සිළුමිණ ලග්න පලාපල‍ ( ඔක්: 13 සිට ඔක්: 19 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ ( ඔක්: 13 සිට ඔක්: 19 තෙක්)

මේෂ

 බාධා ඇතත් අලුත් වැඩ­පි­ළි­වෙ­ළක්

ලග්නා­ධි­පති කුජ හයේ රවි සම­ඟයි. බුධ, සිකුරු හතේ ද, ගුරු අටේ ද, ශනි, කේතු 9, රාහු 3 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී සුළු බාධා ඇතත් අලුත් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ වේ. සතු­ර­න්ගෙන් ඈත් වී කට­යුතු කිරී­මට අවස්ථා සැලසේ. උත්සා­හ­යන්ගේ ප්‍රති­ඵල ලැබේ. මිල මුදල් ලැබී­ම්ව­ලට ශුභයි. ඥාතී­න්ගෙන් ආද­රය කරු­ණාව ලැබේ. කෙටි ගම­න්බි­මන් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි විම­සි­ලි­මත් වන්න. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට උත්සාහ සහ කැප වීම අව­ශ්‍යයි. බඩ­වැල් අශ්‍රිත පීඩ, ස්නායු දුර්ව­ල­තා­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

වෘෂභ

බාධා මැද දියු­ණුව

ලග්නා­ධි­පති සිකුරු යෝග­කා­රක බුධ හය වැන්නේ ද ගුරු හතේ ද, රවි, කුජ 5 ද ශනි, කේතු 8 ද රාහු 2 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තමාගේ කට­යු­තු­වල දී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු වේ. ඒවා මැඩ­ප­ව­ත්වා­ගෙන තමාගේ කට­යුතු එක්තරා ප්‍රමා­ණ­ය­කට සාර්ථක කර­ගනී. වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද අන­වශ්‍ය විය­දම් ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී යම් අත­ප­සු­වී­ම්ව­ලට ඉඩ පවතී. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන්න. අධ්‍යා­පන අංශ­ව­ලට වඩා ක්‍රීඩා වැනි අංශ­ව­ලට හිත යොමු වේ. ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝග, යටි­බඩ ආශ්‍රිත රෝග­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

නොගැ­ළ­පෙන අය හා ඇසුර එපා

ලග්නා­ධි­පති බුධ සිකුරු පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. ගරු 6 ද, රවි, කුජ 4 ද ශනි, කේතු 7, රාහු ලග්නයේ ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී ශරීර විඩාව සහ වෙහෙ­ස­කාරි ගති ඇති කරයි. තමාට නොගැ­ළ­පෙන අය සමඟ ආශ්‍ර­යට නොයන්න. ඥාතීන්ට මෙන්ම පවුලේ අයට ද යම් බාධා­කාරී ගති ඇති වේ. ඉගෙ­නී­ම්වල උත්සා­හ­යන්ගේ සාර්ථ­ක­ත්වය අඩු වේ. වෘත්තීය අංශ­ව­ලට බාධා ඇති වේ. ගම­න්බි­මන් අධි­කයි. මිල මුදල් ලැබුණ ද මුදල් ඉතිරි කිරීම අප­හ­සුයි. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. කතා­බ­හ­වල දී ප්‍රවේ­සම් වන්න. වෛරස් රෝග, මුත්‍ර දෝෂ, පපුව පෙණ­හැල්ල ආශ්‍රිත රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

 මුදල් ඉතිරි කර­ගැ­නීම ඉතා අප­හ­සුයි

යෝග­කා­රක කුජ, රවි තුන්වැන්නේ ද, බුධ, සිකුරු 4 ද, ශනි, කේතු 6 ද, රාහු 12 ද ගුරු 5 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල යම් බාධා අව­හි­රතා මධ්‍යයේ තමාගේ කට­යුතු කර­ගත යුතුයි. උසස් නිල­ධා­රීන් සමඟ වැඩ­ක­ට­යුතු කිරීමේ දී සැල­කි­ලි­මත් වන්න. ආදා­යම් ලැබුණ ද මුදල් ඉතිරි කර­ගැ­නීම ඉතාම අප­හසු වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක පල ලබයි. උෂ්ණා­ධික රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩ, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

