උඩ­ර­ටට නව දුම්රිය රැසක් | සිළුමිණ

උඩ­ර­ටට නව දුම්රිය රැසක්

 

ඩ­රට දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා වාර වැඩි කිරීමේ කට­යුතු මේ මස අගදී සිදු කරනු ලබන බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිළු­මි­ණට කීය. එහි ආර­ම්භක පිය­වර ලෙසින් කොළඹ කොටුව සහ බදුල්ල අතර අන්තර් නගර ශීඝ්‍ර­ගාමී දුම්රිය දින කිහි­ප­යක් ඇතු­ළත ආරම්භ කරනු ලබන බවත් එය කොළඹ කොටු­වෙන් පෙර­වරු 7.10ට පිට­ත්වන බවත් බදු­ල්ලෙන් පෙර­වරු 7.30ට පිටත් වන බවද සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා පැව­සීය.

චීන­යෙන් එස් 14 වර්ගයේ නවීන දුම්රි­ය­යන් 9ක් උඩ­රට ධාව­නය පිණිස ගෙන්වනු ලබන බවත් දැනට ගෙන්වා ඇති දුම්රිය කොළඹ හා බදුල්ල අතර යොද­වන බවත් ඉතිරි දුම්රිය පැමිණි විගස මහ­නු­වර හා කොළඹ කොටුව අතර දුම්රිය සංඛ්‍යාව වැඩි කරන ලබන බවද ඔහු කීවේය. විශේ­ෂ­යෙන්ම මහ­නු­ව­රින් පෙර­වරු 5.00ත් 6.30ත් අතර කාල­යේදී නග­රා­න්තර ශීඝ්‍ර­ගාමී දුම්රි­යක් හා ශීඝ්‍ර­ගාමී දුම්රි­යක් අලු­තින් ධාව­න­යට එක් කරන බවත් මාතලේ සිටද කොළඹ දක්වා නව ශීඝ්‍ර­ගාමී දුම්රි­යක් ධාව­න­යට එක් කරනු ලබන බවද ඒ මහතා කීවේය.

Comments