දෙස් විදෙස් බුද්ධි අංශත් නොදත් ප්‍රහා­ර­යක් ගැන කිය­මින් රට විකල් කර­න්නට හැදූ අයි.එස් බොරුව | Page 2 | සිළුමිණ

දෙස් විදෙස් බුද්ධි අංශත් නොදත් ප්‍රහා­ර­යක් ගැන කිය­මින් රට විකල් කර­න්නට හැදූ අයි.එස් බොරුව

 

පාස්කු ඉරිදා ප්‍රහා­රයේ උණු­සුම පහව යමින් කතෝ­ලික ජන ජීවි­තය සාමාන්‍ය අතට පත් වෙමින් තිබි­යදී මැල්කම් රංජිත් කාදි­නල් හිමි­යන් විසින් මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා දැනු­වත් කරන්නේ දේව­ස්ථා­න­ය­කට නැවත වරක් ප්‍රහා­ර­යක් එල්ල වීමේ අව­දා­න­මක් ඇතැයි කියාය. කාදි­න­ල්ව­රයා එම ප්‍රහා­රය එල්ල වීමට ඉඩ ඇති දින වක­වානු පවා ලිය­මින් ජනා­ධි­ප­ති­ව­ර­යාව දැනු­වත් කරන්නේ විදේ­ශ­ය­කින් තමන් වහ­න්සේට ලද විශ්වා­ස­වන්ත තොර­තු­රක් බව සඳ­හන් කර­මිනි‍.

 

ඒ ගැන ජනා­ධි­ප­ති­ව­රයා පම­ණක් දැනු­වත් කර කාදි­න­ල්ව­රයා නිහ­ඬව සිටියේ නැත. නැවත දැනුම් දෙන තුරු කතෝ­ලික දේව­ස්ථා­න­වල පැවැ­ත්වෙන දේව මෙහෙය නතර කිරී­ම­ටත් කතෝ­ලික පාසල් වසා දැමී­ම­ටත් පිය­වර ගන්නේය. ඒ ප්‍රවේ­ශය කතෝ­ලික ජන­තාව අතර නැව­තත් පාස්කු ඉරිදා ප්‍රහා­රයේ මත­කය අලුත් කළේය. කාදි­නල් හිමි­යන් ඉකුත් 02 වැනි දා ඒ සම්බ­න්ධ­යෙන් විශේෂ ලිපි­යක් පවා දේව­ස්ථාන වෙත යොමු කර තිබිණි. කතෝ­ලික ජන­තා­වගේ බිය යළිත් වරක් තීව්‍ර වන්නේ කාදි­නල් හිමි­යන්ගේ එම ලිපි­යෙනි.

කාදි­නල් හිමි­යන්ට විදේ­ශ­ය­කින් ලැබුණේ යැයි කියන එම ත්‍රස්ත ප්‍රහා­රය ගැන ජනා‍ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් විම­සන තුරු මෙරට කිසිදු බුද්ධි අංශ­යක් පවා දැන සිටියේ නැත. ජනා­ධි­ප­ති­ව­රයා බුද්ධි අංශ­ව­ලින් ඒ ගැන විම­සන්නේ විශේෂ ආර­ක්ෂක මණ්ඩ­ල­යක් කැඳ­ව­මිනි. එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ බල­ධා­රීන් තහ­වුරු කරන්නේ කාදි­නල් හිමි­යන් සඳ­හන් කරන ආකා­රයේ ප්‍රහා­ර­යක් ගැන ඉඟි­ය­ක්වත් ලැබී නැති බවය. ඒ බව හමුදා බුද්ධි අංශ බල­ධා­රීන්ද තහ­වුරු කරන්නේ ඔවු­න්ටද එවන් තොර­තු­රක් ගැන කිසි­වක් දැන­ග­න්නට නැති බැවිනි.

එසේ වුවද කාදි­නල් හිමි­යන්ට ලද තොර­තුර කිසි­සේත්ම බැහැර කිරී­මට ආර­ක්ෂක මණ්ඩ­ලය තීර­ණය කළේ නැත. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා දැනුම් දෙන්නේ දේව­ස්ථා­න­වල ආර­ක්ෂාව තහ­වුරු කර­මින් එම තොර­තුර ගැන පුළුල් සොයා­බැ­ලී­මක් කරන ලෙසය. කාදි­නල් හිමි­යන් දේව­ස්ථා­න­ව­ලට අන­තුරු ඇඟ­වීමේ ලිපිය යොමු කරන්නේ එම විශේෂ ආර­ක්ෂක මණ්ඩල රැස්වී­මෙන් පසු­වය.

කාදි­නල් හිමි­යන්ට විදේ­ශ­ය­කින් ලදැයි කියනු ලබන එම තොර­තුරේ ඇත්ත නැත්ත අපේ රටේ කිසිදු බුද්ධි අංශ­යක් මෙතෙක් තහ­වුරු කර නැත. අඩුම තර­මින් එම තොර­තුර තහ­වුරු කර­ගැ­නී­මට තොර­තු­රු­කරු සම්බන්ධ කර­ගැ­නී­මට කාදි­නල් හිමි­යන්ගේ සහාය පවා බුද්ධි අංශ වෙත ලැබී නැත.

