ආදරය... ජීවිතය... විවාහය... | සිළුමිණ

ආදරය... ජීවිතය... විවාහය...

ඔබ උපන් මොහොතේදී අහස් ග්‍රහ සිතියමේ සනිටුහන් වී ඇති ලග්න දොළොස අතුරින් එක් ලග්නයක් ඔබට හිමි වේ‍. චරිත හැසිරීම් රටාව අනුව එකම ලග්නයක යහපත් ගුණාංග මෙන් ම දුර්වලකම් ද පිහිටා තිබේ‍. කවර චරිතයක හෝ කළු සුදු වශයෙන් වෙන් කිරීමට නොහැකි බවත් යහපත් මනුෂ්‍යයන් තුළ අයහපත් ගති මිශ්‍රව ඇති බවත් නරක යැයි පිළිගත් පුද්ගලයින් තුළ පවා ඉතාම යහපත් ඇති බව ඇත්තකි. ලග්න චරිතාංග ඒ ඒ ලග්නවලට ගැළපෙන ලග්න හිමියන් ප්‍රේමය සහ විවාහයට ගැළපීම් හා නොගැළපීම් සහිත අය විග්‍රහ කරන ජීවන තොරතුරු එකතුවක් හඳුන්වා දෙන ‍ලිපි පෙළකි, මේ.

හින්දු සමාජය තුළ පූජනීයත්වයට පත් සත්වයෙකු වන ගවයා මෙම ලග්න සංකේතය සඳහා යෙදී ඇත්තේ එම හේතුව මත නම් නොවේ.

තමා විසින් සකස්කරගත් රාමුවක් තුළ ඒ ආකාරයෙන් පිට නොපැන සැලසුම් සහගත දිවියක් ගෙවන වෘෂභ ලග්නකරුවා බොහෝ දේ සිතේ රදවා ගැනීමට උපන් රුසියෙකි. කරන ‍කියන දෙය එකවරම අන්‍යයන්ට නොපවසන තම සිතැගි පරිදි ක්‍රියා කරනු ඇත. විවිධ උපක්‍රම යොදමින් හේතු ඇතුවා හෝ නැතිව සගවා ලීමට යත්න දරයි.

යම් පාඩුවක් සිදු වුවහොත් එය එතරම් දුරට පිළිනොගනියි. අන්‍යයන්ට දොස් නොකියන තැනට සිය මනස හසුරුවා ගනී. තද හිතක් නොමැති නිසා ඉවසා දරා ගැනීමේ ආත්ම ශක්තිය ඉහළින්ම තිබේ. අන්‍යයන් සමඟ අමනාප නොවේ. වැරදි වචනයක් කටින් පිට වූයේ නම් එයට සමාව ගැනීමට තරම් සුහද හදක් ඇත. වෘෂභ ලග්න හිමියන් සමඟ කටයුතු කිරීමේදී විවෘතවීම අනිවාර්ය වේ. ඔහුව තේරුම් ගැනීමට එතරම් අපහසු නොවේ. ඇතැම් විට ඔහු ගන්නා තීරණ අන් අය නොසිතුවා විය හැක. ඉතාම සුළු දේවල් පවා සිතේ රඳවා ගනී. තමාට එරෙහිව එන අයෙකු මනා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර ඔහුගේ අදහස් වෙන අතකට පෙරළීමට සමත් වේ. තමාගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට කුමන අයුරකින් හෝ ක්‍රියා කරයි. තර්කානුකූලව සිතන පතන අයෙකි. මිල මුදල් සහ තමන්ගේ ලෞකිකමය දේවල් පරිහරණයේදී වඩාත් සුපරීක්ෂාකාරීවේ. ලෝභකම පිටින් ප්‍රදර්ශනය නොවුවත් සෑම සතයක්ම ගණන් බලයි. මුදල් ගනුදෙනුවලදී ඉතාමත්ම ප්‍ර‍වේසමින් කරන අතර තමාට අවාසි වන අන්දමට මුදල් වැය නොකරයි. ජීවිතයේ නියමුවා මුදල් යැයි ඔහුගේ එකම විශ්වාසය යි.

ඉතාම හදිසි කටයුත්තකදී වුවත් කලබලයක් නැත. තමාගේ පුරුද්ද මත හැසිරේ. අන්‍යයන් කෙරෙහි වංචනිකව ආදරය - කරුණාව - ළෙන්ගතුකම නොදක්වයි. සත්‍ය ගරුක වේ.

තමාට එරෙහි වන්නන් කෙරෙහි වෘෂභ ලග්නකරුවා වෛර නොකරයි. එහෙත් ඔවුන් ඉදිරියේ දෙවැනි වන්නේද නැත. උපක්‍රමශීලිව තැනට සුදුසු නුවණ යොදා ජයග්‍රහණය කරනු ඇත.

