පෑලි­ය­ගො­ඩදී අලුත් වන සිය­ව­සක් පැරැණි මැනිං වෙළෙ­ඳාම | සිළුමිණ

පෑලි­ය­ගො­ඩදී අලුත් වන සිය­ව­සක් පැරැණි මැනිං වෙළෙ­ඳාම

පිට­කො­ටුව මැනිං මාර්ක­ට්ටුවේ වගේම කොළඹ හරස් වීදි­වල වෙළෙ­ඳුන්ගේ කන් කර­ච්ච­ලය ඇත්ත­ටම කර­ච්ච­ල­යක් කියලා ඔබට මොහො­ත­ක­ට­වත් හිතෙන්න නැතිව ඇති. මොකද කවු­රුත් ලාබෙට බඩු­වක් මුට්ටු­වක් මිල දී ගන්නේ ඒ වෙළෙ­ඳු­න්ගෙන් නිසා. එවැනි අව­ශ්‍යතා සඳහා පිට­කො­ටුවේ වීදි ගානේ නිතර කර­ක්ග­හන අයට හිත සසළ වන පුව­තක් අසන්න ලැබෙයි. තවත් මාස කිහි­ප­ය­කින් මැනිං මාර්ක­ට්ටුව පෑලි­ය­ගොඩ ප්‍රති­ෂ්ඨා­ප­නය කිරී­මට සියලු ඉදි­කි­රීම් කට­යුතු සූදා­නම්ය යන පුව­තයි ඒ.

කොළඹ නග­රය ප්‍රති­සං­ව­ර්ධ­නය කිරීමේ දැවැන්ත වැඩ­ස­ට­හන යටතේ පිට­කො­ටුව මැනිං වෙළ­ඳ­පොළ, පෑලි­ය­ගොඩ ප්‍රදේ­ශයේ අක්කර 14ක වප­ස­රි­ය­කින් යුතු භූමි භාග­යක (පෑලි­ය­ගොඩ මාළු වෙළ­ඳ­පොළ ඉදි­රි­පිට )ප්‍රති­ෂ්ඨා­ප­නය කිරීමේ කට­යුතු මේ වන විට නිම වෙමින් පවතී. ඒ අතර බස්නා­හිර මහා නගර සැලැස්ම යටතේ කොළඹ නිර්මා­ණය කිරී­මට සැලැ­සුම් කර ඇති බහු­විධ ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­නයේ (Multi Mode Transport Hub) ප්‍රධාන ගොඩ­නැ­ගිල්ල අක්කර හයක් පමණ වන පිට­කො­ටුව මැනිං වෙළ­ඳ­පොළ පිහිටි භූමියේ ඉදි කිරී­මට නිය­මි­තය. ලබන වසරේ මාර්තු මාසය වන විට පිට­කො­ටුව මැනිං වෙළෙ­ඳ­පොළ පෑළි­ය­ගොඩ මැනිං වෙළෙ­ඳ­පොළ බවට පත් වනු ඇත.

ඒ පිළි­බඳ නව­තම තොර­තුරු සොයා­බ­ල­න්නට අපි කට­යුතු කළෙමු.

ඉදි­කි­රීම් භාරව කට­යුතු කරන නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතා­නච්චි අප සමඟ පවසා සිටියේ, කොළඹ ඉදි කිරී­මට නිය­මිත බහු­විධ ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­නයේ (Multi Mode Transport Hub) වැඩ­ක­ට­යතු ඇරැ­ඹී­මට මැනිං වෙළ­ඳ­පොළ පෑලි­ය­ගොඩ ප්‍රති­ෂ්ඨා­ප­නය කිරීමේ කට­යුතු මේ වන විට නිම­වෙ­මින් පව­තින බවයි.

