මං නවීනතම මෘදුකාංග 4ක් හැදුවේ වයස 64දී | සිළුමිණ

මං නවීනතම මෘදුකාංග 4ක් හැදුවේ වයස 64දී

 

 

නෑම පාඩු ලබන ව්‍යාපා­ර­යක පැයක් ගත­කොට, එහි ගැට­ලුව සොය­න්නට තරම් ඔහු විග­ණ­නයේ ප්‍රාමා­ණි­ක­යෙකි. පරි­ග­ණක ලෝකයේ අද කතා කරන Paper Less සංක­ල්පය ඔහු භාවි­ත­යට ගත්තේ මීට අවු­රුදු හය­කට එපි­ට­දීය.

එක­කට එකක් වෙනස් සේ පෙනෙ­න­මුත් විග­ණ­නය හා මෘදු­කාංග නිර්මා­ණය යනු, එකි­නෙක බැඳී පව­තින ‍ක්ෂේත්‍ර දෙකක් බව මේ වන විට ඔහු ඔප්පු කර හමා­රය. මෘදු­කාංග ඉංජ‍ි­නේ­රු­වෙක් නොවී මෘදු­කාංග හදන, ජාත්‍ය­න්ත­ර­යට සිය ව්‍යාපා­රය ගෙන ගිය සනත් ඩී. සිල්වා අපේ රටේ සුවි­ශේෂි චරි­ත­යක් වන්නේ එහෙ­යිනි.

 

මොකක්ද ‘somro’ අර්ථය...

‘සෞම්‍ය ඉර’ , ‘සොමිරෝ’ කිය­න­කොට කාට­වත් හිතෙන්නෙ නැහැ මේක ‍ඒ තරම් හොඳ සිංහල නමක් වග. අද අපි ලෝකෙ කොයි රට­කට වුණත් යන්නෙ Somro බ්‍රෑන්ඩ් එකෙන්.

මොන­වද මේ ආය­ත­නයේ නිෂ්පා­දන...

අපේ රටේ, අපේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් ඉගෙ­න­ගත් දක්ෂ මෘදු­කාංග ඉංජි­නේ­රු­වන් ලවා, නවීන ව්‍යාපාර ලෝකෙට ගැළ­පෙන මෘදු­කාංග නිර්මා­ණය කිරීම. සාමා­න්‍ය­යෙන් ව්‍යාපා­ර­ය­කට අවශ්‍ය process Management එකක් පිට රටින් මිලදී ගනිද්දී රුපි­යල් මිලි­ය­න­ය­කට වැඩි මුද­ලක් වැය­වෙ­නවා. නමුත් අපි හදන ඒ මෘදු­කාං­ග­ය­කට මිල වන්නේ රුපි­යල් ලක්ෂ හත­රයි. ඒවා මිලදී ගත් විට කඩි­න­මින් යාව­ත්කා­ලීන කර දීම­ටත් අප බැඳී සිටි­නවා. ඒ හරහා, එම සේව­යට අවශ්‍ය රැකියා තවත් විශාල ප්‍රමා­ණ­යක් උත්පා­ද­නය කිරී­මට අපිට හැකි­යාව තිබෙ­නවා. අනෙක් අතට, අපේ රටේ තොර­තුරු තාක්ෂ­ණය සහ පරි­ග­ණක මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වන්ගේ නිර්මාණ, කර්මා­න්ත­යක් විදි­යට දියු­ණු­ව­නවා. ඇත්ත­ටම, දැන් මේ උදා වී තිබෙන්නේ තොර­තුරු තාක්ෂ­ණය සහ මෘදු­කාංග නිර්මා­ණය අපේ රටේ කර්මා­න්ත­යක් කිරී­මට දියුණු කළ යුතු කාල­යයි.

මොන­වද ඔබ නිර්මා­ණය කළ නව­තම මෘදු­කාංග....

Finance Management System.

Fixed Asset Register with Asset Maintenance and Management.

Human Resources Management + Payroll System.

Process Management (Workflow Management + Data/Information management, project management, time management) කියන ඉතා­මත් වටිනා මෘදු­කාංග. මං මේ සියල්ල නිර්මා­ණය කොට තිබෙන්නේ තොර­තුරු තාක්ෂණ ලෝක­යට විප්ල­වීය වෙන­සක් කළ Cloud /web based software solutions,සහ 99% ක් paperless වැනි නවීන තාක්ෂ­ණ­‍ෙයන්. මං මේවා කළේ ‘එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ යටතේ 6.75% ක පොලි­යට රුපි­යල් මිලි­යන 25 ක ණයක් අරන්. මුළු විය­දම මිලි­යන 32ක්.

