උඩ­රට ගිවි­සුම කූඨ ලේඛනයක් ද? | සිළුමිණ

උඩ­රට ගිවි­සුම කූඨ ලේඛනයක් ද?

 

ජෝන් ඩොයි­ලිගේ දින පොතෙන් එන විස්තර අනුව 1815 මාර්තු 10 දා අත්සන් කිරීම සඳහා උඩ­රට ගිවි­සුමේ පිට­පත් දෙකක් ඉදි­රි­පත් කර ඇත. උඩ­රට ගිවි­සුමේ මුල් පිට­පත රාජ්‍ය ලේඛ­නා­ගා­රයේ අස්ථා­න­ග­තව තිබි­යදී හමු­වූයේ 1988 තරම් මෑත කාල­ය­කය. එතෙක් එහි අත්සන් පිළි­බ­ඳව වූ ගැටලු සාකච්ඡා කරන ලද්දේ ලේඛ­න­ග­තව පැවති දෙවන පිට­පත බලා බව පෙනේ. දෙවෙනි පිට­පතේ බ්‍රවු­න්රිග්, ඇහැ­ලේ­පොල හා මොල්ලි­ගො­ඩගේ අත්සන් ඇතු­ළත්ව ඇත්තේ අව­සන් පිටු­වට කලින් පිටුවේ වන අතර අව­සන් පිටුවේ අත්සන් පටන් ගන්නේ දෙවැනි අදි­කා­රම සහ සබ­ර­ග­මුවේ දිසාව වන පිළි­ම­ත­ල­ව්වේ­ගෙනි. මේ අනුව මෙම පිට­පත් දෙක පහ­සු­වෙන් හඳු­නා­ගත හැකිය.

 

උඩ­රට ගිවි­සුම ගැන සලකා බැලී­මේදී පළ­මු­වෙන් අව­ධා­ර­ණය යොමු­කළ යුත්තේ මෙය ඔවු­නො­වුන් අභි­මු­ඛයේ අත්සන් කරන ලද ගිවි­සු­මක් ද යන්නයි. 1840 දී බ්‍රිතාන්‍ය රජ­යත් නව­සී­ල­න්තයේ මැඕරි ජාති­ක­යි­නුත් අත්සන් කළ වයි­ටන්හි ගිවි­සුම ඔවු­නො­වුන් අභි­මු­ඛයේ අත්සන් කරන ලද්දකි. එහෙත් මේ ගිවි­සුමේ එබඳු තත්ත්ව­යක් නොපෙනේ.

ඩොයි­ලි‍ෙග් දින­පොත අනුව මාර්තු 10 හා 18 දින­වල උඩ­රට ප්‍රධා­නීන් වෙත වෙනම ගොස් ආණ්ඩු­කරු ඉදි­රියේ අත්සන් තබා තිබේ. මේ නිසා උඩ­රට ප්‍රධා­නීන් ඇහැ­ලේ­පො­ළගේ නාය­ක­ත්වය අනුව යමින් අනු­පි­ළි­වෙ­ළින් පෝලිමේ ගොස් ගිවි­සු­මට අත්සන් කළේ යයි පිළි­ගත නොහැ­කිය.

උඩ­රට ප්‍රධා­නීන්ගේ අත්සන් හඳුනා ගැනී­මට බ්‍රිතාන්‍ය සිවිල් සේවාවේ නිල­ධා­රි­යෙක් වශ­යෙන් රෙජි­ස්ට්‍රාර් ජන­රාල් තන­තුර දැරූ එච්.ඩබ්ලිව්. කොඩ්රි­න්ටන් මහතා උත්සා­හ­යක් ගත්තේය.

පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය, පුරාණ ලංකාවේ කාසි හා සංක්ෂිප්ත ලංකා ඉති­හා­සය යන ග්‍රන්ථ රචනා කර­මින් රාජ­කීය ලංකා ආසි­යා­තික සමිති කලා­ප­යන්ට ශාස්ත්‍රීය ලිපි සැපයූ විද්ව­තෙකු වූ මොහු විසින් පිළි­යෙල කළ ලිපි­ගො­නුව අංක­යක් නොද­රන ලේඛ­න­යක් හැටි­යට මහ­නු­වර ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේන්තු ශාඛා කාර්යා­ලයේ තැන්පත්ව තිබේ.

