ඒ ප්‍රතිඵල කළුවරද... | සිළුමිණ

ඒ ප්‍රතිඵල කළුවරද...

ල්පි­ටිය මැති­ව­ර­ණය අව­සන් ය. 'ඇල්පි­ටිය දිනලා පෙන්නන්න'

පොහො­ට්ටුව එජා­ප­යට අභි­යෝග කළේ එහෙම ය. හැබැයි ආණ්ඩුව ඒ අභි­යෝ­ගය කන­කට ගත්තේ නැත. ඒ වෙනු­වට ආණ්ඩුව ගාලු­මු­ව­දොර එක ම මිනිස් ගංගා­ව­කින් පිරෙ­වුවේ ය. ආණ්ඩු­වට උව­ම­නාව තිබ්බේ අත­හැර තිබූ පුංචි ඡන්ද­යක් නොව, ජනා­ධි­ප­ති­ව­ර­ණය ය.

මීට කලින් රට­පුරා තිබූ පුංචි ඡන්දය අත උඩින් දිනපු පොහො­ට්ටුව මේ කරන අභි­යෝ­ගය පුදු­මෙ­කට හේතු­වක් නොවේ. හැබැයි ඉති­හා­සය දන්නවා නම් පොහො­ට්ටුව එහෙම අභි­යෝ­ග­යක් කරන්නේ නැත. එකක් හැම­දාම ඇල්පි­ටිය ආණ්ඩු­වට අවාසි ය. කොච්චර අවාසි ද කීවොත්, මහින්ද හම්බ­න්තොට දින­න­වාට වඩා පහ­සු­වෙන් ඇල්පි­ටිය දිනා තිබේ.මේ උදා­හ­ර­ණ­යයි. ඇල්පි­ටිය (පූර්ව මැති­ව­රණ ප්‍රති­ඵල සංඛ්‍යා­ලේ­ඛන)

 

මහ මැති­ව­ර­ණය
1965බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 22085
ශ්‍රීල­නිප 21084

මහ මැති­ව­ර­ණය 1970
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 22709
ශ්‍රීල­නිප 29801

මහ මැති­ව­ර­ණය
1989බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 18482 (46.12%)
ශ්‍රීල­නිප 15849 (41.26%)
සමස්ථ දිව­යිනේ ජය - එජාප

මහ මැති­ව­ර­ණය 1994
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 22059 (40.5%)
පොඑපෙ 31222 (57.3%)
සමස්ථ දිව­යිනේ ජය - පොඑපෙ

මහ මැති­ව­ර­ණය 2000
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 22811 (38.92%)
පොඑපෙ 30213 (51.55%)
සමස්ථ දිව­යිනේ ජය - පොඑපෙ

මහ මැති­ව­ර­ණය 2001
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 25054 (41.71%)
පොඑපෙ 26732 (44.5%)
සමස්ථ දිව­යිනේ ජය - එජාප

පළාත් පාලන මැති­ව­ර­ණය 2002
ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව
එජාප 15513 (48.27%)
පොඑපෙ 12811 (39.86%)
සමස්ථ දිව­යිනේ ජය - එජාප

මහ මැති­ව­ර­ණය 2004
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 22243 (37.23%)
එජ­නිස 34840 (58.31%)
සමස්ථ දිව­යිනේ ජය - එජ­නිස

ජනා­ධි­ප­ති­ව­ර­ණය 2005
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
මහින්ද රාජ­පක්ෂ 38779 (59.17%)
රනිල් වික්‍ර­ම­සිංහ 25767 (39.31%)
සමස්ථ දිව­යිනේ ජය - මහින්ද රාජ­පක්ෂ

පළාත් පාලන මැති­ව­ර­ණය 2006
ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව
එජාප 10308 (36.43%)
ජාසංපෙ 12954 (45.79%)
සමස්ථ දිව­යිනේ ජය - එජ­නිස (ජාසංපෙ)

