16 වැනිදා ඔබේ යුතු­කම ඉටු කරන්න පසුව මගේ යුතු­කම ඉටු කරන බවට සහ­තික වෙනවා | සිළුමිණ

16 වැනිදා ඔබේ යුතු­කම ඉටු කරන්න පසුව මගේ යුතු­කම ඉටු කරන බවට සහ­තික වෙනවා

ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂය ඓති­හා­සික තීන්දු­වක් අර­ගෙන අපේ ජය­ග්‍ර­හ­ණය විජ­ය­ග්‍ර­හ­ණ­යක් බවට පත් කිරී­මට අද එකතු වී සිටි­නවා. එදා මූලි­කව ආරම්භ කළ ශ්‍රීල­නි­පය රාජ­ප­ක්‍ෂ­ව­රුන්ට කව­දා­වත් විරුද්ධ වුණේ නැහැ. ඩී. ඒ. රාජ­ජ­පක්‍ෂ සහ බණ්ඩා­ර­නා­යක මහ­ත්ව­රුන් විසින් ආරම්භ කළ ශ්‍රීල­නි­පය මගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් එකතු වීම පිළි­බ­ඳව ස්තුති වන්න වෙනවා. මෙතැ­නට රැස්ව සිටින ජන­තාව දෙස බැලී­මෙන් අපේ ජය­ග්‍ර­හ­ණය පැහැ­දි­ලියි.

ආණ්ඩු පක්‍ෂය කිය­නවා අපි ආවොත් මිලි­ටරි පාල­න­යක් ඇති වෙයි කියලා. අපි අභි­මා­න­වත් ලෙස මේ රට ත්‍රස්ත­වා­දී­න්ගෙන් බේරා­ගත්තා. රට සහ සියලු ජන­තාව නිද­හස ලබා­දුන් රණ­වි­රු­වන්ව දංගෙ­ඩි­යට ගෙනි­ය­න්නට හිරේ දාන්නට කට­යුතු කළ ආකා­රය ගැන ඔබ දන්නවා. මේ රට නිද­හස් කිරී­මට නාය­ක­ත්වය දුන්නෙත් මේ මිලි­ට­රි­කා­රයා තමයි. දැන් මේ රජය යටතේ නිද­හසේ පල්ලි­ය­ට­වත් යන්න බැහැ. ආග­මික කට­යුතු කර­න්න­වත් නිද­හ­සක් නැහැ. එදා මායිම් ගම්මාන කියා හඳු­න්වපු මේ ගම්මා­න­ව­ලට ත්‍රස්ත­වා­දීන් කළ අප­රාධ කවු­රුත් දන්නවා. එම නිසා බියෙන් ජීවත් වූ යුගය රණ­වි­රු­වන් සමඟ එකතු වෙලා අව­සන් කළේ මේ මිලි­ට­රි­කා­ර­යාම තමයි. 16 වැනිදා ඔබේ යුතු­කම ඉටු කරන්න. පසුව මගේ යුතු­කම ඉටු කරන බවට සහ­තික වෙනවා.

