එස්අයි පාතා­ල­යන් හා එක් වී කෝටි හතරේ මැණික ඉස්සූ හැටි | Page 2 | සිළුමිණ

එස්අයි පාතා­ල­යන් හා එක් වී කෝටි හතරේ මැණික ඉස්සූ හැටි

ප­රා­ධ­යක් වූ සැණින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලීසිය සමත් වෙනවා සේම වසර ගණ­නා­වක් හෝ විම­ර්ශන කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන නීතිය හමු­වට ඉදි­රි­පත් කිරී­මට පොලි­සිය සමත් වේ. ඒ අනුව වර­දක් කළ­හොත් නීති­යෙන් වසන් වී සිටී­මට පොලි­සි­යෙන් ඉඩක් නොලැබේ.

මීට වසර තුන­කට පමණ පෙරදී කෝටි ගණ­නක් වටිනා මැණි­කක් කොල්ල­කෑ­මට සම්බන්ධ සැක­ක­රු­වන් පස්දෙ­නෙකු පසු­ගිය තිස් වැනිදා අත්අ­ඩං­ගු­වට ගත්තේ අම්පාර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස බිය­ගම ප්‍රදේ­ශ­යේ­දීය. එසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­ක­රු­වන් අතර වැඩ තහ­න­ම­කට ලක් වී සිටින උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ද බිය­ගම පොලි­සියේ සාජ­න්ව­ර­යෙක්ද වෙති. සිද්ධිය මෙසේයි.

හත­ළිස් හැවි­රිදි අශෝක රණ­වීර අම්පාර නග­රයේ ගැමු­ණු­පුර ප්‍රදේ­ශයේ වෙසෙන වෙළෙඳ ව්‍යාපා­රි­ක­යෙකි. ඔහුට තම සීයා­ගෙන් ලැබුණු වස්තු­වක් විය. ඒ කෝටි ගණ­නක් වටිනා මැණික් ගලකි. නිවෙසේ බුදු පහන ළඟ තබා වැඳුම් පිදුම් කර­මින් තිබූ එම මැණික විකුණා දැමී­මට ඉන්දික තීන්දු කළේ 2016 වසරේ දිනෙ­කයි. ඒ ආර්ථික අප­හ­සුතා නිසාය. මැණික විකි­ණීම පිළි­බඳ ගැමු­ණු­පු­රට මඳක් ඈතින් කාර්මික පෙදෙසේ වූ යහ­ළු­වන් දෙදෙ­නෙ­කුට ඉන්දික කීවේ දන්නා හඳු­නන අයට සැල කර සිටින ලෙසය. යහ­ළු­වන් දෙදෙ­නා­ගෙන් අයෙක් ලී ව්‍යාපා­රි­ක­යෙකි. ඔහු මැණික් ගලේ කතා­න්ද­රය කීවේ, මොන­රා­ගල වෙසෙන හිත­වත් කාන්තා­ව­ක­ටය. කාන්තාව ඒ බව සැල කර තිබුණේ හුංගම සිටින හඳු­නන අයෙ­කු­ටයි. හුංගම පුද්ග­ලයා ඒ බව දැනුම් දුන්නෙ බිය­ගම වෙසෙන ජෙරාඩ් නමැ­ත්තා­ටයි.

පොලිස් පරික්ෂක සතිස් කුමාර

එසැ­ණින් ජෙරාඩ් තීන්දු කළේ මැණික බැලී­මට යෑම­ටයි. ජෙරාඩ් එම ගමන යෑමට බිය­ග­මම වෙසෙන බබී, සමන්ත සහ ලසි­තද එක් කර­ග­ත්තේය. ඔවුහු ඒ සඳහා කුලී රථ ආය­ත­න­ය­කට ගොස් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථ­යක්ද ලබා­ගත්හ.

