ඓති­හා­සික මිහි­න්ත­ල­යෙන් පෙනෙන ලෝක උරු­ම­යක මහි­මය | Page 2 | සිළුමිණ

ඓති­හා­සික මිහි­න්ත­ල­යෙන් පෙනෙන ලෝක උරු­ම­යක මහි­මය

 

මිහි­න්තලා පුද­බිම ආශ්‍රිත සංචා­රක ආක­ර්ෂ­ණය තීව්‍ර කර­ලීමේ කාර්ය සාක්ෂාත් කර­ගැ­නී­මෙ­හිලා වඩාත් ම වැද­ගත් වන්නේ එම භූමියේ පව­තින වටි­නා­කම් හඳු­නා­ගැ­නීම ය. සාමාන්‍ය ජන­තාව අතර මිහි­න්ත­ලාව මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ ප්‍රථ­ම­යෙන් වැඩම කළ ස්ථානය ලෙස ප්‍රච­ලිත ව පව­තින අතර ඒ භක්ති ආද­රය මුල් කර­ග­නි­මින් පොසොන් වක­වා­නුවේ වැඩි වශ­යෙන් දේශීය සංචා­ර­ක­යන් මිහි­න්ත­ල­යට පැමි­ණිමේ ඉහළ ප්‍රති­ශ­ත­යක් දැක­ගත හැකි වේ. ස්මාර­ක­වල ඇති කැපී­පෙ­නෙන විශ්වීය අගය නිසා අන්ත­ර්ජා­තික තලයේ සංචා­ර­ක­යන් අතර ද මිහි­න්ත­ලය ප්‍රච­ලිත වීමට හේතු වී ඇත.

ලොව ඕනෑම පුරා­විද්‍යා භූමි­යක්, ස්මාර­ක­යක් හෝ සංස්කෘ­තික වස්තු­වක් තුළ පව­තින කැපී­පෙ­නෙන විශ්වීය අග­යන් පද­නම් කර­ග­නි­මින් යුනෙස්කෝ සංවි­ධා­නය විසින් ලෝක උරුම ස්ථාන නම් කිරීම සිදු කරනු ලැබේ. එම කැපී­පෙ­නෙන විශ්වීය අග­යන් ස්මාර­ක­යක පැව­තී­මට එහි පව­තින ආරෝ­පිත අග­යන්හි ක්‍රියා­කා­රි­ත්වය බල­පායි. වර්ත­මා­නයේ එම ආරෝ­පිත අග­යන් ප්‍රධාන ශීර්ෂ තුනක් යටතේ පව­තින බව හඳුන්වා දී ඇති අයුරු බර්නාඩ් ෆීල්ඩන්ගේ පෙන්වා දී තිබේ. (Fielden 2008 : 1 - 30). එම අග­යන් අත­රින් ස්මාර­ක­යක ගැබ් වී ඇති ආරෝ­පිත අග­යන් රාශි­යක් මිහි­න්තලා පුද­බිම නිර්ණය කිරීම සඳහා උප­යෝගී කර­ගත හැකිය. බර්නාඩ් ෆීල්ඩන් හඳුන්වා දී ඇති එම අග­යන් වන්නේ,

 

1. භාව­වි­ෂ­යක අග­යන්

· පුදු­මය හෙවත් ආශ්චර්ය

· චිර­ස්ථා­යී­තාව

· අන­න්‍ය­තාව

· ආධ්‍යා­ත්මික

· නෛමි­තික (සංකේ­තා­ත්මක)

 

2. සංස්කෘ­තික අග­යන්

· ලේඛ­න­මය

· ඓති­හා­සික

· පුරා­වි­ද්‍යා­ත්මක

· සෞන්ද­ර්යා­ත්මක

· වාස්තු­වි­ද්‍යා­ත්මක

· විද්‍යා­ත්මක හා තාක්‍ෂ­ණික

· නාග­රික, භූද­ර්ශන සහ ස්වභා­වික පාරි­ස­රික

 

3. පරි­හ­රණ අග­යන් (ව්‍යව­හා­රික)

· කාර්ය­මය

· ආර්ථි­ක­මය

· සමා­ජීය

· දේශ­පා­ල­න­මය

· පූජ­නී­ය­මය ලෙස ය.

