සම­හ­රුන්ට ධර්මය අව­බෝධ වන්නේ හිරු නැඟෙද්දී පිපෙන නෙලු­මක් වගේ... | සිළුමිණ

සම­හ­රුන්ට ධර්මය අව­බෝධ වන්නේ හිරු නැඟෙද්දී පිපෙන නෙලු­මක් වගේ...

ද අපි දේශනා කර­න්නට යෙදෙන්නේ ආය­චන සූත්‍ර­දේ­ශ­නා­වයි. මේ සූත්‍රය අයත් වෙන්නේ සංයුක්ක නිකායේ බ්‍රහ්ම සංයු­ක්තයේ කෝකා­ලික වර්ගයේ ආය­චන සූත්‍රය අයත් වෙයි. මෙහි තේරුම ඉල්ලී­මක් කර­නවා කියන අද­හ­සයි. මෙහි සඳ­හන් වෙන්නේ බුදු­ර­ජා­ණ­න්ව­හ­න්සේට දහම් දේශ­නා­වට සහ­ම්පති කරන ලද ඉල්ලී­මයි. මෙය ඉතා හොඳින් වට­හා­ගත හැකි සූත්‍ර­දේ­ශ­නා­වක්. බුදු­න්ව­හන්සේ බුද්ධ­ර­ජ්‍ය­යට පත් වෙලා මුලින් කල්පනා කළා, තමන් අව­බෝධ කර­ගත්ත නිවන අව­බෝධ කර­ග­න්නට ඕන කියලා. බුද්ධ­ත්ව­යට පත් වෙලා තමන්ගේ පළඝ ලිහින්නේ නැතුව නිරෝග පළ සමා­ප­ත්ති­යට සම­වැ­දිලා දවස් හතක් නිවන් සුව භුක්ති වින්දා. නිරෝධ ඵල සමා­ප­ත්ති­යට සම­වැ­දිලා ඉන්නවා දැකලා එවේ­ලාවේ කල්පනා කළා, සිද්ධාර්ථ බෝස­තුන් අද නැති­නම් හෙට නිවන් සුව අත් කර­ගනී කියලා.

එකම ඉරි­ය­ව්වෙන් ඉඳ­ගෙන මේ විර්යය කරන්නේ බුද්ධ­ත්ව­යට පත්වීම සඳ­හායි කියලා පළ­මු­වැනි සතිය වෙන විට දෙවි­වරු කල්පනා කර­න්නට පටන් ගත්තා. දවස් හත ඉවර වුණාම නැගි­ටලා උතුර පැත්තට ගමන් කරයි; ධර්මා­ශෝක රජ­තුමා එතැන ස්මර­ක­යක් හදලා තියෙ­නවා. අඩි දෙසි­ය­යක් දෙසිය පන­හක් වගේ දුරක් ගමන් කරලා ඉන්පසු ව බෝධිය දෙස බලා ඇසි‍පිය හෙළන්නේ නැතුව දින හතක් සිටියා. එය අනි­මිස ලෝචන පූජා­වයි. තම­න්ව­හ­න්සේට බුද්ධ­ත්ව­යට පත් වෙන්නට බෝධිය උප­කාර වෙච්ච නිසා කළ­ගුණ සැල­කී­මක් ලෙස බෝධිය දෙස බලා­ගෙන හිටියා. නිරෝධ ඵල සමා­ප­ත්ති­යට සම­වැ­දිලා එසේ සිටියේ. ලබා ගත්ත ඒ නිවන සමා­ධි­යට පත්වෙලා විමුක්ති සුවය අත්වි­ඳි­නවා.

දෙවි­යන් කල්පනා කළා සිද්ධාර්ථ බෝස­තා­නන් දින හතක් ම විර්යය කර­ලත් ඉරි­ය­ව්ව­වත් වෙනස් කර­න්නට බැරි­වුණා. බුදු­ව­න්නට බැරි­වුණ නිසා අද­හස අත­හැ­රලා ගියා. ටික දුරක් යන විට එයාට ආයෙ­මත් හිතුණා ‍බෝධියට ආසන්න‍යේ ඇති වජි­රා­ස­නය දෙස බලා­ගෙන ඉන්නවා කියලා. ඒ වජි­රා­ස­න­යට ආසා හිතිලා බලා ඉන්න­වාය කියලා දෙවි­වරු අනු­මාන කරලා කිය­න්නට පටන් ගත්තා. බුදු­ව­ර­යෙක් ලෝක­යට පහළ වෙලා කියලා ඒ අය දන්නේ නැති නිසා ඒ අය තව­මත් සැක කර­නවා.