ඇල්ටෝ රථ­යෙන් පිටත්වූ සිව්දෙනා හුංග­මට පැමිණ මැණික ගැන හෝඩු­වාව දුන් පුද්ග­ල­යාද සමඟ ගොස් තිබුණේ මොන­රා­ගල කාන්තා­වගේ නිවෙ­ස­ටයි. කාන්තා­වගේ නිවෙ­සට පැමිණි පිරිස එදින නිවෙසේ නතර වී කා-බී පසුදා පාන්ද­රම පිටත්ව ගොස් ඇත්තෙ මොන­රා­ගල වෙසෙන දයා­නන්ද නමැ­ත්තෙක්ද ගම­නට එක් කර­ග­නි­මිනි. ජෙරාඩ්ලා රැගත් රථය පැමි­ණියේ මැණික විකි­ණීමේ හෝඩු­වාව දුන් අම්පාරේ ලී ව්‍යාපා­රි­ක­යාගේ නිවෙ­ස­ටයි.

රථය නිවෙසේ නත­ර­කොට මැණික තිබෙන ගැමු­ණු­පුර නිවෙ­සට යෑමට පිටත් වී තිබුණේ ජෙරාඩ් සමඟ ලී ව්‍යාපා­රි­කයා පමණි. දෙදෙනා යතු­රු­පැ­දි­ය­කින් ගොස් මැණික බලා පවසා ඇත්තෙ,

“නියම ගලක්නේ... අනි­වා­ර්ය­යෙන්ම අපි මේක ගන්නවා... කාට­වත්ම දෙන්න එපා... හැබැයි පොඩි ප්‍රශ්න­යක් තියෙ­නවා... අද මුද­ලාලි ආවෙ නෑ... හෙට මුද­ලාලි සමඟ අනි­වා­ර්ය­යෙන්ම එනවා“ කියායි. මැණික හිමි­ක­රුගේ නිවෙ­සින් පිටත්වූ දෙදෙනා කාර්මික පෙදෙසේ නිවෙ­සට පැමිණ සියලු දෙනා සමඟ මෝටර් රථ­යෙන්ම මොන­රා­ග­ලට පැමි­ණි­යහ. එහිදී දයා­නන්ද සහ හුංග­මින් ගම­නට එක්වූ පුද්ග­ලයා බස්සා සෙසු පිරිස වැල්ල­වා­යට යෑමට සූදා­නම් වූහ.

වැල්ල­වා­යට එන අතරේ ජෙරාඩ්, ඔහුගේ යහ­ළු­වකු වූ උප­පො­ලිස් පරී­ක්ෂක රවි­න්ද්‍ර­ලාල් ඇමැ­තු­වේය. එව­කට රවි­න්ද්‍ර­ලාල් පෑලි­ය­ගොඩ පිහිටි බස්නා­හිර උතුර බුද්ධි ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස රාජ­කාරි කර­මින් සිටි­යේය.

රවි­න්ද්‍ර­ලාල්ට ලැබුණු හෝඩු­වාව කීවේ, පාතාල ලෝකයේ නමක් දරා සිටි රන්සෙ­ම්බුගේ සම්පත් චාමර ෆොන්සේකා හෙවත් ආමි සම්ප­ත්ටයි. ඒ වන විට ආමි සම්පත් භාරත ලක්ෂ්මන් ඝාත­න­යට මරණ දඬු­වම් ලබා සිටින චමින්ද රවී හෙවත් දෙම­ට­ගොඩ චමින්ද නමැත්තා ඉල­ක්ක­කොට එම වසරේ මාර්තු 02 වැනිදා මාලි­ගා­ව­ත්තේදී බන්ධ­නා­ගාර බස්ර­ථ­යට වෙඩි තැබීම සිද්ධි­යට පොලි­සි­යට අව­ශ්‍යව සිටි අයෙකි.

ආමි සම්පත් එකී කොල්ලය සිදු කොට හරි­ය­ටම දින 10කට පසුව එනම් මැයි 14 වැනි දා පොලිස් විශේෂ කාර්ය බළ­කායේ අත්අ­ඩං­ගු­වට පත්වූයේ චමි­න්දට වෙඩි තැබීමේ සිද්ධි­ය­ටය. ඔහු අද­ටත් පසු­වන්නෙ බන්ධ­නා­ගා­ර­ග­ත­වයි.

