ශ්‍රීල­නිප සංවි­ධා­යක 70ක් වමේ පිරිසක් සජිත්ට | සිළුමිණ

ශ්‍රීල­නිප සංවි­ධා­යක 70ක් වමේ පිරිසක් සජිත්ට

ව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණෙන් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කරන සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සහා­යට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ආසන සංවි­ධා­ය­ක­ව­රුන් 70කට අධික පිරි­සක් සහ වාමාං­ශික පක්ෂ රැස­කින් සම­න්විත එක්සත් වාමාං­ශික පෙර­මුණේ බහු­ත­ර­යක් තම සහය ලබා දීමට තීර­ණය කර ඇති බව සිළු­මි­ණට වාර්තා වේ.

පොදු ජන පෙර­මුණ හා එක්වීම නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දිය වී යෑමේ අව­දා­න­ම­කට ලක්ව ඇති බැවින් සජිත් ප්‍රේම­දාස මහ­තාට සහාය පළ කිරී­මට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ආසන සංවි­ධා­ය­ක­ව­රුන් 70කට අධික පිරි­සක් ඇතුළු විශාල පිරි­සක් මේ වන විටත් තීර­ණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සුරැ­කීමේ සංවි­ධා­නය හර­හාය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ශ්‍රී ලංකා පොද ජන පෙර­මුණ සමඟ එක් වීමට සමස්ත සංවි­ධා­ක­යි­න්ගෙන් බහු­ත­රය මූලි­කව විරෝ­ධය දක්වා ඇති අතර මේ අනුව මෙම සංවිධායකයින් සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය පළ කිරී­මට මේ වනවිට එකඟ වී ඇත. මේ සම්බ­න්ධ­යෙන් පසු­ගි­යදා ඔවුන් සාකච්ඡා කොට ඇති අතර ඒ අනුව මෙම තීර­ණය ගෙන තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සුරැ­කීමේ සංවි­ධා­නයේ සභා­පති රාජික කොඩි­තු­වක්කු මහ­තා­ගෙන් අප කළ විම­සී­ම­කදී ඔහු පැව­සුවේ සිදු­ව­න්නට යන මිලි­ට­රි­ක­ර­ණය හා රට විනාශ වීම වළක්වා ගැනීම උදෙසා ශ්‍රි ලංකා නිද­හස් පක්ෂ සංවි­ධා­ය­ක­ව­රුන් සමඟ එක්ව සජිත් ප්‍රේම­දාස මහ­තාට සහාය පළ කිරී­මට අද­හස් කළ බවයි. එසේම ඒ වෙනු­වෙන් එක­ඟතා ගිවි­සු­මක්ද සජිත් ප්‍රේම­දාස මහතා සමඟ අත්සන් කිරී­මට කට­යුතු යෙදා ඇතැ­යිද ඔහු පැව­සීය. පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය ජය­ම්පති වික්‍ර­ම­රත්න මහතා මේ සම්බ­න්ධව අද­හස් දක්ව­මින් පැව­සුවේ බහු­තර සාමා­ජි­ක­ත්ව­යට ගරු කර­මින් සජිත් ප්‍රේම­දාස මහ­තාට සහාය දීමට තීර­ණය කළ බවයි.

එසේම ආචාර්ය එන්. එම්. පෙරේරා ඇතුළු වාමාං­ශි­ක­යන් රැස­කට දේශ­පා­ලන ගමන් මඟ විවර කර දුන් රත්න­පුර හා යටි­ය­න්තොට ආස­න­වල වාමාං­ශික ක්‍රියා­කා­රීන් ඇතුළු සාමා­ජි­ක­යින් රැසක් විසින් පක්ෂ නාය­ක­යන්ට දැඩි සේ බල­පෑම් එල්ල කර පවසා ඇත්තේ හංසයා ලකු­ණින් තරඟ කරන අපේ­ක්ෂ­කයා දින­වී­ටම කට­යුතු කළ යුතු බවද වාර්තා වේ. එම පෙර­මුණ අනුර කුමාර දිසා­නා­යක මහ­තාට සහාය ලබා­දී­මට තීර­ණය කර තිබු­ණද එම තීර­ණය වෙනස් කොට සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය ලබා­දිය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම වී තිබේ. ඒ අනුව මෙම පෙර­මු­ණට සම්බන්ධ නාය­ක­යින් රැස්ව මේ ඉල්ලීම පිළි­බ­ඳව තීර­ණ­ය­කට එළ­ඹී­මට නිය­මිත බව පක්ෂ ආරංචි මාර්ග සිළු­මි­ණට පැව­සීය. මේ පිළි­බ­ඳව අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය ජය­ම්පති වික්‍ර­ම­රත්න පැව­සුවේ පාක්ෂි­ක­යින් අතු­රින් මෙවැනි ඉල්ලී­මක් ලැබී ඇති බවයි. කෙසේ වුවද මේ සම්බ­න්ධ­යෙන් සම­ස­මාජ පක්ෂ සම්ප්‍ර­දා­යා­නු­කූ­ලව රැස්වී අදාළ තීර­ණය ගන්නා බව ඔහු සඳ­හන් කළේය.

Comments