 

මිහි­න්ත­ලය පුරා­විද්‍යා භූමියේ ඇති සුවි­ශේ­ෂ­ත්වය වන්නේ උක්ත දක්වන ලද ප්‍රධාන අග­යන් තුන යටතේ පව­තින සියලු ම වටි­නා­කම් එම පුද­බිම තුළ ඇති ස්මාර­ක­වල ගැබ් වී පැව­තී­මය. ඒ අනුව භාව­වි­ෂ­යික අග­යන් යටතේ වන පුදු­මය දන­වන ආශ්ච­ර්ය­මය අගය මිහි­න්තලා පුද­බිමේ තිබේ. වර්ත­මා­නයේ මිහි­න්ත­ලාවේ සිදු කරන සංව­ර්ධන හා ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සඳහා කන්ද ඉහ­ළට ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කිරීමේ දී එහි පව­තින ප්‍රායෝ­ගික අප­හ­සු­තාව අනුව පෙර කලදී පූජා භූමිය තුළ ස්මාරක ඉදි කළේ කෙසේද යන මවි­තය ඉබේම සිතට නැඟේ.

මැද මළුව දක්වා පිවි­සී­මට ඇති ශෛල­මය පිය­ගැට පෙළ පිය­ගැට 1840කින් සම­න්විත වන අතර විහා­ර­ස්ථා­න­යක් ආශ්‍රි­තව කන්දක් තර­ණය කිරී­මට ඇති ප්‍රමා­ණා­ත්මක අතින් වැඩිම පිය­ගැ­ට­ව­ලින් සම­න්විත වීම ද සංචා­ර­ක­යන්ගේ මවි­ත­යට හේතු වන්නකි. මිහිඳු හිමි­යන් දඹ­දිව සිට ශ්‍රී ලංකා­වට බුදු දහම රැගෙන ඒමේ අති උතුම් ස්ථානය ලෙස මිහි­න්තලේ පව­තින අන­න්‍ය­තාව ලොව සුප­තළ වී ඇති අතර ඒ කරුණ නිසාම බුදු­ද­හමේ චිර­ස්ථිය ඇති වූ ස්ථානය නිසා චිර­ස්ථිය, නෛමි­තික අගය ද මෙහි දැක­ගත හැකිය. එසේම ස්තූප රාශි­යක් පැව­තීම නිසා නිතැ­තින් ම ආධ්‍යා­ත්මික අගය ද නොඅ­ඩුව පවතී.

 

සංස්කෘ­තික හා සෞන්ද­ර්යා­ත්මක අගය

 

එම ස්ථානය ආශ්‍රිත ව දැක­ගත හැකි සංස්කෘ­තික අග­යන්ගේ ප්‍රමා­ණය ද අප්‍ර­මා­ණය. දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ කාලයේ ( ක්‍රි. පූ. 250-210), එනම් බුද්ධ පරි­නි­ර්වා­ණ­යෙන් වර්ෂ 236 වූ පොසොන් පුන් පොහෝ දින මහි­න්දා­ග­ම­නය සිදු වී ඇති අතර දීප­වං­සය, සම­න්ත­පා­සා­දි­කාව, මහා­වං­සය, පූජා­ව­ලිය ආදී සාහිත්‍ය කෘති හා රජ­ග­ලින් හා මිහි­න්ත­ල­යෙන් සොයා­ගත් සෙල්ලිපි ද ඒ බව තහ­වුරු කරයි. එම­ඟින් ලේඛ­න­ගත අගය මිහි­න්ත­ලාවේ පව­තින බව පෙන්වා­දිය හැකිය. එම පුරා­විදු භූමියේ ලේඛ­න­ගත අගය මතම ඓති­හා­සික අග­යද තීව්‍ර වන්නේ කාලය හා වැද­ගත් කම පද­නම් කර­ගෙ­නය. ඒ බව පැහැ­දිලි කළ හැකි වන්නේ දෙවැනි සේන රජු විසින් චේති­ය­ගි­රියේ රෝහ­ලක් ඉදි කර (මහා­වං­සය 51:74) හෙළ වෙද­කමේ මහි­මය විදහා දැක්වීම ලේඛ­න­ග­තව ඇති බැවිනි.

