සෝභිත නාහිමි ගමේදී කරූ සැමරූ උපන් දිනය | සිළුමිණ

සෝභිත නාහිමි ගමේදී කරූ සැමරූ උපන් දිනය

මාදු­ළු­වාවේ සෝභිත නා හිමි යනු අපේ යුගයේ සඟ සසුන ශෝභ­මාන කළ මහා වාධි­භ­සිං­හ­යා­ණෝය. සුපේ­ශල ශික්ෂා­කාමී ධර්ම­ධර, වින­ය­ධර මහ තෙර­න­මක් ලෙසත්, ව්‍යක්ත ධර්ම දේශ­ක­යා­ණන් වහන්සේ නමක ලෙසත්, ගිහි පැවති සමා­ජයේ අති­ශ­යින් සම්භා­ව­නා­වට පත් උන් වහන්සේ තවත් විටෙක මහා සමාජ ප්‍රති­සං­ස්කා­ර­ක­යෙ­කුගේ භූමි­කා­වට පණ දුන් බව නොර­හ­සකි.

උන් වහ­න්සේගේ ප්‍රතා­ප­වත් චරි­තා­ප­දා­නය පිළි­බඳ ලියැ­වෙද්දී එය ඉති­හා­සයේ පර­මා­දර්ශී ස්වර්ණ­මය සට­හ­නක් වනු ඇත. එම උත්තම චරිත කතාවේ පිටු කිහි­ප­යක ලියැ­වෙන අපූර්ව සංවේදි පරි­ඡේ­ද­යක් තිබේ.

එහි අක්මුල් සොයා යා යුත්තේ රජ­රට අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ මහ­වි­ල­ච්චි­ය­ටය. මහ­වි­ල­ච්චිය කුඩා තම්මැ­න්නාවේ ඇල­ප­ත්ගම යනු යුධ සමයේ මහා වන­ග­හ­න­යෙන් වැසී ගිය හුද­කලා ගම්මා­න­යකි. නියං රකු­සාගේ දරුණු ප්‍රහා­ර­යෙන් බැට කෑ ඇල­ප­ත්ග­මට තව පැත්ත­කින් නිර­තු­රු­වම කොටි ත්‍රස්ත­වා­දීන්ගේ තර්ජන එල්ල විය.

මාදු­ළු­වාවේ සෝභිත නාහි­මි­යන් ඇල­ප­ත්ගම ජන­තාව සොයා වැඩම කළේ යුද්ධයේ දරු­ණුම අව­ස්ථා­වේ­දීය. උන් වහන්සේ එහි වැඩම කරන විට එගම වැසි­යන්ගේ ධෛර්ය අන්ත­ය­ටම සිඳී ගොස් තිබිණි.

“ නුඹ­ලාගේ පාර­ම්ප­රික උරු­මය දාලා යන්න එපා. ඔය පැල්පත් ටික වෙනු­වට මම හොඳ ගෙවල් හදලා දෙන්නම්. කෝට්ටේ නාග විහා­ර­යට ලැබෙන අඩු­වැ­ඩි­යත් මම අර­ගෙන එන්නම්. දරු පැට­වුන්ව හොඳින් පෝෂ­ණය කර­පල්ලා.එවුන් තමයි මේ ගමෙත් රටේත් අනා­ග­තය. මං උඹලා පිටි­ප­ස්සෙන් ඉන්නවා.”

එතැන් සිට කොත­රම් දැවැන්ත ජාතික මෙහෙ­ව­ර­කට උරදී සිටි­යද, සෝභිත හිමියෝ මස­කට වරක් නොක­ඩ­වාම ඇල­ප­ත්ග­මට වැඩි­යහ.

ගමේම දරු­වෙකු ඇල­ප­ත්ගම රේවත නමින් පැවිදි කරවා නාග විහා­ර­යට ගෙන­විත් ශිල්ප ප්‍රගුණ කර­වූයේ තමාගේ ඇවෑ­මෙන් එහි ජන­තා­වට මඟ පෙන්වී­ම­ටය.

එහෙත් සෝභිත හිමි­යන් ජාති­යෙන් සමු­ගැ­නීම යුක්තිය සාධා­ර­ණ­ත්වය පිරුණු සමා­ජ­යක් අපේක්ෂා කළ සමස්ත ලාංකි­ක­යන්ගේ බලා­පො­රොත්තු අව­තැන් කළා පම­ණක් නොව ඇල­ප­ත්ගම වැසි­යන්ගේ ධෛර්ය ද සිඳ බිඳ දැමුහ.