මහ මැති­ව­ර­ණය 2010
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 12592 (25.93%)
එජ­නිස 32926 (67.8%)
සමස්ථ දිව­යිනේ ජය - එජ­නිස

පළාත් පාලන මැති­ව­ර­ණය 2011
ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව
එජාප 10427 (30.59%)
එජ­නිස 19954 (58.54%)
සමස්ථ දිව­යිනේ ජය - එජ­නිස

ජනා­ධි­ප­ති­ව­ර­ණය 2015
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
මහින්ද රාජ­පක්ෂ 42015 (59.08%)
මෛත්‍රී­පාල සිරි­සේන 28287 (39.78%)
සමස්ථ දිව­යිනේ ජය - මෛත්‍රී­පාල සිරි­සේන

මහ මැති­ව­ර­ණය 2015
බෙන්තර-ඇල්පි­ටිය ආස­නය
එජාප 26559 (40.83%)
එජ­නිස 34275 (52.70%)
සමස්ථ දිව­යිනේ ජය - එජාප
 

 

එහෙම බැලු­වම ඇල්පි­ටිය මහි­න්ද­ලාගෙ බල­කො­ටු­වකි .

වරක් කොළඹ නගර සභාව දිනා­ගන්න මහි­න්දලා පුදුම ගේමක් ගැසූහ. වාසු නග­රා­ධි­පති කමට ගෙනත් කොළ­පාට කොළඹ ඉවර කරන්න මහින්ද තුරුම්පු ඇද්දේය. ඒත් පරා­දය. ඔය විදි­හට නොවු­ණත් ඔයිට තර­මක් කිට්ටු දේවල් රැසක් ඉති­හා­සයේ සිදු­වෙලා තිබේ.

කදිම උදා­හ­ර­ණය 'රත්න­පු­රෙන්' ගත හැකිය.

1988 කියන්නේ ලංකාවේ දේශ­පා­ල­නය අන්ධ­කාර වූ සම­යකි. උතුර දකුණ දෙකම ගිනි අර­ගෙන තිබිණි. 1987 එව­කට ජනා­ධි­පති ජේ. ආර් ජය­ව­ර්ධන සහ ඉන්දි­යානු අග­මැති රජිව් ගාන්ධි අතර ඇති වූ ඉන්දු-ලංකා ගිවි­සුම මුළු රටම ව්‍යාකූල කර තිබිණි. ජනතා විමුක්ති පෙර­මුණ දකුණ ගිනි­යම් කොට තිබිණි.

තිලී­පන් නැමති තරු­ණයා 1987 සැප්තැ­ම්බර් 15 වනදා යාප­නය නල්ලුර් කන්ද­සාමි කෝවිල අසල මාරා­න්තික උප­වා­ස­යක් ආරම්භ කළේය.

උප­වා­සය නැවැ­ත්වී­මට නම් වහාම ඉන්දු ලංකා ගිවි­සුම හකුළා ගත යුතු බව ඔහු රජ­යට බල කළේය. එහෙත් ආණ්ඩුව එහෙම නොක­ළේය.

1987 සැප්තැ­ම්බර් 20 වනදා තිලී­පන් අව­සාන වතා­වට ජාතිය අමතා කතා කළේය.

“සහෝ­ද­ර­ව­රුනි තවත් ටික දින­කින් මා මියෙනු ඇත..එහෙත් නුඹ­ලාගේ අයි­තිය වෙනු­වෙන් සටන් කරන දහස් ගණ­නක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මර­ණය සම­ඟම සිදු­වනු ඇත….”

1987 සැප්තැ­ම්බර් 26 වනදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැ­තිව සිටීම හේතු­වෙන් තිලී­පන් සද­හ­ටම නෙත් පියා­ග­ත්තේය. එල්.ටී.ටී.ඊය සන්නද්ධ අර­ග­ලය තීර කළේ ඊට පස්සේය.

1988 පෙබ­ර­වාරි 03 පළාත් සභා සංස්‌ථා­ප­නය කරන ආණ්ඩුව කොටස් 4ට මැති­ව­ර­ණය තිබ්බේය. උතුරු මැද, ඌව, සබ­ර­ග­මුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28 ද මධ්‍යම සහ බස්‌නා­හිර පළාත් සභා ඡන්ද ජුනි 02 ද දකුණු පළාතේ ඡන්දය ජුනි 09 ද නැගෙ­න­හිර පළාතේ ඡන්දය නොවැ­ම්බර් 19 ද පැවැ­ත්විණි. ඡන්ද දින­යන්හි ජවිපෙ ඇඳිරි නීතිය පනවා රට පුරා ප්‍රචණ්‌ඩත්ව වැපි­රීය. පළාත් සභා අපේ­ක්‌ෂ­ක­යන් සහ ඡන්ද දාය­ක­යන් කිහිප දෙනෙ­ක්‌ ද ඝාත­නය විය. ඡන්දය වැටීමේ අනු­පා­තය වූයේ සිය­යට 49.7 ක් වූ අතර හම්බ­න්තොට දිස්‌ත්‍රි­ක්‌කයේ එම අනු­පා­තය සිය­යට 7.97 ක්‌ විය. මාතර එය සිය­යට 20 කි.

රටම අක­ර්මන්‍ය වී තිබිණි. ආණ්ඩුව මිනි­ස්සුන්ට තිත්ත වී තිබිණි. කොටින්ම කීවොත් 'ජේ ආර් මරමු' කියා පෝස්ටර් පවා අල­වන තැනට රට වැටී තිබිණි. ශ්‍රීල­නි­පයේ සිරි­මාවෝ සිටියේ අත උඩින් දිනන මැති­ව­ර­ණ­යක් බලා­පො­රො­ත්තු­වෙන් ය. ජේ. ආර් ජන­පති සට­නට එන බවට ඉගි දෙන­විට මැති­නිලා කල් ඇති­වම ජය­පැන් සාද දැමූහ. එදා ජවිපේ හිටියේ ප්‍රචණ්ඩ ඉවු­රේය. ජන බලය නැතත් එදා ප්‍රචණ්ඩ බලය ඔවුන්ට තිබිණි. අද පොහො­ට්ටුව ශක්ති­යක් පෙන්වන්නේ යම් සේද එදා ජවිපේ ප්‍රචණ්ඩ ශක්තිය පෙන්ව­මින් සිටි­යේය. මිනිස්සු ඡන්දේ දෙන්න යන්න හිතු­වේ­වත් නැත.

'මැතිනි ජේ ආර්ට දෙන්නේ දොඹෙන් යන්න. මෙදා තමයි අත රජ කරන්නේ'

ශ්‍රීලං­කා­කා­රයෝ සියලු වාසි අර­ගෙන වහසි බස් දෙඩූහ.

පළාත් සභා වර්ජ­න­ය­කොට ජනතා විරෝ­ධයේ 'වාසි පැත්ත' අර­ගෙන සිටි ශ්‍රීල­නි­පය පර­ද්දන එක හීන­යක් බව ආණ්ඩු­වේම සම­හරු කීය. ඔය අතර ගාමිණී වරක් ජේ ආර් සමඟ ගොස් ප්‍රකට හිමි­න­මක් හමු විය.

'ඔබ­තුමා ආවොත් ජනා­ධි­ප­ති­ව­ර­ණය පර­දි­නවා' උන්ව­හන්සේ කීය.

'මේ බලන්න ගාමිණී, හාමු­දු­රුවෝ කියන කතා. මීට අවු­රුදු 4ට කලින් සීයට පනස් දෙක පන්නලා දිනපු මම අවු­රුදු 4ට පස්සේ පර­දි­න­වලු'

කියා ජේආර් ගාමි­ණීට කීය. ගාමිණී නිහඬ ව සිටි­යේය.

