හිටපු කතුවර බන්දුල ජය­සේ­කර හදිසි සැත්කමකට සහාය පතයි | සිළුමිණ

හිටපු කතුවර බන්දුල ජය­සේ­කර හදිසි සැත්කමකට සහාය පතයි

ඩේලි නිවුස් පුව­ත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ­ව­ර­යකු වන බන්දුල ජය­සේ­කර මහතා රුධි­ර­ගත පිළිකා රෝග­ය­කින් පෙළෙන බව හඳු­නා­ගෙන ඇත.

තම ජීවි­තය රැක­ගැ­නීම සඳහා සිංග­ප්පූ­රුවේ දී සිදු කිරී­මට නිය­මිත ප්‍රති­කා­ර­යන්ට ආධාර කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටී. ඔහු තම ‍රෝගී තත්ත්වය ගැන විස්තර කළේ මෙසේය.

“සිංග­ප්පූ­රු­වේදී ඇට­මි­දුළු බද්ධ කිරී­මක් සිදු කළ යුතු බව වෛද්‍ය­ව­රුන් ප්‍රකාශ කළා. එසේ නොක­ළ­හොත් වසර දෙක­කට වඩා ජීව­ත්වීමේ හැකි­යාව ඇත්තේ රෝගය වැල­ඳුණු සිය­යට 50 කට පම­ණක් බවත් ඔවුන් දන්වා සිටියා.”

සිංග­ප්පූ­රුවේ ජාතික විශ්ව­වි­ද්‍යාල පිළිකා ආය­ත­නය තක්සේරු කර ඇති ආකා­ර­යට ශල්‍ය කර්මය සඳහා සිංග­ප්පූරු ඩොලර් 220,000 ක් වැයවේ යැයි අපේක්ෂා කෙරේ. එය මෙරට මුද­ලින් රුපි­යල් මිලි­යන 30 ක් පම­ණවේ.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී බන්දුල ජය­සේ­කර මහ­තාට උප­කාර කිරීමේ අද­හ­සින් ‍ඔහුගේ මිතු­රන් තිදෙ­නෙක් තවත් අයගේ සහාය ඇතිව අර­මු­දල රැස්කි­රී­මට කොම­ර්ෂල් බැංකුවේ ගිණු­මක් ආරම්භ කර ඇත. එහි විස්තර මෙසේය.

කොම­ර්ෂල් බැංකුව, බත්ත­ර­මුල්ල, ශ්‍රී ලංකාව ගිණුම් අංකය 8005463011, බැංකු කේතය 7056 ශාඛා කේතය 029, ස්විෆ්ට් කේතය CCEYLKLX. විදේ­ශ­වල සිට මුදල් එවන අය කරු­ණා­කර ගිණුමේ නම ලෙස Bandula jayasekara ලෙස යොදන ලෙස බන්දුල ජය­සේ­කර මහතා ඉල්ලා සිටී.

Comments