මේ ලිපි­ගො­නුව අනුව සබ­ර­ගමු සන්න­ස්වල වම්ප­සින් ඒකා­කා­රීව ඇති ඇහැ­ලේ­පො­ලගේ අත්සන නිවැ­ර­දිය. ඇහැ­ලේ­පො­ලගේ අත්ස­නට උඩින් රවු­මට නැවී ඇති අර්ධ කවය හා එය දෙපැත්තේ ඇති කෙටි හා දිගු කොකු­ව­ලින් සංකේ­ත­වත් වන්නේ සබ­ර­ගමු දිසා­වට අයත් නිල ලාංඡ­න­යයි. මෙම තන­තුර දැරූ වෙනත් ප්‍රධා­නීන්ගේ අත්සන වටා ද මෙම ලාංඡ­නය දක්නට ඇත.

උඩ­රට ගිවි­සු­මෙන් වසර තුන­කට පසු ඇති වූ 1818 කැරැ­ල්ලට සම්බ­න්ධ­වීම නිසා මෙම ගිවි­සු­මට අත්සන් කළ මොන­ර­විල කැප්පෙ­ටි­පොල ඇතුලු කිහිප දෙනෙක් මැරුම් කෑහ. සම­හරු රටින් පිටු­ව­හල් කරන ලදහ. සම­හරු සිර භාර­යට පත්ක­රන ලදහ. මේ කූඨ ලේඛ­නය සම්බන්ධ ඉතිරි වූ එකම සාක්ෂිය වූ ඇහැ­ලේ­පොල මහා නිලමේ සිර­ක­රු­වෙක් හැටි­යට මුරි­සි­යට පිටු­ව­හල් කරන ලදි. මේ නිසා මෙම ලේඛ­නයේ සැබෑ තත්ත්වය අනා­ව­ර­ණය වීම වැළකී ගියේය.

උඩට ගිවි­සුමේ මුල් පිට­පත ලන්ඩ­නයේ යටත් විජිත කාර්යා­ල­යට නොයවා ලංකාවේ භාවිත ලිපි­ගො­නු­ව­කට ගොනු කර තිබීම නිසා සොයා ගත නොහැ­කිව 1988 තරම් කාල­යක් සැඟවී තිබුණි. මේ නිසා මේ සම්බ­න්ධව කරන ලද විවේ­චන සැල­කිය හැක්කේ මුල් පිට­පත ළඟා තබා ගැනී­මෙන් තොරව කරන ලද විවේ­චන හැටි­යට ය. මෙම විවේ­ච­න­ව­ලට අදාළ ප්‍රධාන කරුණ වූයේ උඩ­රට ගිවි­සුමේ අඩංගු වග­න්තිය මිස අත්සන් නොවේ. සත්‍ය වශ­යෙන්ම කිව­තොත් මේ අත්සන් පිළි­බ­ඳව නිසි අව­ධා­න­යක් යෙදවී නැත.

රාජ්‍ය ලේඛ­න­වල සැක කට­යුතු අත්සන් පිළි­බ­ඳව වර්මා­නයේ නිසි බලය පැවරී ඇත්තේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ඇති සැක කට­යුතු ලේඛන අංශ­ය­ටය. උඩ­රට රාජ්‍යයේ භාවිතා වූ දැනට ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ තැන්පත්ව ඇති මෙම පැරැණි ලේඛන පරීක්ෂා කර බලා මේ පිළි­බ­ඳව නිග­ම­න­යක් දීම ඔවුන්ට අයත් කාර්ය­යකි.

උඩ­රට ගිවි­සුමේ අත්සන් ගැන සෙවී­මට දීර්ඝ කාල­යක් ගත වූයේ මෙම ගිවි­සුම අඩංගු ලිපි ලේඛන කොටුවේ මහ­ලේ­කම් කාර්යා­ලයේ තිබුණ නිසාය. මේවා 1948 දී ලංකාව නිද­හස ලබා ගැනී­මෙන් පසු ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රන ලදී.