කර­ගෙන ආ කට­යු­තු­වල වෙන­ස්කම්

ලග්නා­ධි­පති රවි, කුජ දෙවැ­න්නේය. බුධ, සිකුරු 3 ද, ගුරු 4 ද ශනි, කේතු 5, රාහු 11 ගමන් ගනී. එම ග්‍රහ පිහි­ටීම් සැල­කීමේ දී සම­හර විට ස්ථාන වෙන­ස්කම් මෙන්ම කර­ගෙන ආ කට­යු­තු­වල වෙන­ස්කම් ඇති වේ. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය පාල­නය කිරීම අසීරු වේ. ගම­න්බි­ම­න්වල දී කල්ප­නා­කාරී වන්න. කෘෂි අංශ­වල යෙදී සිටින අයට ආදා­යම් අඩු වේ. ගෙදර පදිං­චිය පිළි­බඳ කර­දර ඇති වේ. වාද විවා­ද­ව­ලට ලක් වේ. ඉතාම ඉව­සි­ලි­මත්ව ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි සැල­කි­ලි­මත් වන්න. අධ්‍යා­පන අංශ­වල, පර්ය්ෂණ කට­යු­තු­ව­ලට ශුභයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න. උෂ්ණා­ධික, උද­රා­ශ්‍රිත රෝග­ව­ලට ලක් විය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

දරු­වන්ගේ කට­යුතු සාර්ථ­කයි

ලග්නා­ධි­පති බුධ යෝග­කා­රක සිකුරු ධන­ස්ථා­න­යේය. රවි, කුජ ලග්න­යේය. ගුරු 3 ද, ශනි, ශනි, කේතු 4, රාහු 10 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තමාගේ කට­යුතු උදෙසා විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකි නිසා විම­සි­ලි­මත්ව ද, බුද්ධි­මත්ව ද කට­යුතු කරන්න. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී විශේ­ෂයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම දරු­වන්ගේ කට­යුතු සාර්ථක වේ. දියු­ණු­වක් ලබයි. ඉගෙ­නීමේ යෙදී සිටින අයට ශුභයි. ක්‍රීඩා වැනි දේව­ලට ශුභයි. වෛරස් රෝග, උෂ්ණා­ධික රෝග­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

රැකියා කට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති සිකුරු, බුධ ලග්න­යේය. ගුරු 2 ද, ශනි, කේතු 3 ද, රාහු 9 ද, රවි, කුජ 12 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී විටින් විට බාධා අව­හි­රතා ගැටලු ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල දී කල්ප­නා­කාරී විය යුතය. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා මතු කළ හැකිය. තම තත්ත්ව­යට නොගැ­ළ­පෙන අය සමග ආශ්‍ර­යට යෑමෙන් වළ­කින්න. මිල මුදල් ලැබී­මට ශුභයි. විය­දම් පක්ෂය අධික වේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. උද­ර­ගත රෝග, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බාධ, අන­තුරු පීඩා­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

 වචන පාවි­ච්චියේ දී සැල­කි­ලි­මත් වන්න

ලග්නා­ධි­පති කුජ, රවි සමඟ අය ස්ථාන­යේය. ශනි කේතු 2 ද, රාහු 8 ද බුධ සිකුරු 12 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකි නිසා කල්ප­නා­කා­රීව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් වෘත්තීය සහ රැකියා අංශ­වල ආකූ­ලතා මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද මුදල් ඉතිරි කර­ගැ­නීම අප­හ­සුයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද වචන පාවි­ච්චියේ දී සැල­කි­ලි­මත් වන්න. සම­ඟි­යට සාම­යට නොඑසේ නම් බාධා එල්ල විය හැකියි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­පල ලබා ගත හැකිය. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, නහර දුර්ව­ලතා මතු විය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

