ලේක්හවුස් හිටපු සභා­පති ජී.බී. රාජ­පක්ෂ අභා­වය | සිළුමිණ

ලේක්හවුස් හිටපු සභා­පති ජී.බී. රාජ­පක්ෂ අභා­වය

ලේක්හ­වුස් ආය­ත­නයේ හිටපු සභා­ප­ති­ව­ර­යකු වූ ජී.බී. රාජ­පක්ෂ මහතා පසු­ගි­යදා අභා­ව­ප්‍රාප්ත විය. සභා­පති ධුරය දැරූ 1996 - 1997 කාලයේ ආය­ත­නයේ උන්න­තිය වෙනු­වෙන් කැප වී කට­යුතු කළ රාජ­පක්ෂ මහතා ඊට පෙර ස්වාධීන රූප­වා­හිනි සේවයේ සභා­පති ලෙස ද කට­යුතු කර තිබේ. පන්නි­පි­ටිය ධර්ම­පාල විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යෙකු වූ ඔහු පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­දා­රි­යෙකි. සර­සවි අධ්‍යා­ප­නය අව­සන් වීමෙන් අන­තු­රුව පරි­පා­ලන සේව­යට එක් වූ ඔහු 74 - 77 කාලයේ පුත්ත­ලම දිසා­පති වශ­යෙන් කට­යුතු කළේය. පීටර් කෙන­මන් මහතා නිවාස ඇමති ලෙස සිටි වක­වා­නුවේ නිවාස අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේකම් තන­තු­රට පත්වූ රාජ­පක්ෂ මහතා කලක් ඉංජි­නේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි වශ­යෙන් කට­යුතු කළේය. අමා­ත්‍යාංශ ලේකම් තන­තුර දක්වා පැමිණි ජී.බී. රාජ­පක්ෂ මහතා ස්වාධීන රූප­වා­හිනි සේවයේ සහ ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පති තන­තුරු හෙබ­වූයේ පරි­පා­ලන සේව­යෙන් විශ්‍රාම ලැබී­මෙන් පසු­වය.

1935 අප්‍රේල් 24 වැනි දින උපත ලැබූ රාජ­පක්ෂ මහතා මිය යන විට 84 වැනි වියේ පසු විය. රාජ­පක්ෂ මහ­තාගේ වැඩි­ම­හල් පුතු විරාජ් වෘත්ති­යෙන් වෛද්‍ය­ව­ර­යෙකි. කනිටු පුත් හර්ෂ ඉංජි­නේ­රු­ව­ර­යෙකි. ගුරු­ව­රි­යක ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා සිටින විනීතා රෝහිණි ජී.බී. රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රිය බිරිය වේ. පසු­ගිය 10 වැනිදා බ්‍රහ­ස්ප­තින්දා පස්ව­රුවේ නැදි­මාල පොදු සුසාන භූමි­යේදි ඒ මහ­තාගේ අව­සන් කට­යුතු සිදු කෙරිණි.

Comments