සති­යක් බෝධිය දෙස බලා සිටි බුදු­න්ව­හන්සේ මේ දෙවි­යන්ගෙ සැකය දුරු කර­න්නට ඕන කියලා හිතුවා. ඉන්ප­සුව තුන් වන සතියේ අධි­ෂ්ඨා­න­යක් කළා, අහසේ මැණික් වලින් සක්මන් මළු­වක් මැවෙන්න කියලා. මැවු­ණාට පසුව උන්ව­හන්සේ මේ අහසේ මැවුණ සක්මන් මළු­වට ඍද්ධි බල­යෙන් වැඩම කළා. අධි­ෂ්ඨා­න­යක් කළා සක්මන් මළුවේ කෙළ­වර මංව­ගේම දෙවි­කෙ­නෙක් මැවෙන්න කියලා, එසේ අධි­ෂ්ඨාන කළාම උන්ව­හන්සේ වගේම වෙනත් බුදු කෙනෙක් මැවෙ­න්නට වුණා. බුදු කෙනෙක් ඒ සක්මනේ කෙළෙ­වර මැවුණා.

නිර්මික බුදු රුවක් මැවු­ණාට පසුව අපේ ජීව­මාන බුදු­න්ව­හන්සේ එක් කෙළ­ව­රක වාඩි­වෙලා ඉන්නවා, අනික් බුදු­රුව අනෙක් පැත්තේ සිටි­නවා. ඉන්පසු නිර්මිත බුදුන් වාඩි­වුණා ම අපේ බුදු­න්ව­හන්සේ අනෙක් පැත්තේ කෙළ­වරේ සක්මන් කර­නවා. නිර්මිත බුදු­රුව සැත­පෙන විට අනෙක් පස හිද­ගෙන ජීව­මාන අපේ බුදුන් වහන්සේ අනෙ­ක්පස භාව­නාවේ සක්මන් කර­නවා. මේ ප්‍රාති­හා­ර්යය කොත­රම් අසි­රි­මත් ද කිය­නවා නම් බුද්ධ අධි­ෂ්ඨා­න­යෙන් සියලු දෙවි­යන්ට සියලු බ්‍රහ්ම ලෝක­ව­ලට, අපා­යික සියලු සත්ත්ව­යන්ට දකි­න්නට හැකි­වෙන ආකා­ර­යට යමා මහ පෙළ­හැර පෑවා; එත­රම් අසි­රි­මත් එය. බුදු­රුව අතු­රු­දන් කළා තමන්ගේ ඇසෙන් තල කදක් තරම් විසාල ගිනි කදක් නිකුත් කළා. ක්ෂණ­ය­කින් දකුණු ඇසෙ­න් ­ගිනි කදක් නිකුත් කළා. මේ අකා­ර­යට මාරු­ක­ර­මින් පෙන්නුවා. එක නාස් පුඩු­ව­කින් ජලය ද ගිනි ද නිකුත් කළා. මේ ආකා­ර­යට යමා මහ පෙළ­හැර පෑවා. ඇගිලි අගක් ගිනි අත­රක් අතර ගිනි කදක් රෝම ‍කූප වලි­නුත් මාරු කර­කර පෙන්නන්න ගත්තා. මෙය හැඳි­න්වූවා යමක යන නමින්. බුදු කෙන­කුට පම­ණක් ම කළ හැකි දෙයක් මෙය.