වාස්තු­විද්‍යා නිර්මාණ අතර දාන­ශා­ලා­වෙන් ඇති බත් හා කැඳ ඔරු, ජල සැප­යුම් ක්‍රම ආදි­යත් හා ඒ ආශ්‍රීත ක්‍රියා­කා­ර­කම් මත ඓති­හා­සික අගය කැපී­පෙ­නෙන ඉහළ තල­යක පව­තින බැවිනි.

මිහි­න්ත­ලය, වෙස්ස­ගි­රිය, සිතු­ල්පව්ව, රිටි­ගල, රජ­ගල ආදි ස්ථාන­වල පිහිටි ස්වභා­වික ලෙන් මුලින් ම බෞද්ධ භික්‍ෂූන්ට ආවාස විය (රාහුල 1989 : 117). ශ්‍රී ලංකාවේ බෞද්ධ වාස්තු­වි­ද්‍යාවේ ශිලා උද්‍යාන නමින් හැඳි­න්වෙන පර්වත ආශ්‍රි­තව ඉදි වූ ලෙන් ඉතා පුරාණ කාල­යට අයත් වන සුවි­ශේෂී ගෘහ­නි­ර්මාණ ලෙස සේනක බණ්ඩා­ර­නා­යක විසින් පෙන්වා දී ඇත (බණ්ඩා­ර­නා­යක 2012:395).

සුන්දර කන්දක් ඇසුරු කර­ග­නි­මින් සැකසී ඇති මිහි­න්තලා පුද­බි­මට අනු­රා­ධ­පුර ඈත පිහිටි බොහෝ ස්ථාන දර්ශ­නය වීම දැක­ගත හැකිය. එමෙන් ම ස්වාභා­වික ගිරි­දුර්ග වාස­ස්ථාන කර­ගත් භික්ෂූන් වහන්සේ බවුන් වැඩීම සඳහා තෝරා­ගෙන ඇති හැට අටක් වූ ගුහා පද්ධ­තිය, ස්වභාව සෞන්දර්ය නර­ඹ­මින් සංච­ර­ණය කරන සංචා­ර­ක­යන්ට විනෝ­දා­ස්වා­ද­යක් ද සප­යන ආරා­ධනා ගල, අම්බ­ස්තල දාගැබේ මළු­වට නැඟී­මෙන් දැක­ගත හැකි මන­රම් ස්වභා­වික දර්ශ­නය සංචා­රක ආක­ර්ෂ­ණය උප­ද­වයි.

කළු­දිය පොකුණ වැනි පරිශ්‍ර තුළ නිස්ක­ලංක සුන්ද­ර­ත්ව­යක් විඳ­ගැ­නී­මට හැකිය. පුරාණ රජ­ද­රු­වන් ඉදි කර ඇති බොහෝ ස්මාර­ක­ය­න්ගෙන් පෙර පැවති වාස්තු­විද්‍යා සැලැස්ම පිළි­බඳ වට­හා­ගැ­නී­මට හැකිය. මෙහි විහාර වර්ග හත­රක සාධක පව­තින බව පෙනේ. මුල් කාලී­නව ස්වාභා­වික ලෙන් පද්ධ­තිය හා සබැඳි ගිරි­දු­ර්ග­ව­ලින් සම­න්විත ලෙන් විහා­ර­යක් ලෙස ආරම්භ වී ඇති මිහි­න්ත­ලය විහා­රයේ රාජ­ගි­රි­ලෙන මහ­නු­වර යුගය දක්වාම සංව­ර්ධන කාර්යන්ට භාජ­නය වී ඇති බවට සාධක හමුවේ (දිසා­නා­යක සෙන­රත් 2017:72).

මෙහි ස්භාවික භූ දර්ශ­න­යට උචිත පරිදි මළු­ම­තට පිවි­සිය හැකි ආකා­ර­යට පිය­ගැට පේළි ඉදි කර වන්ද­නා­මාන කට­යුතු සඳහා එක් එක් මහ­ලට සුදුසු පරිදි ස්තූප ඉදි කිරීම මෙහි විශේෂ වාස්තු­විද්‍යා ක්‍රම­වේ­ද­යක් ලෙස දැක­ගත හැකිය. එවැනි ස්තූප හතක සාධක පව­තින අතර පිය­ගැට පෙළ දෑලෙහි කුඩා දාගැබ් තුනක් ද වන බව හඳු­නා­ගෙන තිබේ (දිසා­නා­යක සෙන­රත් 2017:37). මිහි­ඳු­සෑය, මහා සෑය, කණ්ටක චේතිය, අම්බ­ස්තල දාගැබ, ගිරි­භණ්ඩ ස්තූපය, ඉදි­කටු සෑය, ඇත්වෙ­හෙර එම ස්තූප අතර සුවි­ශේෂි වේ.