ඔහුගේම සිතුවිලිවලට එරෙහිව නිබඳ සටනක යෙදේ. හදවතත් බුද්ධියත් අතර ඇති මෙම සටන වෘෂභ ලග්න හිමියන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඇඳී පවතී. තමාට ජයග්‍රහණ කිරීමට කල්ගත වුවත් එය කිසිම අයුරකින් අත්නොහරී, සැමදාම සැමවිට තම උනන්දුව, උත්සාහය පරාජය හමුවේ නිවටයෙක් ලෙස පෙනී සිටීමට අකැමැතිය. දිවෙන් නොව මොළයෙන් කතා කරන්නෙකි. තම අත්දැකීම් උරගා බලයි. අවංකත්වයේ ඉහළම තලයේ සිටින අතර නොසැලී සිටින ඉන්ද්‍රඛීලයක් වැනිය. මොහුට මිතුරු මිතුරියන් අධිකයි. ඔහු සමඟ මිත්‍ර වුවහොත් කිසිදිනක අත්නොහරී.

ඉහළම තැනට පත්වන වෘෂභ ලග්න හිමියා අසාර්ථක වන්නේ කලාතුරකිනි. සෞන්දර්යවාදියෙකි. සොබාදහමට වඩාත් ප්‍රියවේ. ප්‍රශ්න අතරේ වුවද රස විඳීමේ හැකියා තිබේ. උසස් කලා රුචිකත්වයකින් හෙබි මොහු දක්ෂ කලාකරුවෙක් ද විය හැක. සියලුම ආගම් දර්ශනයක් ලෙස සලකා මනෝ ගවේෂණයක යෙදේ. බාහිර අ‍ාටෝපයෙන් තොරය. නායකත්වයට සුදුසු චරිතයකි. අන්‍යයන් කලබල, කලහකාරි, ප්‍රචණ්ඩත්වයට පැමිණි විට ඔහු ඇය නිහඬව මුනිවත රකී.

දර්ශනික කතා කලාවක් උපතින්ම පිහිටා තිබේ. විරුද්ධ පාර්ශ්වයේ සිත් ගැනීමට වෘෂභ ලග්නකරුවා සමත්ය. තම අදහස් බුද්ධි බව සිතා සතුටු වේ. සමහර විට දුබලකම් වන්නේ තමා සිතන දෙය එලෙසම සමාජ සන්දර්භය තුළ පැතිරීමට දරන යත්නය ගැනයි. අධික සැප පහසුවත් තරමක ලෝභකම නිසා පාඩු විඳින තැනකටද පත්වන බැව් පැහැදිලිය.

වෘෂභ ලග්නකරුවාට යෝග්‍ය මැණික් වර්ග නම් නිල් මැණික්, පච්ච මැණික් පද්මරාග. සුබ දින බදාදා, සිකුරාදා, හා ඉරිදා. ශුභ අංකය 06 සුබ වර්ණය - සුදු ක්‍රීම් - අයිවරි.

වෘෂභ ලග්නයට වෘෂභ ඉතා යහපත්ය. මිථුන අයහපත්ය. කටක යහපත් වේ. සිංහ මධ්‍යස්ථ වේ. කන්‍යා ඉතාම යහපත්ය. තුලා යහපත් එකතුවකි. වෘෂ්චික සුබදායකයි, අයපත් වේ, ධනු ලග්නකරුවා. මකර සුබ ගැළපීමකි. කුම්භ එතරම් ශුභ නැත. මීන සුබදායකයි. මෙම ලග්නකරුවන් හා ලග්න කාරියන් වෘෂභ ලග්නය හා එක්වීම හරහා ධනාත්මක පැතිකඩක් නිර්මාණය වේ.

පෙම් සබඳතා වර්ධනය වන අතර යුගදිවියේ ඇතුළත සෞන්දර්යාත්මක වන්නේය. වෘෂභ ලග්නාධිපති සිකුරුය. සිකුරු ලෞකිකමය මහා සම්පත් වර්ධනයේ අධිපතියා වේ. සෞන්දර්යවාදියෙකි.

වෘෂභ ලග්න හිමියා දැඩි අධිෂ්ඨානශීලිව තමා සිතන දේ හරියැයි සිතා ක්‍රියා කිරීම නිසා අන්‍යයන් එයට විරුද්ධ වුවත් තමා ගත් තීරණය වෙනස් කිරීමට අකැමතිය. ඔහුගේ සමහර වැරදි පෙන්වා දෙනවාට යටි සිතින් අකැමැතිය. වෘෂභ ලග්න හිමියා අවංක නිසා අනිත් අයද අවංක විය යුතුයැයි සිතා කටයුතු කරන්නට යෑමෙන් පොට වරද්දා ගනී. එය තරමක දුර්වලකමකි. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් දෙවැනි එළිසබැත් රැජිණ, හෙන්රි පොන්ඩා, ෂේක්ස්පියර්, ෂර්ලි ලෙනින්, කාල් මාක්ස්, වෘෂභ ලග්න හිමියන් ය. විශේෂයෙන්ම වෘෂභ ලග්නකරුවන් අතර අවංකත්වය මුල් බැසගෙන තිබෙන නිසා සමාජයීය හා දේශපාලනමය කටයුතුවලදී තරමක පාඩු විඳීමට සිදු වන්නේ කොන්දක් ඇති නිසාම ය.

Comments