මගේ අර­මුණ මර­ණය අබි­යස සිටින සිරෝ­සිස් රෝගීන්ට යළි පණ දීමයි | සිළුමිණ

මගේ අර­මුණ මර­ණය අබි­යස සිටින සිරෝ­සිස් රෝගීන්ට යළි පණ දීමයි

වර්ත­මා­නයේ ලොව සාර්ථ­කම අක්මා බද්ධ කිරීමේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය­ව­රයා මහා­චාර්ය මොහො­මඩ් රෙලාය. ගිනස් වාර්තා­වක්ද තබා ඇති ඔහු මෙතෙක් සිදු කර ඇති සජීව අක්මා බද්ධ ශල්‍ය­කර්ම සංඛ්‍යාව 5,000කට ආස­න්නය. මොහු පසු­ගි­යදා ශ්‍රී ලංකාවේ සංචා­ර­යක නිරත වූයේ, මෙරට අක්මා රෝග සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන වෛද්‍ය­ව­රුන්ගේ හමු­ව­කට සහ­භාගි වීම සඳ­හාය. මෙහි දැක්වෙන්නේ මහා­චාර්ය මොහො­මඩ් රෙලා එහිදී පළ කළ අද­හ­ස්වල සම්පි­ණ්ඩ­න­යකි.

මා උපත ලැබුවේ ඉන්දි­යාවේ තමි­ල්නාඩු ප්‍රාන්තයේ මයි­ල­දු­ති­රිය ප්‍රදේ­ශයේ කිලි­නූර් නම් දුෂ්කර ගම්මා­න­යේය. මූලික අධ්‍යා­ප­නය චෙන්නායි බෙයන්ට් තියෝ­ෆි­කල් උසස් පාස­ලෙන් ලද පසු ස්ටැන්ලි වෛද්‍ය විද්‍යා­ල­යට ඇතු­ළත්ව මූලික වෛද්‍ය විද්‍යා උපා­ධිය හිමි කර­ග­ත්තෙමි. වැඩි­දු­රට අධ්‍යා­ප­නය සඳහා මට 1985 වසරේ මහා බ්‍රිතා­න්‍ය­යට යෑමට අව­ස්ථාව උදා විය. එඩි­න්බරෝ සර­ස­වි­යට පිවිස උපා­ධිය හිමි කර­ගත් ඉක්බිති ලංඩ­නයේ කිංග්ස් යුනි­ව­ර්සිටි කොලේජ් හොස්පි­ටල්හි සේවය කර­න්නට ඉඩ සැල­සිණි. එහිදී පර්යේ­ෂණ මට්ටමේ පැවති අක්මා බද්ධ ශල්‍ය­ක­ර්ම­ව­ලට මම නිර­තු­රු­වම සහ­භාගි වුණෙමි. අව­සා­නයේ අක්මා බද්ධ ශල්‍ය­කර්ම සිදු කිරීමේ අති­සං­කීර්ණ ක්‍රියා­ව­ලිය මා වෙත පැව­රිණි. එහිදී යුරෝ­පයේ හා බට­හිර වෛද්‍ය­ව­රුන් සමඟ මා කට­යුතු කළේ මහත් සතු­ටිනි. ඒ සැම මට මහත් රුචි­යෙන් සහාය වූහ. ඔවුහු අක්මා බද්ධ කිරීමේ රිද්මය මගේ ඇඟේ තිබෙන බව හැඳි­න­ගත්හ. කෙසේ වෙතත් මා පුරා වසර 22ක්ම කිංග්ස් යුනි­ව­ර්සිටි කොලේජ් රෝහ­ලෙහි කට­යුතු කළ අතර, ඒ කාලය අත­ර­තුර එහි සිදු වූ සජීව අක්මා බද්ධ ශල්‍ය­කර්ම 6,000න් 2,000ක් පමණ සිදු වූයේ මා අතිනි.