රවි­න්ද්‍ර­ලාල් මැණික පිළි­බඳ හෝඩු­වාව දුන් මොහොතේ ආමි සම්පත් සිටියේ කෑගල්ලේය. ලැබුණු පණි­වි­ඩ­යට ක්ෂණි­ක­වම ප්‍රති­චාර දැක්වූ ආමි සම්පත් බිය­ග­මට පැමි­ණියේ සුඛෝ­ප­භෝගි මෝටර් රථ දෙකක්ම රැගෙ­නය.

බිය­ග­මට පැමිණ සම්පත් මෝටර් රථ­ය­කට එස්.අයි රවි­න්ද්‍ර­ලාල්ද නංවා­ග­ත්තේය. ඊට අම­ත­රව කෝටි­පති ව්‍යාපා­රි­ක­යෙකු වන බිය­ගම වෙසෙන චමින්ද නමැ­ත්තාද සම­ඟින් පිරිස රත්න­පුර ඔස්සේ වැල්ල­වා­යට ගියේ මෝටර් රථ දෙකම ගම­නට එක් කර­ග­නි­මිනි. වැල්ල­වායේ සිටි ජෙරාඩ්, බබි ඇතුළු කණ්ඩා­ය­මට සම්පත්ලා එක් වී තිබුණේ පාන්දර යාම­යේයි.

දිනය 2016 මැයි 04 වැනි­දාය. එදින දෙපි­රි­සම මොන­රා­ගල කාන්තා­වගේ නිවෙ­සට පැමිණ කා-බී නිවෙසේ සිටි හුංග­මින් පැමිණි පුද්ග­ල­යාද මෝටර් රථ­ය­කට නංවා­ගෙන නැව­තත් අම්පාර බලා පිටත්ව ගියහ. ඔවුන් සියලු දෙනා නැව­තත් පැමි­ණියේ අම්පාර කාර්මික පෙදෙ­ස­ටයි. එහිදී මැණික හිමි ව්‍යාපා­රි­ක­යාගේ කාර්මික පෙදෙසේ යහ­ළු­වන් දෙදෙ­නාද ආමි සම්පත් ගෙනා වෑන් රථ­යට නංවා­ග­ත්තේය.

පොලිස් අධිකාරි හසන්ත මාරපන

ඒ වන විට වෑන් රථයේ රියැ­දු­රාට අම­ත­රව අම්පා­රෙන් ‍ගොඩවූ දෙදෙනා සමඟ උප­පො­ලිස් පරී­ක්ෂක රවින්ද්‍ර, ජෙරාඩ්, බබි, සමන්ත, ආමි සම්පත් වූහ. පිරිස පැමිණි අනෙ­කුත් රථ දෙක රියැ­දු­රන් සහ සෙසු පිරිස සමඟ අම්පාර නග­ර­යේම නතර කර­ගෙන සිටි­යේය.

නිවෙ­සට ගොස් මැණික බැලී­මට රථ­යෙන් බැස තිබුණේ අම්පාරේ දෙදෙනා සමඟ ජෙරාඩ්, කෝටි­පති ව්‍යාපා­රික චමින්ද සහ ආමි සම්පත් පමණි. මැණික පරීක්ෂා කළ පිරිස, කෝටි හත­ර­හ­මා­ර­කට තක්සේරු කොට මැණික ගැනී­මට කතිකා කර­ග­ත්තේය. එම කති­කාව අතරේ නිවෙ­සට කඩා වැදුණේ, නිල ඇඳු­ම්ලා­ගත් පොලිස් නිල­ධා­රි­යෙකු සමඟ සිවිල් ඇඳු­මින් සැරැ­සුණු පොලිස් නිල­ධා­රින් යැයි පැවැසූ දෙදෙ­නෙකි. ඒ රවි­න්ද්‍ර­ලාල් සමඟ දෙදෙ­නෙකි.