දැන් මේවා අලෙවි වෙලාද......

ඒ තමයි දැන් මං ඉදි­රියේ තිබෙන ලොකුම අභි­යෝ­ගය. එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා යටතේ මේ තරම් ලොකු ණය මුද­ලක් රජය අපිට ලබා දී තිබෙන්නෙ නිර්මා­ණ­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් විදි­යට අපි ගැන විශ්වා­සය තබලා.අවු­රදු 35 ක් පුරා අපි මේ ක්ෂේත්‍රයේ කරපු දේ සොයා බලා විම­සලා. අප වැනි ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කරන්න රජය ගත් මේ පිය­වර අගය කළ යුතුයි. හැබැයි ඒ හා සමා­න­වම, අපේ නිර්මාණ අලෙවි කර­ගැ­නීම සඳහා, මෘදු­කාංග ආන­ය­න­යට සීමා පැන විය යුතුයි.

ඇයි ඔබ එහෙම කියන්නෙ....

ඉන්දි­යාව ඇතුළු බොහෝ රට­වල්, කිහි­ප­දෙ­නකු පම­ණක් එක් වී මෘදු­කාංග නිර්මා­ණය කළත් රජය මැදි­හත් වී දෙස් විදෙස් වෙළෙ­ඳ­පොළ සොයා ගන්නට උදව් කර­නවා. නමුත් විදෙස් මෘදු­කාංග ලංකා­වට ගෙන ඒම නිසා රටට නොදැනී, අපිට නොදැනී මහා ධන­ස්ක­න්ධ­යක් පිට­ර­ට­වල ඇදී යනවා. අපේ රටේ ආය­තන, අපි මේ හදන නවීන මෘදු­කාංග මිලදී ගත්තොත් ඒ විනා­ශය යම් පම­ණ­කට හෝ වළක්වා ගන්න පුළු­වන්. මෘදු­කාංග නිර්මාණ කර්මා­න්ත­යක් විදි­යට දියුණු කර­ග­න්නත් පුළු­වන්.

ලොව පුරා දැවැ­න්තව විහි­දුණු ක්ෂේත්‍ර­යක ඔබ හිස්තැ­නක් හොයා ගත්තේ කොහො­මද....

හැමෝම හදන්නෙ එක­වු­න්ටින් පැකේජ්. පේ. රෝල් පැකේජ්. නමුත් ව්‍යාපා­ර­යක වත්කම් පරි­හ­ර­ණ­යට ඊට වඩා දේ අව­ශ්‍යයි. වත්කම් හරි­යට ලේඛන ගත කිරීම, ඒවා පරි­පා­ල­නය තුළ සභා­ප­තිට, ගණ­කා­ධි­කා­රිට අවශ්‍ය හැම මොහො­ත­කම අධ්‍ය­ය­නය පහසු කිරී­ම­ටත් තොර­තුරු තිබිය යුතුයි. සාමාන්‍ය සිස්ටම් එකේම යාමට වඩා පහ­සු­වෙන් එය කර­ගත යුතුයි. මෙය රටට ඉතා අත්‍ය­වශ්‍ය තත්ත්ව­යක් වුවත් ඉතා අඩු ප්‍රති­ශ­ත­යක් තමයි එහෙම ක්‍රියා­ත්මක වෙන්නේ. මං පිරෙව්වෙ ඒ වෙළෙ­ඳ­පොළ අඩු පාඩුව.

එච්ච­රද ....

නැහැ.Workflow management කිය­න්නෙත් එහෙම නිර්මා­ණ­යක්. කොම්පැ­නි­යක වැඩ කරන අයගේ සම්පූර්ණ තොර­තුරු සහ සැකිල්ල Online ගන්න පුළු­වන් කමක් දැනට නැහැ. මං ඒ මෘදු­කාං­ගය හැදුවා. මේකෙන් ඕනෑම ආය­ත­න­ය­කට පුළු­වන් බාර­දුන්නු කාර්යය කොයි­ත­රම් දුරට ඉව­රද.... තව කොයි­ත­රම් ප්‍රමා­ණ­යක් තියෙ­න­වද.... වැනි කාරණා සොයන්න, ඕනෑම තැනක ඉඳන් ‍ෆෝන් එකෙන් දත්ත ඇතු­ළත් කර­න්න, ඒවා අවශ්‍ය කෙනාට බල­න්න.