“මැනිං මාර්කට් එකෙන් වසර ගණ­නා­වක සිටම සිදු වන්නේ රටේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් එළ­වළු හා පල­තුරු තොග පිටින් ගෙනැ­විත් නැවත තොග පිටින් එළි­යට ගෙන යන එකයි. එය ඇත්ත­ටම කොළඹ නග­රයේ විශාල වාහන තද­බ­ද­යක් වගේම අන­වශ්‍ය විදි­හට ජනා­කීර්ණ වීමක් නිර්මා­ණය කර­න්නට සමත් වුණා. මැනිං මාර්කට් එක පෑලි­ය­ගොඩ ප්‍රති­ෂ්ඨා­ප­නය කිරිමේ මුලික අර­මුණ වුණේ ‍දැනට කොළඹ තිබෙන මැනිං මාර්කට් එක නිද­හස් කර­ගෙන එතැන කොළඹ නග­රයේ ප්‍රධා­න­තම ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­නය ඉදි කිරීම සඳහා යොදා­ගැ­නී­මයි. ඒ අනුව කොළඹ මැනිං මාර්කට් එකේ සිදුවූ සිය­ලුම ක්‍රියා­කා­ර­කම් ඉදි­රියේ දී පෑලි­ය­ගොඩ දී සිදු වෙන්නට නිය­මි­තයි. ' ඔහු පව­සයි.

පසු­ගිය කාලයේ කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙ­ඳ­පොළ ද පෑලි­ය­ගො­ඩට ගෙන යන ලදි. එයින් හිස් වු ස්ථානයේ ගෝල්ඩ් සෙන්ටර් ව්‍යාපෘ­තිය ඉදි­කි­රිණි. ඉදි­කි­රීම් නිම වෙමින් පව­තින මැනිං වෙළෙඳ සංකී­ර්ණය පිහිිටා ඇත්තේ මාළු වෙළෙඳ සංකී­ර්ණ­යට ආස­න්න­වය.

ඉදි වෙමින් පව­තින පෑලි­ය­ගොඩ නව මැනිං වෙළෙඳ සංකී­ර්ණය පිළි­බඳ අද­හස් දක්ව­මින් වර­ලත් වාස්තු විද්‍යාඥ, නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂිකා හසන්ති දහ­නා­යක පවසා සිටින්නේ මෙවැ­න්නකි.

“ මැනිං මාර්කට් එක පෑලි­ය­ගො­ඩට යන්නේ එතැන ප්‍රවා­හන කට­යු­තු­ව­ලදී විශේෂ ස්ථාන­යක් නිසයි. මොකද ලංකාවේ තිබෙන සිය­ලුම අධි­වේගී මාර්ග එකතු වෙන එකම තැන පෑලි­ය­ගොඩ. ලංකාවේ කොතැ­නින් ආවත් පෑලි­ය­ගො­ඩින් බහින්න පුළු­වන්. ඒ වගේම ලංකාවේ කොතැ­න­කට වුණත් යන්නට පෑලි­ය­ගො­ඩින් නඟින්න පුළු­වන්. පෑලි­ය­ගොඩ මැනිං මාර්කට් එකට අයත් වන ඉඩමේ මුළු වප­ස­රිය අක්කර විසි­ප­හක් පමණ වෙනවා. එයින් මැනිං මාර්කට් එක ඉදි වෙන්නේ අක්කර දාහ­තර හමා­රක වගේ වප­ස­රි­යක. එය ප්‍රධාන ගොඩ­නැ­ගිලි තුන­කින් යුතු වෙනවා. තොග හා සිල්ලර වෙළෙ­දාම වෙනු­වෙන් තට්ටු දෙක­කින් යුතු ගොඩ­නැ­ගිලි සංකී­ර්ණ­යක් නිර්මා­ණය වි තිබෙ­නවා.

කඩ එක් දහ­ස්දෙ­සීය තිස් අටක් තිබෙ­නවා. ඒ වගේම මෙහි ලොරි රථ දෙසී­ය­ක­ටත් වෙනත් වාහන හාර­සී­ය­කුත් නවතා තැබීමේ පහ­සු­කම් තිබෙ­නවා. ඉහළ මාල­යට වගේම පහළ මාල­ය­ටත් වාහ­න­ව­ලින් යන්න පුළු­වන් විදි­හ­ටයි සැලැ­සුම් කර තිබෙන්නේ. ඕනෑම කඩ­යක් ඉදි­රි­පි­ටට වාහ­න­ව­ලින් ගිහිල්ලා බඩු පටවා ගන්න, බඩු බිමට බාන්න පුළු­වන්.

