වංචනික විවාහයට හිර වූ කාන්තාවට ලැබෙන නීතියේ පිළිසරණ | සිළුමිණ

වංචනික විවාහයට හිර වූ කාන්තාවට ලැබෙන නීතියේ පිළිසරණ

සාමාන්‍ය ජන­තා­වට එදි­නෙදා ජීවි­ත­යේදී වැද­ගත් වන නීති පිළි­බඳ මූලික දැනු­මක් අත් කර දීම අර­මුණු කර­ගෙන, ශ්‍රී ලංකා නීති ආධාර කොමි­ෂන් සභාවේ අධී­ක්ෂ­ණය යටතේ, ‘එදි­නෙදා ජීවි­ත­යට නීතිය’ යන තේමා­වෙන් යුතුව, අද සිට සැම ඉරු දින­කම ඔබ වෙත ගෙන එනු ලබන ලිපි පෙළක සමා­ර­ම්භ­යයි.

නීතිය නොදැන සිටීම සමා­වට කරු­ණක් නොවේ, යන කිය­මන මඟින්ද සැම පුද්ග­ල­ය­කුම තමාට බල­පාන නෛතික තත්ත්ව පිළි­බඳ දැනු­වත්ව සිටිය යුතුය යන්න මනාව පැහැ­දිලි වේ.

නෛතික කරුණු පිළි­බඳ මේ ලිපි පෙළ මඟින් නීතිය සම්බ­න්ධ­යෙන් ඔබේ මූලික දැනුම වර්ධ­නය කිරී­මට මෙන්ම ඔබේ නීති ගැටලු හඳු­නා­ගැ­නීම, ඒ නෛතික කට­යුත්ත ඉටු කර­ගැ­නීම සඳහා යොමු විය යුතු නිසි ස්ථාන හා නෛතික අයි­ති­වා­සි­කම් පිළි­බඳ දැනු­වත් වීම ආදි වශ­යෙන් නෛති­කව සවි බල ගැන්වීම බලා­පො­රොත්තු වෙමු. පවුල් නීතිය, ඉඩම් නීතිය, එදි­නෙදා ජීවි­ත­යේදී බල­පාන ලිපි ලේඛන සම්බන්ධ නීතිය, දරු­ක­මට හදා­ගැ­නීමේ නීතිය, අප­රාධ නීතියේ මූලික කරුණු, මූලික අයි­ති­වා­සි­කම් නීතිය ආදි සැම නීති ක්ෂේත්‍ර­යක්ම ආව­ර­ණය වන පරිදි නෛතික ලිපි පෙළක් ඔබ වෙත මෙලෙස ඉදි­රි­පත් කෙරේ.

නීති ආධාර කොමි­ෂන් සභාව යනු කුමක්ද?

ශ්‍රී ලංකා නීති ආධාර කොමි­ෂන් සභාව 1978 අංක 27 දරන නීති ආධාර පනත මඟින් සංස්ථා­පන කරන ලද ව්‍යව­ස්ථා­පිත ආය­ත­න­යකි. දරි­ද්‍ර­තාව හේතු­වෙන් යුක්තියේ පිළි­ස­රණ ලැබී­මට නොහැකි වූ ශ්‍රී ලාංකි­ක­යන් සඳහා නීති ආධාර සැප­යීම මෙහි ප්‍රධාන අර­මුණ වේ. අඩු ආදා­ය­ම්ලාභි ජන­තා­වට ඔවුන්ගේ නඩු කට­යුතු සඳහා නොමිලේ නීතිඥ සහාය ලබා දීම, ඕනෑම පුද්ග­ල­ය­කුට නීති උප­දෙස් ලබා දීම, සමස්ත සමා­ජ­යම නීතිය පිළි­බඳ දැනු­වත් කිරීම, නව නීති සම්පා­ද­න­යේදී හා නෛතික ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී රජ­යට උප­දේ­ශන කාර්යයේ නිරත වීම හා පර්යේ­ෂණ කට­යුතු සිදු කිරීම අනෙ­කුත් කාර්ය­භාර්ය අතර ප්‍රධාන වේ. කොළඹ නීති ආධාර ප්‍රධාන කාර්යා­ලය ඇතු­ළුව නීති ආධාර කාර්යාල 84ක් දිව­යින පුරා පිහිටි අධි­ක­රණ ආශ්‍රි­තව පිහි­ටුවා ඇත. අධි­ක­ර­ණ­මය කට­යු­තු­ව­ලදී ග්‍රාම නිල­ධා­රි­ව­රයා මඟින් කැඳවූ ආදා­යම් වාර්තාව සලකා බලන නමුත් නඩත්තු, ගෘහස්ථ ප්‍රච­ණ්ඩත්ව, අප­රාධ වින්දිත හා ළම­යින් සම්බන්ධ නඩු කට­යු­තු­ව­ලදී ඒ සම්බ­න්ධ­යෙන් සලකා බලනු ලැබේ.