“අපි අම්පාර පොලි­සි­යෙන්.. උඹලා මෙතැන මොකක්ද කරන්නෙ... නිධ­න්ව­ලින් ගත්තු හොර ගලක් නේද මේ...“ යැයි කිය­මින් සියලු දෙනාම අත්අ­ඩං­ගු­වට ගෙන වෑන් රථ­ය­ටම නංවා ගත්තේ මැණි­කද සම­ඟිනි. ඒ පිරිස අතර මැණික හිමි­ක­රුවා සහ මැණික ගැනී­මට පැමිණි පිරි­සද වූහ. මඳ දුරක් ගොස් මැණික හිමි රණ­වී­රගේ සහ කාර්මික පෙදෙසේ දෙදෙ­නාගේ දෑස් රෙදි­ප­ටි­ව­ලින් බැඳ දැමූහ. පසුව මඟ තිබූ වාහන දෙකද සමඟ රථ තුනම ගමන් කර තිබුණේ අම්පාර මහ­ඔය මාර්ග­යේයි. එම මාර්ගයේ කිලෝ­මී­ටර් හත­රක පමණ දුරක් ගොස් දෑස් බැඳි තිදෙ­නාට පහ­රදී කැලෑ­වට පන්නා දමා තිබුණේ ‘වෙඩි තැබී­මට පෙර දුව­පි­යව්' යැයි බිය වද්ද­මිනි.

තිදෙනා පන්නා දැමු රථ පෙළ නුවර ඔස්සේ කොළ­ඹට ඇදෙ­මින් තිබිණි. ඒ අතරේ කැලෑ­වට ගිය තිදෙනා දෑස් බැඳි රෙදි­පටි ගලවා දමා මාර්ග­යට පැමිණ ඇමැ­තු­මක් ගත්තේ අම්පාර පොලි­සි­ය­ටයි. අන­තු­රුව පොලි­සිය එම පිරිස රැගෙන ගොස් සිදුවූ අක­ර­තැ­බ්බය පැමි­ණි­ල්ලක් ලෙස සට­හන් කර­ග­ත්තේය.

කොළ­ඹට පැමි­ණෙන කොල්ල­ක­රු­වන් කතිකා කර­ගත්තෙ පසු­දාම මැණික විකුණා දැමී­ම­ටයි. ඒ අනුව කෝටි­පති ව්‍යාපා­රික චමින්ද දන්නා මැණික් පිළි­බඳ හසළ දැනු­මැ­ත්තෙකු ලවා මැණික පරීක්ෂා කර ගත්තේය. සැක­ක­රු­වන් පොලි­සි­යට පවසා ඇත්තෙ එම මැණික කිසිදු වටි­නා­ක­මක් නැති සින්ත­ටික් ගලක් බව ඔහු කියූ බවයි. අන­තු­රුව මැණික ආමි සම්පත් සහ එස්.අයි. රවීන්ද්‍ර බාරයේ තබා­ගෙන ඇති බව­ටද හෙළි වේ.

මේ අතරේ අම්පාර පොලි­සි­යට මැණිකේ නියම අයි­ති­කරු කළ පැමි­ණිල්ල අනුව විම­ර්ශ­න­යක් ආරම්භ කෙරිණි. එහිදී අම්පාර පොලි­සියේ අප­රාධ අංශය කොල්ල­ක­රු­වන් ගිය මාර්ගයේ සීසී­ටිවි කැමරා පරී­ක්ෂා­වේදී මෝටර් රථ­යක් ගැන සැක­යක් මතු විණි. එම රථයේ අංක­යෙන් අනා­ව­ර­ණය වී ඇත්තෙ රථය බිය­ගම ප්‍රදේ­ශයේ අයෙ­කුගේ බව­ටයි. ඒ පිළි­බඳ බිය­ගම පොලි­සි­යට දැනුම් දීමත් සමඟ එම කාර්ය පැවැරී තිබුණේ බිය­ගම පොලි­සියේ බුද්ධි අංශයේ සාජන් උද­ය­කු­මා­ර­ටයි.

උද­ය­කු­මාර රථය ගැන කළ පරී­ක්ෂා­වේදී, රථයේ හිමි­කරු එකි රථය කුලී රථ ආය­ත­න­ය­කට දී තිබූ බවත්, එම ආය­ත­න­යෙන් එම රථය ජෙරාඩ් නමැ­ත්තෙක් කුලි­යට ගත් බව හෙළි විණි. සාජන් උද­ය­කු­මාර ජෙරාඩ්ව සොයා ගියේය. ජෙරාඩ්, තමා පසු­පස පොලි­සිය පන්නන බව දැනුණු සැණින් ඒ බව දන්වා තිබුණේ එව­කට පෑලි­ය­ගොඩ රාජ­කාරි කළ උප­පො­ලිස් පරී­ක්ෂක රවි­න්ද්‍ර­ලා­ල්ටය.

