යදින්නන් ගැන සොයන්න | සිළුමිණ

යදින්නන් ගැන සොයන්න

බිලිඳු දරුවන් තුරුලුකරගෙන සිඟාකන තරුණ ලඳුන් බොහෝ දෙනෙක් කුලියාපිටිය නගරයේ ජනාකීර්ණ ස්ථානවල සිටිති.

විශේෂයෙන්ම බැංකු ආශ්‍රිතව සැරිසරන මෙම තරුණ කාන්තාවන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

පවතින තත්ත්වය ‍රටේ කීර්තිනාමයට බලවත් හානියකි. දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් රජය අතිවිශාල මුදලක් සහනාධාර වශයෙන් ලබාදෙන රටක තරුණ ලඳුන් කිරිකැටියන් තුරුලුකරගෙන සිඟමනේ යෙදීම සිදු නොවිය යුතු කරුණකි.

එම දසුන දකින අයගේ නෙතටද සුබ නොවේ.

තරුණියක් කිරිකැටියෙකු තුරුලුකරගෙන යමක් ඉල්ලා සිටින දසුන දකින කාටත් මහත් අනුකම්පාවක් ඇතිවේ.

අද පොදු මහජනතාව ඉතා අසීරුවෙන් ජීවත්වන බව රහසක් නොවේ. එහෙත් ඔවුන් සියල්ලන්ම සිඟාකෑමට ඇබ්බැහි වී නැත.

ජීවිතය සරිකර ගැනීමට ලැබෙන ආදායම මදිය. එසේ වුවත් ලැබෙන දෙයින් සතුටුවී අපේ ඉලක්ක සපුරාගැනීම විනා කළහැක්කේ වෙන කුමක් ද ?

පරගම්මන - නන්ද

Comments