එහිදී මම මේ ශල්‍ය­ක­ර්ම­යට පැමි­ණෙන රෝගීන් මුහුණ දෙන අභි­යෝග හොඳින් දුටු­වෙමි. ප්‍රධාන වශ­යෙන් ඔවුන් මඬින ලදුයේ මුදල් අග-හිඟ­කම් විසිනි. සාමා­න්‍ය­යෙන් යුරෝ­පයේ හෝ බට­හිර රටක හෝ පිළි­ගත් රෝහ­ල­කදී අක්මා බද්ධ­යක් සඳහා අවම වශ­යෙන් ඩොලර් ලක්ෂ තුනක් වත් අවශ්‍ය වේ. එය අප වැනි රටක රෝගි­ය­කුට කිසි සේත් දරා­ගනු බැරි මුද­ලකි. සාමාන්‍ය පවු­ල­කින් පැවත එන කෙනකු ලෙස මම මේ ගැන යළි-යළිත් සිතන්න වීමි. එබඳු බොහෝ අව­ස්ථා­වල මට හැඟී-ගියේ මගේ සේවාව විදේ­ශ­ය­කට පම­ණක් සීමාව ඇත්තේ මන්ද කියාය. එහෙත් යළි ඉන්දි­යා­වට පැමි­ණී­මට හිත හදා­ගැ­නී­මට මට මහත් පරි­ශ්‍ර­ම­යක් දැරී­මට සිදු විය. කිංග්ස් විශ්ව­වි­ද්‍යා­ල­යයේ මගේ සම­කා­ලීන වෛද්‍ය­වරු යුරෝ­පයේ තත්ත්වය යහ­පත් බැවින් යළි ඉන්දි­යා­වට නොය­න්නැයි ඉල්ලා සිටි­යහ. ඉන්දි­යාවේ අක්මා බද්ධය මීට පෙර බොහෝ දෙනකු ආරම්භ කිරී­මට උත්සාහ කළද ඒවා සාර්ථක නුවූ බව ඔවුහු කියා සිටි­යහ. ඒ අනුව කල්පනා කළ මම කිංග්ස් විශ්ව­වි­ද්‍යා­ලය මුළු­ම­නින්ම අත්නො­හැර ඉන්දි­යා­වට පැමි­ණි­යෙමි. දැන­ටද මම කිංග්ස් විශ්ව­වි­ද්‍යා­ල­යයේ අක්මා බද්ධ කිරීමේ ඒක­කයේ මහා­චා­ර්ය­ව­රයා ලෙස කට­යුතු කරමි. මට අවශ්‍ය වූයේ සිරෝ­සිස් වැලඳී මරණ මංච­කයේ සිටින ජීවි­ත­ව­ලට යළි පණ දෙන්නය. එය අද සාර්ථක වී තිබේ.

අක්මා බද්ධ­ය­කින් පසු රෝගි­ය­කුට කොප­මණ කලක් ජීවත් වීමට වරම් තිබේද යන්න බොහෝ දෙනකු මගෙන් අසන ප්‍රශ්න­යකි. එය සැබ­වින්ම සාධා­රණ ප්‍රශ්න කිරී­මකි. මන්ද යත්: විශාල මුද­ලක් වැය කර, ජීවිත අව­දා­නම් අභි­යෝ­ග­ය­කට මුහුණ දී, අක්මා­වක් බද්ධ කර­ගෙන හම­සක් හෝ අවු­රු­ද්දක් ජීවත් වීමේ ඵලක් නැත.

 

ගිනස් පොතට ගිය විස්මිත සැත්කම

 

1997දී මම කිංග්ස් යුනි­ව­ර්සිටි රෝහ­ලේදී අති­සං­කීර්ණ අක්මා බද්ධ ශල්‍ය­ක­ර්ම­යක් සිදු කළෙමි. ඇය ඉපදී දින 5ක් තරම් කුඩා අය­ර්ලන්ත කුඩා දැරි­යක්. ඇයගේ අක්මාව මුළු­ම­නින්ම වාගේ විනා­ශව තිබුණු අතර, පැය 25කට අධික වේලා­වක් ගෙන සිදු කළ දීර්ඝ සජීව අක්මා බද්ධ ශල්‍ය­ක­ර්ම­යෙන් පසු ඒ දැරිය ජීවත් කිරී­මට හැකි විය. අද ඕ අය­ර්ල­න්තයේ නීති­ඥ­ව­රි­යක ලෙස කට­යුතු කරයි. මේ සිද්ධිය ගිනස් වාර්තා පොත­ටද ඇතු­ළත් කෙරුණු අතර, මා මේ ව්‍යයා­මය ඉන්දි­යාව කේන්ද්‍ර කර­ගෙන ආරම්භ කළේ ඉන්දි­යා­වේදී සජීව අක්මා බද්ධ­යක් සඳහා අද­හ­සක් වත් නොති­බුණු අව­ධි­ය­කය.

