මානය ඇති වුණොත් සංසාර ගමනේ කෙළ­ව­රක් නෑ | Page 2 | සිළුමිණ

මානය ඇති වුණොත් සංසාර ගමනේ කෙළ­ව­රක් නෑ

 

ද අපි සාකච්ඡා කරන්නේ යව­ක­ලාපී සූත්‍ර­යයි. මෙ යව කියලා කියන්නේ සහ­ල්ව­ර්ග­යක් ගොයම් ගස්ව­ගේ­මයි මේ ගස් වීඇ­ට­ව­ලට වඩා ‍මේ ගසේ කර­ලට සම්බන්ධ වෙලා තිය­නවා. ඒ නිසා වී ඇට වෙන් කර­ග­න්න­වාට වඩා දැඩි පරි­ශ්‍ර­ම­යක් දර­න්නට ඕන; මේ යව වෙන් කර­ග­න්නට. යව­ක­ලාපී කියන්නේ ගොයම් මිටිය කියන අද­හ­සයි. අපි ගොයම් කපලා මිටි අරන් එනවා වගේ යව හාල් යව ගස් කපලා මිටි­යක් බැඳලා තියෙ­නවා.

ඒ වගේ යව ගස් මිටි­යට තමයි මේ යව­ක­ලාපී කියලා කියන්නේ. මේ සූත්‍ර‍යේ මුලින් ම මෙහෙම කිය­නවා; යව­ක­ලාපී චාතුන් මහ පතේ නිසින්නෝ අස්ස' කියලා... ඒ කියන්‍නේ යව හාල් මිටි­යක් හත­රමං හන්දි­යක තියලා තිය­නවා; ඉන් පස්සේ මිනිස්සු හය­දෙ­නෙක් පොලු අර­ගෙන මේ හත­රමං හන්දි­යට පැමි­ණෙ­නවා.

මේ හය­දෙනා ඒ ලොකු පොලු හයෙන් මේ යව මිටි­යට හොඳින් ගහ­නවා; මේ තලන්නේ අර ඇට වෙන් කර­ගන්න. එය ඉතා අප­හසු කාරි­යක් නිසා.

මේ හය දෙනා ගහලා ගහලා මේ යව මිටිය හොඳින් තැලු­ණට පස්සේ හත්වැනි මනු­ස්ස­යෙ­කුත් ලොකු පොල්ලක් අර­ගෙන මෙතැ­නට එනවා. එයා ආයෙ­මත් යව­මි­ටි­යට ගහ­නවා. එයා ගහන්නේ හොඳින් තැලිලා තිය­නව යව මිටි­යට. හොඳින් තැලිලා තියන යව මිටිය තව­ත­වත් තැලෙ­නවා කියලා බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ කියලා; මේ උප­මාව නිමා­වට පත් කර­නවා.

ඉන් පසුව මේ උප­මාව සන්ස­න්ද­නය කර­නවා. උප­මා­වට ප්‍රති­වි­රුද්ධ දේ තමයි උප­මේය. ‍අපි මේ උප­මේය සන්ස­න්ද­නය කර­නවා. එත­මයි එච්ච තාතුන් මහ මතෝ වියච අජ්ජ­ත්ති­කානී නච ආය­ත­නානි අත්ත­බ්බානී. මේ හත­රමං හන්දිය වගේ තමයි ආය­තන හය. හත­රමං හන්දි­යක් විදි­හට සඳ­හන් කරලා තියෙන්නේ ආය­තන හය; එය අපි දන්නවා. එනම් ඇස කන නාසය දිව ශරි­රය මනස. මෙයයි ආය­තන කියලා කියන්නේ. ආය­ත­න­යක් කියලා කියන්නේ යම් කිසි ක්‍රියා­වක් කරන ස්ථාන­යක්. ඒවගේ තමයි ඇස කන නාසය දිව ශරි­රය මනස; මේවත් යම් ක්‍රියා­වක් කර­නවා. ඒ වගේම සසර දික් කරන ආක­ර­යට තමයි මේ ආය­තන හය ක්‍රියා­ත්මක වෙන්නේ.