නාහිමි ගොඩ නඟන ලද ජාතික ව්‍යාපා­රයේ සමී­ප­තම ගමන් සඟයා වු කථා­නා­යක කරූ ජය­සු­රිය මහතා උන් වහන්සේ ජාති­යෙන් සමු­ගෙන තෙම­ස­කට පසු සාධා­රණ සමා­ජ­යක් සඳහා වු ව්‍යාපා­රයේ සමා­ජි­ක­යන්ද කැටුව මහ­වි­ල­ච්චියේ එම හුද­කලා ගම්මා­නය සොයා­ගෙන යන්නේ එවන් පසු­බි­ම­කය.

“ඔබ ගැන, මේ ගම ගැන අපේ හාමු­දු­රුවෝ දැකපු හැම හීන­යක්ම හැබෑ කරන්න මම කැප වෙනවා. හැම කෙනෙ­ක්ටම පැල්පත වෙනු­වට හොද නිව­සක් හදමු. වේළිලා තියෙන කුඩා තම්මැ­න්නාව වැව අමුණ හදලා ආයිත් පුර­වමු. ගමට එන පාර හදමු. ඔබේ නිෂ්පා­දන විකු­ණ­ගන්න ආර්ථික මධ්‍ය­ස්ථා­න­යක් පන්ස­ලට නුදු­රෙන් හද­න්නයි මගේ කල්ප­නාව. සෝභිත නාහි­මි­යන්ට ඕන වුණේ ඔබව ශක්ති­මත් මිනි­සුන් හැටි­යට ගොඩ­න­ඟන්න. ඒ සදහා ඔබ මන­සින් නැඟි­ටින්න ඕනෑ. ගමේ තරු­ණ­යන් ඊට නාය­ක­ත්වය ගන්න ඕනි.” ගැමි­යන් වට කර­ගෙන කරූ ජය­සු­රිය මහතා පැව­සීය. ඒ සියල්ල වෙනු­වෙන් ර‍ජයේ මුදල් ඉල්ලා සිටිනු වෙනු­වට සිය රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා ඔස්සේ ඉන්දි­යානු මුල්‍ය ප්‍රදා­න­යක් ලබා­ගැ­නී­ම­ටද කථා­නා­ය­ක­ව­රයා සමත් වීම සුවි­ශේෂි කරු­ණකි.

අද වන විට ඇල­ප­ත්ගම අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ කවු­රුත් දන්නේ මාදු­ළු­වාවේ සෝභිත හිමි ගම්මා­නය ලෙසය. සුන්දර නව නිවාස 153ක් ඉදි­වෙ­මින් පවතී. ගම කෙළ­ව­ර­ටම කාපට් පාර හැදී අව­සන්ය. විසල් ආර්ථික මධ්‍ය­ස්ථා­න­යක් මාදු­ළු­වාවේ ශ්‍රි සෝභිත නාහිමි විහා­ර­යට නුදු­රින් ඉදි­වෙ­මින් පවතී. මාදු­ළු­වාවේ සේභිත නා හිමි විහා­රය යනු කුඩා කුටි­යක්ව තිබු ගමේ පන්ස­ලය. එය හෙට දවසේ සියලු විහා­රාං­ග­ව­ලින් සම­න්විත සුන්දර පුද­බි­මකි. කුඩා සාම­නේර හිමි­වරු දොළොස් නමක් දැන් එහි වැඩ වසති.

ඉඩ ලැබෙන සෑම මොහො­ත­කම සෝභිත හිමිගේ සිහි­නය සැබෑ වන ආකා­රය දැකී­මට විල­ච්චිය බලා යාම කථා­නා­ය­ක­ව­ර­යාගේ සිරි­තය. “ අලුත් වාරෙට දරු­වන්ට පොත්පත් ටික ගන්න ඕනි. ඉස්කෝලේ දාන්න සපත්තු ගන්න ඕනි. තරුණ ගොවි­යන්ට වගා ළිං ටිකක් හදලා දෙන්න ඕනි.” ඒ ජාතික දේශ­පා­ල­න­යේත් පාර්ලි­මේ­ත්තු­වෙත් දැවැන්ත භූමි­කා­ව­කට පණ දෙන අත­ර­තුර කථා­නා­ය­ක­ව­රයා කරු ජය­සු­රිය මහ­තාට හැඟෙන දේය.

