සුප්‍රා විදේශ රැකියා ආය­ත­න­යට BWIO ව්‍යාපාර විශි­ෂ්ටතා රන් සම්මා­නය | සිළුමිණ

සුප්‍රා විදේශ රැකියා ආය­ත­න­යට BWIO ව්‍යාපාර විශි­ෂ්ටතා රන් සම්මා­නය

විදේශ රැකියා ක්ෂේත්‍රයේ විසි වස­රක ගෞර­ව­නීය ඉති­හා­ස­යක් ඇති සුප්‍රා විදේශ රැකියා ආය­ත­න­යට බිස්නස් වර්ල්ඩ් ඉන්ට­ර්නැ­ෂ­නල් සම්මාන උ‍ෙල‍ෙළ්දී විදේශ රැකියා අංශ­යෙන් වසරේ හොඳම ව්‍යාපා­ර­යට පිදෙන රන් සම්මා­නය හිමි විය.

නුගේ­ගොඩ, ස්ටැන්ලි තිල­ක­රත්න මාවතේ, අංක 1/10හි පිහිටි සුප්‍රා විදේශ රැකියා ආය­ත­නය ශ්‍රී ලංකා­වෙන් රුමේ­නි­යාවේ රැකියා සඳහා පුද්ග­ල­යන් යවන විදේශ සේවා නියුක්ති කාර්යං­ශයේ ලියා­ප­දිං­චිය සහිත ප්‍රධාන ආය­ත­න­යයි.

ඊට අම­ත­රව සයි­ප්‍රස්, පෝල­න්තය, දෝහා කටාර්, කුවේට් ආදී රට­වල ඇබෑර්තු සඳ­හාද සුප්‍රා ආය­ත­න­යෙන් සේව­ක­යන් යවයි. මෑත­කදී විවෘත වූ රුමේ­නියා රැකියා වෙළෙ­ඳ­පොළ කම්කරු නීති හා මානව හිමි­කම් ආර­ක්ෂාව මෙන්ම සුබ සාධ­නය අතින්ද ඉහළ ප්‍රමි­ති­යක් ඇති ස්ථාන­යකි. හෝටල්, කාර්මික ක්ෂේත්‍රය හා ගෘහ සේවය ඇතුළු රැකියා ඇබෑර්තු විශාල සංඛ්‍යා­වක් එහි ඇත.

ප්‍රති­ප­ත්ති­ග­රුක සුප්‍රා විදේශ රැකියා ආය­ත­නය මැද පෙර­දි­ගට ගෘහ සේවි­කා­වන් නොය­වයි.

සුප්‍රා විදේශ රැකියා ආය­ත­නයේ ප්‍රධාන අනු­ශා­සක ආචාර්ය ධනුජ කොළොන්නේ මහතා “රුමේ­නියා රැකියා වෙළෙ­ඳ­පො­ළින් යුරෝ 500 සිට ඉහළ වැටුප් යටතේ යහ­පත් ආර­ක්ෂිත රැකියා ලබා­ගත හැකියි.

නවා­තැන් සහ නොමිලේ වෛද්‍ය ප්‍රති­කාර ඇතුළු පහ­සු­කම් රැසක් ඊට ඇතු­ළත්. ළඟ­දීම පෝල­න්තයේ ඇබෑර්තු රාශි­යක් පැමි­ණී­මට නිය­මි­තයි. එමෙන්ම ඉදි­රි­යේදී සයි­ප්‍රස්හි අධ්‍යා­පන අවස්ථා සඳහා සිසුන් යැවී­ම­ටත් අප බලා­පො­රොත්තු වෙනවා.” යැයි පැව­සීය.

විසි වස­රක් පුරා විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගෞර­ව­නීය ලෙස රැඳී සිටි­මින් කළ සේවාව මේ අයු­රින් ඇගැ­යු­මට ලක් වීම සම්බ­න්ධ­යෙන් නිහ­ත­මා­නීව සතුටු වන බව සුප්‍රා විදේශ රැකියා ආය­ත­නයේ අධි­ප­තිනි දීප්ති නිර්මලා කාන්ති ජය­සිංහ මහ­ත්මිය පැව­සු­වාය.

Comments