මේ ආය­තන සසර දික්ක­රන නිසායි, මේවාට ආය­තන කියන නම බුද්ධ සාසන‍ය තුළ සඳ­හන් කරන්නේ. ආය­තන කියන නමින් මේවා ක්‍රියා­ත්මක වෙලා තියෙන නිසායි ආය­තන ලෙස හඳු­න්වන්නේ. ඉන්පසු බුදු­න්හන්සේ මේ උප­මා­වෙන් ගත්තා තව උප­මේ­යක්; චාතුන් මහ‍ා­පතේ නික්ඛිත්ත යව­ක­ලාපී විය සත්ත්තෝ. එනම් මේ හත­රමං හන්දියේ තියලා තිය­නවා යව මිටි­යක්. ඒ යව මිටිය වගේ තමයි සත්ත්වයා. යව මිටි­යට උපමා කළේ සත්ත්වයා.

මේ සත්ත්වයා කියන වච­නයේ තේරුම සත්ඛති විස­ක්කතී තී සත්තෝ.... ඇළෙ­නවා; ඒ ඇළෙන නිසා තමයි සත්ත්ව කියලා හඳු­න්වන්නේ. ඒ කියන්නේ රූප වේදනා සඤ්ඤා,සංකාර, විඤ්ඥාන කියන පංච උපා­දා­න­ස්ක­න්ද­යට ඇලී­මයි මෙයින් අද­හස් කරන්නේ. මේ පංච උපා­දා­න­ස්ක­න්ද­යට විශේ­ෂ­යෙන් ඇලිලා ඉන්නවා. ඒ නිසා තමයි සත්ත්වයා කියලා කියන්නේ. රහ­තන් වහ­න්සේට සත්ත්වයා කියන වච­නය භාවිත කරන්නේ නැහැ .එයට හේතුව රහ­තන් වහන්සේ පංච­උ­පා­දා­නස් කන්ද­යට තියෙන ඇළිම දුරු කරලා තියෙන්නේ.

ඒ නිසා රහ­ත­න්ව­හන්සේ සත්ත්වයෝ කියලා හඳු­න්වන්නේ නැහැ. ඒ මගින් උපමා කරලා තියෙන්නේ යව­මි­ටි­යයි. හත­රමං හන්දිය කියලා උපමා කරලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරි­රය කියන ආය­ත­න­ව­ල­ටයි. එහි තබා තියෙන යව­මි­ටිය ලෙස හඳු­න්වලා දිලා තියෙ­න්නෙත් සත්ත්වයා.'ච ව්‍යාහං­ගියෝ විය ඉට්ටා නිට්ට මජ්ජත්ත වසේන අට්ටා රස ආර­ම්භ­නානී කියලා කියන්නේ ඉන්පසු කිය­නවා. පොලු හයක් තිය­නවා; මේ පොලු හය වගේ තමයි ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ අට්ටා රස ආරම්භ නා ඉෂ්ට කියලා කියන්නේ. කැමැති අනිෂ්ට අක­මැති මජ්ඡත්ත මධ්‍යස්ථ කියන අර­මුණු දහ අටක් තිය­නවා. මොන­වද මේ අර­මුණු දහ­අට කියලා කියන්නේ. එ් තමයි අැහැට අර­මුණු වෙන්නේ රූප ඒව­ගේම අව­ල­ස්සන වෙන්නේ මොන­වද; අපේ ඇහැට මධ්‍යස්ථ රූප අර­මුණු වෙනවා. කන නාසය දිව ශරී­රය මන­සට මේ සියල්ල පොදුයි.

මේ ආකා­ර­යට අර­මුණු දහ­අ­ටක් තියෙ­නවා; මේ අර­මුණු දහ අටට තමයි; අර මහත් වූ අර­මුණු කියලා කියන්නේ. මොකක්ද මේ අර­මුණු දහ අට නැමැති පොලු වලින් ගහ­නවා; මොක­ටද මේ ගහන්නේ, මිනිසා නැමැති සත්ත්ව­යා­ටයි ගහන්නේ. සත්ත්ව­යාට ගහන්නේ අර­මුණු වලින්. අපිට මේ දේවල් තේරෙන්නේ නැහැ; ප්‍රිය රූප­යක් දකින කොට අපිට මෙය තේරුම් ගන්න බැහැ . රාග­යෙන් පහර වදි­නවා කියලා අපිට තේරුම් ගන්න බැහැ. අප්‍රිය රූප දකි­න­කොට අපි ට මෙය දකි­න්නට පුළු­වන්. ටිකක් අප්‍රිය කියන දේ දකි­නවා; මධ්‍යස්ථ රූප දකි­න­කොට.