මේ ප්‍රාති­හාර්ය පුරා සති­යක් කළ පසු දෙවි­ව­රුන්ට සැක සංකා පහව ගොස් භක්ති­යක් ඇති­වෙලා මැණික් නිව­හ­නක් මවා දෙන්නට වුණ‍ා බුදු­ර­ජා­ණන් වහ­න්සේට. ඊට පසුව භාග්‍ය­ව­තුන් වහ­න්සේට වැඩ සිටින්ට ආරා­ධනා කළා. මැණික් වලින් හදපු නිසා රථන ඝර­කි­යලා හඳු­න්ව­නවා. ඉන්ප­සුව පට්ටා­ක්ප්‍ර­ක­ර­ණය මුල­සිට අග­ටයි, අග­සිට මුල­ටයි මෙනෙහි කර­න්නට ගත්තා. ඉන්ප­සුව පුදු­මා­කාර සතු­ටක් දැනෙ­න්නට ගත්තා. බුදු­න්ව­හ­න්සේගේ ඇගේ තියන සුදු­ව­ර්ණය ඇති දත්, නිය ඇතුළු කොට­ස්ව­ලින් රැස් විහි­දෙ­න්නට පටන් ගත්තා. රෝම කූප­ව­ලින් නීල­වර්ණ රැස් විහි­දුණා. මේද තෙල්ව­ලි­නුත් කහ­රැස් දහ­රක් ශරි­ර­යෙන් පිට­තට විහි­දුණා. ලෝහිත මස්වල ඇති රතු වර්ණ­යෙන් ශරි­ර­යෙන් රතු වර්ණ රැස් වර්ණ විහි­දුණා. තැඹිලි වර්ණ­යෙන් රැස් දහර විහි­දෙ­න්නට පටන් ගත්තා. මේ වර්ණ එකට එකතු වෙලා ප්‍රභා­ෂ්වර වර්ණ­යක් විහි­දෙන්න පටන් ගත්තා. පස් වැනි සතියේ උන්ව­හන්සේ වැඩ සිටියේ අජ­පාල නුග රුක මුලයි. එතැන සති­යක් වැඩ සිටියා. ඉන් අන­තු­රුව මහ වැස්සක් වහින්න ගත්තා. දිව්‍ය නාග­යෙක් වැඩ සිටි­නවා, මමත් බුදු­න්ව­හ­න්සේට පූජා­වක් කර­න්නට ඕන කියලා කල්පනා කරලා තමන්ගේ බල­යෙන් රියන් පන­හක් උස පළල විමා­න­යක් මැවුවා.

බුදු­න්ව­හන්සේ වාඩි­වෙලා හිටිය තැනයි මැ‍ව්වේ. මැණික් වර්ග­ව­ලින් හදපු මේ බබ­ළන විමා­නය විත­රක් මදි; මමත් මහන්සි වෙනවා කියලා එයා තමන්ගේ විමා­න­යට උඩින් පෙන ගොබය දරා­ගෙන සති­යක් කල් ගත කළා. මේ දිව්‍ය නාග­යාගේ නම මුච­ලින්ද බව සඳ­හන් වෙනවා.

අනෙක් සත්වන සතිය කිරි­පලු ගසක් තිය­නවා ආස­න්න­යේම රජා­ය­තන කියන කිරි­පළු නුග රුක මුල වැඩ සිටියා.මම දැන් දත් මදින්න ඕන කියලා හිතුවා දැහැටි දඩු­ව­ලින් දැහැටි ගෙනත් දුන්නා අරළු ගෙනත් දුන්නා උන්ව­හන්සේ අර­ළු­ව­ලින් දත් පිරි­සිදු කළා. ඉන් පසුව විලද මීපැණි ගෙනල්ලා තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑ­යන් විසින් ඉල්ලී­මක් කළා වළ­දන්න කියලා. උන්ව­හන්සේ කල්පනා කළා කිසිදු භාජ­න­යක් නැහැ; උන්ව­හන්සේ බැලුවා අතී­තයේ බුදු­ව­රුන් ආහාර පිළි­ගත්තේ කොහො­මද කියලා. සෑම බුදු­කෙ­නෙක්ම පාත්‍ර­ව­ලින් තමයි ආහාර වළදා තියෙන්නේ. උන්ව­හන්සේ එසේ සිතද්දී සත­ර­ව­රම් දෙවි­ව­රුන් පාත්‍රා සත­රක් පූජා කළා. මෙ හත­රම එකක් වන්න කියලා ප්‍රාර්ථනා කරලා විලද මීපැණි එ් පාත්‍ර­ව­ලට වළ­දලා, ඉන්ප­සුව අජ­පල් නුග රුක වැඩියේ අර වෙළෙද දෙබෑ­යන්ට ධර්මය දේශනා කර­ලයි.