ඔබ වෙත ඉදි­රි­පත් කරන මුල්ම ලිපිය මඟින් පවුල හා බැඳි නීතිය සම්බ­න්ධව ඔබ දැනු­වත් කිරී­මට අද­හස් කර­න්නෙමු.

විවා­හ­ය­කට පෙර මේ ගැනත් දැනු­වත් වන්න

නීතිය නොදැ­නීම හෝ ඒ නොතැ­කීම හේතු­වෙන් බොහෝ කාන්තා­වන් විවා­හය හා දේපොළ ආශ්‍රිත වංච­නික ක්‍රියා­ව­ලට හසුව අස­රණ වූ පුවත් නිතර අසන්න ලැබේ. විවාහ වන තෙක් එල්ල වන සමාජ පීඩ­නය හේතු­වෙන් කෙසේ හෝ කවු­රුන් හෝ සමඟ විවා­හ­යක් කර­ගැ­නීමේ තත්ත්ව­යට පත් වන ඇතැම් කාන්තාවෝ වංච­නික පුද්ග­ල­ය­නට රැවටී තම ජීවිත අවුල් කර­ගත් අවස්ථා එම­ටය. එසේ නැති නම් ප්‍රේම­යෙන් මුස­පත්ව සුදු­සුම සහ­ක­රු­වකු ලැබුණේ යැයි විශ්වාස කොට විවා­හ­ය­කට එළ­ඹී­මෙන් පසු තමා විවාහ වී ඇත්තේ වරක් විවාහ වූ, තව­මත් ඒ විවා­හ­යෙන් දික්ක­සාද නොවූ පුරු­ෂ­යකු සමඟ බව දැන­ගන්නා විට ඇතැම් කාන්තා ජීවිත කාලය පුරා රැස් කර­ගත් මිල-මුදල්, රන්අ­බ­රණ පවා ඔහුට දී අව­සන්ය.

මෙවැනි රැව­ටී­ම්ව­ලට ලක්ව නීති ආධාර කොමි­ෂන් සභාව වෙත පැමි­ණෙන බොහෝ කාන්තා­වන් පව­සන්නේ පුරු­ෂයා කාන්තා­වට වඩා වය­සින් අඩු වීම, තව­මත් තම සහෝ­ද­රි­යන් අධ්‍යා­පන කට­යු­තු­වල යෙදීම හෝ සහෝ­ද­රි­යන් තව­මත් අවි­වා­හක වීම වැනි නොයෙක් හේතු දක්ව­මින් ඔහුගේ පවුලේ අය මෙවැනි විවා­හ­ය­කට අකැ­මැති බව පවසා ඔහුගේ පාර්ශ්ව­යෙන් සාක්‍ෂි­යට හෝ කිසි­වකු ඉදි­රි­පත් නොකොට විවා­හ­යට එළ­ඹෙන බවයි. මෙවන් අව­ස්ථා­වල ‘පැදු­ර­ටත් නොකියා’ පලා-යන පුරු­ෂ­යාගේ හෝඩු­වා­ව­ක්වත් සොයා­ගත නොහැ­කිව බොහෝ කාන්තාවෝ අස­රණ වෙති.

එසේම විවාහ රෙජි­ස්ට්‍රා­ර්ව­රුන් ලෙස කැඳ­වා­ගෙන එන ව්‍යාජ පුද්ග­ල­යන් ඉදි­රියේ විවා­හ­යක් සිදු කරන බව හඟවා තරු­ණි­යන් වංච­නික විවා­හ­යන්ට හසු කර­ගන්නා අය පිළි­බ­ඳ­වද අසන්න ලැබේ.

