ගමට විශ්වාසය ගෙනෙන ග්‍රාම ශක්තිය | සිළුමිණ

ගමට විශ්වාසය ගෙනෙන ග්‍රාම ශක්තිය

 

ශ්‍රී ලංකාවේ සමාජ - දේශ­පා­ලන ක්ෂේත්‍ර­වල නාය­ක­කා­ර­කා­දීන් එළැ­ඹෙන හත්වන විධා­යක ජනා­ධි­ප­ති­ව­රණ සටන සඳහා කඳ­වුරු බඳිද්දී මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා මෙරටේ දහස් ගණන් ගොවි ජන­තාව සවි­බල ගැන්වීම සඳහා දැවැන්ත සට­නක් ඇර­ඹී­මට පොළො­න්න­රුව වැලි­කන්ද ප්‍රදේ­ශ­යට ගියේය. ඒ වූ කලී ශ්‍රී ලංකාවේ මහා පරි­මාණ හරිත ආයෝ­ජන ව්‍යාපෘ­ති­යක සමා­ර­ම්භය සනි­ටු­හන් කළ නිමේ­ෂ­යකි. එම­ඟින් රටට ලැබෙන සෘජු විදේශ ආයෝ­ජ­නය ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 40කි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යා­ගේම සංක­ල්ප­යක් අනුව ආරම්භ කරන ලද ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රය සමඟ ඒකා­බද්ධ වී මේ දැවැන්ත ආයෝ­ජ­නය සිදු කරනු ලබන්නේ ස්ටාර්ච් ඉන්ඩ­ස්ට්‍රීස් පෞද්ග­ලික සමා­ගම විසිනි. ඒ සමා­ගමේ සභා­පති ඇන්ඩ්‍රි­යාස් වයික් මහ­තාට අවශ්‍ය වූයේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සුර­තින් ම ඒ ව්‍යාපෘ­ති­යට හා කර්මා­න්ත­ශා­ලා­වට මුල්ගල තබා ගැනී­මට ය. මේ යෝධ ව්‍යාපෘ­තියේ නිය­මු­වන් අයත් වන්නේ නෝර්වේ හා ස්වීඩන් යන රට­වල ව්‍යාපා­රික සමා­ග­ම්ව­ලට වීම ද විශේ­ෂ­ත්ව­යකි. ඒ කාර්ය සඳහා මහ­වැලි අධි­කා­රි­යට අයත් හෙක්ට­යාර් 500ක පමණ, භූමි­භා­ග­යක් වෙන් කර දීමට ද අපේක්ෂා කෙරේ.

 

වැලි­කන්ද සිංහ­පුර ප්‍රදේ­ශයේ ආරම්භ වන මේ මහා පරි­මාණ හරිත ආයෝ­ජන කෘෂි ආර්ථි­කය ඒ ප්‍රදේ­ශයේ සාමාන්‍ය ජන­තාව විසින් හඳු­න්වන ලද්දේ මඤ්ඤොක්කා පිට­රට පට­වන කර්මා­න්ත­යක් ලෙස ය. එසේම බිය­කින් හා සැක­ය­කින් තොරව මඤ්ඤොක්කා වගා කළ හැකි බවට ඔවුන් සිතෙහි විශ්වා­ස­යක් ද ගොඩ නැඟී තිබුණු බව අපට පැහැ­දිලි විය. සාමා­න්‍ය­යෙන් මේ රටේ කෘෂි නිෂ්පා­දන සඳහා නිශ්චිත අග­යක් නැත­හොත් මිලක් නැති බව ද රහ­සක් නොවේ.

 

අපේ මඤ්ඤොක්කාවලට අන්තර්ජාතික වෙළෙඳපොළක්

 

