අපේ­ක්ෂක ආර­ක්ෂා­වට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙක් | සිළුමිණ

අපේ­ක්ෂක ආර­ක්ෂා­වට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙක්

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ­ක්ෂ­ක­යින්ගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට විශේෂ ආර­ක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති කේ.පී.එම්. ගුණ­රත්න මහතා පත්කර තිබේ. යම් අපේ­ක්ෂ­ක­යෙක් ආර­ක්ෂා­වක් ඉල්ලා සිටි­ය­හොත් එම අපේ­ක්ෂ­ක­යාට නිසි ආර­ක්ෂා­වක් ලැබෙන්නේ ආර­ක්ෂක තක්සේ­රු­ව­කින් පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක පොලිස් අධි­කාරී නීතීඥ රුවන් ගුණ­සේ­කර මහතා පව­සයි. මැති­ව­රණ සම­යේදී පැවැ­ත්වෙන රැස්වීම් හේතු­වෙන් සිදු­වන මාර්ග අව­හි­රතා සම්බ­න්ධ­යෙන් සොයා බැලී­ම­ටද නියෝජ්‍ය පොලි­ස්පති මර්වින් වික්‍ර­ම­සිංහ මහ­තාව පත්කර ඇතැ­යිද ඒ මහතා සද­හන් කළේය.

Comments