ්ඩා­ර­වෙ­ලින් කොළඹ බලා එන්නට පිටත් වූහ. දුම්රිය කඩු­ග­න්නාව පසු කර ධාව­නය වෙමින් පැව­තිනි. එක්ව­රම චීන ඉංජි­නේ­රු­වරු දෙදෙ­නෙක් ඉදි­රි­යට පැමිණ පර්යේ­ෂණ කණ්ඩා­යමේ ප්‍රධා­නියා ඇම­තු­වේය. “ දුම්රියෙ පසු­පස ඉන්න කණ්ඩා­ය­මක් අපේ අපේ රාජ­කා­රි­යට බාධා කර­මින් සිටි­නවා. ඔවුන් අපට ඉංග්‍රීසි භාෂාවේ එන නර­කම අසභ්‍ය වච­න­ව­ලින් බැණ වදි­නවා. අපේ කණ්ඩා­යමේ එක් ඉංජි­නේ­රු­ව­ර­යෙ­කුට අයෙක් පහර දෙන්න ආවා. ඔවුන් ඔහුව තල්ලු කළා. ඒ අතරෙ තවත් පුද්ග­ල­යෙක් අපේ කණ්ඩා­ය­මට තර්ජ­නය කළා. ඔහු අපේ එක් අයෙක් පසෙ­කට ඇදන් ගිහින් රේඩි­යෝවෙ ශබ්දය වැඩි කරලා ඉතාම පහත් විදි­හට බැණ වදි­මින් පහර දෙන්න හැදුවා. මොන­වද මේ ඔබේ රටේ මිනිස්සු කරන්නෙ. අපි ආවෙ ඔබට සහය වෙන්න. මෙහෙම රාජ­කා­රි­යක් කළ හැකි ද?.” චීන ඉංජි­නේ­රු­ව­රයා කියා­ගෙන ගියේය.

සිදු­වන්නේ කුමක් දැයි වටහා ගත නොහැකි වූ පර්යේ­ෂණ කණ්ඩා­යමේ ප්‍රධා­නියා ඇතුළු ඉංජි­නේ­රු­වරු පිරි­සක් චීන ඉංජි­නේ­රුවා අනුව සිද්ධිය වූ ස්ථාන­යට ගමන් කළේය. දුටු දෙයින් පිරිස නිරු­ත්තර වූහ. විදේ­ශික වෘත්ති­ක­යන් පිරි­සක් ඉදි­රියේ දෙපා­ර්ත­මේ­න්තු­වත් රටත් බල්ලාට වැටී තිබිණි. එතැන සිටියේ පරී­ක්ෂණ ධාව­න­යට එක් වී බදුල්ල බලා දුම්රිය ධාව­නය ප්‍රති­ක්ෂේප කළ නියා­මක කණ්ඩා­ය­මය. උන් සිටියේ සුන­ඛ­යන් සේ බීමත්ව සිහි විකල් ගති­යෙනි. ඔක්කා­රය දන­වන මත්පැන් ගඳ හාත්පස වහ­නය විය. මේ රාජ­කාරි වෙලා­වය. මේ පිරිස නිර­තව සිටියේ රාජ­කාරි කට­යු­ත්ත­කය. එහෙත් උන් කණ­ම­ද­යන් බීගෙ­නය. ස්වකීය සහා­යට පැමිණි විදෙස් රාජ්‍ය නියෝ­ජිත වෘත්ති­ක­යන් කණ්ඩා­ය­ම­කට මැර තර්ජන කර වහසි කිය­මින්ය.

පරී­ක්ෂණ කණ්ඩා­යමේ වෘත්ති­ක­යන් තමන් ඉදි­රියේ දිස්වන මේ නින්දා­ස­හ­ගත හැසි­රීම ඉව­ස­මින් චීන ඉංජි­නේරු කණ්ඩා­ය­මට මේ ආකා­රයේ තර්ජන එල්ල කරන හේතුව කුමක් දැයි විමසා සිටි­යහ. එතැන බීමත්ව අසි­හි­යෙන් සිටි එකෙක් ගොත ගස­මින් මොර ගෑවේය. “ මුන්ට මෙහෙම කරලා මදි .... පුතාලා. චීනෙදි අපිට පෝලි­ම්වල තිය­ලයි කන්න දුන්නෙ.” චීන ඉංජි­නේ­රු­ව­රයා තමන්ව තල්ලු කර පහර දීමට පැමිණි නියා­ම­ක­යාව පෙන්නු­වේය. ඒ අශිෂ්ට මිනිසා සිහි වික­ල්වන තර­මට බීමත්ව සිටි­යේය.