ඉන්ප­සුව සමා­ධි­යට පැමි‍ණිලා සමා­ධි­යෙන් අවධි වුණා. ඉන්ප­සුව උන්ව­හන්සේ කල්පනා කර­නවා මේ විදි­හට අධි­ගතෝ ම්‍යයායං ධම්මෝ.... මම ධර්මය අවබෝධ කර­ගත්තා, මේ අවබෝධ කර­ගත්ත ධර්මය දුක් ද‍සෝ දැකී­මට දුෂ්ක­රයි, ගැඹු­රුයි. දුර­නු­භෝධෝ කියලා කියන්නේ අව­බෝධ කිරී­මත් දුෂ්ක­රයි. සුවසේ පහ­සු­වෙන් අව­බෝධ කර­න්නට බැහැ; දුෂ්ක­රව වෙහෙසි අව­බෝධ කර­ගත යුතුයි. සන්තෝ ඒ කියන්නේ නිවී­මට පත් කරන දෙයක්. මෙය නිවී­මට පත් කර­නවා කියන්නේ නිව­නට පත් කර­ගැ­නී­මයි. පණිතෝ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ධර්ම­යක් කියන අද­හ­සයි.

නමුත් මෙත­නදි හඳු­න්වන්නේ ප්‍රමාණ කරලා කියන්න බැහැ කියන අද­හ­සයි කියලා අව­බෝධ කර­ගත්තා. ඉන් පසුව කිය­නවා අතක්ඛා වචරෝ.. මේ ධර්මය තර්ක විත­ර්ක­යෙන් අවබෝධ කර­න්නට බැහැ. මේ සියුම් දෙයක්, අති­ශ­යින් ගැඹුරු දෙයක්, බුද්ධි­ම­තුන් විත­රයි මෙය අවබෝධ කර ගන්නේ කියලා හිත­නවා. නිපුනෝ සියුම් වූ දෙයක්, ගැඹුරු දෙයක් පණ්ඩිත වේද­නීයෝ බුද්ධි­ම­තුන් විසින් විත­රයි මෙය අවබෝධ කර­ගන්නේ, එසේ කල්පනා කරලා හිත­නවා මේ ලෝකයේ සත්ත්ව­යන් ගත්විට කාමය තමන්ගේ නිවෙස කර­ගෙන කාමය නැමැති නිවෙ­සට වෙලා වාසය කරන්නේ ආසා­වල් වලින් තොරව වාසය කරන්නේ. ලෝභ­යෙන් තොරව ජිවත් වීමයි මෙහිදි වන්නේ. ආසා­ව­ල්ව­ලින් ඇලෙන මිනි­සුන්ට අවබෝධ කර­ගන්න බැහැ.

ධර්මය අව­බෝධ කර­ගන්න ගියොත් මා‍ වෙ­හෙ­සට පත්වෙ­නවා; කාමයේ ඇලිම නිසා අව­බෝධ වෙන්නේ නැහැ‍. ඒ නිසා ධර්ම දේශනා කරලා වැඩක් නැහැ කියලා උන්ව­හන්සේ කල්පනා කළා. සාරා­සංඛ්‍ය කල්ප ලක්ෂ­යක් පෙරම් පුරලා, ධර්මය අව­බෝධ කර­ගත් බුදු රජා­ණන් වහන්සේ හිත­නවා මම මේ ධර්මය අවබෝධ කර­ග­ත්තාම මෙය දුෂ්ක­රයි, අනෙ­කුට අව­බෝධ කරන්න අප­හ­සුයි, දේශනා කර­න්නට ගියොත් මා වෙහෙ­සට පත්වෙ­නවා කියලා හිතුවා. අහන අයත් අමා­රුවේ වැටෙ­නවා කියලා හිත­නවා.

සියල්ල දන්න ලොව් තුරු බුදු කෙනෙ­කුට හිතෙන්න පුළු­වන්, මේ වගේ සිතු­වි­ල්ලක් හිත තුළ හට ගන්නේ කොහො­මද කියලා. උන්ව­හන්සේ බුද්ධ­ත්වය ලබන කොට උන්ව­හ­න්සේට සර්ව­ඥතා ඥානය ලැබුවා. සර්ඥතා ඥානය කියන්නේ සියල්ල දකින නුවණ. යහ­ප­තක් පෙනෙ­නවා; අය­හ­පත් පේනවා සර්ව­ඡ­ඥතා ඥනය කියන්නේ ඍද්ධි බල­යක් පම­ණයි. සර්ඥතා ඥාන­යට හිත යොමු ‍වෙන්නේ බැලු­වොත් පම­ණයි.