ඉහත සාකච්ඡා කළ පරිදි නීත්‍ය­නු­කූල නොවන වංච­නික විවා­හ­ය­කට ඇතු­ළත්ව ඇති විට බැලූ­බැ­ල්මට නීත්‍ය­නු­කූල යැයි පෙනෙන විවාහ සහ­ති­ක­යක් නිකුත් වුවද එවැනි විවාහ මුල පටන්ම නීතිය ඉදි­රියේ ‘බල රහිත හා ශූන්‍ය විවාහා’ ලෙස සැල­කෙන බැවින් කාන්තා­ව­නට නීත්‍ය­නු­කූල විවා­හ­ය­කින් ලැබෙන අයි­ති­වා­සි­කම් අහිමි වේ. එවන් විවා­හ­ව­ලට ඇතු­ළත් වූ කාන්තා­වන්ට පුරු­ෂ­ය­න්ගෙන් නඩත්තු ලබා­ගැ­නීමේ අයි­ති­වා­සි­කම හෝ පුරු­ෂයා මිය­යෑ­මෙන් පසු ඔහුගේ විශ්‍රාම වැටුප ලබා­ගැ­නීමේ අයි­තිය මෙන්ම මිය­ගිය පුරු­ෂ­යාගේ දේපො­ළ­ව­ලට අයි­ති­වා­සි­කම් කීමේ හිමි­ක­මද නැතිව අස­රණ වීමට සිදු වේ.

කෙසේ වෙතත් තමා වංච­නික විවා­හ­ය­කට ඇතු­ළත්ව ඇති බව හෙළි වීමෙන් පසු පුරු­ෂ­යාගේ බහු-විවා­හය පිළි­බඳ පොලී­සි­ය­කට සිදු කරන පැමි­ණි­ල්ලක් ඔස්සේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යක නඩු­වක් පවරා මෙවැනි පුද්ග­ල­යකු ‘බහු-විවා­හය’ නමැති අප­රාධ වර­දට වර­ද­ක­රු­වකු කොට දඬු­වම් දිය හැකිය. එසේම වින්දිත භාව­යට පත් තැනැ­ත්ති­යට රුපි­යල් ලක්‍ෂ­යක් දක්වා වන්දි­යක්ද ගත හැකිය. එයට වඩා විශාල වන්දි­යක් අවශ්‍ය වේ නම් දිසා අධි­ක­ර­ණ­යක සිවිල් වන්දි නඩු­වක් පවරා පුරු­ෂයා තමන්ට සිදු කළ වංචාව මත ඇති වූ චිත්ත පීඩාව, සමා­ජීය පීඩාව, අව­මා­නය, ජීවි­තයේ වටි­නා­කම අඩු වීම වැනි කරුණු පද­නම් කොට­ගෙන වන්දි­යක් ගැනීමේ හැකි­යා­වද ඇත. තවද එවැනි වංච­නික පුරු­ෂ­ය­කුට දාව දරු­වකු පිළි­සි­ඳ­ගෙන තිබුණ හොත් දරුවා ඉප­දී­මෙන් පසු දරුවා වෙනු­වෙන් නඩත්තු මුද­ලක් ගැනීමේ අයි­ති­යද ඇත.

කෙසේ නමුත් තමා වංච­නික විවා­හ­ය­කට ඇතු­ළත්ව ඇති බවට තොර­තුරු දැන­ගත් වහා ඒ සම්බ­න්ධව නීති ක්‍රියා­මාර්ග ගැනීම සුදු­සුය. නොඑසේ නම් වංචාව පිළි­බඳ දනි­මින්ම බොහෝ කලක් විවාහ ජීවි­තය ගත කොට, දරු­වන්ද ලැබ, පසු­කා­ලී­නව නීතියේ ප්‍රති­කර්ම ලබා­ගැ­නී­මට ඇති ඉඩ­කඩ සීමි­තය.

තවද ඇතැම් විවා­හක පුරු­ෂ­යන් තමන් විවා­හ­ක­යකු බව කාන්තා­වන්ට දන්වා, ඒ වන විට නීත්‍ය­නු­කූ­ලව විවාහ වී සිටින බිරි­ය­ගෙන් දික්ක­සාද වී අදාළ විවා­හා­පේ­ක්‍ෂිත කාන්තාව විවාහ කර­ගන්නා බවට වාචි­කව හෝ ලිඛි­තව විවාහ පොරොන්දු දී, ලිංගික සබ­ඳ­තාද පවත්වා, කෙටි කලක් එකට ජීවත්ව ඒ කාන්තා­වන් අත්හැර යන අව­ස්ථාද ඇත. මේ ආකා­ර­යෙන් විවා­හ­ක­යකු බව දැනු­ව­ත්වම ඔහු සමඟ සම්බ­න්ධතා පවත්වා අස­රණ වන කාන්තා­ව­නට නීතියේ පිහිට ලබා­ගත හැකිද යන්න ඊළඟ ගැට­ලු­වයි. වලංගු ලිඛිත විවාහ පොරො­න්දු­වක් තිබේ නම් වයස අවු­රුදු 16ට වඩා වැඩි කාන්තා­ව­කට දුන් විවාහ පොරොන්දු කඩ කිරීම සම්බ­න්ධ­යෙන් සිවිල් නඩු­වක් පවරා සිදු වූ අලා­භ­ව­ලට වන්දි ගැනීමේ හැකි­යාව ඇත. එහෙත් විවා­හ­ක­යකු දෙන විවාහ පොරො­න්දු­වක් නීතිය ඉදි­රියේ බලා­ත්මක කළ නොහැ­කිය.