මෙම ලිපි­ගොනු තුළ උඩ­රට ප්‍රධා­නීන්ගේ අත්සන් සහිත වෙනත් ලේඛන නොති­බුණි. සම­කා­ලීන වක­වා­නුවේ උඩ­රට ප්‍රධා­නීන් විසින් කරන ලද විවිධ ඉඩම් ප්‍රදා­න­යන්ට අදාළ සන්නස්, තුඩ­පත්, නඩු තීන්දු හා සීට්ටු ආදිය 1856 අංක 10 දරන ආඥා­ප­නත යටතේ දිස්ත්‍රික් ඉඩම් රෙජි­ස්ට්‍රාර් කාර්යා­ලය මඟින් ඉඩම් නිර­වුල් කිරීමේ දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රන ලදී. අව­සා­නයේ ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට පැව­රුනු මෙම ලේඛ­න­වල උඩ­රට ප්‍රධා­නීන්ගේ අත්සන් තිබුණි. මෙම ලේඛන දෙව­ර්ගය එකි­නෙක හමු­වූයේ ඉතා­මත් මෑත­කා­ල­යක වීම මෙම කාල පරා­ස­යට හේතු විය.

උඩ­රට ගිවි­සුමේ මුල් පිට­පත හමු­වන තෙක් එහි අත්සන් පිළි­බ­ඳව කතා බහ ඇති­වුණේ දෙවන පිට­පතේ ඇති ඇහැ­ලේ­පො­ලගේ අත්සන පිළි­බ­ඳව පම­ණකි. මෙහි ඇති ඔහුගේ අත්සනේ ඇල­පිල්ල නොමැති බවත්, ඔහු විසින් මුරි­සියේ සිට මෙහි එවන ලද ලිපි­ව­ලින් හා ඔහුගේ දේපළ සාංඝික කරන ලද පූජා පත්‍ර­වල මෙ ඇල­පිල්ල එලෙ­සම පිහිටා තිබෙන බවත් සඳ­හන් කර ඇත. මෙම අත්සන් ගැට­ලුව පිළි­බ­ඳව කරුණු දක්වන ආචාර්ය කොල්වින් ආර්. ද. සිල්වා මහතා මෙම වෙන­සට හේතු වී ඇත්තේ ඔහුගේ රජ­වීමේ බලා­පො­රො­ත්තුව සුන් වීම නිසා බවත් දක්වයි.

මේ පිළි­බ­ඳව සුප්‍ර­කට ඉති­හා­ස­ඥ­යෙකු හා විද්ව­තෙකු වූ පෝල්.ඊ. පීරිස් මහ­තා­ස්ව­කීය Sinhala and the Patriots නමැති ග්‍රන්ථ­යෙන් මෙසේ සඳ­හන් කරයි. “භාෂා දෙකෙන්ම පැහැ­දිලි පිට­පත් දෙක බැගින් පිළි­යෙල කිරී­මට සිදු වූ නිසා ලේඛ­න­යට අත්සන් තැබී­මට දින කිහි­ප­යක්ම ගත විය. සිංහල අත්සන් කරු­වන් වූයේ, අත­ර­තුර විරා­මයේ දී බ්‍රවු­න්රිග් ආණ්ඩු­කා­ර­ව­ර­යා­ගෙන් පත්වීම් ලැබූ මහ දිසා­ප­ති­ව­රුන් හතර දෙනෙ­කුත්, සුළු දිසා­ප­ති­වරු හය දෙනෙ­කුත් සහ මාර්තු 18 දින තම අත්සන ස්ථාපි­ත­කළ ඇහැ­ලේ­පොල දිසා­වත් යන අය වෙති.

යකඩ කූරක ආධා­ර­යෙන් තල්ප­තක ලිවී­මට පුරු­දුව සිටි මේ පිරි­සට පාත්ත­යෙ­කුගේ පිහා­ටු­වක් තීන්ත­වල ඔබා කොළ­යක ලිවීම නුහුරු අත්දැ­කී­මක් විය. මොන­ර­විල, ගල­ගම හා ගල­ගොඩ යන තිදෙනා සිංහල අක්ෂර යෙදූ අතර සෙසු අය සිංහල හා දෙමළ භාෂා­ව­නට සමා­න­කම් කියන පසු කාලීන සමයේ රාජ්‍ය තන්ත්‍රයේ විලා­සි­තා­වට පත් ‘ග්‍රන්ථෙ’ අකුරු භාවි­තා­ක­ළහ. මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන සූරීන්ට අනුව ‘ග්‍රන්ථෙ’ යනු භාෂා­වක් නොවේ. එක් අත­කින් සිංහල භාෂා­ව­ටත් තවත් අත­කින් දෙමළ භාෂා­ව­ටත් සමා­න­කම් ඇති අකුරු ලිවීමේ ක්‍රම­යකි.