වැය­වෙන මුළු විය­දම රුපි­යල් බිලි­යන හතක්. මෙයට ඉඩම් සංව­ර්ධ­නය, වටේ තිබුණු ඇල­වල්, කානු , බෝක්කු, පාලම් , ප්‍රවේශ මාර්ග සංව­ර්ධ­නය කර සැක­සීම, ඉන්ප­සුව දෙම­හල් ගොඩ­නැ­ගිල්ල නිර්මා­ණය කිරීම යනා දි කැරුණු රැසක් ඇතු­ළත් වුණා. ඊට අම­ත­රව මෙහි වටේ ආර­ක්ෂාව වෙනු­වෙන් පැති දෙක­කින් ඇළ මාර්ග පද්ධ­ති­යක් යනවා. එයත් මෙහි අලං­ක­රණ කට­යුතු සඳහා අපි භාවිතා කර­නවා. ලබන මාර්තු වන විට ඉදි­කි­රීම අව­සන් කර මහ­ජ­න­තා­වට විවෘත කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා.' ඇය පව­සයි.

එම සංව­ර්ධන කාර්ය පිටු­පස සිටි­මින් නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ ඉංජි­නේ­රු­ව­රුන් මෙන්ම නිල­ධා­රින්ද ඉටු කරන්නේ මහත් ජාතික වග­කි­මකි. දිවා රාත්‍රී නොබ­ල­මින් ඔවුන් පෑලි­ය­ගොඩ ඉදි වෙමින් පව­තින වෙළෙඳ සංකී­ර්ණයේ අව­සන් අදි­යර වෙනු­වෙන් වෙහෙ­සෙන අන්දම අපිට එහි සංචා­ර­ය­කට එක් වූ අව­ස්ථාවේ දැක ගන්නට ලැබිණි. එහි ප්‍රධාන ව්‍යාපෘති උප­දේ­ශක කළ­ම­නා­කාර බුල­ත්සිං­හල මහතා අප සමඟ පවසා සිටියේ එම ගොඩ­නැ­ගිල්ල විශේෂ වාස්තු විද්‍යා­ත්මක ලක්ෂ­ණ­ය­න්ගෙන් අලං­කෘ­තව ඉදි වී ඇති බවයි. ඒ අනුව මෙය රටේ ඉදි වී පව­තින සෙසු ගොඩ­නැ­ගි­ලි­ව­ලට වඩා විශේෂ මුහු­ණු­ව­රක් ගන්නා බවත් එහි හැඩය අනු­වත් සෙසු පාරි­ස­රික උපාංග අනු­වත් ජනතා ආක­ර්ෂ­ණ­යක් දිනා­ගන්නා බවත්ය.

ඉදි­කි­රීම් පිළි­බඳ අද­හස් දක්ව­මින් ව්‍යාපෘති අධ්‍ය­ක්ෂිකා තුෂාරි තිල­ක­රත්න පවසා සිටියේ මෙවැ­න්නකි.

“කොළඹ මැනිං මාර්කට් එක මෙතැ­නට ගෙනා­වාට පසුව එතැන අක්කර හයක් පමණ ඉතිරි වෙනවා. ඒ ඉඩම අපි භාවිතා කර­නවා ප්‍රධාන ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­න­යට. එම­ඟින් කොළඹ තද­බ­දය අඩු වෙයි කියා අපි හිත­නවා‍. නමුත් මේ තද­බ­දය සම්පූ­ර්ණ­යෙන් අඩු වෙන්න නම් අනෙක් තොග හරස් වීදි කඩ ටිකත් පෑලි­ය­ගො­ඩ­ටම විතැන් වෙන්න ඕනෑ. මෙතැන කන­ත්තක් තිබෙ­නවා. ඒ කන­ත්තත් එතැ­නින් ඉවත් කරලා ඉතිරි අක්කර එකො­ළහ දොළ­හහේ තමයි හරස් විදි තොග කඩ සඳහා භාවිතා කර­න්නට සැලැ­සුම් කර තිබෙන්නේ. මෙහි දෙවන අදි­යර විද­හට අපි කොළඹ හර­ස්වී­දි­වල තොග කඩ සිය­ල්ලත් පෑලි­ය­ගොඩ මැනිං මාර්කට් එකට ගේන්න කට­යුතු කර­නවා. ' ඇය පව­සයි.