මේ රටේ සමස්ත ආර්ථික සංව­ර්ධ­නය ම විදේශ ආයෝ­ජන මත සිදු කළ යුතු යැයි කල්පනා කරන දේශ­පා­ල­න­ඥ­යන් මෙන්ම ආර්ථික විශේ­ෂ­ඥයෝ ද සුල­බව සිටිති. වේදිකා ඔස්සේත්, වෙනත් සංවාද මණ්ඩ­ප­ව­ලත් එබඳු අලං­කාර කතා­වල ද අඩු­වක් නැත. එහෙත් ඒවා බොහෝ විට වච­න­ව­ලින් ඔබ්බට නොගිය බව ද රහ­සක් නොවේ. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ ආර්ථික න්‍යාය ගැන අලං­කාර බස් දොඩ­න්නකු නොව මේ මහ­පො­ළොවේ පැළ කළ හැකි ග්‍රාමීය ආර්ථි­කය කෙරෙහි වැඩි විශ්වා­ස­යක් තබා සිටින නාය­ක­යෙකි. මේ අභි­නව ව්‍යාපෘ­ති­යෙන් ගොවීන් විසි­ද­හ­ස­කට නො අඩු සංඛ්‍යා­ව­කට ආර­ම්භ­යේ­දීම සෙත සැල­සෙනු ඇත. සැබැ­වින් ම අපේ මඤ්ඤො­ක්කා­ව­ලට මෙබඳු වටි­නා­ක­මක් ඉති­හා­සයේ කිසි­දි­නක ලැබී නොමැති බව ද අපි දනිමු. හාපුරා කියා ආරම්භ වන මේ හරිත ආයෝ­ජ­නය මෙරටේ කෘෂි ආර්ථි­කයේ විස්මිත ආර­ම්භ­යක් වනු නිසැ­කය.

මඤ්ඤොක්කා නියම විද්‍යා­නු­කූල ක්‍රම­ය­කට වගා කිරී­ම­ටත්, ඒ අස්වනු ඵල­දායී නිෂ්පා­දන ක්‍රියා­දාම සඳහා යොදා ගැනී­ම­ටත් මේ ව්‍යාපෘ­තිය ඉව­හල් වනු ඇත. අති­ශය නවීන යන්ත්‍ර සූත්‍ර සහිත නිෂ්පා­ද­නා­ගා­ර­යක් ඉදි­කර ගොවීන් විසින් නිප­ද­වනු ලබන අස්වනු සියල්ල ම මිලට ගැනීම මේ ව්‍යාපෘ­තියේ අර­මුණ වී තිබේ. රට පුරා විසිරී සිටින ගොවීන්ට තම ශ්‍රමය සඳහා ඉහළ මිලක් ප්‍රථම වරට ලබා ගැනී­මට මේ ව්‍යාපෘ­තිය නිසා හැකි වනු ඇත.

මඤ්ඤොක්කා නිෂ්පා­දන ව්‍යාපෘ­තිය සඳහා තෝරා ගත් වැලි­කන්ද ප්‍රදේ­ශයේ පස නැත­හොත් පොළොව ඒ සඳහා අති­ශ­යින් ම සුදුසු බව ද තහ­වුරු වී තිබේ. මොන අතින් බැලු­වත් මේ ව්‍යාපෘ­තිය වැලි­කන්ද ප්‍රදේ­ශයේ ජන­තා­වට පම­ණක් නොව රජ­රට ගොවි ජන­ජී­වි­ත­යට ම අලුත් බලා­පො­රොත්තු රැසක් එක් කරන බව නම් සුපැ­හැ­දිලි ය.

පසු­ගි­යදා මේ ප්‍රදේ­ශයේ සංචා­ර­යක නිරත වූ අපට ඒ බලා­පො­රොත්තු සහ­ගත ගොවීන්ගේ මුහුණු දැක­ගත හැකි විය. සොබා­ද­හම තමන්ට දායාද කළ මේ සරු භූමිය සමඟ තම ඉර­ණම බැඳී පව­තින බව ඔව්හු අප සමඟ කීහ. සැබැ­වින් ම මේ රටට නිද­හස ලැබී ගෙවී ගිය දසක හත­කට වැඩි කාල­යක් මුළුල්ලේ ම අපේ ආර්ථි­කය සවි­බ­ල­ගැ­න්වීම සඳහා නිසි සැල­සුම් නොවීම මොන­ත­රම් අඩු­වක්ද? ආර්ථික සංව­ර්ධ­නය ගැන ඇසෙන උදාන වැකි හා වාර්තා­ව­ලට එක්ව තිබෙන සංඛ්‍යා­ලේ­ඛන මොන­ත­රම් ව්‍යාජ­දැයි අමු­තු­වෙන් කිව­යුතු නැත. ඒ බොහෝ දෙනෙක් සංව­ර්ධ­නය යනු­වෙන් කල්පනා කරන්නේ අහස සිඹින ගොඩ­නැ­ගිලි, අධි­වේගී මාර්ග, තාක්ෂ­ණය හා විද්‍යා­ත්මක ක්‍රම­වේද නිසි දැක්මක් නොමැ­තිව පරි­හ­ර­ණ­යට ගැනීම ආදි­යයි. මානව ශිෂ්ටා­චා­රයේ ගමන් මඟ හා රටක ජාතික අව­ශ්‍යතා දෙස විදු­හු­රුව විමසා අවශ්‍ය සංව­ර්ධ­න­යක් සඳහා යොමු­වීම ඒ බොහෝ දෙනෙ­කුගේ අභි­ප්‍රාය ද නොවේ. දේශ­පා­ල­නික ව කුණු වී ගිය ඇතැම් නාය­ක­යන්ට කිසි දිනක මේ මහ­පො­ළොව හා අපේ ජාතික ආර්ථි­කය ගැන වැට­හී­මක් ද නැත. දේශී­ය­ත්වය, ජාති­ක­ත්වය යන්න පවා ඔවුන් බොහෝ දෙන­කුට දේශ­පා­ලන මෙව­ලම් පමණි. අධි­රාජ්‍ය විරෝ­ධය බලය සඳහා භාවිත කරනු ලබන අවි­යකි.