කළ හැකි එකම දෙය මේ බේබ­ද්ද­න්ගෙන් මුදවා ගෙන චීන පරී­ක්ෂණ කණ්ඩා­ය­මට සිය රාජ­කාරි කට­යුතු කර­ගෙන යෑමට ඉඩ සැලැ­ස්වී­මය. දුම්රිය ආර­ක්ෂක හමු­දාවේ මාලි­ග­වත්ත ස්ථාන­භාර නිල­ධා­රී­ව­රයා ඇමතූ පරී­ක්ෂක කණ්ඩා­යම සිහි විකල් වූ බේබ­ද්දන් ඔහුට භාර දුන්නේය. ඒ වන­විට මේ කණ්ඩා­යම සමග සහ­කාර ප්‍රවා­හන අධි­කා­රී­ව­ර­යාද සිටි­යේය. ඔහුත් සිද්ධිය පිළි­බඳ දැනු­වත් වූයේය. මේ පිය­ව­රින් පසු චීන වෘත්තික කණ්ඩා­ය­මට බාධා­ව­කින් තොරව ස්වකීය රාජ­කාරි කර­ගෙන යෑමට අව­ස්ථාව සැල­සිනි.

S 14 බල­වේග කට්ටල කමි­ෂන් කිරීම සඳහා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ අව­ශ්‍ය­තා­වය මත ලංකා­වට පැමිණි චීන කණ්ඩා­යම ඔවුන්ට මැර ප්‍රහාර එල්ල කිරී­මට පැමිණි බීමත් නියා­ම­ක­යාගේ ඡායා­රූ­ප­යක් ගෙන තිබිණි. මේ තැනැත්තා සේව­යට එක්වී ඇත්තේ වර්ෂ 2016 දීය. ඔහු තව­මත් පරි­වාස කාලය ගත කරන්න රජයේ සේව­ක­යෙකි.

මේ විකෘ­ති­ක­යන්ගේ හැසි­රීම පිළි­බ­ඳව කාර්මික ශාඛාවේ ප්‍රධාන ඉංජි­නේ­රු­ව­රයා දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී තැනට ලිඛි­තව මේ නරු­ම­යන් පිලි­බ­ඳව දන්වා තිබු­ණේය.

“ මාණ්ඩ­ලික සේවයේ නිල­ධා­රී­න්වන අපට චීන ඉංජි­නේ­රු­ව­රුන් වෙත පහර දෙන්නට ගිය පුද්ග­ලයා බීම­තින් සිටි බවත්, ඔහු­ගෙන් මත්ද්‍රව්‍ය ගඳ වහ­නය වූ බවත්, සහ­තික කළ හැකිය. ආය­තන සංග්‍ර­හයේ නීති රීති අනුව ඔහුට සුදුසු විනය ක්‍රියා­මා­ර්ග­යක් ගැනී­මට අප විසින් නිර්දේශ කරමු. එසේ නොමැති වුව­හොත් දෙපා­ර්ත­මේ­න්තුවේ විනය පවත්වා ගැනී­ම­ටත් එය බාධා­වක් වනු ඇත. ශ්‍රී ලංකා රජයේ කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව ශ්‍රී ලංකා­වට පැමිණ සේවයේ නියුතු විදේ­ශි­ක­යෙ­කුට මෙසේ හිරිහැ කිරීම රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාම­ය­ටත්, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ගෞර­ව­ය­ටත් කැල­ලක් සිදු­කළ සිද්ධි­යක් බව අපගේ හැඟී­මය. එම නිසා දෙපා­ර්ත­මේ­න්තුවේ විනය බල­ධා­රියා ලෙස ඔබ­තුමා මෙයට සුදුසු ක්‍රියා­මා­ර්ග­යක් ගනු ඇතැයි බලා­පො­රොත්තු වෙමු.”

දුම්රිය සේවය ගෙල ග්‍රහ­යෙන් ගෙන ඇති මේ අශි­ෂ්ට­යන් සම්බ­න්ධව දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රී­ව­ර­යාට මෙසේ ලියන්නේ දුම්රිය ඉංජි­නේ­ව­රුන්ය. ලියුම දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රී­ව­රයා ලඟය. විනය ක්‍රියා­ත්මක කිරී­මට විදි­හක් නැත. ගාර්ඩ්ලා වැඩි පඩි ඉල්ලා වර්ජ­න­යේය. දුම්රිය රියැ­දුරු, නියා­මක, පාලක ස්ථානා­ධි­ප­ති­වරු, අධී­ක්‍ෂණ කළ­ම­නා­කාර ඇතුළු තාක්‍ෂණ සේව­ක­යන් උන් සමග එක්වය. අපි උන්ගෙ පාද­ඩ­කම් විඳි­මින් මහ­පා­රේය.

මුලින්ම කිව­යුත්තේ මේ පිස්සු හැදුණු සුන­ඛ­යන් බැඳ දැමීමේ මුල්ම වග­කීම ඇත්තේ ඔවුන්ගේ විනය පිළි­බඳ ඍජු­වම වග­කි­ව­යුතු බල­ධා­රීන්ට බවය. ඒ මට්ටමේ පාල­නය නොවූ විට උන් හතර වටේ­ටම පනි­මින් හප­න්නට ගන්නේය. දැන් රටත් කීතු කර­මින් පෙන්ව­මින් සිටින්නේ ඒ වැරැද්දේ තර­මය.

 

Comments