CIPM Sri Lanka 2020 ලෝක මානව සම්පත් සමු­ළුව ලබන වසරේදී | සිළුමිණ

CIPM Sri Lanka 2020 ලෝක මානව සම්පත් සමු­ළුව ලබන වසරේදී

 ලංකා වර­ලත් පිරිස් කළ­ම­නා­ක­රණ ආය­ත­නය (CIPM Sri Lanka)විසින් ආසියා පැසි­ෆික් මානව සම්පත් කළ­ම­නා­ක­රණ සම්මේ­ල­නය (Asia Pacific Federation of Human Resource Management - APFHRM) සහ පිරිස් කළ­ම­නා­ක­රණ සංවි­ධා­න­වල ගෝලීය එක­මු­තුව (World Federation of People Management Associations - WFPMA) හා එක්ව සංවි­ධා­නය කරනු ලබන ලෝකයේ විශා­ල­තම මානව සම්පත් සමු­ළුව 2020 ජූලි මස 6 - 8 දක්වා කොළඹ බණ්ඩා­ර­ණා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැව­ත්වී­මට කට­යුතු සම්පා­ද­නය කෙරෙ­මින් පවතී.

මෙම දැවැන්ත සමු­ළුව සඳහා දේශීය සහ අන්තර්ජාතික මානව සම්පත් වෘත්තී­ය­වේ­දීන් සහ ව්‍යාපාර නාය­ක­යින් 2000 කට අධික පිරි­සක් සහ­භාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රධාන සමු­ළුව ආරම්භ වීමට පෙර ‘පිරිස් කළ­ම­නා­ක­රණ වෘත්තී­ය­වේ­දීන් අතර අන්තර්ජාතික දැනුම බෙදා­ගැ­නීම’ මාතෘ­කාව යටතේ පූර්ව සම්ම­න්ත්‍ර­ණ­යක් පැව­ත්වී­මට නිය­මිත අතර සමු­ළු­වට ලොව කීර්ති­මත් විද්ව­තුන් තිදෙ­නෙක්ගේ දේශ­න­යන්, විද්වත් මණ්ඩල සාකච්ඡා 4 ක්, තාක්ෂ­ණික සැසි 20කට අධික ප්‍රමා­ණ­යක්, සමු­ළුවේ සම්පූර්ණ කාලය පුරාම පැව­ත්වෙන මානව සම්පත් සේවා සම්පා­ද­ක­යින්ගේ ප්‍රද­ර්ශ­නය, මානව සම්පත් මහා විවා­දයේ අව­සන් තර­ඟය ආදී අංග රැසක් අයත් වේ.

මේ සිය­ල්ල­ටම අම­ත­රව ආරා­ධි­ත­යින් සඳහා පම­ණක් වන තවත් ඉසව් කිහි­ප­යක් 2020 ලෝක මානව සම්පත් සමු­ළු­වට පෙර සහ පසු පැව­ත්වෙනු ඇත. ජූලි මස 5 වැනි දින පැව­ත්වී­මට නියම්ත ආසියා පැසි­ෆික් මානව සම්පත් කළ­ම­නා­ක­රණ සම්මේ­ල­නයේ කලා­පීය රැස්වීම සහ පිරිස් කළ­ම­නා­ක­රණ සංවි­ධා­න­වල ගෝලීය එක­මු­තුවේ ප්‍රධා­නීන් ගේ රැස්වීම මේ අත­රින් ප්‍රමුඛ වේ.

WFPMA ප්‍රධා­නීන්ගේ රැස්වීම සඳහා මහා­ද්වීප සම්මේ­ලන 5 කට අයත් රට­වල් 93 ක් අයත් වන අතර එහි අධ්‍ය­ක්ෂක මණ්ඩ­ලයේ රැස්වීම ජූලි මස 9 වැනි දා පැව­ත්වී­මට නිය­මි­තය.

Comments