 

ගාන්ධි දර්ශ­න­යෙන් ලද ආභා­සය

 

ඉන්දි­යාවේ මහත්මා ගාන්ධි­තු­මාගේ සමාජ දේශ­පා­ලන ආර්ථික හා සංස්කෘ­තික දැක්ම පද­නම් වූයේ ඉන්දි­යානු ජනතා ආධ්‍යා­ත්මය මත ය. ජන­තා­වගේ දුක්ගැ­න­විලි මනාව හඳු­නා­ගත් ගාන්ධිගේ අර­ගල ඉති­හා­ස­යට එදා භාර­තයේ සියලු ජන කොටස් එක්වූයේ එතු­මන් තුළ වූ උදාර පිළි­වෙත් නිසා ය. එහි පද­නම දේශී­ය­ත්ව­යයි. ඉන්දි­යා­නු­වන් ඉන්දීය නිෂ්පා­ද­නය අගය කළ යුතුය යන පුළුල් දැක්ම ගාන්ධිගේ දැඩි පිළි­වෙත් තුළ ගැබ් විය. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ද ඒ ගාන්ධි දර්ශ­න­යෙන් ආභා­සය ලද දේශ­පා­ලන දර්ශ­න­යක් රටට හඳුන්වා දෙයි. රෝග පීඩා­වට ගොදුරු වූ ජනයා ඉන් මුදා ගැනීම, ජල හිඟ­යට විස­ඳුම් ලබා­දීම ජාතික සම­ගිය, මත් විරෝ­ධය මහත්මා ගාන්ධි­තු­මන්ගේ පිළි­වෙත් අතර කැපී පෙනුණි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සමාජ දේශ­පා­ලන දැක්ම තුළ ද එබඳු සාධ­නීය ලක්ෂණ ගැබ්ව තිබේ. රජ­රට ජන­තා­වගේ වකු­ගඩු රෝග­යට ඔසු සෙවීම මෛත්‍රී ජන­ප­තිගේ දේශ­පා­ලන සැලැස්මේ ප්‍රබල අංග­යක් විය. මහ­වැ­ලිය සමඟ සනා­තන ව බැඳුණු රජ­රට ජන ජීවි­ත­යට මහ­වැ­ලියේ ප්‍රති­ලාභ ලබා­දී­මට ඔහු දැඩි ව කැප­විය. මොර­ග­හ­කන්ද කළු­ගඟ ජලාශ යෝජනා ක්‍රමය ඒ වාරි සිහි­නයේ අග්‍ර­ඵ­ල­යක් ලෙස ජාති­යට හිමිවී තිබේ.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රය මෙන්ම දුගී බව තුරන් කිරීමේ සියලු ධනා­ත්මක සැල­සුම් ගමත්, ගැමි ජීවි­තය පිළි­බඳ සැබෑ වැට­හී­මත් තුළින් නිර්මා­ණය වූ දේවල් ය. කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ දේශ­පා­ල­නය කාර්මික නවෝ­ද­යක් හා මහා­ප­රි­මා­ණයේ කම්හල් ගැන විවිධ අද­හස් පළ කරද්දී මෛත්‍රී සිතුවේ ග්‍රාමීය ආර්ථි­කය නැංවීම ගැන ය. ඔහුගේ ජන­තා­වාදී අද­හස් හා දේශ­පා­ලන දැක්ම කොත­රම් ප්‍රායෝ­ගි­ක­දැයි සිතෙන්නේ ඒ වර්ගයේ නිසරු කත­න්දර කාර­යන්ගේ ආර්ථික විහිලු ඇසෙන විට ය. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා අද කැපවී සිටින්නේ ඒ සිහින ආර්ථික මැවීම් වෙනු­වට මහ­පො­ළො­වට ගැළ­පෙන සාධ­නීය ග්‍රාමීය ආර්ථි­ක­යට නවී­න­ත්ව­යක් ලබා­දී­මට බව පෙනේ.