මේ සියල්ල නවීන Cloud based තාක්ෂ­ණ­යෙන් කරපු ඒවා. ෆීල්ඩ් එකයි, හෙඩ් ඔෆිස් එකයි අතර නිර­න්තර සබ­ඳ­තාව පව­ති­නවා. කාලය ඉක්මන්. කොළ ගොඩ ගැහෙන්නෙ නැහැ. සේව­කයා ඉන්න තැන පේනවා. ආය­තන පරි­පා­ල­න­යට හරිම පහසු තාක්ෂ­ණ­යක්.

කොතැ­නද මේ සමා­ගමේ ආර­ම්භය.....

බී.ආර්.ඩී. සිල්වා සමා­ගම කියන්නෙ, ජාත්‍ය­න්තර විග­ණන සමා­ග­මක් වන,Nexia International හි ශ්‍රී ලංකා නියෝ­ජි­තයා. ඒ වෙන­කොට මං අවු­රුදු 15ක් ඒ සමා­ග­මට වැඩ කරලා. සමා­ග­මෙන් ඉවත් වෙලා යන්න හදන කොට එහි සභා­පති නිහාල් සිල්වා මහ­ත්මයා ඊට ඉඩ දුන්නේ නැහැ. ‘ඔයා කැමති දෙයක් ඉල්ලන්න මට අවශ්‍ය ඔයාව තියා­ගන්න...’ කිව්වා. නියෝ­ජි­තයා හැටි­යට ඔහුට හැකි­යාව තිබුණා තවත් ආශ්‍රිත සමා­ගම් අරින්න බලය දෙන්න. මගේ ඉල්ලී­ම­ටයි, එවැනි සහය සමා­ග­මක් ලෙස, Nexia Computer Services (pvt) Ltd පරි­ග­ණක සමා­ගම ආරම්භ කළේ.

ඔබට අවශ්‍ය ව්‍යාපා­ර­යක් ඔවුන් ලවාම පටන් ගන්න තරම් තිබුණු බැඳිම කුමක්ද....

ඒ සමා­ගමේ පළමු කොම්පි­යු­ට­රය තියලා වැඩ පටන් ගත්තෙත් මම­මයි. ඊළ­ඟට තවත් තැන් දෙක තුනක වැඩ කරලා මං ආපහු ඒ සමා­ග­මට ආවා. ඒ වෙන­කොට මම ඔවුන්ගේ ටීම් එකේ අත්‍ය­ව­ශ්‍යම පුද්ග­ලයා බවට පත්වෙලා හමා­රයි. බී.ආර්.ඩී. සිල්වා කාර්යා­ල­යෙන් පරණ මේස දෙක­කුයි පරණ පුටු දෙක­කුයි , ඒ වෙන­කොට හුඟක් පාවිච්චි කරලා තිබුණු කොම්පි­යු­ටර් දෙක­කුයි ඉල්ලා­ගෙන තමයි, මං ඒ අලුත් බිස්නස් එක පටන් ගත්තේ. අවු­රුදු 20 කට පස්සෙ ඒ සමා­ගමේ නිහාල් සිල්වා මහ­ත්මයා ඔහුගේ කොටස් ටිකක් මටම දුන්නා. සේව­ක­යන් දියුණු වෙලා ඉහ­ළට යන හැටි දැකලා සතුටු වන කෙනෙක්. මම සත­ප­හ­ක්වත් නොදැ­ම්මට ඒ ආය­තනය දියුණු කළේ මගේ දැනු­මෙන් කියන කළ­ගු­ණය ඔහුට තිබුණා. මගේ දැනුම උදෙසා දී තිබුණු 50% ක කොටස් අයි­තිය 100% ක්ම කරලා එතුමා මට ඔහුගේ කොටස් ටිකක් පැව­රුවා. එතෙක් කල් Nexia International යටතේ තිබුණු සමා­ගම Somro බවට පත් වුණේ එහෙ­මයි.

ඒ වන විට ඔබ මොන විදියේ නිර්මා­ණද කර තිබුණේ....