සිය­ල්ලට ම එක්තරා චාරිත්‍ර ධර්ම­යක් තිය­නවා; ඒ ආරා­ධනා කරන්නේ නැතුව ධර්ම දේශනා කරන්න නැහැ, සෑම බුදු කෙන­කුට ම ආරා­ධනා කරන්නේ බ්‍රහ්ම­යෙක් විසි­නුයි. එත­කොට මේ ලෝකෙ‍ ­මි­නි­සුන් මහ බ්‍රහ්මයා තමයි. බුදු­න්ව­හ­න්සේට එවැනි කෙනෙක් ආරා­ධනා කරන නිසා මිනි­සුන් ඒ ධර්මය වැළද ගැනීම සඳහා පෙල­ඹෙ­නවා.

මේ අව­ස්ථා­වේදි බුදු­න්ව­හ­න්සේට කව­දා­වත් තමන් හිත­ලා­වත් නැති ගාථා­වක් වැට­හෙ­නවා. ඉච්ඡෙන මී අධි­ග­තන් -පළ­ග­න්දානි පඨා­සි­තුම්- රාග­දොස පරේ තෝහි නායං දමමෝ සුස­ම්මනෝ.... මම අමා­රු­වෙන් අව­බෝධ කර­ගත්තා, දැන් මේ අව­බෝධ කර­ගත් දේ දේශනා කරලා වැඩක් නැහැ, කෙලෙස් වලට යට­වෙලා ඉන්න මේ සත්ත්ව­යන්ට මේ ධර්මය ලේසි­යෙන් අවබෝධ කර­ගන්න බැහැ. ඉන්ප­සුව උන්ව­හන්සේ අයෙත් දේශනා කර­නවා පටි­සෝ­ත­ගා­මීන් නිපුනං ගම්භිරං දුක්ද­සුන් අනුං රාග­ර­ත්තාන දක්ඛින්ති තමෝ කණ්ඩේන ආවුතං.... ධර්මය උඩු­ගම් බලා යන්නක්, ජිවි­තය නැමැති ගංගාව පහ­ළට ගලා යනවා, මේ ධර්මය උඩු­ගම් බලා යන්නක්. මෙය තියුණු එකක්, ගම්භිර එකක් අවබෝධ කර­ගන්න බැරි දෙයක්. රාග­යෙන්, ආසා­වෙන්, සරාගි බවෙන් රත් වෙලා ඉන්න සත්ත්ව­යන්ට මෙය අව­බෝධ කර­න්නට බැහැ. කව­දා­වත් වැට­හිලා නැති ගාථා දෙකක් වැට­හුණා.

 