පෑලි­ය­ගොඩ මැනිං වෙළෙ­ඳ­පොළ සංකී­ර්ණය නවීන පහ­සු­කම් සහි­තව ඉදි වන අතර නවීණ තාක්ෂ­ණය භාවි­ත­යට ගනී. ඔන්ල­යින් ක්‍රම­යට අත­ර­මැ­දි­යෙ­කු­ගෙන් තොරව වෙළෙන්දා සහ ගොවියා අතර ගනු­දෙ­නුව සිදු වන පරිදි තාක්ෂ­ණික ක්‍රම ඔස්සේ වෙළෙ­ඳාම සිදු වේ. ඒ පිළි­බඳ හසන්ති පව­සන්නේ මෙලෙ­සයි.

“ඒ වෙනු­වෙන් ඇප් එකක් හඳුන්වා දෙන්න අපි කට­යුතු කර­නවා. ඒ අනුව අනු­රා­ධ­පු­රයේ , පොලො­න්න­රුවේ ගොවි­යාට නවීන තාක්ෂ­ණය ඔස්සේ තම පල­තුරු එළ­වළු විකු­ණා­ගන්න පුළු­වන්. මෙහි ශීතා­ගාර අටක් සකසා තිබෙ­නවා. එම­ඟින් එළ­වළු පල­තුරු නරක් නොවී පවත්වා ගෙන යන්න පුළු­ව­න්කම තිබෙ­නවා. බැංකු පහ­සු­කම්, අට­සී­ය­කට පමණ එක­වර ආහාර ගත හැකි නවීන අප­නා­ශාලා පහ­සු­කම් ඇති­වයි මෙය ඉදි වන්නේ.

ඉදි­රි­යේදී මෙතැන ජන­තා­වට තමන්ගේ පවුල පිටින්ම ඇවිත් බඩු භාණ්ඩ මිලදී ගෙන විනෝ­ද‍වෙලා යන්නට පුළු­වන් ස්ථාන­යක් වේවි. එයට උචිත ලෙස පරි­ස­රය අලං­කාර කරන්න අපි කට­යුතු කර­නවා. සෝලා පැනල් සවි කරලා හිරු එළි­යෙන් තමයි විදු­ලිය ලබා­ගන්න බලා­පො­රොත්තු වෙන්නේ. එකතු වෙන අප­ද්‍රව්‍ය නිසි ක්‍රම­වේ­ද­යක් ඇතිව දුර්ග­න්ධ­යක් ඇති නොවන ලෙස බැහැර කර­න්නට සැලැ­සුම් කර තිබෙ­නවා. මෙහි එකතු වන අප ජලය පිරි­ප­හදු කර මේ බිමේ තෘණ පිට්ට­නි­ය­ටත් ගස්කො­ළ­න්ව­ල­ටත් යොද­නවා. නඩත්තු කට­යුතු ආය­තන කිහි­ප­යක එක­තු­ව­කින් සැදුම් ලත් කමි­ටු­ව­කින් සිදු වෙනවා.' අය පවසයි.

කොළඹ මැනිං වෙළ­ඳ­පොළේ වෙළෙඳ සංග­ම්වල මෙන්ම වෙළෙ­ඳුන්ගේ ද නාට්ටා­මි­ව­රුන් ඇතුළු සේව­ක­ය­න්ගේද විරෝ­ධ­තා­වක් පැන නොනැඟි බවද ඔවුන් මේ වෙන­සට කැමැ­ත්තෙන් පසු වන බවද අපට දැන­ග­න්නට ලැබිණි.