කොටුව පොලි­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සූරිය කුමා­රත් පාලන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක වීර­සිං­හත් එක්ව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සාගර ලිය­නගේ නමින් ත්‍රස්ත ප්‍රහා­ර­යක් ගැන කොළඹ තරු පන්තියේ හෝට­ල්ව­ලට අන­තුරු හැඟ­වීමේ ලිපි­යක් යොමු කරන්නේ එවැනි වාතා­ව­ර­ණ­යක් හමු­වේය. ඔක්තෝ­ම්බර් 02 දාත­මින් එම ලිපිය යොමු කරන්නේ කොළඹ කොටුවේ පිහිටි තරු පන්තියේ සංචා­රක හෝටල් 09ක ආර­ක්ෂක අංශ කළ­ම­නා­ක­රු­ව­න්ටය. එම ලිපි­යෙන් අව­ධා­ර­ණය කරන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත­යන් අප්‍රේල් 21 දා හෝටල් සහ ආග­මික ස්ථාන ඉලක්ක කර­මින් එල්ල කරන ලද ප්‍රහා­රය මෙන් දැවැන්ත ප්‍රහා­ර­යක් ඉදි­රි­යේදී හෝටල් සහ ආර්ථික මර්ම­ස්ථාන වෙත එල්ල වීමට නිය­මිත බව බුද්ධි අංශ සඳ­හන් කර ඇති බවකි.

මෙරට හෝ විදේ­ශීය බුද්ධි අංශ­යක් එවන් ප්‍රහා­ර­යක් ගැන ඒ වන විටත් කිසිදු තොර­තු­රක් හෙළි නොකර තිබි­යදී කොටුව පොලී­සිය එම ව්‍යාජ තොර­තු­රක් නිර්මා­ණය කර­මින් හෝටල් දැනු­වත් කරන්නේ දේශ­පා­ලන අර­මු­ණක් වෙනු­වෙන් රට ඇවි­ස්සී­ම­ට­දැයි සාධා­රණ සැක­යක් මතු වන්නේ එම ලිපිය සමාජ ජාල­වල සංස­ර­ණය වන්නට පට­න්ගැ­නී­මත් සම­ඟිනි. තමාගේ නමින් හෝට­ල්ව­ලට ලිපි­යක් යොමු වී ඇති බව පවා කොටුව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා දැන ගන්නේ සමා­ජ­ජාල ඔස්සේ සංස­ර­ණය වෙමින් තිබුණු එම ලිපිය නෙත ගැටී­මෙනි.

ප්‍රහා­ර­යක් ගැන පම­ණක් නොව, ප්‍රහා­ර­ක­යන් ගැන පවා පොලි­සිය සතුව තොර­තුරු ඇතැ­යිද එහි සඳ­හන්ය. එබැ­වින් එම ලිපි­යෙන් හෝටල් ආර­ක්ෂක අංශ­ව­ලින් ඉල්ලා ඇත්තේ හෝට­ල්වල නවා­තැන් ගැනී­මට පැමි­ණෙන දේශිය මෙන්ම විදේ­ශි­ක­යන්ගේ සියලු තොර­තුරු දෛනි­කව උදෑ­සන 9.00 වන විට කොටුව පොලී­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට ලබා­දෙන දෙසය.

කොටුව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ අස්ස­නින් සංචා­රක හෝට­ල්ව­ලට යොමු කරන ලද බුද්ධි අංශත් නොදන්නා ප්‍රහා­ර­යක් ගැන සඳ­හන් එම ලිපිය අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගේත් පාලන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගේත් වැඩක් බව හෙළි වන්නේ ඒ ගැන කෙරුණු මූලික විම­ර්ශ­න­ය­ක­දීය. පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ටත් හොරා එවන් ලිපි­යක් හෝට­ල්ව­ලට එම නිල­ධා­රීන් දෙදෙනා විසින් යොමු කිරීමේ සැබෑ හේතුව මෙතෙක් හෙළි වී නැතත් ඒ ගැන සොයා බැලීමේ වග­කීම වැඩ­බ­ලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා පව­රන්නේ පොලිස් විශේෂ විම­ර්ශන ඒක­ක­ටය.

ඒ සම­ඟම අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ සහ පාලන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගේත් වැඩ තහ­නම් කිරී­මට පොලිස් මූල­ස්ථා­නය පිය­වර ගන්නේය. ඒ ඔවුන් දෙදෙනා කර ඇත්තේ සචේ­ත­නි­ක­වම රට ව්‍යාකූල කර බිය­වැ­ද්දී­මක් වූ බැවිනි.

විශේෂ විම­ර්ශන ඒක­ක­යට පෙනී ගොස් ඇති ආකා­ර­යට අනුව එම ලිපි­යට වස්තු බීජය ලෙස ‍ඔවුන් යොදා­ගන්නේ කාදි­නල් හිමි­යන්ට ලැබී ඇති තොර­තු­රය. එහි කොතැ­න­ක­වත් හෝට­ල්ව­ලට එල්ල කරන ප්‍රහා­ර­යක් ගැන කියැ­වෙන්නේ නැත. එහෙත් අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාත් පාලන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාත් හෝට­ල්ව­ලට එල්ල කරන ප්‍රහා­ර­යක් ගැන එම ලිපියේ සඳ­හන් කළේ ඇයි දැයි තව­මත් රහ­සක් ලෙසින් පවතී. එහි සැබෑ තත්වය ඉදි­රි­යේදී හෙළි වනු ඇත.

Comments