පරි­ග­ණක ඇසු­රින් කළ හැකි ඕනෑම වෘත්තී­මය සේවා­වක් මං කළා. ඒ කියන්නේ. ලෙජර් නඩත්තු කිරිම්, පොත් තැබීම්, දත්ත ගබඩා කිරීම්, ගිණුම් කර­ණය.... ඔය වගේ හුඟක් දේ. නමුත් මගේ ඔ‍ළුවෙ වැඩ කළේම කව­දා­හරි Accounting package එකක් හදන්න ඕනෙ කියන සිති­විල්ල.

ඉතින් ඔබ ඒ දේ කළාද.....

ඔව්. හදපු පැකේජ් ටිකෙන් ටික සමා­ග­ම්ව­ලට විකු­ණන්න ගත්තා. සොලෙක්ස් ඉංජි­නි­ය­රින්, ඩර්ඩන්ස් හාට් සර්ජි­කල් අංශය, උණ­ව­ටුන බීච් හොටෙල්, ලයන් එයාර්, ස්පාක්ලීන් ට්‍රැවල්ස්, සපීඩ් මාර්ක් වැනි එක­කට එකක් වෙනස් ප්‍රධාන පෙළේ ආය­තන ගණ­නා­ව­කට ගිණු­ම්ක­රණ අංශ­යෙන් (Accounting based) පරි­ග­ණ­ක­ගත කිරීම් කළා. ඒ වෙලාවේ ක්ෂේත්‍රයේ අත්දැ­කීම් අඩු කෙනෙක් හැටි­යට මේ වගේ ලොකු සමා­ග­ම්ව­ලින් වැඩ පටන් ගන්න මට පුළු­වන් වුණේ බී. ආර්, ඩී. සිල්වා සමා­ග­මෙන් ලබා දීපු සම්බ­න්ධී­ක­ර­ණය නිසා. ඒ ආර­ම්භය තමයි මට තිබුණු ලොකුම අභි­යෝ­ග­යක්.

ඔඩි­ටින් වගේ නීරස විෂ­ය­කින් මෘදු­කාංග නිර්මා­ණ­ක­රු­වෙක් බිහි­වීම විරල දෙයක්. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද....

මට නම් විග­ණ­නය කියන්නෙ ජීවි­තය හා බැඳුණු බොහොම ප්‍රිය මනාප විෂ­යක්. තර්කා­නු­කූ­ලව හිතන්න, හරි දේ හොයා ගන්න...නිවැ­රැ­දිම තීර­ණය ගන්න විග­ණ­න­යක් වෙන්නම ඕනෙ. අපේ ජීවිතේ වුණත් විග­ණ­න­ය­කට ලක් කරන්න පුළු­වන්. ඔඩි­ටින් ඒ තරම්ම ප්‍රයෝ­ගි­කයි. ජීවිතේ හැම තැන­ක­දී­මත් අදා­ළයි. මං පරි­ග­ණ­ක­යට යොදා ගත්තෙත් ඔස්­ටින් දැනුම සහ ඒ න්‍යායම ක්‍රමයි.

මෘදු­කාංග ඉංජි­නේ­රු­වෙක් නොවී ඔබ කොහො­මද මේ දේවල් කරන්නෙ.. කාට හරි හිතු­ණොත්...

මම පසු­ගිය අවු­රුදු 27 පුරා­ව­ටම මෘදු­කාංග හදන ප්‍රෝග්‍රෑ­මර් කෙනෙ­කුගේ වැඩේ විත­රක් කෙරුවෙ නැහැ. ප්‍රෝග්‍රෑ­මර්ගේ වැඩේ, මේ වගේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක­කදී ඉතා­මත් සුළු ප්‍රති­ශ­ත­යක් විත­රයි. ඒකට කලින් සහ පසුව තිබෙන කාර්ය­යයි වැඩි. ඒ සියල්ල තියෙන්නේ මගේ ඔළුවේ. නිර්මා­ණ­යක් හදන්න ඩිව­ලොප් කරන්න. කොලිටි චෙකින් උප­දෙස් දෙන්න මේ වගේ හුඟක් දේ. ඩොස්, වින්ඩෝ­ස්ව­ලින් පටන් අරන් ක්ලවුඩ් බේස්ඩ් දක්වා ඇවිත් මං මේ ඉස්ත­රම්ම මෘදු­කාංග හත­රම හැදුවේ වයස 64 දී.