ඉන්දි­යා­වේදී මම රෝහල් කිහි­ප­යක සේවය කළෙමි. ග්ලෝබල් රෝහලේ අක්මා බද්ධ ශල්‍ය­ක­ර්මය විශාල වශ­යෙන් සිදු කළ අතර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, එතැ­නදී මට මගේම රෝහ­ලක් ආරම්භ කිරීමේ සිති­විල්ල පහළ විය. එවිට තවත් මේ ශල්‍ය­ක­ර්මය සඳහා වැය වන අධික විය­දම අවම කර­ගත හැකි බව මට කල්පනා විය. ඒ සිති­විල්ල අද සිරෝ­සිස් රෝගීන්ට මහත් පිළ­ස­ර­ණක් තිබේ. ඒ අනුව 2018දී මම රෙලා ඉන්ස්ටි­ටි­යුට් ඇන්ඩ් මෙඩි­කල් සෙන්ටර් රෝහල පටන් ගතිමි. අද මෙය ලෝකයේ උසස්ම තාක්ෂ­ණය භාවිත කරන ආසි­යාවේ විශා­ල­තම අව­යව බද්ධ කිරීමේ රෝහ­ලයි. අධි­තා­ක්ෂ­ණික ශල්‍ය­ගාර 14කින් සහ ඇඳන් 130කින් යුත් දැඩි­ස­ත්කාර ඒක­ක­ය­කින්, අව­යව බද්ධ රෝගීන් සඳ­හාම වෙන් වූ රෝහල් කාමර 450කින්, මෙය සම­න්වි­තය. එමෙන්ම සම්පූ­ර්ණ­යෙන්ම අක්මා බද්ධ කිරීමේ ශල්‍ය­ක­ර්මය සඳහා එංග­ල­න්තයේ කිංග්ස් යුනි­ව­ර්සිටි කොලේජ් රෝහලේ පුහු­ණුව ලත් විශේ­ෂඥ වෛද්‍ය කණ්ඩා­ය­මක් කට­යුතු කරයි. එබැ­වින් ව‍ර්තමා­නයේ සජීව අක්මා බද්ධ ශල්‍ය­ක­ර්මය සඳහා ශ්‍රී ලංකාවේ හෝ ඉන්දි­යාවේ මතු නොව, ආසි­යානු කලා­පයේ කිසි­වකු දැන් යුරෝ­ප­යට හෝ බට­හි­රට යා යුතු නැත. යුරෝ­ප­යට හෝ බට­හිර රට­ව­ලට හෝ වඩා අපේ සේවය ඉහළ ගුණා­ත්මක තත්ත්ව­යක පවතී.

 

නිල ඇරි­යු­මක් ලැබු­ණොත් ලංකා­වේ­දීම සැත්කම් කළ හැකියි

 