මෝහ­යෙන් අපිට මුලාව දකින්න පුළු­වන්. අර­මුණු දහ අටෙන් ම ප්‍රිය අර­මුණු නිසා රාගය ද; අප්‍රිය අර­මුණු නිසා ද්වේෂ­යද; මධ්‍යස්ථ අර­මුණු නිසා සත්ත්ව­යාගේ ඇස කන නාසය දිව ශරී­රය මනස කියන ආය­ත­න­ව­ලට ද පහර වදි­නවා. ‍එයයි මේ සූත්‍රයේ උපමා උප­මේය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සත්ත්වයා ප්‍රිය අප්‍රිය මධ්‍යස්ථ අර­මුණු වලින් පහර කාලා ඉන්නේ. ‍පහර කාලා ඉන්න කොට සහ පහර කමින් ඉන්න කොට තව­කෙ­නෙක් එනවා; පොලු­ව­ලින් ගහන්න.

මේ උප­මා­වේදී සඳ­හන් වන මේ සත්වැනි කෙනා කවුද? භව පස්සනා ‍ක්ලේෂා මේත­රම් දුක්වි­ඳිද්දි පහර කද්දි මේ සත්ත්වයා ඇති වෙනවා; භව ප්‍රාර්ථනා කෙලෙස් උප­දි­නවා. නුව­ණැති කෙ‍නාට තේරුම් ගන්නට පුළු­වන් රූප ගන්ධ රස ස්පර්ශ සිතු­විලි නිසා කොත­රම් නම් බාධා­වක් ජීවි­ත­යට තියෙ­න­වාද කියලා. එය තේරුම් අර­ගෙන ඒකෙනා සිත­න්නට ඕන, නැවත උපත ලැබු­වොත් නැවත නැවත පීඩා ලබ­න්නට සිදු­වෙ­නවා.

හත්වැනි මිනිසා පැමිණ පොල්ලෙන් ගහ­නවා වගේ මෙත­රම් දුක් විඳි­මින් සිටත් පිඩා විඳලා ප්‍රශ්න ගොඩක සිටත් නැවත උප­දි­න්නට සිත­නවා කියන්නේ සත්වැනි කෙනෙ­කුත් ඇවි­දිල්ලා තල­නවා වගේ කියලා උපමා කරන්නේ එයයි.

ඉන්පසු බුදු­න්ව­හන්සේ ලස්සන කතා­වක් විස්තර කර­නවා; මහ­ණෙනි පෙර දෙවි­යන් හා අසු­ර­යන් අතර යුද්ධ­යක් හට ගත්තා; සුරා­සුර යුද්ධය ගැන අපි අහලා තිය­නවා. දැනට සිටින සක් දෙව් රජ­තුමා හැඳි­න්වුයේ මග මාන­වක කියලා. එයා බොහො පින් කළා; මංමා­වත් හැදුවා; කුඩා පාලම් හැදුවා; ළිං හැදුවා; මිනි­සුන්ට නිද­හසේ වාඩි­වෙලා ‍ඉන්න තැන් හැදුවා;

මේ පින්ක­ර­වලා මෙයා තව්තිසා දෙව්ලොව උපත ලැබුවා. තවත් පින් කළ තිස් දෙනෙක් සම­ඟයි මේ උපත ලැබුවේ. බොහෝ බල සම්පන්න දිව්‍ය ආත්ම ලැබුවේ. මේ අය හරි බල­ස­ම්ප­න්නයි. රාහු වේත­චිත්ති පහ­රාද කියලා දිව්‍ය නාය­ක­යන් හිටියා.