එත‍කොට ඔබ පරි­ග­ණ­කය හැදෑ­රුවේ...

මම ම දැනුම හොයා­ගෙන මේ දේවල් කළාට මටත් ඕනෙ වුණා, නිවැ­රැදි න්‍යාය­ත්මක දැනු­මක් ලබා ගන්න. මං ජාතික ව්‍යාපාර කළ­ම­නා­ක­රණ ආය­ත­නයේ (NIBM) 1984 හා 1991 වර්ෂ­වල පරි­ග­ණක පාඨ­මා­ලාව කළා. ඒකෙන්, ප්‍රැක්ටි­කල් මනු­ස්‍ස­යෙක් වෙච්චි මට හොඳ තියරි දැනු­ම­කුත් ලැබුණා. මං මගේ ආය­ත­න­යට අවශ්‍ය පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් හැදුවා. අනිත් සේව­ක­ය­න්ටත් දැනුම දුන්නා. කොටින්ම, පරි­ග­ණක ඉංජි­නේ­රු­වෙක් නොවු­ණාට මං පරි­ග­ණ­කය මෙව­ල­මක් කර­ගත්තා. නෑණ නුව­ණින් ඒ මෙව­ලම හැසි­රු ­විට බොහෝ දේ කර­ගන්න පුළු­වන් බව මං අද ඔප්පු කර ඉව­රයි.

බොහෝ කලක්, කම්පි­යු­ට­ර­යෙන් වැඩ පෙන්වපු ඔබ තම­න්ගෙම දෙයක් හිතුවෙ කවද ද.....

එක ආය­ත­න­යක් නෙවෙයි, මං එක­වර ආය­තන දෙක තුන­ක­ටම වැඩ කළා. ඒ හැම සභා­ප­ති­ව­ර­යෙ­කුම බොහොම හොඳ මිනිස්සු. 1989 වෙන­කොට මං, බී.ආර්.ඩී. සිල්වා සමා­ග­මට පරි­ග­ණ­කය සම්බන්ධ බොහෝ වාසි­දා­යක ප්‍රති­ඵල දුන්නත් මට හිතුණා මං මේවම කර කර ඉඳලා හරි­යන්නෑ තව ඉගෙන ගන්න ඕනෙ කියලා. ඒ අය ඉන්න කිව්වත් මං තීර­ණය කළා රස්සා­වෙන් අස්වෙලා NIBM එකේ තව­දු­ර­ටත් ඉගෙන ගන්න. ‘Computer System Design’ කියන අවු­රු­ද්දක ඩිප්ලෝ­මාව කරද්දී මගේ වයස 38යි. ඒ තමයි, අද­ටත් මගේ ළඟ තියෙන එකම ලේඛන සුදු­සු­ක­ම.

වයස 38 දී කරපු ඩිප්ලෝ­මා­වෙන් කොහො­මද මේ තරම් දුරක් එන්න පසු­බිම හැදුණේ....

ඒ තමයි උව­ම­නාව, උන­න්දුව සහ කැප­වීම. පාඨ­මාලා සහ­තික මත පිහි­ටලා ප්‍රායෝ­ගික මිනි­හෙක් වෙන්න බැහැ. ඒ වෙලාවෙ මං ඉගෙන ගතතේ වයස 20-21 තරුණ ළමයි එක්ක ඒ ළමයි මට කතා ‍කළේ ‘අන්කල්’ කියලා. ඒක මට ගාණක් නැහැ. ඒ අවු­රුද්ද පුරාම මට රස්සා­ව­කුත් නැහැ. දුව පුංචියි. ආර්ථි­කය අමා­රුයි. හැබැයි මට ඉල­ක්ක­යක් තිබුණා. යන්න ඕනෙ තැන තීර­ණය කරලා තිබුණා. ප්‍රායෝ­ගික මිනි­හෙ­කුට දියුණු වෙන්න පුංචි පසු­බි­මක් තිබු­ණත් ඇති. නැත්නම් වෙන්නෙ තියරි සහ සහ­තික තියා­ගෙන හැම­දාම අනුන්ට වැඩ කරන්න.

ඔබ ජීවිතේ හුඟක් සැල­සුම් කරන කෙනෙක් හැඩයි...