'රැල්ල කොහෙ­ටද?'කියා හොයන්න ජේ.ආර්ට නියම අව­ස්ථා­වක් උදා වුණේ ඔය අතර ය.

ඒ රත්න­පුර අතුරු මැති­ව­ර­ණ­යයි. මැති­ව­ර­ණය පැවැ­ත්වූයේ 1988 ජූලි මස 14 වැනි දින ය. රට ම බලා­ගෙන සිටියේ වෙන්නේ මොන­වද කියලා ය.

'මේක පැර­දු­ණොත් රැල්ල හර­වන එක සක්ක­ර­ය­ට­වත් කරන්න බෑ'

ඡන්දේ කට උඩ තියා­ගෙන ආණ්ඩුවේ ඇම­ති­වරු කීය. ජනා­ධි­ප­ති­ව­ර­ණය පේන මානෙක තියා­ගෙන මේ අතුරු මැති­ව­ර­ණය පැර­දු­ණොත් සියල්ල ඉවර බව ආණ්ඩු­වම දැන­ගෙන සිටි­යේය. 88 නොවැ­ම්බර් හෝ දෙසැ­ම්බර් ජනා­ධි­ප­ති­ව­ර­ණය එන බවත් හා හූව හැම­තැ­නම විය. එදා ශ්‍රීල­නි­ප­යට නැති­වෙන්න දෙයක් තිබ්බේ නැත.හැබැයි ආණ්ඩු­වට රැක­ගන්න දේ තිබුණේ ය.

'අතුරු මැති­ව­ර­ණය දින­න්නම ඕන'

ජේආර්ගේ අභි­යෝ­ගය ඒක ය. ඒ නිසාම ඔහු සියලු බලය අතුරු මැති­ව­ර­ණ­යට යෙදු­වේය. පක්ෂ දෙකේම ප්‍රබ­ලයෝ රත්න­පු­ර­යෙහි 'ලැගු­ම්ගෙන' මැති­ව­රණ සට­නට එක් විය. අනුර බණ්ඩා­ර­නා­යක පවා එහි නවා­තැ­න්ගෙන සිටි­යේය. නන්ද එල්ලා­ව­ල­ලාත්, පුංචි­නි­ල­මේ­ලාත් දෙපා­ර්ශ්වයේ වූහ. ආණ්ඩුවේ නියෝ­ගය 'දිනන' එක ය. ජේ ආර් කෙලින්ම රත්න­පු­රට බැස්සේය. රත්න­පු­රය දිනවා පෙන්වන බවට ඔහු සහ­තික විය.

අලු­යම වන­විට ප්‍රති­ඵල සූදා­නම් විය. නන්ද එල්ලා­වල ඡන්ද 31, 854 හා සුසන්ත පුංචි­නි­ලමේ 27, 069 ක්ද, අනික් අපේ­ක්ෂ­ක­යන් අට­දෙ­නෙකු ඡන්ද 748 ක්ද ලබා තිබුණි. ජැඩි ඡන්ද තුන්ද­හස් ගාණ­කින් ශ්‍රීල­නි­පය දිනු­වේය.

“සහෝ­ද­ර­ව­රුනි, අද දින අප පක්ෂය විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලැබුවා. මේ ජය­ග්‍ර­හ­ණය නව­තින්නේ ආණ්ඩුව ගෙදර යවලා ඒකේ පළමු මුර වෙඩිල්ල තමයි අද තිබ්බේ..”

අනුර බණ්ඩා­ර­නා­යක ප්‍රීති­යෙන් කීවේය.

'දැන් ඉතිං ආණ්ඩුව ගෙදර යවන එක ටොයිස් වැඩක්'

හැමෝම කීය.