උඩ­රට ගිවි­සුමේ ඇති ඇහැ­ලේ­පො­ලගේ අත්සනේ ‘ඇ’ යන්නේ ඇල­පිල්ල පම­ණක් අල්ලා­ගෙන කරනු ලබන විග්‍ර­හ­යට වඩා දේශීය ලේඛ­න­වල ඇති ඔහුගේ වෙනත් අත්සන් හා සසඳා බලා විග්‍රහ කිරීම ශාස්ත්‍රීය සම්ප්‍ර­දා­යට එක­ඟය. ඇහැ­ලේ­පොල සබ­ර­ගමු දිසාවේ හැටි­යට කට­යුතු කරද්දී නිකුත් කළ සන්නස් හා තුඩ­පත් සබ­ර­ගමු සන්නස් වෙළුමේ ඇත. ඇහැ­ලේ­පොල මුරිසි දිව­යිනේ සිර­ක­රු­වෙ­කුව සිටිය දී එවන ලද ලිපි­වල සඳ­හන් අත්සන හා සබ­ර­ගමු සන්නස් වෙළුමේ අත්සන් සම­රූපී ස්වභා­ව­යක් දරයි. මෙම අත්සන් වටා ඇති පොල්ගෙ­ඩි­යක හැඩය ගත් රවුම උඩ­රට ගිවි­සුමේ නැත. අක්ෂ­ර­වල ස්වරූ­පය ද වෙනස්ය. ඒ අනුව නිසැ­කව තීර­ණය කළ හැක්කේ උඩ­රට ගිවි­සුමේ ඇති ඇහැ­ලේ­පො­ලගේ අත්සන ව්‍යාජ එකක් බව ය.

එමෙන්ම උඩ­රට ගිවි­සුමේ අත්සන් කළ පළ­මු­වෙනි අදි­කා­රම සහ සත්කො­ර­ලයේ දිසාව වූ මොල්ලි­ගො­ඩගේ අත්සන හා සබ­ර­ග­මුවේ සන්නස් වෙළුමේ ඇති මොල්ලි­ගොඩ අදි­කා­ර­මගේ අත්සන එකි­නෙ­කට වෙනස්ය. පිළි­ම­ත­ලව්වේ දෙවෙනි අදි­කා­ර­මගේ ( සබ­ර­ග­මුව දිසාවේ) හෙවත් කපු­ව­ත්තේගේ අත්සන සබ­ර­ගමු සන්නස් වෙලුමේ ඇති අත්සන නොවේ. ලන්ඩන් රාජ්‍ය ලේඛන කාර්යා­ලයේ තිබෙන උඩ­රට ගිවි­සුමේ දෙවන පිට­පතේ ඇති පිළි­ම­ත­ලව්වේ හත­ර­කෝ­ර­ලයේ දිසා­වගේ අත්ස­නත්, උඩ­රට ගිවි­සුමේ මුල් පිට­පතේ ඇති ඔහුගේ අත්ස­නත් ඉඳු­රාම වෙනස්ය.

මොන­ර­විල කැප්පෙ­ටි­පොල දිසාව උඩ­රට ගිවි­සුමේ යොදා ඇත්තේ සබ­ර­ග­මුව සන්නස් වෙලුමේ හමු­වන ඔහුගේ අත්සන නොවේ. රත්වත්තේ මාතලේ දිසාව උඩ­රට ගිවි­සුමේ යෙදා ඇති අත්සන හා සබ­ර­ගමු සන්නස් වෙලුමේ හමු­වන ඔහුගේ අත්සන එකක් නොවේ. සබ­ර­ග­මුව සන්නස් වෙලුමේ හමු­වන නුවර කලා­වියේ ගල­ගොඩ දිසා­වගේ අත්ස­නත්, උඩ­රට ගිවි­සුමේ ඔහු තැබූ අත්ස­නත් එකි­නෙක වෙනස්ය. ගිවි­සුමේ අත්සන් කළ අනෙක් ප්‍රධා­නීන්ගේ අත්ස­න්වල නිර­ව­ද්‍ය­තා­වය ගැන සොයා බැලීම අනා­ගත ශාස්ත්‍රා­භි­ලා­ශීන්ගේ වග­කී­මකි.

Comments