RIU Sri Lanka දුම්කොළ බදු කරණ වාර්තාව නිකුත් කරයි | සිළුමිණ

RIU Sri Lanka දුම්කොළ බදු කරණ වාර්තාව නිකුත් කරයි

සිය නිත්‍ය ආර්ථික සාකච්ඡා මණ්ඩ­ප­ව­ලදී ජාතික ආර්ථියේ ප්‍රග­ම­න­යට දාය­ක­වන බල­වත් ආර්ථික අංශ කෙරෙහි සැම­වි­ටම අව­ධා­නය යොමු කරන RIU Sri Lanka සංවි­ධා­නය දුම්කොළ බදු­ක­ර­ණය පිළි­බඳ එහි පළ­මු­වැනි වාර්තාව මෙම සති­යේදී නිකුත් කළේය. රටට ප්‍රග­ති­ශීලි ආර්ථික ගම­නක් සැල­සුම් කිරීමේ කර්ත­ව්‍යයේ තීර­ණ­ගැ­නීමේ පුරෝ­ගා­මී­න්වන ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් ඉලක්ක කර­ග­නි­මින් මෙය ඉදි­රි­පත් කර තිබේ.

RIU Sri Lanka සංවි­ධා­නයේ ප්‍රධාන විධා­යක නිල­ධාරී රොෂාන් මැද­වෙල මහතා මෙහිදී කරුණු දක්ව­මින් “බදු­අ­ය­කි­රීම සෑම රට­කම මුදල් ප්‍රති­ප­ත්තියේ වැද­ගත් අංග­යක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය හිඟ­යක් පව­තින අතර එම හිඟය පිය­වීම රජයේ එක් ප්‍රමු­ඛ­තා­වකි. එය ඉටු­ක­ර­ගැ­නී­මට යොදා­ගන්නා එක් ප්‍රධාන මාර්ග­ය­ක්වන්නේ බදු­අ­ය­කි­රී­මය. මෙය පිළිග­නි­මින් RIU ආර්ථික සාකච්ඡා මණ්ඩ­පය සහ අපගේ මෙම වාර්තා­වෙන් අව­ධා­නය යොමු­කර ඇත්තේ අප රටෙහි බදු­ක­ර­ණ­යට අදා­ලව කාර්ය සාධ­නය කෙරෙ­හිය ” යනු­වෙන් පැව­සීය. මෙම වස­රේදී RIU Sri Lanka සංවි­ධා­නය ආර්ථික රාමුව තුළ බෙහෙ­වින් වැද­ග­ත්වන නමුත් එය ක්‍රියා­ත්මක වන වෙ‍ෙළ­ඳ­පොළ වාතා­ව­ර­ණය හේතු කොට ගෙන අඩු­වෙන් සාක­චි­ඡා­වට බඳු­න්වන කාර්මික අංශ­යක් කෙරෙහි අව­ධා­නය යොමු කළ බව ඔහු විස්තර කළේය. “සාර්ව ආර්ථික කට­යුතු තුළ බදු­ක­ර­ණයේ බල­පෑම් සම්බ­න්ධ­යෙන් කරුණු ගෙන­හැ­ර­ද­ක්වන ඉදි­රි­පත් කිරීම් මාලා­වක් ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් ඇතුලු අදාල පාර්ශ­ව­ක­රු­වන් වෙත ඉදි­රි­පත් කිරී­මට අපි අද­හස් කරනවා”

Comments