සිය­ක්කා­රයන්ගේ නග­රය බල­න්න යාපනයට එන්න | සිළුමිණ

සිය­ක්කා­රයන්ගේ නග­රය බල­න්න යාපනයට එන්න

“ ක්‍රෑක් ..... ක්‍රෑක් ..... ක්‍රෑක් ..... ක්‍රෑක් ......”

සිය­ක්කා­ර­යන් රැළ වෙතින් පිට වන්නේ එබදු වූ හඬක් පමණි. එසේ වුවත් අවට සිදු­වන දේ පිළි­බ­ඳව ඔවුන් සිය­ල්ලන්ම පසු වන්නේ හොඳ අව­ධා­න­යෙනි. ආග­න්තුක වූ හඩක් කන වැකුණු ඇසිල්ලේ සිය­ල්ලෝම එක්ව­නම නිහඬ වෙති. නිර­තව සිටි කාර්යය, ආහාර බුදීම මඳකට නවතා යම­කට ඇහු­ම්කම් දී හිඳින හැඩයි‍. ආග­න්තුක හඬ යට­පත් ව යළිත් පරි­ස­රය නිහඩ වූ කල ඔවුහු යළිත් සුපු­රුදු කාර්ය­යට ප්‍රවි­ෂ්ටව හිඳිති.

 

අව­මය තුන් දහසේ සිට උප­රි­මය විසි­ද­හ­සක්, තිස් දහ­සක් වුවද විය හැකි සිය­ක්කා­රයෝ සෑම විටෙ­ක­දීම විසල් වූ රංචු වශ­යෙන් ගැව­සී­ම­ටම ප්‍රිය කරති. තමන් උපන් බිමේ සිට පර්ය­ටන බිම් සොයා මේ අය ඇදී එන්නේද මේ ආකා­රයේ විසල් රැළක් ලෙස­ටයි. ඒ අතරේ තම නිජ­බිම මතදී කැදලි තනා බිජු දමා පැට­වුන් තනා උස් මහත් කර ගත් පැට­වුන් වර්ධ­නය වී වැඩි­වි­යට පත් නොවූ ගැට­ව­ර­යින් සේ රංචු අතරේ ඒ මේ අත යන්නේ සැමගේ අව­ධා­නය දිනා ගනි­මින්ය. මේ නව­ක­යින්ගේ මග පෙන්ව­න්නන් බවට පත් වන්නේ අත්දැ­කීම් බහුල කුරු­ල්ලන්ය.

සිය­ක්කා­රයන්ගේ නග­රය

සිය­ක්කා­ර­යින්ගේ රැළක් යනු පවුල් ඒකක කිහි­ප­ය­කින්ම සැදුම් ලත් විසල් වු කණ්ඩා­ය­මකි. මෙම විශේ­ෂ­යට අයත් පක්ෂීන්ගේ කැපී පෙනෙන හැසි­රීම් රටා­වක් වන්නේ උපන්දා සිට ජීවි­තයේ අව­සා­නය දක්වාම සිය­ල්ලම එක­ටම සිදු කිරීම, නැති­නම් අන්නෝන්‍ය සබැ­දි­යාව ප්‍රකට කිරී­මය. සිය­ක්කා­ර­යින් එකට සිටින කල එවැනි වු ස්ථාන­යන් හදු­න්වන්නේ සිය­ක්කා­ර­යින්ගේ නග­ර­යක් (Flamingo Cities) යන අනු­වර්ත නාම­යෙනි.