ඔබට හිතා­ගන්න පුළු­වන්ද.... පාඨ­මා­ලා­වක් කරන්න, දරු­වෙක් ඉන්න තාත්තා කෙනෙක් රස්සාව අත්හ­රි­නවා කියන එකම, මොන­ත­රම් බර­ප­ත­ළද.. හුඟක් අය කිව්වෙ ‘මේ මොන මෝඩ වැඩක්ද...’ කියලා ඇත්ත­ටම එහෙම අව­දා­න­මක් ගන්න මගේ අතේ සල්ලි තිබු­ණෙත් නැහැ. මගේ අම්මා ලක්ෂ දෙකක් දුන්නා. මං ඒකෙන් වයිෆ්ට රුපි­යල් දෙදාහ ගාණේ, මාස 15කට මුදල් අයින් කළා. පාඨ­මා­ලා­වට 45,000 ක් ගෙව්වා. බැංකු පොත­ටත් 25,000 ක් දාලා, 50,000 කට පොඩි කාර් එක­කුත් අර­ගත්තා. මං කෝස් එකට අත­ගැ­හුවෙ එහෙ­මයි. මදි පාඩු හැම වෙලා­වෙම පිරි­මැ­හුවෙ මගේ බිරි­යගේ අම්මයි තාත්තයි. ඒ විත­රක් නෙවෙයි. ඒ වෙන­කො­ටත් පාන­දුරේ පොඩි­යට කුකරි පන්ති කර­මින් හිටි මගේ බිරි­යගේ පන්තිත් ඊට වඩා ආදා­ය­මක් එන ‍විදියට සැල­සුම් කළා. ‘මේ අවු­රුද්ද පුරාම මට උප­යා­ගන්න වෙන්නෙ නැහැ. ඔයා පන්ති කරලා එන මුද­ලක් අපි මේ විදි­යට හදා ගමු...’ කියලා ඇය­ටත් සැල­සුම් දුන්නා. ඒවාට අනුව තමයි හැම­දේම කළේ. සියල්ල වඩා අපේ ඇවැ­තුම් පැව­තුම් ඉතා­මත් සර­ලව පවත්වා ගෙන ගියා. මොකද, සරල ජීවිතේ තරම් සහ­න­යක් තවත් නැහැ.

ඒත්, ගෙයක් දොරක් - වාහ­න­යක් තියෙන ඕන කෙනෙක් අව­ශ්‍ය­තා­ව­ලින් අඩක් හරි සම්පූ­ර්ණ­යිනේ...

ජීවත් වෙන්න ගෙයක් තිබුණු බව ඇත්ත. නමුත් විවාහ වූ මුල් කාලේ මට කාර් එකක් තිබුණේ නැහැ. නැන්ද­ම්මයි - මාම­ණ්ඩියි කිය­නවා ගම­නක් යද්දි එයා­ලගේ කාර් එක ගන්න. පෙට්‍රල් ගහන්න ඕන නැහැ, කියලා. මං මට පුළු­වන් විදි­යට රුපි­යල් 1500 ක් දීලා බයි­සි­ක­ල­යක් ගත්තා. බිරි­යයි මායි හැම ගම­නක්ම ගියේ බයි­සි­ක­ල­යෙන්. අහං­කා­ර­ක­ම­කට නෙවෙයි. මං ජීවත් වුණේ මට තියෙන විදි­යට. මට පුළු­වන් විදි­යට. ලැබෙන දෙයින් සතුටු වුණාම, වැඩි­පු­රත් ලැබෙ­නවා.

වැටෙන පැර­දෙන විට ඔබ හිතන්නේ මොන­වද...

වැටීම් - පැර­දීම් කියන්නෙ ජීවි­ත­යේම කොටස්. ඒවාට මුහුණ දීලා, විස­ඳුම් හොයා ගන්නවා ඇරෙන්න ඒවා ගැන හිත හිතා ළතැ­වෙවී ඉන්න එක මගේ සිරිත නෙවෙයි. මොන ප්‍රශ්නෙ ආවත් යා යුතු තැනට යන්නත් මං දන්නවා.

ඔබේ ජීවි­ත­යට බල­පෑම් කළ පුද්ග­ල­යන් කවුද....

ඔව්. බී.ඩී.ආර්. ඩී. සිල්වා සමා­ගමේ, ප්‍රධාන හවු­ල්කාර වූ, ඒ නිහාල් සිල්වා මහ­ත්මයා. ලංකාවේ පරි­ග­ණක භාවි­තය ඉතා­මත් අල්ප වූ යුග­යක ඔහු දීපු බලය සහ නිද­හස තුළ මං මගේ වෘත්තීය ජීවි­තය ගොඩ­නඟා ගන්න අවශ්‍ය උප­රිම ශක්තිය භාවිත කළා.

ඊළ­ඟට, ‘බැම් ගෲප්’ සමා­ගමේ සභා­පති බී.ඒ. මහී­පාල මහ­ත්මයා. බී.ආර්.ඩී.සිල්වා සමා­ග­මට මං ක‍ළ විශ්වා­ස­වන්ත සේව­යට ලැබුණු බර­ප­තළ පැව­රුම තමයි, මහි­පාල මහ­ත්ම­යගේ සමා­ගමේ ගණ­කා­ධි­ක­රණ සහ විග­ණන කට­යුතු කරන්න ලැබීම.එතුමා සුදු­සු­කම් ලත් ඉංජි­නේ­රු­වෙක්. ඔහු­ටත් මාව හිතට ඇල්ලුවා. අවු­රුදු දෙක­කින් මං අස්වෙලා ගියත්, ‘අම­තර දෙයක් හැටි­යට මෙහෙ වැඩක් කරන්න..’ කියලා ඔහු මට හොඳ මුද­ල­කුත් ගෙව්වා. ඇත්ත­ටම ඔහුගේ හමු­වී­මත් මගේ ජීවි­තයේ හැර­වුම් ලක්ෂ­යක්.

හැර­වුම් ලක්ෂ­යක් වෙන්නේ ජීවි­තය එහෙම පිටින් වෙනස් මග­කට හැර­වී­මක් නේ....

ඔව්. මහී­පාල මහ­ත්තයා 1984 ඔෆිස් එකට ‘apple 2E’ ඒ කොම්පි­යු­ට­ර­යක් ගෙනාවා. ඒ කාලේ ලංකාවේ කොම්පි­යු­ටර් තිබුණා නම් ඒ කලා­තු­ර­කින් තැනෙක. ජීවි­තයේ කව­දා­වත් කම්පි­යු­ට­ර­යක් අත­පත ගාලා නොති­බුණු මම එදා මහී­පාල මහ­ත්තයා කොම්පි­යු­ට­රය දීලා කිව්වා, ‘දැන් ඔයා මේකෙන් වැඩ කරන්න...’ කියලා. ආසාව ..බය...චකි­තය... මේ සේරම එක්කයි එදා මං කොම්පි­යු­ට­රේට අත තිබ්බේ. ඕන් කළේ. ටිකෙන් ටික මං මේ නුහුරු නුපු­රුදු විෂය අධ්‍ය­ය­නය කළා. මමත් ආසාව උන­න්දුව වැඩි­වුණා. මං හුඟක් ඒ ගැන හෙව්වා. අන්තිමේ මට පුළු­වන් වුණා. සියලු දත්ත ඇතු­ළත් කරලා, ඒ සමා­ගමේ ගිණුම් සියල්ල පරි­ග­ණක ගත කරන්න. ඒ වෙන­කොට බී.ඩී.ආර්. ඩී සිල්වා සමා­ග­මේ­වත් පරි­ග­ණ­ක­යක් තිබුණේ නැහැ. ඒ අයත් ඇවිත් මං කරපු දේ බැලුවා. ඔඩිට් කළා. මට වඩා දැන උගත් ඒ හැමෝම පුදුම වුණා. මං ඒ දේ කරපු විදිය ගැන. නිවැ­ර­දිව විග­ණ­න­යක් කරන්න අවශ්‍ය විදි­යට ඔබ මේ සියල්ල හොඳින් පරි­ග­ණක ගත කර තිබෙ­නවා. ඔවුන් කිව්වා. එතැ­නින් තමයි මගේ ජීවි­තය වෙනස් වෙන්නේ.

පුංචි කාලෙ ඔබ කොහොම දරු­වෙක් ද...