පසු­ගිය සැප්තැ­ම්බර් මස 29 වන­දාට යෙදුණු සිය උප­න්දි­නය සැම­රී­ම­ටද කරු ජය­සු­රිය මහතා තෝරා ගත්තේ ඇල­ප­ත්ග­මය. සිය උප­න්දි­න­යට ඔහු එහි දරු­වන්ට ගෙන ගිය තෑගි­භෝග රැසකි. පාසල් යන්නට පාපැදි, පාසල් උප­ක­රණ, ආහා­ර­පාන ආදිය මෙන්ම උප­න්දින කේක් ගෙඩි­යද, එහි ගෙන ගොස් දරු­වන් සමග බෙදා­හදා ගැනී­මට ඔහු කට­යුතු කළේය. එය තරු­පහේ හෝට­ල­යක පැවැත්වු සාද­යක් නොවු බව සැබෑ­වකි. මිල අධික යුරෝ­පීය රස­ම­ස­වුළු නොති­බු­ණද, බඹන මතින් සුභ පතන සුමි­තු­රන් නොසි­ටි­යද, ඇල­ප­ත්ගම දරු­වන්ගේ පිවි­තුරු සිනහ හඬ මැද වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන්ම තරු­පහේ උප­න්දින සැම­රු­ම­කට කථා­නා­ය­ක­ව­ර­යාට වාස­නාව ලැබී තිබිණි.

කථා­නා­ය­ක­ව­රයා වැඩි­හි­ටි­යන් අතර බෙදා දුන් සෑම තෑගි පාර්ස­ල­ය­කම මෙවැනි සට­හ­නක්ද යොදා තිබිණි.

“නිද­හස් සාධා­රණ ධාර්මික දේශ­යක් වෙනු­වෙන් අප මාතෘ භූමි­යට මඟ පෙන්වූ ශ්‍රේෂ්ඨ මාර්ගෝ­ප­දේ­ශ­ක­යා­ණන්ට ඔබ වෙනු­වෙන් සිහි­න­යක් තිබිණි. උන් වහ­න්සේගේ නාම­යෙන් අප එය හඹා යමින් සිටිමු. නිසැ­ක­වම ඔබේ සොදුරු නිව­හන නොබෝ දිනෙ­කින් තැනෙනු ඇත. එය පිරි­සුදු, පිළි­වෙළ නිව­සක් කරන ලෙස මම ඔබෙන් ඉල්ලමි. එම නිවස තුළ ආද­රය, ප්‍රශං­සාව, අගය කිරිම පිරුණු දෙබ­සක් ගොඩ­න­ඟන ලෙසද මම ඔබෙන් ඉල්ලමි. එවිට පවුලේ සැමට නිර­වුල් සුබ­වාදී මන­සක් හිමි වනු ඇත. එම නිර­වුල් මන­සට නැවුම් බලා­පො­රොත්තු සහ සුබ­සි­හින පුර­ව­න්නැයි මම ඔබට කියමි.

එවිට අප මාර්ගෝ­ප­දේ­ශ­ක­යා­ණන් වූ සෝභිත නාහි­මි­යන් දුටු සිහි­නය යථා­ර්ථ­යක් බවට පත්වනු ඇත. ඔබ එම යථා­ර්ථ­යට සමීප වන­තුරු මම ඔබ පසු­පස සිටිමි. අද වැනි දිනෙක ඔබ අතර ගෙවෙන හෝරා කිහි­ප­යට ඔබේ දරු­වන්ගේ පිවි­තුරු සිනහ හඬට මම බෙහෙ­වින් ප්‍රිය කරමි. ඔබේ පුංචි දරු පැට­වුන්ගේ දීප්ති­මත් දෙනෙතේ කැටි වූණු විසල් ලෝක­යක් මට පෙනේ. එය ගොඩ­න­ඟ­න්නට ධෛර්ය සම්ප­න්නව කැප වන ලෙස මම ඔබට ආයා­චනා කරමි.

එවිට ඔවුන් ඔබ මුහුණ දුන් බාධක, කම්ක­ටොලු, කටුක අත්දැ­කී­ම්ව­ලින් බැදුණු සිය­ලු­ප­වුරු සුනු­වි­සුනු කර මහා මිනි­සුන් ලෙස නැඟී සිටිනු ඇත.

Comments