 

රජ­රට ජන­ජී­වි­තය ප්‍රබෝ­ධ­වත් කිරී­මට

 

පොළො­න්න­රුව යනු 11වන සිය­වස සමග ඇර­ඹෙන අලුත් යුග­යක සාඩ­ම්බර භූමි­යයි. අනු­රා­ධ­පු­රය අපේ පූජා බිම ලෙස ගෞර­ව­යට පාත්‍ර වෙද්දී පොළො­න්න­රුව ඓති­හා­සික සංස්කෘ­තික භූමි­යක් ලෙස සංචා­රක ආක­ර්ෂ­ණ­යට පාත්‍ර විය. විජ­ය­බාහු, පරා­ක්‍ර­ම­බාහු වැනි වීර­ය­න්ගෙන් පිබි­දුණු පොළො­න්න­රුව අද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දැක්ම හා සැල­සුම් ඔස්සේ ඉදි­රි­යට යන නව පුර­ව­ර­යක් ලෙස නැඟී සිටියි. කිසි­ව­කින් කම්පා නොවූ පරා­ක්‍ර­ම­බාහු නිරි­ඳුන් සේ මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ද දේශ­පා­ලන කුණා­ටු­ව­ලින් නොසෙල්වී තම ආද­ර­ණීය පුර­ව­රය වන පොළො­න්න­රු­වට සංව­ර්ධ­නය රැගෙන ඒමට කැපවී සිටියි. පොළො­න්න­රුවේ සංචා­රය කරන කව­ර­කුගේ වුව ද නෙත ගැටෙන ඓති­හා­සික උරු­ම­යන්ට අති­රේ­කව මනාව නිමවූ අභි­නව නග­ර­යක් අද ඉදිවී තිබේ. මංමා­වත්, ගොඩ­නැ­ගිලි සංකීර්ණ, නවීන පහ­සු­ක­ම්ව­ලින් සපිරි රෝහල් පම­ණක් නොව තාක්ෂණ හා අධ්‍යා­පන ආය­තන, පාසල් වලින් ද අද පොළො­න්න­රුව සම­න්විත ව තිබේ. එයට සම­ගා­මීව කෘෂි­කා­ර්මික හා වාරි­මාර්ග අංශ­වල අභි­ව­ර්ධ­න­යක් සහිත පුල­ති­සි­පු­ර­යක් නිර්මා­ණය කිරීම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අභි­ලා­ෂය වී තිබේ. පරා­ක්‍රම සමු­ද්‍රය, මින්නේ­රිය, ගිරි­තලේ හා කවු­ඩුල්ල වැනි ජලාශ උප­රිම අයු­රින් රජ­රට ජන­ජී­වි­තය ප්‍රබෝ­ධ­මත් කිරී­මට යොදා ගත් එදා රජ­ද­රු­වන් ගිය මඟ යන නූතන රාජ්‍ය නාය­කයා වන්නේ ද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ය.

 

සමාජ, ආර්ථික ගැටලු හඳු­නා­ග­නි­මින්

 