මේ වන විට මා විසින් සජීව අක්මා බද්ධ ශල්‍ය­කර්ම 5000කට ආසන්න ප්‍රමා­ණ­යක් සිදු කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා­වේද 100කට වඩා පිරි­සක් ඒ අතර වෙති. ලාංකික වෛද්‍ය­වරු මා සමඟ වසර දහ­යක පමණ කාල­යක සිට කට­යුතු කර­මන් සිටිති. මා සිදු කරන සජීව අක්මා බද්ධ කිරීමේ සිදු කළ රෝගීන් වැඩි­දු­ර­ටත් බලා­ගැ­නීම ලංකාවේ වෛද්‍ය­ව­රුන් විසින් සිදු කෙරේ. මගේ අර­මුණ මගේ වෛද්‍ය කණ්ඩා­යම සමඟ ලංකාවේ වෛද්‍ය­ව­රුන් සම්බන්ධ කර­ගැ­නී­මයි. එමෙන්ම ශ්‍රී ලංකා රජය නිල ආරා­ධ­නා­වක් කළ හොත් ලංකා­වට පැමිණ සජීව අක්මා බද්ධ කිරීමේ ශල්‍ය­ක­ර්මය සිදු කිරී­මට අපට හැකි­යාව ඇත. එවිට ඒ සඳහා යන අධික විය­දම සැල­කිය යුතු ලෙස අඩු කර­ගන්න පිළි­වන. අපි හැම මොහො­ත­කම ශ්‍රී ලංකා­වට උප­රි­මව සහාය වීමට සූදා­න­මින් පසු වමු. එය තාක්ෂ­ණය විය හැකිය; දැනුම අතින් විය හැකිය. ලෝකයේ බොහෝ රාජ්‍ය අප සමඟ සම්බන්ධ වී වැඩ කරති. අපේ වෛද්‍ය­වරු දැන­ට­මත් ඕමා­න­යට ගොස් ඒ රටට අවශ්‍ය සේවය සප­යති. මේ වන විට Dr Rela Institute and Medical Centre රෝහලේ අක්මා බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රෝගීන් විශාල පිරි­සක් ලියා­ප­දිං­චිව සිටිති. ඔවුන්ගේ පහ­සුව සඳහා කොළඹ, තිඹි­රි­ග­ස්යාය, බොතේජු මාවතේ අංක 01 දරන ස්ථානයේ සම්බ­න්ධී­ක­රණ කාර්යා­ල­යක් ස්ථාපිත කිරී­මට අපි පිය­වර ගතිමු.

අද සජීව අක්මා බද්ධ­යේදී පවුලේ සාමා­ජි­ක­යකු ඉදි­රි­පත් වීම වැද­ගත්ය. ඒත් බොහෝ දෙනකු සිතන්නේ අක්මා­වෙන් කොට­සක් පරි­ත්‍යාග කිරීම හේතු­වෙන් දාය­ක­යාට කිසි­යම් හානි­යක් වේය, කියාය. මෙය මිථ්‍යා මත­යකි. මන්ද යත්: අක්මාව යනු නැවත ලිය­ලන අව­ය­ව­යකි. එය සති 3ක්-4ක් ඇතු­ළත එය පැරණි තත්ත්ව­යට ලිය­ලයි. අනෙක් කාර­ණාව: ඔහු­ගෙන් හෝ ඇය­ගෙන් අක්මාවේ කොට­සක් ලබා­ගැ­නී­මට පෙර, පූර්ණ පරී­ක්ෂණ ක්‍රියා­ව­ලි­ය­කට භාජ­නය කෙරේ. පරි­ත්‍යාග කර­න්නාගේ අක්මා­වෙන් කොට­සක් ලබා­ගන්නේ ඒ පර්යේ­ෂණ 100%ක් ගුණා­ත්මක මට්ට­මක තිබේ නම් පමණි. සැත්ක­මින් අන­තු­රුව මසක් ඇතු­ළත ඔහු හෝ ඇය සාමාන්‍ය තත්ත්ව­යට පත් වෙයි.

ශ්‍රී ලංකා­වේද දක්ෂ වෛද්‍ය­වරු සිටිති. ඔවුහු ඉන්දි­යාවේ වෛද්‍ය­ව­රුන් සේම දක්ෂය. අනා­ග­ත­යේදී ඔවු­න්ටද සජීව අක්මා බද්ධ­කි­රීම් ඇර­ඹී­මට අව­කාශ සැල­සෙනු ඇතැයි මම විශ්වාස කරමි. මම ඒ සඳහා පූර්ණ සහාය දක්වමි. එය මාගේ අස­ල්වැසි රට වෙනු­වෙන් මට කළ හැකි ගෞර­වා­න්විත හා ආද­ර­ණීය පරි­ත්‍යා­ග­යකි.

Comments