ඉගෙනගන්නා අයට සුබයි

ලග්නා­ධි­පති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, රාහු 7 ද රවි කුජ දහයේ ද බුධ සිකුරු 11 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන බැලීමේ දී තමාගේ වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් ප්‍රමා­ද­තා­වන්ට ඉඩ මතු කෙරේ. ඉතාම කල්ප­නා­කා­රීව බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශ­යෙන් නම් අව­හි­රතා ඇති නොවුව ද තද ලෙස වාසි සහ­ගත තත්ත්ව­යක් ද උදා නොක­රයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සාම­යට සම­ඟි­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා වැඩි­පුර නැඹුරු වී කට­යුතු කිරී­මට සිදු වේ. ඉගෙ­නීමේ යෙදී සිටින අයට ශුභයි. උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබේ. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

 වෙළෙඳ ව්‍යාපා­ර­ව­ලින් වාසි

ලග්නා­ධි­පති ශනි, කේතු 12 ද, ගුරු 11 ද, බුධ, සිකුරු 10 ද රවි, කුජ 9 ද සිටී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා අංශ­වල දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබීම තුළ තමාගේ කට­යුතු එක්තරා මට්ට­ම­කට සාර්ථක වේ. වෙළෙඳ ව්‍යාපා­ර­යන්හි යෙදී සිටින අයට වාසි­දා­යක වේ. ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක බවක් ලබනු ඇත. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක පල ලැබිය හැකිය. රුධිර පීඩ­නය, උෂ්ණා­ධික රෝග, සෙම් කෝප පීඩ, උගුර, බෙල්ල ආශ්‍රිත රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

කුම්භ

ගෙද­ර­දොර කට­යුතු යහ­පත්

ලක්නා­ධි­පති ශනි, කේතු අය­ස්ථා­නයේ සිට ලග්නය දකී. ගුරු 10 ද, බුධ, සිකුරු 9 ද, රවි, කුජ අටේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන බැලීමේ දී තමාගේ කට­යු­තු­ව­ලට යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු වේ. සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. එසේම මුදල් ආයෝ­ජ­න­ය­කට ඉඩ සැලසේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. එසේම ගෙද­ර­දොර කට­යුතු උදෙසා වැඩි­පුර වෙහෙස මහ­න්සි­යට ඉඩ සැලසේ. දරු­වන්ගේ කට­යු­තු­ව­ලට වෙහෙ­සෙයි. ශරී­ර­යට තද ලෙස විඩා­වක් දැනේ. අධ්‍යා­පන අංශ­ව­ලට යෙදී සිටින අයට බාධා එල්ල වේ. උත්සා­හය අව­ශ්‍යයි. වෛරස් රෝග, උද­රා­ශ්‍රිත රෝග, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

ඉව­සී­මෙන් වැඩ කරන්න

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­න­යේය. ලග්නය දකී. ශනි, කේතු 10 ද, රාහු 4 ද, බුධ, සිකුරු 8 ද, රවි, කුජ හතේ ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන බැලීමේ දී තද ලෙස කෝප වේ. මුරණ්ඩු වේ. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. රැකියා හා වෘත්තීය අංශයේ දී උසස් නිල­ධා­රීන් සමඟ කට­යුතු කිරීමේ දී සැල­කි­ලි­මත් වන්න. නොඑසේ නම් ආකූ­ලාත ව්‍යාකූ­ල­තා­ව­ලට ඉඩ මතු කළ හැකිය. ආර්ථික වශ­යෙන් අය­හ­පත්ය. විය­දම් අධික වේ. ණය­තු­රු­ස්වී­මට ඉඩ සැලසේ. නීති­මය ප්‍රශ්න­ව­ලට යොමු වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කරන්න. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට නම් යහ­පත්ය. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බාධ, අන­තුරු පීඩා­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments