‘රිද්ම රැයක්’ සමඟ මෙව­රත් ඩය­ලොග් එක් වෙයි | සිළුමිණ

‘රිද්ම රැයක්’ සමඟ මෙව­රත් ඩය­ලොග් එක් වෙයි

ඩය­ලොග් ආසි­ආටා බල­ග­න්වන, බොහෝ දෙනා මහත් අපේ­ක්ෂා­වෙන් පසු­වන රිද්ම රැයක් 2019 මේ 11 වෙනිදා රාත්‍රී 7 සිට කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ සමරු ශාලා­වේදී පැවැ­ත්වී­මට නිය­මි­තයි. රිද්ම රැයක්, මෙරට ප්‍රසංග දින දසුනේ ඉහ­ළින්ම සම­රනු ලබන, රටේ අති­ශ­යින් ජන­ප්‍රිය කලා­ක­රු­වන් සහ­භාගී වන, ගීත නිර්මා­ණක කේන්ද්‍රය සංවි­ධාන කරන ප්‍රසං­ග­යක් වන අතර, එම­ගින් උත්පා­ද­නය වන අර­මු­ද­ලින් සිය සාමා­ජි­ක­යන්ට වස­රක් පාසා සෞඛ්‍ය හා ජීවිත රක්ෂ­ණා­ව­ර­ණ­යක් පිරි­නැ­මී­ම­ටත්, ජ්‍යෙෂ්ඨ කලා­ක­රු­වන්ට මාසික දීම­නා­වක්ද ලබා­දී­මට කට­යුතු කරයි.

“ප්‍රාසං­ගික කලාවේ අනු­ග්‍රා­හ­ක­යෙකු ලෙස කට­යුතු කර­මින්, මෙව­රත් රිද්ම රැයක් සංගීත ප්‍රසං­ගය සඳහා සහ­යෝ­ගී­ත්වය දැක්වී­මට පෙරට ආ ඩය­ලොග් සමා­ග­මට අපි ස්තුති­වන්ත වෙනවා. ගීත නිර්මා­ණක කේන්ද්‍රයේ වාර්ෂික අර­මු­දල සවි­මත් කිරී­මට අප හට සහා­ය­වන එම ප්‍රසං­ග­යෙන් අපගේ පර­මාර්ථ වන සංගීත ක්ෂේත්‍රයේ නියැ­ලෙන කලා­ක­රු­වන්ගේ හිමි­කම් සුර­ක්ෂිත කිරීම, වෘත්තීය ස්ථාව­ර­ත්වය රැක­ගැ­නීම, සාමා­ජි­ක­යන්ගේ අව­ශ්‍යතා සොයා­බලා සපු­රා­ලීම සිදු­ව­නවා,” යැයි ගීත නිර්මා­ණක කේන්ද්‍රයේ සභා­පති ජයන්ත ධර්ම­දාස මහතා ප්‍රකාශ කළේය.

ඩය­ලොග් ජ්‍යෙෂ්ඨ සාමා­න්‍යා­ධි­කාරී - වෙළඳ නාම සහ මාධ්‍ය හර්ෂ සම­ර­නා­යක මහතා අද­හස් දක්ව­මින්,“ කලා­ක­රු­වන්ගේ සුබ­සා­ධ­න­යට සහා­ය­වීම සඳ­හාත්, කලා ප්‍රජා­වගේ පැවැත්ම තහ­වුරු කිරීමේ වැද­ගත් අව­ශ්‍ය­තා­වය වෙනු­වෙ­නුත් ගීත නිර්මා­ණක කේන්ද්‍රය සමඟ තුන්වෙනි වරත් එක්ව සහ­යෝ­ගී­තාව දැක්වී­මට හැකි­වීම පිළි­බ­ඳව අපි අති­ශ­යින් සන්තෝෂ වෙනවා“ යනු­වෙන් සඳ­හන් කළේය.

‘ඩය­ලොග් රිද්ම රැයක් 2019’ සඳහා නිල ප්‍රවේශ පත්‍ර සහ­කරු වන අංක 444 අමතා ප්‍රවේශ පත්‍ර වෙන්ක­රවා ගැනී­මෙන්, නව­ලෝක ගොඩ­නැ­ගිල්ලේ පිහිටි OSCA කාර්යා­ල­යෙන්, සර­සවි පොත්හල (නුගේ­ගොඩ, මහ­ර­ගම සහ කිරි­බ­ත්ගොඩ) සහ සදීපා පොත්හල (බොරැල්ල) යන ස්ථාන­ව­ලින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

Comments