මැතිනි ඇතුළු ශ්‍රීල­නි­පය 'අතුරු මැති­ව­රණ ජයෙන් උදම් වෙත්දී ජේ.ආර් අඩි­යක් පස්සට ගෙන පක්ෂය සහ ආණ්ඩුව ගැන හිතු­වේය.

'අපි අලුත් වෙමු. ප්‍රේම­දාස ඉස්ස­ර­හට ගමු'

රන්ජන් විජේ­රත්න එහෙම කීවේය. ඒ වෙන­කො­ටත් අග­මැති ප්‍රේම­දාස තන­තුර 'පිය­න්ක­මක්' බව කිය­මින් සිටි අතර ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­ටද සීරු­මා­රු­වට සූදා­න­මින් සිටි­යේය. පුර­වැසි පෙර­මු­ණ­ටද ඔහු පනක් දී තිබිණි. 88 නොවැ­ම්බර් 10 ජනා­ධි­ප­ති­ව­ර­ණය බවට ප්‍රකාශ විය.

ජේ ආර් එජාප සමු­ළුව කැඳෙ­වු­වේය. දශක කිහි­ප­යක් එජා­පය රැක­ගත් මිනිසා, එජාප ඉති­හා­සයේ බල­ග­තුම ජය­ග්‍ර­හ­ණය දිනා දුන් මිනිසා, එජා­පය වැඩි­යෙන්ම ශක්ති­මත් කළ මිනිසා,එජා­ප­යට ඉති­හා­සයේ ප්‍රථම වරට වෘත්තීය සමි­ති­යක් හැදූ මිනිසා, රටට විවෘත ආර්ථි­කය ගෙනා මිනිසා, රටම විප්ල­වීය සංව­ර්ධන වැඩ­බි­මක් කළ මිනිසා තීර­ණා­ත්මක සමු­ළුව කැඳෙ­වු­වේය.

‘මම රජෙ­ක්‌ ­නොවේ. මට රකින්න පෙළ­ප­ත­ක්‌ ­නැහැ. මට මුදල් හම්බ කරන්න අවශ්‍ය නැහැ. මට බූද­ල­ය­ක්‌ ­නැහැ. මේ රටේ මගේ බූද­ලය තමයි ගොවි ජන­තාව. වැව් හදලා, කුඹුරු ඉඩම් දීලා ඔවුන් සංව­ර්ධ­නය වී සිටින විට මේ රට ඉබේම සංව­ර්ධ­නය වෙනවා'

මහ­වැලි ව්‍යාපා­රයේ මාදු­රු­ඔය හදලා ඉවර වුණාට පසුව ජේ. ආර්. කීවේ එහෙ­මය.ඔහු සම්මේ­ල­න­යේදී එජාප නාය­ක­යෙක් මෙතෙක් කළ සංවේ­දීම කතාව කළේය.

ඒ තමන්ගේ පක්ෂයේ මීලඟ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා සහ පක්ෂ නාය­කයා ජන­තා­වට හඳුන්වා දෙන්නට ය. වේදි­කාවේ ගාමිණී දිසා­නා­යක, ලලිත් ඇතු­ළ­ත්මු­දලි වගේම තවත් විශේෂ අමු­ත්තෙක් සිටි­යේය .ඔහු රණ­සිංහ ප්‍රේම­දාස ය. දහස් ගානක ජන­තාව මැද ජේ ආර් අපූරු කතාව කළේය.

