ජාතික මෙහෙ­ව­ර­කට නයි­න්වෙල්ස් රෝහල එක් වෙයි | Page 2 | සිළුමිණ

ජාතික මෙහෙ­ව­ර­කට නයි­න්වෙල්ස් රෝහල එක් වෙයි

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ කලා­පීය නියෝ­ජිත කණ්ඩා­යම විසින් නිකුත් කරන වලං­ගු­ක­රණ සහ­ති­කය ශ්‍රී ලංකා­වට ලබා ගැනී­මට නයි­න්වෙල්ස් රෝහලේ සහය

එච්.අයි.වී. (HIV) සහ උප­දං­ශය (Syphilis) වැනි ලිංගා­ශ්‍රිත රෝග මව්ව­රු­න්ගෙන් දරු­වන්ට සම්ප්‍රේ­ෂ­ණය වීම වැළ­ක්වීම සඳහා ශ්‍රී ලංකාව දරන වෑය­මට සිය සහ­යෝ­ගය ලබා දෙමින් නයි­න්වෙල්ස් රෝහලේ කළ­ම­නා­කා­රී­ත්වය පසු­ගි­යදා සෞඛ්‍ය අමා­ත්‍යං­ශයේ ලිංගා­ශ්‍රිත රෝග/ඒඩ්ස් වැළැ­ක්වීමේ ජාතික වැඩ­ස­ට­හන (NSACP) සහ ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ (WHO) කලා­පීය තහ­වුරු කිරීමේ කණ්ඩා­යම හමු විය.

ලිංගා­ශ්‍රිත රෝග මව්ව­රු­න්ගෙන් දරු­වන්ට සම්පේ‍්‍ර­ෂ­ණය වීම වැළැ­ක්වී­මට අදා­ළව NSACP විසින් ඉදි­රි­පත් කළ දත්ත සනාථ කර­ගැ­නීම සඳහා කලා­පීය නියෝ­ජිත කණ්ඩා­යම මෙරට සංචා­ර­යක නිරත වූ අතර එහි එක් පිය­ව­රක් ලෙස ඔවුන් නයි­න්වෙල්ස් රෝහල වෙත පැමි­ණි­යහ.

ඒ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් නයි­න්වෙල්ස් රෝහල් ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී සහ වෛද්‍ය අධ්‍යක්‍ෂ විභාෂ් විජේ­රත්න මහතා මෙසේ පැව­සීය. ”නයි­න්වෙල්ස් රෝහල ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු සෞඛ්‍ය වෙනු­වෙන් කව­දත් ඇප­කැප වී කට­යුතු කරන රෝහ­ලක්. ඒ අංශ­යෙන් කලා­පයේ ඉහ­ළම ප්‍රමි­තීන් වෙත ළඟා වීම උදෙසා අප කාල­යක් මුළුල්ලේ රාජ්‍ය ආය­තන සමඟ සමී­පව කට­යුතු කර­මින් සිටි­නවා.

Comments