මෛත්‍රී ජන­ප­ති­ඳුන්ගේ සුර­තින් මුල්ගල තැබුණු වැලි­කන්ද සිංහ­පුර හරිත ව්‍යාපෘ­තිය සඳහා තෝරා ගත් භූමි ප්‍රදේ­ශය රතු දුඹුරු හා දියර පස්ව­ලින් සම­න්විත සරු පොළො­වකි. එය මඤ්ඤොක්කා වැනි වගා­ව­කට අති­ශය යෝග්‍ය පස­කින් සම­න්විත බව ඒ පිළි­බ­ඳව කරන ලද මූලික විම­ර්ශ­න­ව­ල­දීත් අනා­ව­ර­ණය වී තිබේ. දේශ­ගු­ණය අතින් ද වියළි කලා­පීය දේශ­ගු­ණික ලක්ෂණ මෙහි දැක­ගත හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ අනෙක් වියළි ප්‍රදේ­ශ­ව­ලට වඩා සුවි­ශේෂ ලක්ෂණ පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­යට හිමි වී තිබේ. උතුරු මැද පළා­තට අයත් මෙම සාර­භූ­මිය පරි­පා­ලන දිස්ත්‍රික්ක පහ­කට මායිම්ව පිහිටා තිබේ. එසේම එය ශ්‍රී ලංකාවේ පස්වන විශා­ල­තම දිස්ත්‍රි­ක්කය ද වේ. භූ විද්‍යා­ත්මක ව පර්යේ­ෂ­ණ­ව­ලට අනුව පොළො­න්න­රුව උස්බිම් ප්‍රදේ­ශ­යකි. එහි බහු­ලව තිබෙන රතු දුඹුරු පස හා අඩු හියු­මස් සහිත මැටි පස කෘෂි­ක­ර්මා­න්තය සඳහා අති­ශය යෝග්‍ය වේ. පොළො­න්න­රුවේ අනෙක් සම්පත වියළි බව මුසු වූ සදා­හ­රිත වනා­න්තර පෙළ ය. මේවා ගංගා­ශ්‍රිත පරි­ස­ර­යෙන් පෝෂ­ණය ලබයි. පරි­සර සංවේදී කලාප ගණ­නා­වක්ම මෙහි පිහිටා තිබේ. ඒ ගංගා­ශ්‍රිත පරි­සර ගව, මී, වල් ඌරු, අලි වැනි සතුන්ට මෙන්ම විවිධ පක්ෂීන්ට ද යෝග්‍ය වූවකි.

මහා­ප­රා­ක්‍ර­ම­බාහු රජ දවස මේ ප්‍රදේ­ශයේ ඉම­හත් සංව­ර්ධ­න­යක් සිදු වූ බව ඉති­හා­සය සඳ­හන් කරයි. එහිලා, මූලික වූයේද කෘෂි­ක­ර්මා­න්ත­යයි. ග්‍රාමීය සමාජ රටා­ව­කින් යුතු මෙම ප්‍රදේ­ශ­යට ඒ අතීත සංව­ර්ධ­නය යළි කැඳ­වීම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට අව­ශ්‍යව ඇත. පොළො­න්න­රුවේ ශ්‍රම බළ­කා­යෙන් උප­රිම ඵල නෙළා ගත හැක්කේ ද එයට උචිත කෘෂි ව්‍යාපෘ­තී­න්ගෙනි. පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­යට අදාළ සමාජ, ආර්ථික ගැටලු හඳු­නා­ග­නි­මින් ඒ ප්‍රදේ­ශ­වල ජීව­ත්වන ජන­තා­වට උසස් ජීවන තත්ත්ව­යක් ලබා­දීම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දැක්ම වී තිබේ. පුබු­දමු පොළො­න්න­රුව ව්‍යාපෘ­තිය මේ ප්‍රදේ­ශ­යට දැවැන්ත සංව­ර්ධන ප්‍රග­ති­යක් අත්ප­ත්කර දී තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු මහා පරි­මාණ හරිත ආයෝ­ජ­න­යත් සමඟ ඇති­වන සමාජ ආර්ථික ප්‍රති­ලාභ පොළො­න්න­රුව ජන ජීවිත ඉම­හත් පෙර­ළි­ය­කට ලක් කරනු ඇතැයි ද නිසැ­කව ම සඳ­හන් කළ හැකි ය. ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රය හා ස්ටාර්ච් ඉන්ඩ­ස්ට්‍රීස් සමා­ගම් එක්ව ඒ අලුත් බලා­පො­රොත්තු වැලි­කන්ද ගොවි­යන්ට පම­ණක් නොව පොළො­න්න­රුව ඇතුළු උතුරු මැද ප්‍රදේ­ශ­යට ම ලබා දී තිබේ. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මේ මොහොතේ ශ්‍රී ලාංකික දේශ­පා­ලන සංග්‍රාම භූමි­යෙන් තාව­කා­ලි­කව විතැන්ව නිර්පා­ක්ෂික ප්‍රති­ප­දා­වක නිම­ග්නව ඔවුන් විසින් දියත් කරන ලද ග්‍රාමීය සංව­ර්ධන ව්‍යාපෘති පිළි­බඳ පසු­වි­ප­ර­මක ද නිර­තව සිටියි.

Comments