මේ සිතු­විල්ල සිතන විට සහ­ම්පති කියන මහා බ්‍රහ්මයා උන්ව­හ­න්සේගේ සිතු­විල්ල තමන්ගේ හිතින් දැක්කා. දැකලා හිතුවා මෙසේ; නස්සති වත බෝ ලෝකෝ.... පින්ව­තුනි ලෝකය ඒකා­න්ත­යෙන් නැසෙන්නේ ය, ලොව්තුරු බුදු­කෙ­නකු ලෝක­යට පහළ වෙලා උන්ව­හන්සේ ධර්ම දේශනා නොකර ඉන්න කල්පනා කර­නවා. මේ ධර්මය අව­බෝධ කර­න්නට ඉන්න මිනි­සුන් විනාස වෙනවා. අව­බෝධ කරන්න අව­ස්ථාව නැතුව යනවා. එසේ සිතලා බ්‍රහ්ම ලෝක­යෙන් අතු­රු­දන් වෙලා ජව සම්පන්න ශක්ති­මත් මනු­ස්ස­යෙක් අත නමලා වේග­යෙන් නමන ලද අත දිග හරි­නවා වගේ ඉක්ම­නින් බුදුන් ඉදි­රියේ පහළ වෙලා උතුරු සළු­වක් පළ­ඳි­නවා. එයින් පසු උතුරු සළුව ඒකාන්ස කර­ගෙ­නයි පළ­දින්නේ. පොර­වා­ගෙන බුදු­න්ව­හ­න්සේට වන්දනා මාන කර­නවා. ඉන්ප­සුව දේශනා කර­නවා මේ ආකා­ර­යට, භග්‍ය­ව­තුන් වහන්ස ධර්මය දේශනා කරනු මැනව කියලා. ‍කෙලෙස් අඩු සත්ත්ව­යන් ඉන්නවා, ඒ අයට ධර්ම දේශනා කරන්නේ නැති නම් පිරි­හි­මට පත්වෙ­නවා කියලා කිය­නවා. සහ­ම්පති බ්‍රහ්මයා ඉන්ප­සුව කිය­නවා, බුදු­ර­ජා­ණ­න්ව­හන්ස මේ දඹ දිව්ත­ලයේ කෙලෙස් ඇති අය ගෙන් පහළ වුණා, ධර්ම­යක් තිබුණා. නිගන්ඨ නාඨ පුත්ත සන්ජය බෙල්ලට්ටි පුත්ත වැනි අය­ගෙන් කෙලෙස් ඇති ගේ ධර්මය ක් පහල වුණා. එය හරිම අපි­රි­සිදු ධර්ම­යක් එයින් කාට­වත් යහ­පත් වෙන්නේ‍ ­නැහැ . නිව­නට ප්‍රවේශ වෙන්න, නිවන් දොර අරින්න, ඔබ දේශනා කරන ධර්මය සැදැ­හැ­ති­යන් අවබෝධ කර­ග­න්නවා ඇති කියලා; අව­බෝධ කරත්වා කියලා කිය­නවා. භාග්‍ය­ව­තුන් වහන්ස, මහ පර්ව­ත­යක් උඩට නැග්ගො­තින් එයාට වට­පි­ටාව පේන්න ගන්නවා. මේ මහ ප්‍රඥා ප්‍රාසා­ද­යට නඟින්න; නැගලා ලෝකය දෙස බලන්න, අපා­යට යනවා, සුග­ති­යට යනවා, සංසා­රයේ ගමන් කරයි, මේ ගැන ඔබට ගල්ප­ර්ව­ත­යක් උඩ ඉන්න කෙනෙ­කුට අවට පේනවා වගේ දකි­න්නට ලැබෙයි කියලා හිතුවා. බුදු­න්ව­හන්සේ ඒ විදි­හට බලා සත්ත්ව­යන් උදෙසා කරු­ණාව උප­ද­වන්න කියලා හිතුවා. සුග­ත­යන් වහන්සෙ අනු­කම්පා ඇති කර­ගන්න කියලා ආරා­ධනා කර­නවා. බ්‍රහ්මයා කිය­නවා උත්ති­ට්ටේහී විජිත සංධාම දිනන ලද කෙලෙස් යුද්ධ­යක් ඇති මහ විර්ය­යන් වහන්සේ අභි­මා­න­වත්ව නැගී සිටින්න. සත්තාහා අනන විවර ලෝකේ ණය නැති රථා­චා­ර­යන් වහන්සේ ඔබ­ව­හන්සේ ධර්මය දේශනා කරන්න. අන්‍ය­කාරෝ භවි­ස්සන්ති කියලා අව­බෝධ කර­ගන්න අය ඉන්නවා කියලා කිව්වා. මේ ආකා­ර­යට බ්‍රහ්මයා මේ ආරා­ධ­නාව කළාම, බුදුන් වහන්සේ තමන්ගේ සිතින් සර්වඥ ඥාන­යට සම­වැ­දුණා. මේ සහ­ම්පති කියන්නේ ඇත්තද කියලා බැලුවා. අවබෝධ කරන්න පුළු­වන් අය ඉන්න­වාද කියලා බැලුවා. මුළු ලෝකෙම එක ම නෙලුම් විලක් වගේ පේන්නට පටන් ගත්තා. ඉන් අන­තු­රුව නෙළුම් මල් තියෙ­නවා; ඉර එළිය වැටෙන කල් බලන් ඉන්නවා, හිරු රැස් වැටෙන කොටම