එසේම යම් තරු­ණි­ය­කට විවාහ කර­ගන්නා බවට පොරොන්දු දී, ඇගේ කැමැත්ත සහි­තව ලිංගික සබ­ඳතා පවත්වා තිබුණේ නම් ඉන් පසු ඒ පොරො­න්දුව කඩ කළ විට දිසා අධි­ක­ර­ණ­යක කන්‍යා දූෂණ නඩු­වක් පවරා වන්දි ගැනීමේ හැකි­යාව පවතී. එහෙත් එකී පුරු­ෂ­යා­ගෙන්ම තම කන්‍යා­භා­වය නැති වූ බව අධි­ක­ර­ණ­යක් ඉදි­රියේ ඔප්පු කිරී­මට යෑමේදී ඇති වන නෛතික, පරි­පා­ටි­මය හා සමා­ජීය දුෂ්ක­රතා හමුවේ මෙවැනි නඩු­ක­ර­ව­ලට කාන්තා­වන් යොමු වීම ප්‍රායෝ­ගි­කව ඉතා අඩුය.

එසේම විවා­හක පුරු­ෂ­යකු තම විවා­හ­යෙන් දික්ක­සාද වී වෙනත් කාන්තා­ව­කට ඇය විවාහ කර­ගන්නා බවට සිය දහස් වරක් පොරොන්දු වී කෙටි කලක් ඇය ආශ්‍රය කර හැර යෑමෙන් එකී දෙවැ­න්නිය සමා­ජීය වශ­යෙන් බර­ප­තළ අව­මා­න­ය­කට පත් විය හැකිය. මෙවැනි ක්‍රියා­ක­ලාප සදා­චා­රා­ත්මක වශ­යෙන් වර­දක් වුවද, පවත්නා නීතිය තුළ කාන්තා­වක දැනු­වත්ව විවා­හ­ක­යකු සමඟ ලිංගික සම්බ­න්ධතා පව­ත්වන්නේ නම් හෝ ලිඛිත විවාහ පොරො­න්දු­වක් නැති අව­ස්ථා­වක අවි­වා­හක පුරු­ෂ­යකු වුවද සබ­ඳතා පැවැත්වූ කාන්තා­වක අත්හැර යන විට පවත්නා නීතිය තුළ ඊට ප්‍රති­කර්ම නැත. ඒ අනුව නීතිය ඉදි­රියේ වැඩි­හිටි කාන්තා­වක තම ජීවි­තය පිළි­බඳ තීරණ ගැනී­මේදී පවත්නා නීතිය පිළි­බඳ අව­බෝ­ධ­යෙන් තොරව තීරණ ගැනීම ඔස්සේ ඇය පීඩා­වට පත් වුව හොත් එහි වග­කීම ඇය විසින්ම දරා­ගත යුතුව පවතී. එසේම වංච­නික විවා­හ­ව­ලට සිතා­ම­තාම කාන්තා­වන් හසු කර­ගැ­නීම පිළි­බඳ නෛතික ක්‍රියා­මාර්ග ගත හැකි වුවද ඒ කාන්තාව සමඟ අනි­වා­ර්ය­යෙන්ම විවාහ විය යුතු බවට බල කරන නියෝග දීමට පොලී­සි­යට හෝ අධි­ක­ර­ණ­යට හෝ හැකි­යාව නැත.

තවද වයස අවු­රුදු 18ට වැඩි කාන්තා­වක සමඟ ඇගේ කැමැත්ත සහි­තව ලිංගික සබ­ඳතා පවත්වා ඇය අත්හැ­ර­දැ­මීම, රටේ අප­රාධ නීතිය අනුව වර­දක් නොවන බැවින් එවැනි පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හෝ අප­රාධ චෝදනා නැඟී­මට පොලී­සි­යට නීත්‍ය­නු­කූල බල­යක් නැත. මෙවැනි අව­ස්ථා­වක පොලී­සි­යට කළ හැක්කේ කාන්තාව ප්‍රකා­ශය සට­හන් කර­ගෙන අදාළ පුරු­ෂයා ගෙන්වා කට­උ­ත්ත­ර­යක් සට­හන් කිරීම පමණි.

Comments