ඉතින් මේ තුන්දෙනා ඇතුළු පිරිස කල්පනා කළා මේ අයගේ බලය අඩු­ක­ර­න්නට ඕන කියලා. මේ තේජස ඇති­වෙන්න හේතුව මොකක්ද කියලා හිතුවා. මේ අයගේ ගුණ බලය සිද දැම්මා නම් මේ අය සමාන්‍ය දෙවි­වරු බවට පත් කර­ගන්න පුළු­වන් කියලා හිතුවා. ‍ඒ වගේ කල්පනා කරලා මේ තුන්දෙනා තවත් පිරි­ස­කුත් කල්පනා කරලා සීල ගුණ බලය බිඳින්න උප­ක්‍ර­ම­යක් යෙදුවා.

මේ අය පිළි­ගන්න විදි­හට ප්‍රිය සම්භා­ෂ­ණ­යක් සූදා­නම් කළා; සාමාන්‍ය ආහාර තියන බීම වර්ග තියන සම්භා­ෂ­ණ­යක් මේ අය සුදා­නම් කළා. මත්පැන් තමයි මෙහි වැඩි වශ­යෙන් තිබිලා තියෙන්නේ. සක්දෙව් රජ­තුමා උප­දෙස් දෙනවා මේ ප්‍රිය සම්භා­ෂ­ණ­යට යන්න කියලා එයා සමඟ ඉන්න දෙවි­වරු 32දෙදෙ­නාට. මේ ප්‍රිය සම්භා­ෂ­ණයේ මත් පැන් වැඩියි; නමුත් මත් පැන් නොවන දේවල් බොන්න කෑම වර්ග කන්න කියලා උප­දෙස් ලැබුණා.

මේ මත්පැන් පානය කළ­හොත් අපේ තියෙන තේජස බලය ගෞර­වය නැති­වෙලා යනවා කියලා කිය­නවා. වර්ත­මා­න­යෙ­දීත් යම් කෙනෙක් මත්පැන් පානය කළාම උග­ත්කම, තේජස, ගෞර­වය, බලය සිය­ල්ලම එතැ­නින්ම ඉව­ර­වෙලා තිරි­සන් ‍සතෙක්ගේ තත්ත්ව­යට පත්වෙ­නවා.

එය හොඳින් නුව­ණින් දකින මේ සක්දෙවි රජ­තුමා ඇතුළු පිරිස මේ උත්ස­ව­යෙදි සාමාන්‍ය බීම ජාති කෑම ජාති පම­ණක් ගත්තා. අනික් දෙවි­වරු ‍සියලු දෙනා කෑම ගනි­මින් මත් පැන් බිව්වා. මත්ලෝලී සියල්ල මත්පැන් බිව්වා. මත් පැන් බීලා වැටුණා.

සක් දෙව්රජ කිය­නවා දෙන්නා දෙන්නා එක්ක ඇවිල්ලා මේ අයව එක්කෙනා එක්කෙනා අර­ගෙන ගිහිල්ලා මේ සක්වල ගලින් බිමට දාන්න කියලා. මේ මහා­මේරෑ පර්ව­තය තියෙන්නේ මහ මුහුද මැද; ඍද්ධි­ලා­භින් විත­රයි මෙය දකින්නේ. මෙයින් බිමට දැම්මාට මේ අයට මුකුත් වෙන්නේ නැහැ. මේ අය දැන් වැටෙන්නේ වතු­රට පම­ණයි. මේ මුහුද මැද තියන පර්ව­ත­යක් නිසා වතු­රට වැටෙන කොට සිහිය ආවා. සිහිය ඇවිල්ලා මේ අය සඳ­හන් කර­නවා සුරා­පා­නය කරපු නිසා තමයි අපිට මෙහෙම වුණේ; ආයෙ නම් අපි කව­දා­වත් සුරා­පා­නය කරන්නේ නැහැ; සුරා එපා කියන දේ මේ අය කියන්න පට‍න්ගත්තා.