අනු­රා­ධ­පු­රය අතී­තයේ හැඳි­න්වූයේ වැව්බැඳි රාජ්‍යය ලෙසින්. ගමයි පන්ස­ලයි වැවයි සම්බන්ධ වූ කෘෂි­ක­ර්මා­න්ත­යක් එදා අපට තිබුණා. රටේ තුනෙන් දෙකක් ජීවත් වුණේ කෘෂි­ක­ර්මා­න්තය මතින්. නමුත් මේ ආණ්ඩුව කෘෂි­ක­ර්මා­න්ත­යට ලබා දුන්නේ කුඩ­ම්මාගේ සැල­කිලි. ගොවීන් වෙනු­වෙන් සේව­යක් කළේ මහින්ද රාජ­පක්‍ෂ රජය පම­ණයි. කෘෂි­ක­ර්මා­න්ත­යට රාජ්‍ය අනු­ග­හය ලැබුණා. මේ රජය පොහොර සහ­නා­ධා­රය කප්පාදු කළා. යළිත් දින 52 කාල­යේ දී ගොවීන්ට පොහොර සහ­නා­ධා­රය දුන්නා. අපි ඉදි­රි­යේ දී පොහොර නොමිලේ ලබා දෙනවා. අද වී තේ, රබර්, ගම්මි­රිස් ඇතුළු සෑම භෝග­යක්ම අඩු වෙලා. ක්‍ෂුද්‍ර මූල්‍ය ඇතුළු සිය­ලූම ණය කපා­හ­රි­නවා. අපිට අවශ්‍ය ගොවීන් නඟා­සි­ටු­වී­ම­ටයි. මේ රට සහ­ලින් ඇතුළු අනි­කුත් බෝග­ව­ලින් ස්වයං­පෝ­ෂිත කර­න්නට අව­ශ්‍යයි. කිසිම රට­කට බැහැ ආහාර සුර­ක්‍ෂි­ත­තා­ව­යක් නැතිව අනා­ග­තය දෙස බල­න්නට. මේ රට ස්වයං­පෝ­ෂිත කිරී­මට ආහාර සුර­ක්‍ෂි­ත­තාව උදෙසා කළ හැකි සෑම දෙයක්ම කර­නවා. රට සංව­ර්ධ­නය වීමේ දී සිය­ලූම ජන කොටස් සංව­ර්ධ­නය විය යුතුයි. දිළිඳු මට්ටමේ සිට සිය­ලූම දෙනාගේ ජීවන තත්ත්වය ඉහ­ළට ගත යුතුයි. නිය­ඟය, ගංව­තුර වැනි හේතූන් නිසා ගොවීන්ට ලැබිය යුතු වන්දි මුදල් මාස හයක් ඇතු­ළත ගෙවා නිම කර­නවා. වීව­ලට හොඳ සහ­තික මිලක් ලබා දෙනවා. අද ගොවි­යන්ට තිබෙන විශාල ගැට­ලූ­වක් තමයි අති­රික්ත නිෂ්පා­දන ගබඩා කිරී­මට ගබඩා පහ­සු­කම් නොමැ­ති­කම. මේ ගැට­ලූව විස­ඳී­මට අපි මැදි­හත් වෙනවා. ගබඩා පහ­සු­කම් ඇති කිරී­මට අපේ රජ­යක් යටතේ කට­යුතු කර­නවා. කෘෂි­ක­ර්මා­න්ත­යට නවීන තාක්‍ෂ­ණය යොදා ගන්නවා. ඒ සඳහා වැඩි විය­ද­මක් යන්නේ නැහැ. නිෂ්පා­දන ආරක්‍ෂා කර­ගැ­නී­මට නව තාක්‍ෂ­ණය යොදා ගත යුතුයි. තරුණ පර­පුර අතර කෘෂි­ක­ර්මා­න්තය කෙරෙහි ආක­ර්ෂ­ණය කර ගැනී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­නවා. පානීය ජල ගැට­ලූ­වට විස­ඳුම් දිය යුතුව තිබෙ­නවා. ස්වභා­වික ජල­මූ­ලාශ අප­විත්‍ර වීමෙන් ජල සම්පත විනාශ වෙලා. මේවාට විස­ඳුම් ලබා­දීම රජ­යක වග­කී­මක්. සෑම නිව­ස­ක­ටම පිරි­සිදු පානීය ජලය ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර­නවා.

අලි - මිනිස් ගැටු­මට රජ­යක් වශ­යෙන් සෘජු­වම මැදි­හත් විය යුතුයි කියා විශ්වාස කර­නවා. විද්‍යා­ත්ම­කම මේ ගැට­ලූව අධ්‍ය­ය­නය කර­නවා. අලි­න්ගෙන් සිදු­වන හානි­ව­ලට ඉතා කඩි­න­මින් වන්දි ලබා­දෙන රක්‍ෂණ ක්‍රම­යක් ක්‍රියා­ත්මක කර­නවා. කිසිම මිනිස් ජීවි­ත­යක් සුළු­කොට තකන්නේ නැහැ. ඔබේ ආර­ක්‍ෂාව අපේ වග­කී­මක්. වසර පහක් තිස්සේ කඩා­වැටී තිබූ රට ගොඩ­න­ඟ­න්නයි ඔබ අපෙන් ඉල්ලා සිටින්නේ.

සිර­ගත කර සිටින සිය­ලූම රණ­වි­රු­වන්ව නිද­හස් කර­නවා. කඩා­වැ­ටුණු ආර්ථි­කය ගොඩ­නැ­ඟීම අපේ අර­මු­ණයි. අපේ රජ­යක් යටතේ අධ්‍යා­ප­න­යට විශාල මුද­ලක් වැය කර­නවා. අපි මේ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණ­යට කර­නවා. බිය සැක නැති රටක් අත­මිට ඇති හෙටක් බිහි කර­නවා. වින­ය­ග­රුක සමා­ජ­යක් ගොඩ­න­ඟ­නවා. අපේ අනා­ගත පර­ම්ප­රා­වට ආඩ­ම්බර විය හැකි සමා­ජ­යක් ගොඩ­න­ඟන බවට පොරොන්දු වෙනවා. ඒ සෞභා­ග්‍ය­මත් රට ගොඩ­නැ­ඟී­මට සිය­ලූම දෙනාගේ සහාය අපේක්‍ෂා කර­නවා.

Comments