දරු­වන් දේශ­පා­ලන වැඩට ගත්තොත් වැඩ වරදී | Page 2 | සිළුමිණ

දරු­වන් දේශ­පා­ලන වැඩට ගත්තොත් වැඩ වරදී

නා­ධි­ප­ති­ව­ර­ණයේ දේශ­පා­ලන කට­යු­තු­ව­ලට දරුවන් යොදා ගැනීම මඟින් කායික හෝ මාන­සික හිංස­න­ය­කට ලක්වන බවත් එය ළමා අප­යෝ­ජ­න­යක් සේ සලකා කට­යුතු කිරී­මට සිදු වන බවත් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් අනෝමා සිරි­ව­ර්ධන මහ­ත්මිය පව­සයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත්කර ඇති මේ අව­ස්ථා­වේදී ළම­යින් විවිධ ක්‍රම ඔස්සේ දේශ­පා­ලන කට­යුතු සඳහා සහ­භාගී කර ගන්නා බවට මහ­ජ­න­තා­ව­ගෙන් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය වෙත තොර­තුරු ලැබී ඇති බවද ඇය පෙන්වා දෙයි. එවන් ළමා අප­යෝ­ජ­න­යන් සම්බ­න්ධව වාර්තා වුව­හොත් අදාළ නීති­මය කට­යුතු සිදු කරනු ලබන බවත් 1929 ඔස්සේ එවන් තොර­තුරු දැනුම් දෙන ලෙසද ඇය ඉල්ලා සිටින අතර දරු­වන් දේශ­පා­ලන කට­යුතු සඳහා ළම­යින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය සියලු දේශ­පා­ලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩා­යම් හා තැනැ­ත්ත­න්ගෙන් ඉල්ලා සිටී.

Comments