මිහි­න්ත­ලාවේ පහළ මළුවේ ඇති ඉදි­කටු සෑය ආශ්‍රිත ආවාස සංකී­ර්ණය වර්ත­මා­නයේ අභි­චාර විධි සඳහා සජී­විව සම්බන්ධ වන්නා වූ ව්‍යව­හා­රික අග­යන් සහිත ස්ථාන­යකි. එහි ගර්භය ඝණ්ටා­කාර හැඩ­යක් ගන්නා අතර මිහි­න්තලේ ඇති දාගැබ අත­රින් මෙය පැරණි ම දාගැබ බව හෙන්රි පාකර් පෙන්වා දී ඇත (Parker 1981:320). එහි පව­තින වන්ද­නා­මාන වාස්තු­වි­ද්‍යා­ත්මක ගොඩ­නැ­ගිලි අතර ධාතු මන්දි­රය දැක්විය හැකිය. පූජ­නීය නොවන ස්මාරක අත­රට සන්නි­පාත ශාලාව, දාන­ශා­ලාව, රෝහල, පොත්ගුල, මනි­නාග මන්දි­රය, ඉදි­ක­ටුසෑ පංචා­වාස සංකී­ර්ණය, පධා­න­ඝ­රය පෙන්වා­දිය හැකිය. ඉදි­ක­ටු­සෑය සංකී­ර්ණයේ සම­ච­තු­ර­ශ්‍රා­කාර සිංහ පොකුණ හා කළු­දිය පොකුණ, නාග පොකුණ වැනි වාස්තු­විද්‍යා නිර්මා­ණ­ය­න්ගෙන් මිහි­න්තලා පුද­බිමේ පව­තින වාස්තු­විද්‍යා අගය තව­දු­ර­ටත් තීව්‍ර වන බව පැව­සිය හැකි වේ. ෆාහි­යන් වාර්තාවේ සඳ­හන් වී ඇති ආකා­ර­යට එම ආරා­මයේ 3000ක් පමණ වූ භික්‍ෂූ පිරි­සක් වැඩ­වා­සය කර තිබූ බව සඳ­හන් වී ඇත. ඒ සඳහා අවශ්‍ය කරන වාස්තු­වි­ද්‍යා­ත්මක නිර්මාණ ආරාම සංකී­ර්ණයේ පව­තින බව පෙන්වා­දිය හැකිය. එම­ඟින් වාස්තු­විද්‍යා අගය පව­තින බව පෙන්වා­දිය හැකි වේ.

 

තාක්ෂ­ණික හා විද්‍යා­ත්මක අගය

 

මිහි­න්ත­ලය විහාර භූමිය තුළ පව­තින්නා වූ ස්මාරක ආශ්‍රිත දැක­ගත හැකි වන තවත් වැද­ගත් අග­යක් ලෙස තාක්‍ෂ­ණික හා විද්‍යා­ත්මක අගය පෙන්වා­දිය හැකිය. විශේ­ෂ­යෙන් ප්‍රාථ­මික ලෙන් පද්ධ­තිය ආශ්‍රි­තව ගුහාව තුළට වැසි ජලය ඒම වැළැ­ක්වී­මට කටා­රම් කෙටී­මෙන් ආරම්භ වූ ප්‍රාථ­මික තාක්‍ෂණ මට්ටමේ ඉදි­කි­රීමේ සිට දැවැන්ත ස්තූප හා ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීම දක්වා වූ දියුණු තාක්‍ෂ­ණික මට්ට­මක් හඳු­නා­ගත හැකිය. සෙන­රත් දිසා­නා­යක පැහැ­දිලි කර ඇති ආකා­ර­යට පිය­ගැට පෙළට දකුණු පසින් ඇති මුල් කාල­යට අයත් කුඩා ස්තූප මෙන්ම (දිසා­නා­යක සෙන­රත් 2017:37) ඉදි­කටු සෑය, මිහිදු සෑය හා අන­තු­රුව දැක­ගත හැකි මහා සෑය වැනි සියලු ස්තූපාංග සඳහා අනු­රා­ධ­පු­රයේ මහා දාගැබ් ඉදි­කි­රීමේ දී වූ විය­ද­මට සමාන විය­ද­මක් වැය වන්නට ඇති බව පෙන්වා දී ඇත (පර­ණ­වි­තාන 1963:6).