“ මේ එක්සත් ජාතික පක්ෂය තමයි අවු­රුදු ගණ­නා­වක් රට පාල­නය කළ පක්ෂය..රටට නිද­හස ගෙනාව පක්ෂය..මහ­ජන පක්ෂ­යක් හැටි­යට,දුප්පත්ම මහ­ජ­නයා වෙනු­වෙන් අත­දෙන රණ­සිංහ ප්‍රේම­දාස මහ­ත්ම­යාට නාය­ක­ත්වය පව­ර­නවා...අපි මහ­ජ­න­යාට හඳු­න්වලා දෙනවා...මෙන්න තමු­න්නා­න්සේ­ලාගේ මනු­ෂ්‍යෙ­යක්..එතුමා එන්නේ උන්නැ­හේගේ ප්‍රති­පත්ති උඩ, උන්නැ­හේගේ ක්‍රියාව උඩ..උන්නැ­හේගේ මහ­ජ­න­තා­වට තියෙන ආද­රය උඩ..මේ රට අවු­රුදු රාශි­යක් පාල­නය කරපු දේශ­පා­ලන පක්ෂයේ එකම නියෝ­ජි­තයා හැටි­යට යි.‘

දහස් ගානක් කඳුළු පුර­වා­ගෙන කන් බිහි­රි­ක­ර­වන අත්පො­ළ­සන් නාද­යක් සහ උද්දා­ම­යක් පළ කළහ.

එජා­පය අවදි විය. ප්‍රබෝ­ධ­යෙන් මුස­පත් විය. ආණ්ඩුවේ පතා­ක­යන් වූ ගාමිණී, ලලිත් දෙදෙ­නාම මැති­ව­රණ සටන කරට ගත් හ. ප්‍රේම­දාස යකඩ කටින් මිනිස්සු නැති රැළි ඇම­තූහ. ගෙව­ල්වල දොර­වල් වසා­ගෙන ජන­තාව ඒ කතා ඇසූහ. ඡන්දය දමන ප්‍රථම 12 දෙනා මරා­ද­මන බවට ජවිපෙ නියෝග කළේය.

අන්ති­මට ප්‍රේම­දාස රටේ දෙවෙනි විධා­යක ජනා­ධි­පති විය.

ඇල්පි­ටිය මැති­ව­ර­ණය දිනා එයින් ජනා­ධි­ප­ති­ව­ර­ණය දිනන බවට පුර­සා­රම් දොඩන අයට කියන්න තියෙන්නේ රත්න­පුර අතුරු මැති­ව­ර­ණය හිතේ තියා­ගන්න කියන එකය. ඒ වගේම හැම­දේ­ටම උදා­හ­රණ ගන්නා ඉන්දි­යාවේ සිදු­වී­ම­කුත් මේ මෙහොතේ මතක් කළ යුතුය.

2019 මැති­ව­ර­ණය ආසන්න වන­විට මෝඩි ගැන තිබුණේ අමුතු චිත්‍ර­යකි. 2014 ජය­ගත් මෝඩි ක්ෂණි­කව ජන­ප්‍රිය වූයේ නැත. ඔහු ගත් ජන­ප්‍රිය නොවන තීන්දු නිසා ඉන්දි­යා­නු­වන් බොහෝ පීඩා­වට පත්වූහ. වරක් ඔහු මුදල් නෝට්ටු තහ­න­මක් ගෙන ආවේය. මුළු ඉන්දි­යා­නු­වෝම ඔහුට දෙමා­පි­යන් සිහි­කර බැණ වැදුණු අතර 2015 පැවැති බිහාර් ප්‍රාන්ත මැති­ව­ර­ණයේ මෝඩි පරා­ජය විය. ආසන 243කින් සම­න්විත බිහාර් ප්‍රාන්ත සභාවේ බහු­තර බලය දිනා ගැනී­මට එහි විපක්ෂ සන්ධා­නය සමත් විය. ඔවුන් ආසන සංඛ්‍යාව 157ක් ගනිද්දී මෝඩිගේ භාර­තීය ජනතා පක්ෂය දිනා­ගත්තේ ආසන 77කි. හැබැයි ගිය මැති­ව­ර­ණ­යේදී මෝඩි වාර්තා තියා දිනුවේ පවුලේ පක්ෂය වූ කොංග්‍ර­සය හෝදා දම­මිනි.

මානාභරණ

Comments