“සර්... අපේ ගේම පොලි­සි­යට ලීක් වෙලා වගේ... අපි අහු­වෙ­න්නයි යන්නෙ... මගේ පස්සෙන් පොලි­සිය පන්න­නවා... බිය­ගම පොලි­සියේ සාජන් උද­ය­කු­මා­රයි පන්නන්නෙ.... ඉක්ම­න­ටම මොක­ක්හරි කරන්න වෙයි... නැත්නම් අපි ඔක්කොම අමා­රුවේ...“ රවීන්ද්‍ර සැණින් ඒ බව කීවේ කොල්ල­යට එක්වූ කෝටි­පති ව්‍යාපා­රික චමි­න්ද­ටයි.

“අපේ වැඩේ පොලි­සි­යට අහු­වෙ­න්නයි යන්නෙ... මට රුපි­යල් පන­ස්දා­හක් ඕනෙ... මේක යට­ග­හන්න මොන­වා­හරි කරන්න.“ චමි­න්ද­ගෙන් රුපි­යල් පන­ස්ද­හ­සක් ලබා­ගත් රවීන්ද්‍ර, ආමි සම්පත් සහ කොල්ල­යට එක්වූ සමන්ත සමඟ ත්‍රිරෝද රථ­ය­කින් ගොස් බිය­ගම පන්සල් හන්දි­යේදී සාජන් උද­ය­කු­මාර හමු වී ඇත. රවි­න්ද්‍ර­ලාල්, උද­ය­කු­මා­රට කීවේ,

“මෙන්න එදා අපි අරන් ආපු ගල.... මේක වැඩක් නෑ... විය­ද­මට මේ රුපි­යල් පන­ස්දා­හත් තියා­ගන්න... අම්පාරේ ගිහිල්ලා හරි කමක් නෑ... මේක කොහො­ම­හරි ෂේප් එකක් දාන්න ඕනෙ“

අන­තු­රුව රවී­න්ද්‍ර­ලාල් ඇතුළු පිරි­සගේ කීමට රුපි­යල් පන­ස්ද­හ­සක්ද රැගෙන උද­ය­කු­මාර විසින් මැණික් කොල්ලයේ පරී­ක්ෂ­ණ­ව­ලට 'තිත' තබා ඇති බව අනා­ව­ර­ණය වේ. එදා යට ගැසූ මැණික් කොල්ලය පිළි­බඳ විම­ර්ශන මීට වස­ර­කට පමණ පෙරදී බාර කෙරුණේ අම්පාර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය­ටයි.

එම ඒක­කය දිගින් දිග­ටම විම­ර්ශ­නය කර­මින් තිබි­යදී මාතර කොට්ඨා­සයේ සිට මෑත­කදී අම්පාර කොට්ඨා­සය බාරව ගිය පොලිස් අධි­කාරි ගයංග හසන්ත මාර­පන මහතා එකී කොල්ලයේ විම­ර්ශ­නද කඩි­නම් කෙළේය. මාතර නිලේඛා ස්වර්ණා­භ­රණ කොල්ලයේ සැක­ක­රු­වන් ක්ෂණි­ක­වම අත්අ­ඩං­ගු­වට ගැනී­මට මාතර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය මෙහෙ­ය­වූ­යේද පොලිස් අධි­කාරි මාර­ප­නය. පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ උප­දෙස් මත අම්පාර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස මෑත­කදී පත්වූ පොලිස් පරී­ක්ෂක සතිස් කුමාර විසින් සූක්ෂ්ම විම­ර්ශ­න­යක යෙදෙ­මින් දින ගණ­නා­වක් පුරා මැණික කොල්ල­කෑමේ මූලි­කයා වූ ජෙරාඩ් නමැ­ත්තා­ගෙන් ප්‍රශ්න කෙළේය.

අව­සා­නයේ ජෙරාඩ් සියල්ල පාපෝ­ච්චා­ර­ණය කළේ පොලිස් නිල­ධා­රි­න්ගෙන් ගැල­වී­මක් නැති බව ඒත්තු ගිය හෙයිනි. ජෙරාඩ්ගේ පාපෝ­ච්චා­ර­ණ­යෙන් හිටපු උප­පො­ලිස් පරී­ක්ෂක රවී­න්ද්‍ර­ලාල්, කෝටි­පති ව්‍යාපා­රික චමින්ද, සමන්ත, ලහිරු සහ බිය­ගම පොලි­සියේ රාජ­කාරි කර­මින් සිටි­ය­දීම සාජන් උද­ය­කු­මා­රද අම්පාර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ. උද­ය­කු­මාර අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ අප­රා­ධ­යක් වසන් කිරීම සහ තුටු පඬුරු ගැනීමේ චෝද­නාව මතයි.

කොල්ලය වූ 2016 වසරේ සැප්තැ­ම්බර් මාස­යේම මේ කල්ලිය විසින්ම සිදු කළ තවත් එවැ­නිම කොල්ල­යක් වූ කොළඹ හෙට්ටි­වී­දියේ ස්වර්ණා­භ­රණ වෙළෙ­ඳ­ස­ල­කින් රත්රන් කිලෝ දෙකක් කොල්ල­කෑම නිසා රවී­න්ද්‍ර­ලාල්ට මේ වන විට රැකි­යාව අහි­මිව තිබේ. ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණේ හංවැල්ලෙ සිය නිවෙසේ සිටි­ය­දීයි.

මෙකී කොල්ලය සඳහා සැක­ක­රු­වන් ලෙස තවත් කිහි­ප­දෙ­නෙක්ම අත්අ­ඩං­ගු­වට ගැනී­මට සිටින බව පොලි­සිය පව­සයි. මේ වන විට මැණි­කට වූයේ කුමක්ද යන්න තවම නිශ්චිත ලෙස අනා­ව­ර­ණය නොවේ. අත්අ­ඩං­ගුවේ පසු­වන රවි­න්ද්‍ර­ලාල් සහ සමන්ත පව­සන්නෙ මැණික එදා බිය­ගම පන්සල් හන්දි­යේදී සාජන් උද­ය­කු­මා­රට දුන් බවයි. උද­ය­කු­මාර ඔවුන් පව­සන දෑ ප්‍රති­ක්ෂේප කරයි. සැක­ක­රු­වන් මැණික වටි­නා­ක­මක් නැති සින්ත­ටික් ගලක් බව කීවත් මැණිකේ හිමි­කරු රණ­වීර පව­සන්නෙ එකී පුද්ග­ල­යන් මෙන්ම තවත් බොහෝ දෙනෙක් මැණික කෝටි ගාණ­කට ඉල්ලා සිටි බවයි. නුදු­රේ­දීම මැණික සොයා­ගැ­නී­මෙන් පසු එහි වටි­නා­කම නියම ලෙසට තක්සේරු කර­ගත හැකි වනු ඇති බව පොලි­සිය කියයි.

නැගෙ­න­හිර පළාත් බාර ජ්‍යෙ. නි. පොලි­ස්පති කපිල ජය­සේ­කර සහ නියෝජ්‍ය පොලි­ස්පති ආයාස කරු­ණා­රත්න මහ­ත්ව­රුන්ගේ අධී­ක්ෂ­ණ­යෙන් අම්පාර කොට්ඨාස බාර පොලිස් අධි­කාරි ගයංග හසන්ත මාර­පන මහ­තාගේ උප­දෙස් මත අම්පාර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සතිස් කුමාර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පො.සැ. (32945) අබේ­රත්න, කොස්තා­ප­ල්ව­රුන් වන (2424) ජය­ම්පති, (43735) ක්‍රිස්ටි, (70301) සෙනෙ­වි­රත්න යන නිල­ධා­රිහු පරී­ක්ෂණ පැවැ­ත්වූහ.

 

Comments