යාපා පටුන නම් වු කටුක දේශ­ගු­ණික තත්ව­යන් සහිත කලා­ප­ය­කට වුවද සොබා­ද­හමේ කාරු­ණි­ක­ත්වය සැමදා හිමි බවට වන ජීව­මාන වු සාක්ෂි­යක් ලෙසින් කලපු ජලජ පරි­සර පද්ධති ඇසු­රේදී විසල් වු රැළක් සේ විහ­ගුන් එක්ව මවනා චිත්‍රය සැබැ­වින්ම මන­රම්ය. උතු­රු­ක­රය විචි­ත්‍ර­ත්ව­යෙන් පිර­වී­මට සම­ත්කම් පාන්නන් පිළි­බඳ පුවත පරි­සර ලෝලීන්ට නම් නොර­හ­සකි. එබැ­වින්දෝ සංචා­රක ආක­ර්ෂ­ණය වැඩි වශ­යෙන් දිනා­ගත් පාරි­ස­රික කලා­ප­යක් බවට උතු­රු­ක­රය පත් වන්නේ නිස­ග­යෙනි. සංචා­රක පක්ෂීන් අපේ රටට පැමි­ණෙන සමය වන්නේ ඊසාන දිග මෝසම සක්‍රීය වන කාල­යයි. ඒසේ පැමි­ණෙන මේ කුරුලු අමුත්තෝ යළිත් සිය රට­වල් බලා පියා­සර කිරීම ආරම්භ කරන්නේ වසරේ මැද භාග­යේ­දීය. එසේ වුවත් වර්ත­මා­නය වන විටදී කුරුලු ලෝලීන්ගේ පාරා­දි­ස­යක් ලෙසට වසරේ මුල - මැද - අග බේද­ය­කින් තොරව උතු­රු­ක­රය පත් ව ඇත. කුරුලු ලෝලීන්ගේ සිත් ආක­ර්ෂ­ණය කර ගත් විහඟ කාණ්ඩ­යක් ලෙස සිය­ක්කා­රයෝ ප්‍රකට වෙති.

විසල් රංචු මැද පෙම් ජව­නිකා

විසල් වු රංචු­වක් වුවද ඒ අත­රෙත් වෙන් වෙන් වශ­යෙන් ගෙන හුදෙ­ක­ලාවේ රස විඳිය හැකි සාමා­ජි­ක­යින්ද සිටිති.

මන්ද යත් ඒ බව සනාථ කර­මින් දෝ දෙදෙ­නෙක් විසල් වු රංචු­වෙන් මද­කට ඈත් ව හිඳ පෙර පෙම් ජව­නි­කා­වක නිර­තව හිඳිති. ස්වකීය දිගු බෙලි සර්ප­යන් හා සමැව එකි­නෙක වෙළා ගනි­මින්, වක් හොටවලින් සිප ගනි­මින්, එකි නෙකා පසු පස එළ­ව­මින් රඟන රැගු­මන් නිහඬ කලපු පරි­ස­ර­යට එක් කර ඇත්තේ අපූ­ර්ව­ත්ව­යක් නොව­න්නේද? ඒ කෙසේ වෙතුදු කෙත­රම් පෙර පෙම් අනග රැගුම් රැගු­වත් මොවුහු කිසි කලෙ­ක­දී­වත් තම ජන්ම බිමෙන් පිට­තදී - එනම් පර්ය­ට­නය සදහා තෝරා ගත් විදේ­ශීය රටක් තුළදී අභි­ජ­න­නය සිදු නොක­රයි.

එනම් සංක්‍ර­ම­ණික විහ­ගුන් යනු වසරේ එක් කාල සීමා­ව­කදී පම­ණක් ස්වකීය නිජ බිම් අතැර තවත් රට­කට සංක්‍ර­ම­ණය කර එහිදී ආහාර - පානා දිය බුක්ති විද යළිත් අභි­ජ­නන කට­යුතු සඳහා තම නිජ­බිම වෙතට පෙරළා පැමි­ණෙන කුරු­ල්ලන් හැදි­න්වී­ම­ටද භාවි­ත­යට ගත හැකි වද­නකි.‍