වික­සිත වෙනවා, අන්න ඒ වගේ අනන්ත සසර හිත වඩලා, ප්‍රඥාව වඩලා, ප්‍රඥාව දියුණු කරපු පිරි­සක් ඉන්නවා. ඒ අයට ධර්මය මාතෘ­කා­වක් කිව්වත් ඇති. ධර්ම මාතෘ­කාව ඇහු­වත් රහත් වෙනවා. භාවිත සන්ථා­න­යක් තිය­නවා. ඒ අය හිරු රැස් වැටෙන විටම වික­සිත වන නෙලුම වගේ. ඒ අයට කියන්නේ උප්ප­ටි­ප­ඥඥූ . ඉර උදා­වන විට ම පිපෙන්නේ නැති නෙලුම් කැකුළු තිය­නවා; ඒවා ඉර උදා­වෙලා ටික­කින් වික­සිත වෙනවා. ඒ වගේ ගාථා­වක්, මාතෘ­කා­වක් කිව්වා ම අ‍වබෝධ වෙන්නේ නැති නමුත් මාතෘ­කාව කියලා ධර්මය දේශනා කර­න­විට බෙද බෙදා දක්ව දක්වා පැහැ­දිලි කරන විට අව­බෝධ වෙන පිරි­සක් ඉන්නවා. ටික­වෙ­ලා­වක් ගිහිල්ලා පිපෙන නෙලු­මක් වගේ ටික වෙලා­වක් අහ­ගෙන ඉන්න­විට අවබෝධ වන මේ පිරි­සට කියන්නේ විප්ප­චි­පන්නු කියලා. තවත් නෙලුම් කැකුළු ‍තියෙනවා; දවස් කිහි­ප­ය­කින් පිපෙන කැකුළු. මාතෘ­කා­වක් කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ධර්ම දේශනා කොත­රම් ඇහු­වත් අවබෝධ වෙන්නේ නැහැ. සිල් රකි­මින්, භාවනා කර­මින්, වෙහෙස මහ­න්සි‍ ­වෙන්න පටන් ගත්තාම මේ බුද්ධ සාස­නය තුළ මේ ජිවිතේ අව­බොධ කර­න්නට පුළු­වන්. ඒ අයට කියන්නේ අව­බෝධ කරන පිරි­සක්. ධර්මය අව­බෝධ කරන්න නම් ත්‍රිහේ­තුක උප­තක් තිය­න්නට ඕන. ත්‍රිහේ­තුක කියන්නේ ප්‍රඥා­වෙන් කළ යුතු කුස­ල­ය­කින් උප­දින්න ඕන; එසේ නැති­නම් අව­බෝධ කර­ගන්න බැහැ. ත්‍රිහේ­තුක උපත කියන්නේ මොකද්ද කියලා හිතට ලොකු ප්‍රශ්න­යක්. විනා­ඩි­ය­කට දෙක­කට භාවනා කරලා හිත තැන්පත් වෙනවා නම් ඒ අයට ත්‍රිහේ­තුක උප­තක් තියෙන අයයි. කෙනෙ­කුට භාවනා කරලා තමන්ගේ හිත තැන්පත් කර­ගන්න පුළු­වන් නම් ඒ තුළින් ඔබට වටිනා පණි­වු­ඩ­යක් දෙනවා. ඒ තමයි ඔබ ධර්මය අව­බෝධ කරන්න පුළු­වන්; මහ පින­කින් උප­දිලා ඉන්නවා කියන එක. බුදු­න්ව­හන්සේ බැලුවා ‍මේ ආකා­ර­යට කවදා හරි‍ ­පි­පෙන මේ නෙලුම් කැකුළු, බුදු පිරි­සට මහන්සි වුව­හොත් මේ ජිවි­ත­යේදි ධර්මය අව­බෝධ කර­ව­න්නට පුළු­වන් කියලා. එ් අය හැරු­ණම අනෙක් අයට මේ ජිවි­තයේ දි අව­බෝධ කරන්න බැහැ. විලේදි පිපිලා කුණු වෙලා යනවා විලේ­දිම. නමුත් මේ අයට ඊළඟ ආත්ම භවයේ අව­බෝ­ධය ලැබෙ­නවා.

අපා­රුකා තේසන් අම­තස්ස ද්වාරා... මම ඔබ­ලාට නිවන් දොර හරි­නවා. ඒ සෝත­වන්තු චමු­ත්තස්සු සද්දන්... සද්ධාව තියන අය සවන් පත් යොමු කරලා ධර්ම දේශ­නාව අසත්වා. මට වෙහෙ­සයි මහන්සි කියලා මම ධර්මය දේශනා කළේ නැහැ .බ්‍රහ්මය, ඒකයි මම ධර්ම දේශනා කර‍න්නේ නැතුව හිටියේ දැන් මම තේරුම් ගත්තා දැන්ම ම නිව­නට දොර­ගුළු අරි­නවා සැදැ­හැ­ති­යන් අසත්වා කියලා උන්ව­හන්සේ දේශනා කළා. ඒ අව­ස්ථාවේ මහ පොළව කම්ප­න­යට පත්වුණා. මහ බ්‍රහ්මයා සතු­ටට පත්වුණා මෙයයි ආය­චන සූත්‍ර දේශ­නාව.

Comments