ඒ අනුව පෙනී යන්නේ පූර්ණ වශ­යනේ මහා දාගැ­බ්ව­ලට සමාන වන ලෙස නිර්මාණ තාක්‍ෂ­ණය යොදා­ග­නි­මින් ඒවා ඉදි කර ඇති බවය. ඒ අනුව සහශ්‍ර දෙක­කට වැඩි කාල­යක් අව්වැසි සුළං­ව­ලට ඔරොත්තු දෙමින් එම දැගැබ් නොනැසී ඇත්තේ එහි තාක්‍ෂ­ණික හා විද්‍යා­ත්මක අගය මත බව පෙන්වා­දිය හැකිය.

තාක්‍ෂ­ණික හා විද්‍යා­ත්මක අගය ඉස්ම­තුව පෙන්නුම් කරන සිංහ පොකුණ නමින් හඳු­න්වන ජල ටැංකිය ඉදි කර ඇත්තේ කැට­ය­මින් අලං­කාර කරන ලද ගල්පු­වරු යොදා­ගෙ­නය. පව්වේ ඉහළ පව­තින නාග පොකුණේ සිට එම ටැංකි­යට නළ මඟින් ගෙන එන ජලය සිංහ රුවෙහි මුඛ­යෙන් පිට­වී­මට සලස්වා ඇති ආකා­ර­යෙන් (දිසා­නා­යක සෙන­රත් 2017:47) එහි තාක්‍ෂ­ණික අගය මැන­වින් පැහි­දිලි වේ.

සිංහ පොකුණේ ජල ටැංකියේ පතුල ලෙස ස්වාභා­වික ගල් පර්ව­තය යෙදා ගෙන සිව් දිශාවේ බිත්ති සඳහා ශෛල­මය පුවරු එකි­නෙක වෑද්දුම් ක්‍රම­වේද ඔස්සේ සම්බන්ධ කර ජලය වෑස්සී­මට සලස්වා ඇත. එහි තාක්‍ෂ­ණය මෙන් ම උද්‍යාන අලං­ක­රණ ක්‍රම­වේ­ද­යක් ලෙස ද සිංහ මුඛය යොදා­ගෙන ඇත්තේ පුරාණ තාක්‍ෂ­ණික ඥානය විදහා පෙන්ව­මිනි.

ඉදි කිරීම් තාක්‍ෂ­ණයේ තාක්‍ෂ­ණික හා විද්‍යා­ත්මක අගය මැන­වින් විදහා දැක්වෙන තවත් ඉදි කිරී­මක් ලෙස කළු­දිය පොකුණ සමී­පයේ ඇති ලෙන් ආවා­සය වැද­ගත් වේ. මුල් කාලී­නව ස්වාභා­වික ගුහා­වක් ලෙස පැවතී ගුහාවේ ඉහළ කටා­රය සකස් කිරී­මෙන් පසුව සංව­ර්ධන ක්‍රියා­දා­ම­යක් ලෙස ගඩො­ල්මය බිත්ති එකතු කර ඉන් පසු වඩාත් සංව­ර්ධන අව­ස්ථාවේ පූර්ණ වශ­යෙන් ම ඉදි­රි­පස බිත්තිය හා දොර උළු­වහු ඇතුළු අධෝ­ව්‍යූ­හය ද සෙල්මුවා වෑද්දුම් ක්‍රම භාවිත කර අලං­ක­ර­ණව හා ශක්ති­මත් ලෙස සකස් කර ඇත.