ජගත් 1988 වසරේ සිට මැනිං වෙළෙ­ඳ­පොළේ වෙළෙ­ඳාමේ යෙදෙ­න්නෙකි.

“මැනිං මාර්කට් එක පෑලි­ය­ගො­ඩට ගෙනි­ය­න­වාට අපේ විරු­ද්ධ­ත්ව­යක් නැහැ. එතැ­නට ගියා­මත් මේ වගේ බිස්නස් එක හොඳට පවතී කියලා අපි විශ්වාස කර­නවා. මිට පෙර පෑලි­ය­ගො­ඩට ගෙනිච්ච මාළු මාර්කට් එකේ අපේ යාළුවො ඉන්නවා. ඒ අයත් කැමැ­තියි අපි එතැ­නට එනවා නම්. මොකද මිනි­සුන්ට එළ­වළු පල­තුරු විත­රක් නෙමෙයි මාළුත් අර­ගෙ­නම යන්න පුළු­වන්. අනෙක එතැන සියලු පහ­සු­කම් තිබෙ­නවා. එ් නිසා ඒ වෙන­සට අනු­ගත වෙන්න අපි කැමැ­තියි.' ඔහු පව­සයි.

තුසිත ද මැනිං වෙළෙ­ඳ­පොලේ සේවය කර­න්නෙකි.

“මම තොග කඩේක වැඩ කර­නවා. කොළඹ නග­රය වෙනස් කිරීම සම්බ­න්ධ­යෙන් අපිට මොකුත් කියන්න බැහැ. ඒවා සිදු විය යුතුයි. මේ වෙළෙ­ඳ­පොළේ තිබෙන වෙළ­ඳාම වගේම මෙහෙ සේවය කරන අති­ම­හත් මිනි­සුන්ගේ ජීවිත ගණ­නක් දම්වැ­ලක් වගේ බැඳිලා තිබෙන්නේ මේ රැකියා හරහා. මැනිං මාර්කට් එකෙන් ලක්ෂ ගණන් පිරි­සක් ජීවත් වෙනවා. ගෙදර ඉන්න අත්තම්මා පවා මෙහි කොට­ස්කා­රයො. මේ මාර්කට් එක පෑලි­ය­ගො­ඩට ගෙනි­ච්චත් මේ විදි­හ­ටම අපේ ජීවිත ගොඩ නඟා­ග­න්නට පුළු­ව­න්කම තිබිය යුතුයි. එකයි අපේ ඉල්ලීම.' ඔහු පව­සයි.

ඩී.එම් සිරිල් මැනිං වෙළෙ­ඳ­පොළේ වසර තිහක පමණ කාල­යක සිට වෙළෙ­ඳාමේ නිරත වන්නෙකි.

“අපි ගියා පෑලි­ය­ගොඩ වෙළෙඳ සංකී­ර්ණය බලන්න. දැනට නම් පහ­සු­කම් මීට වඩා තිබෙන බව කිය­නවා. ඒවා ඉතින් එතැ­නට ගියාම තමයි බලන්න ඕන. අපි හිත­නවා එතැ­නට ගියාම වෙළෙ­ඳාම දියුණු වෙයි කියළා.'

සදීෂ් වසර ගණ­නක් නාටාමි රැකි­යාවේ නියැ­ළෙ­න්නෙකි.

“නාටාමි රැකි­යාව කරන දෙද­හ­සක් පමණ ඉන්නවා. මේ වන තුරු අපිට හොඳට බිස්නස් තිබුණා. පවුලේ පිරිස සතු­ටෙන් හිටියා. පෑලි­ය­ගො­ඩට ගියාට පස්සේ අපේ රැකි­යාව නැති­වෙයි ද කියන දෙගි­ඩි­යාව හිතේ තිබෙ­නවා. ඒත් ඒය නැති වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කොහොම වුණත් ඒ ගැන සුබ­වා­දිව බලන්න අපි හිත­නවා.' සදීෂ් පව­සයි.

 

ජායා­රූප ශාන් රඹු­ක්වැල්ල

 

 

Comments