එදා පටන් මේ අය ව හැඳි­න්වුයේ අසුර කියලා. අසුර කියන්නේ සුරා එපා කියන පිරි­ස­ටයි. මේ සුරා එපා කියපු නිසායි මේ අයට අසුර කියලා කියන්න. මේ අය චාතූ­න්මහ දෙවි­ව­රු­මයි. මේ අය අව­මා­න­යට පත් වීම නිසා තමයි සුරා­සුර යුද්ධය ඇති­වෙන්නේ. ඒ විත­රක් නොවෙයි සක් දෙවි රජ සුජාතා කියලා අසුර කාන්තා­වක් තමන්ගේ භාර්යාව බවට පත් කර­ග­න්නවා. ඒ නිසාත් මේ යුද්ධය හට ගන්න හේතු­වක් වෙනවා. බුදු රජා­ණ­න්ව­හන්සේ කිය­නවා මේ යුද්ධය අවස්ථා ගාණක තිබිලා තිය­නවා; යුද්ධ­යක් හට­ගත්තා සුරා­සුර කියලා; ඒ වෙලාවේ වේප­චිත්ති කියන අසුර නාය­කයා කිය­නවා බැරි­වෙ­ලා­වත් මේ යුද්ධ­යෙන් අසු­රයෝ දිනලා දෙවි­වරු පරාද වුණොත් සක්දෙව් රජ­තුමා අල්ල­ගන්න, අල්ල­ගෙන එයාගේ කකුල් දෙක බඳින්න; ඉන්ප­සුව ‍බෙල්ල අත්දෙක බැඳලා හරි­යට ඌරෙක් මරා­ගෙන අර­ගෙන එනවා වගේ එයා අර­ගෙන ඇවිත් අසුර භවනේ තැන්පත් කරන්න කියලා කිය­නවා.

සක්දෙව් රජ­තු­මත් ප්‍රකාශ කර­න්නට යෙදුණා තමන්ගේ පිරි­සට මේ යුද්ධ­යෙන් සම­හර විට දෙවි­වරු දිනයි, අසු­රයෝ පරදී, අසු­රයෝ පැරු­දු­ණොත් වේප චිත්ති අල්ල­ගන්න අල්ලලා එයාගේ අත්පා බැඳලා, බෙල්ල බැඳලා ලීයක ගැට­ග­හලා සුදර්මා දිව්‍ය සභාවේ ගේට්ටුව ඉදි­රි­ප­සින් තියන්න කියලා. අනිත් යටත් වැසි­යන්ට දෙන්නා ම එසේ කිව්වා. මේ යුද්ධ­යෙන් දෙවි­ව­රුන් දිනුවා; අසු­ර­යා‍ ­පැ­ර­දුණා. දෙවි­වරු අසු­රයා අල්ල­ගෙන අර කියපු විදි­හට සුදර්මා දිව්‍ය සභාව දොර­ටුව අස­ලින් ගෙන­විත් ඒ දිව්‍ය සභා­වට ගෙන­විත් තිබ්බා. වේප චිත්ති බැඳලා ඉන්නවා; මේ බැඳලා දාලා ඉන්න කොට මෙයා කල්පනා කර­නවා.

මේ අාකා­ර­යට දෙවි­ව­රුන්ම ධාර්මි­කයි; අසුරා අධ­ර්මිකා අසු­රයෝ අධ­ර්මි­කයි කියලා හිත­නවා. මම දැන් මේ දිව්‍ය පුර­ය­ටම යනවා නම් හොඳයි කියලා හිතුණා; එසේ සිත­න­කො­ටම මේ වේප චිත්ති බැඳලා තියන බැමි ඉබේම ලෙහුණා. ලෙහුණා විත­රක් නොව, දිව්‍ය­මය පස්කම් සැප ලැබුණා

අනෙක් දෙවි­යන්ට වගේම සියල්ල ලැබුණා. දිව්‍යම රස ආහාර ස්පර්ශ මේ ‍වේපචිත්ති බැඳීම් වලින් ලෙහිලා දිව්‍ය සැප විදි­මින් ඉන්නවා. මේ අය ඉන්නේ සුදර්මා කියන දිව්‍ය සභාවේ.

ඉන් පසුව මේ දිව්‍ය පුත්‍රයා සිත­නවා, දෙවි­වරු හරිම අධා­ර්මි­කයි. අසු­රයෝ හරිම ධර්මි­කයි කියලා එසේ සිත­න­කො­ටම මේ ‍වේප චිත්ති අර ආකා­ර­යට ම බැඳුණා. එයාගේ බැමි ගැට ගැසුණා බන්ධන පහ බැදුණා සැප­ස­ම්පත් නැති­වෙලා ගියා. බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ කිය­නවා; මේ වේප චිත්ති බන්ධ­නය ඉතාම සියුම් දෙයක්.