මූලාශ්‍ර අනුව මහල් ගොඩ­නැ­ගිලි ඉදි කිරීම පිළි­බඳ සඳ­හන් වන්නේ දුටු ගැමුණු රාජ්‍ය සමයේ දීය. ඔහු මහා විහා­රයේ පොහො­ය­ගෙය හෙවත් ලෝහ ප්‍රාසා­දය මහල් නව­ය­කින් ඉදි කර තිබේ. පුරා­විද්‍යා සාධක අනුව මහල් ගොඩ­නැ­ගිලි හඳු­නා­ගත හැක්කේ ඉසු­රු­මුණි විහා­ර­යට අයත් රන්මසු උයන ආශ්‍රිත ව හා කළු­දිය පොකුණ ආශ්‍රි­තව ය. එම ස්ථාන දෙකෙහි ම බහු මහල් සකස් කිරීමේ දී ගල් පුවරු යොදා පළමු මහලේ වහ­ලය නිර්මා­ණය කර ඒ මත ඊළඟ මහල සකස් කිරීම කර ඇත. මේ ආකා­ර­යට මහල් ගොඩ­නැ­ගිලි නිර්මා­ණය සඳහා වර්ත­මා­නයේ ඉදි කරනු ලබන ක්‍රම­යට එම ඉදි­කි­රීම කළු­දිය පොකුණ සමී­පයේ වන ස්වාභා­වික ගල්ගුහා හා ගල් තලා උප­යෝගි කර­ග­නි­මින් වෑද්දුම් තාක්‍ෂ­ණය අනුව සිදු කර තිබීම හඳු­නා­ගත හැකි වේ.

මිහි­න්ත­ලය පුද­බිම ආශ්‍රි­තව ඇති අග­යන් අතර ව්‍යව­හා­රික අග­යන් වර්ත­මා­නය දක්වා ම ක්‍රියා­ත්මක වන බව පෙනේ.

පුරා­ණයේ සිට වර්ත­මා­නය දක්වා ම දේශ­පා­ල­නික රාජ්‍ය අනු­ග්‍ර­හය නොම­ඳව එම පරි­ශ්‍රයේ කට­යුතු සඳහා ලැබෙන අතර ඒ තුළ සංව­ර්ධන ක්‍රියා­දා­ම­යක් වර්ත­මා­නයේ ද සිදු වේ. ක්‍රි. පූ. 3 වැනි සිය­වසේ දී පැවති දේශ­පා­ලන නාය­ක­ත්වය සහ බුදු­ද­හම අතර පැවති සම්බ­න්ධය පැහැ­දි­ලිව පෙන්නුම් කරන පළමු අව­ස්ථාව ලෙස මිහි­න්තලේ “උති­ම­හ­ර­ඣගේ” ලිපිය පෙන්වා­දිය හැකි වේ (ධීරා­නන්ද 2004 : 297). එමෙන්ම සාමා­ජීය හා පූජ­නීය අගය ද එදා පටන් වර්ත­මා­නය දක්වා පැව­ත­ගෙන ඒම එම­ඟින් අඛ­ණ්ඩව හඳු­නා­ගත හැකි වේ.

මිහි­න්ත­ලය පුද­බිමේ සංචා­රක ප්‍රව­ර්ධ­න­යේදී සැල­කිය යුතු කරුණු

1. සංචා­රක ප්‍රව­ර්ධ­නය ඉලක්ක ගත කර­මින් මිහි­න්ත­ලය සකස් කිරීමේ දී එම පුරා­විදු භූමියේ ඇති දැනට හඳු­නා­ගෙන තිබෙන සිය­ලුම ස්මාරක නාම­ක­ර­ණය කිරීම අත්‍ය­වශ්‍ය වේ. ඒ සඳහා සෑම ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි­රි­ප­සම සංචා­ර­ක­යන්ට පහ­සු­වෙන් තනි­වම සංච­ර­ණය කර තොර­තුරු ලබා­ගැ­නීමේ පහ­සුව ඇති වන පරිදි ස්මාරක ඉදි­රි­පස ඇලු­මි­නි­යම් තහ­ඩු­වල ස්මාරක සැලැස්ම අන්ත­ර්ගත වන ලෙස සිංහල, දෙමල, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්ව­යෙන් ම ස්මාර­කය පිළි­බඳ තොර­තුරු අඩංගු තර­මක් විශාල පුවරු සැක­සීම වැද­ගත් වේ. එසේ ම මාර්ගෝ­ප­දේ­ශක දිශාව දැක්වෙන තර­මක් විශාල ප්‍රමා­ණයේ නාම පුවරු ස්ථාපිත කිරීම මෙන්ම මිහි­න්තලා පුද­බිමේ ඇති ඓති­හා­සික වැද­ග­ත්කම මෙන්ම පුරා­විද්‍යා අගය වඩාත් උද්දී­ප­නය වන පරිදි ඉදි­රි­පත් කිරීමේ ක්‍රම­වේ­ද­යක් ලෙස භූමි­යට ප්‍රවිෂ්ට වන පහළ මළුවේ සුදුසු ස්ථාන­යක් තෝරා ඡායා­රූප සහිත ප්‍රද­ර්ශන නාම පුව­රු­වක් සැක­සීම වැද­ගත් වේ.