අභි­ජ­නන කට­යුතු

සාමා­න්‍ය­යෙන් සෙන්ටී මීටර් 110 ත් 150 ත් අතර වු වර්ධ­නීය තත්ත්ව­යක් වැඩුණු සිය­ක්කාර පක්ෂි­යෙ­කුට හිමි වේ. සිය­ක්කාර කිරි­ල්ලි­යක් වර­කට බිත්තර 03-04 ත් අතර ප්‍රමා­ණ­යක් දමන අතර ඒ සදහා තම ජන්ම බිමම තෝරා ගනි. තෙත් පසෙහි (මඩ) උස් වු ගොඩැ­ල්ලක් තනා ඒ මත බිජු ලන අතර මා පිය දෙපා­ර්ශ­ව­යම පැට­වුන් පෝෂ­ණය සිදු කරති. ලවණ හෝ කිවුල් දිය සහිත නොගැ­ඹුරු කලපු ආශ්‍රි­තව ගැව­සෙන මේ පක්ෂීන්ට සිංහල ව්‍යව­හා­රයේ සඳ­හන් වන පරිදි සිය­ක්කා­රයා යන නම භාවි­ත­යට පැමිණ ඇත්තේ ජලයේ බැස සෑම දෙනාම එකා­වන්ව දිගු බෙලි වතුර යට ඔබා ගෙන එක පැත්තට ගමන් කරන්නේ සී සෑමේ ක්‍රියා­කා­ර­කම් ජනිත කර­ව­මිනි. සුදු පැහැ පසුබිමේ දිව යන රෝස මුසු රතු පැහැ වර්ණ­යන් සිය­ක්කා­රයන්ගේ සිරුරු වෙත ලබා දි ඇත්තේ අපූ­ර්ව­ත්ව­යකි. අපේ රටට පැමි­ණෙද්දි සුදු පැහැ සදිසි කුරු­ල්ලන් පෙරළා තමන්ගේ නිජ­බිම් වෙත යන්නේ රතු සහ රෝස පැහැ­යෙන් බබ­ළ­මිනි. එයට හේතුව වන්නේ මොවුන්ගේ ආහාර පුරුදු වේ.

සිය­ක්කා­ර­යින් ජලයේ හිස ඔබා ගෙන ජලය කල­ත­මින් සොයන්නේ කුඩා මෘද්වං­ගීන්, කව­ච­යන්, නීල­හ­රිත බැක්ටී­රියා වැනි කුඩා ශාක විශේ­ෂ­යන්ය. එම ආහාර වර්ග ජල­යෙන් පෙරා ගැනීම සඳ­හාම සිය­ක්කා­ර­යින්ගේ හොටද හැඩ ගැසී ඇත. හොටේ උඩු හා යටි හනු දෙකේ දාර­වල එකි­නෙ­කට සමා­න්ත­රව පිහිටා ඇති සූස්තර (Lamellae) අගින් නැමි වක් වු හොට තුළට ගන්නා ජලයේ ඇති පෙර සඳ­හන් කළ ආහාර වර්ග පෙරා බුදීම සඳහා මෙම පිහි­ටීම වැද­ගත් වේ.

ගිනි සිළු

මේ සූස්තර මඟින් ජලය ඉව­ත­ටත්, ඉතිරි වන ආහාර හොට හරහා මුව තුළ­ටත් රැගෙන යාමට පිහිට වන්නේ දිගු දිවයි. එහි ක්‍රියා­කා­රී­ත්වය පිස්ට­න­යක් බදු වේ. කූණි­ස්සන්, කව­ච­මය ආහාර ආදියේ අන්ත­ර්ගත කැර­ටි­නො­යිඩ් වර්ණක මගින් සිය­ක්කා­ර­යාට දිලෙන සුලු රෝස, රතු­වන් පැහැය ලබා දේ. සිය­ක්කා­රයා හැදි­න්වී­මට ඉංග්‍රීසි වහරේ එන Flamingo ‍යන්න භාවි­ත­යට පැමිණ ඇත්තේ ස්පාඤඤ Flamenco උරු­වයි. ලතින් බසින් Flamma යන්නෙන් අද­හස් වන්නේ දැවෙන ගිනි (Flame) සිළු­වයි. වර්ණ­වත් වු සිය­ක්කා­ර­යින්ද එකට එක­පෙ­ළට දිස් වන්නේ දැවෙන ගිනි සිළු හා සම­වය. උතුරු අර්ධ­ගෝ­ලය තුළ ව්‍යාප්ත සීතල අධික භූමි ඇසුරේ දිවි ගෙවන බොහෝ විහග විශේ­ෂ­යන්ගේ සංක්‍ර­ම­ණික ගොදුරු බිම වන්නේ අපේ රටයි කියන පණි­විඩය ශ්‍රී ලාංකික අප සැම­ටම ආඩ­ම්බ­ර­යක් නොව­න්නේද? අවැසි වන්නේ මේ ආඩ­ම්බ­රය සදා කල් සුර­ක්ෂිත කර ගනු වස් පරි­සර හිත­කා­මී­ත්වය පෙර දැරිව කට­යුතු කිරී­මට සිතට ගැනීමයි.

සේයාරූ - රෝහිත ගු ණ­ව­ර්ධන

Comments