මහ­ණෙනි වේප චිත්ති බන්ධන ඉතා සියුම් එකක්. ඇයි මේ සියුම් එකක් කියලා කියන්නේ; මුලින් ම කවුරු හරි ගැට ගැසුණු මේ බැමි මුලින් දෙවි­යන්ගේ ගුණ සිතන කොට ගැට ගැසී ‍තියෙන බැමි ලිහෙ­නවා. මෙය චිත්ත බන්ධ­න­යක් මෙය හිතින් කරන බන්ධ­න­යක්. මෙය ඉතා සියුම් දෙයක් හිතා ගන්න­ට­වත් බැහැ.

කෙනෙක්ව මේ අයව පස් තැන­කින් බඳින්නේ කොහො­මද කියලා බුදු­ර‍ජා­නන් වහන්සේ කිය­නවා ම‍හණෙනි වේප චිත්ති බන්ධ­න­ය­ටත් වඩා ඉතා සියුම් මාර බන්ධ­නය කියලා කිය­නවා.

අපි මාර­යාට බැඳිලා ඉදීම ඉතා සියුම් කියලා බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ කිය­නවා. උන්ව­හන්සේ දේශනා කර­නවා' මඤ්ඤ මානෝ භික්ඛවේ බද්ධෝ මාරස්ස අමඤ්ඤ මානෝ මුත්ති පාප­මතෝ.... ඒ කියන්නේ මඤ්ඤ මානෝ කියලා කියන්නේ හැඟි­ම­කින් අද­හ­ස­කින් මාර­යාට බැඳෙ­නවා.

ආස­ස­හිත අද­හස් අපි තුළ තිය­නවා. දිට්ඨි එනම් මිත්‍ය දෘෂ්ඨි හැඟිම් අපි තුළ තිය­නවා. ඉන් පසු අපි ළඟ තියෙ­නවා මානය. මේ 'මාන' නිසා තමන් උසස් කියලා හිත­නවා; පහත් කියලා හිත­නවා; තමන් ලස්ස­නයි කියලා හිත­නවා; කැතයි කියලා හිත­නවා. තණ්හා දිට්ටි මාන කියන හැඟි­ම්ව­ලට තමයි අපි මාර­යාට බැඳිලා ඉන්නේ. මාර­යාට බැඳිලා ඉන්න අද­හස් බුදු­න්ව­හන්සේ දේශනා කර­නවා 'අස්මීත භික්ඛවේ මඤ්ඤිත මේ තං' මහ­ණෙනි මම වෙමි කියන දේ මාර­යාට බැඳෙන හැඟි­මකි. මම වෙමි කියන්නේ මම අන් අයට වඩා ‍උසස් වෙමි; මම අන් අයට වඩා දක්ෂ වෙමි; අන් අයට වඩා ධන­වත් වෙමි; රූප­වත් වෙමි කියලා හිත­නවා. තමන් අනෙ­කාට වඩා උසස් කියලා හිත­නවා; වගේ ම පහත් කියලා හිතන අයත් ඉන්නවා. මම උගත් නෑ; ධන­වත් නෑ; රූප­වත් නැහැ. එයත් මම වෙමි කියලා හිතන අද­හ­ස­මයි; තමන් අනිත් අයට සමාන කර­ග­න්නවා එයට කියන්නේ සදිස මාන කියලා.

මේ මාන­යත් මම වෙමි කියන අද­හ­ස­මයි. මම උසස් වෙමි, මම පහත් වෙමි, මම සමාන වෙමි, කියලා හිතී­මයි මේ තුළ තියෙන්නේ. මේ මම වෙමි කියලා කියන්නේ තණ්හා­වෙන් තමන් විසින් ම යම් ප්‍රති­රූ­ප­යක් මවා­ගෙන මානය ඇති කර­ග­න්නවා.

මම මර­ණින් මතු ම‍ගේ ආත්මය පව­ති­නවා, පව­තින්නේ නැහැ කියලා නොයෙක් අද­හස් ඇති කර­ග­න්නවා. මේ නිසා තමයි අපි සංසා­රයේ ගමන් කරන්නේ කියලා බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ දේශනා කර­න්නට යෙදුණා.

Comments