 

2. මිහිදු හිමි­යන් වැඩම කළ ආරා­ධනා ගල අසල උන්ව­හන්සේ ඇතුළු පිරි­සගේ වැඩම වීම සිතු­ව­මට නඟා ප්‍රද­ර්ශන පුව­රු­වක් භාවි­ත­යෙන් සිංහල බෞද්ධා­ග­මට මූල බීජය ස්ථාප­නය කිරී­මෙහි ලා මිහි­න්ත­ලයේ අන­න්‍ය­තා­වයේ වැද­ගත් ස්ථාන­යට ප්‍රසි­ද්ධි­යක් ලබා­දෙ­මින් ප්‍රචා­ර­ණය කිරී­මෙන් දෙස් විදෙස් ආක­ර්ෂ­ණය තීව්‍ර කිරී­මට වැද­ගත් බව පෙන්වා­දිය හැකිය.

 

3. බුදු දහම ප්‍රච­ලිත කිරීමේ ප්‍රථම ස්ථානය වශ­යෙන් පුරා­ණයේ සිට පැව­ත­ගෙන එන්නා වූ අන­න්‍යතා අගය තව දුර­ටත් වර්ධ­නය කිරීම සඳහා බුදු දහම ප්‍රචා­රණ මධ්‍ය­ස්ථා­න­යක් බවට මිහි­න්ත­ලය පත් කිරී­මෙන් දෙස් විදෙස් සංචා­රක ආකා­ර්ෂ­ණය පූජා භූමි­යට ලබා­ගත හැකිය.

 

4. වර්ත­මා­නයේ පූජා භූමියේ ස්මාරක නැර­ඹීම සඳහා විධි­මත් මාර්ග පද්ධ­ති­යක් නැති බැවින් සිය­ලුම ස්මාරක මෙන්ම ගුහා පද්ධ­තිය නැර­ඹී­මට හැකි ලෙස පුරා­වි­ද්‍යා­ත්මක අගය ද සුරැ­කෙන පරිදි පෙත්මං සැක­සීම.

4. පදා­න­ඝර සම්ප්‍ර­දායේ විහා­ර­යක් වන කළු­දිය පොකුණ ආශ්‍රි­තව භාව­නා­මය වැඩ­ස­ට­හන් විධි­මත්ව සජී­වීව ක්‍රියා­ත්මක කර ප්‍රච­ලිත කිරීම.

5. මිහිඳු ගුහාව ලෙස සැල­කෙන ස්ථානය මෙන්ම මිහිදු සෑය යන ස්ථාන දෙක සඳහා සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කර­ගැ­නීමේ ක්‍රම­වේ­ද­යක් සැක­සීම හා මිහිඳු සෑය හා රාජ­ගිරි ලෙන ආශ්‍රි­තව පුරා­විද්‍යා පර්යේ­ෂණ කැණීම් සිදු කර ඒ ආශ්‍ර­යෙන් තව­දු­ර­ටත් ඉති­හා­සය පිළි­බඳ තහ­වුරු කිරී­මට එම ස්ථාන කාල­නි­ර්ණය කිරීම.

 

6. දේශිය විදේ­ශිය සංචා­ර­ක­ය­න්ගෙන් ඇතැම් පිරි­ස්ව­ලට ඉහ­ළට නැඟ සම්පූර්ණ භූමියේ පව­තින ස්මාරක දැක­ගත නොහැකි බැවින් ඔවුන්ගේ අව­ශ්‍යතා යම් ප්‍රමා­ණ­ය­කට ඉටු කිරී­මට මෙන්ම දැනුම සොයා පැමි­ණෙන සංචා­ර­ක­යන් සඳහා දැනට පව­තින පුරා­විද්‍යා කෞතු­කා­ගා­රය නූතන සංකල්ප අනුව ප්‍රති නිර්මා­ණය කිරීම.

Comments