නංගිලා තුන්දෙ­කු­ගෙයි මල්ලිලා තුන්දෙ­නෙ­කු­ගෙයි ලොකු අයියා මං. ඒ නිසා පුංචි කාලෙ පටන් මට වග­කීම් පැව­රුණා. කඩේට ගිහින් බඩු ගෙනා­වත් ලියලා කියලා සතේට ගණන් බේරන එකයි, මගේ විදිය. අම්මයි තාත්තයි වග­කීම් පව­රලා, අත්දැ­කීම් ලබන්න ඉ‍ඩ ඇරියා. අපි හැදුණේ අත්දැ­කීම් ලබ­මින්. බොහෝ­විට තනිව තීරණ ගනි­මින්. ඒ තමයි ජීවි­ත­යට ලැබුණු හොඳම පන්න­රය.

එත­කොට ඔබ ඉගෙන ගත්තේ ...

මං පාන­දුරේ. මුලින්ම ඉගෙන ගත්තේ පාන­දුර ශාන්ත අන්තෝනි කන්‍යා­රා­මයේ. තුන් වැනි පන්ති­යෙන් පස්සේ උසස් පෙළ දක්වා, පාන­දුර ශ්‍රී සුමං­ග­ලයේ.

ආපසු හැරු­ණොත්, හිත නව­තින්න කැමැ­තිම තැන කොතැ­නද....

ජීවිතේ ගොඩ­දා­ගන්න තනි­යම මඟක් හොය­මින් තරු­ණ­යෙක් විදි­යට හුඟක් මහන්සි වෙච්චි ඒ කාල­යට මං අදත් කැමැ­තියි. ඒ, විරැ­කි­යාව...තරුණ ප්‍රශ්න රටේ උග්‍ර­වම පැවති යුග­යක්. උසස් පෙළ ලියලා ගැළ­පෙන රස්සා­වක් හොය­මින් පුළු­වන් තරම් ඉල්ලු­ම්පත් දැම්මා. 1977 වෙන­කල් මට රස්සා­වක් ලැබුණෙ නැහැ. වයස 24 කුත් වෙලා හැබැයි ඒ මුළු කාල­යම මං නිකම් හිටියේ නැහැ. ගෙදර සිමෙන්ති මල්පොච්චි හැදුවා. ඒවා අරන් ගිහින් කඩ­ව­ලට දැම්මා. මල් වැව්වා. විකු­ණුවා. අන්තිමේ 1978 අවු­රුද්දේ බී.ආර්.ඩී.සිල්වා විග­ණන සමා­ගමේ රුපි­යල් 90 පඩි­යට ‘ඔඩිට් ට්‍රේනි’ කෙනෙක් හැටි­යට රස්සාව ලැබුණා. අවු­රුදු දෙකක් ගියා­මයි පඩිය රුපි­යල් 250 වුණේ. එහෙම පටන් ගත්තු ගමන තමයි අද මං මේ ඇවිත් ඉන්නෙ.

ඉතින් දැන් වැඩ­කළා ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද...

ලක්ෂ 300 ක ණයක් අරන් මං දැන් තමයි හරි­යට වැඩ පටන් ගත්තේ. වැඩ­ක­රන්න වයස බාධා­වක් නෙවෙයි. මං මේ මුදල ගත්තෙ මගේ බිල්ඩිම ඇප­යට තියලා. අවු­රදු පහ­කින් ගෙවන්න ඕනෙ. මං හැදුවෙ ලෝකෙට අවශ්‍ය දෙයක් දැන් මං ඒක අලෙවි කරන්න ඕනෙ. දව­සක මේ ව්‍යාපා­රය මං දුවට දෙන්න ඕනෙ. අවශ්‍ය දැනුම, සුදු­සු­කම් සහ පසු­බිම හදා­ගෙන එයා දැන­ට­මත් මා එක්ක වැඩ. උපා­ධි­ධා­රීන්, ඉංජි­නේ­රු­වන් ගණ­නා­වක් මා එක්ක වැඩ. ඉතින් මේ හැමෝම ගැන මට ලොකු වග­කී­මක් තිබෙ­නවා. මගේ දැනුම ගැන ඊටත් වඩා ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා. කොහොම වුණත් මං කළේ, අවු­රුදු 65 ක මනු­ස්ස­යෙක් නොක­රන දෙයක් වුණත් මං ඒක කළේ ඒ නිසා.

මොන­වද ඔබ තවත් කරන්න හිතන්නෙ...

තව හුඟක් දේ තිබෙ­නවා. 2022 දී තොර­තුරු තාක්ෂ­ණික නිෂ්පා­දන අප­න­ය­නය මඟින් ඩොලර් බිලි­යන පහක ආදා­යම් ඉල­ක්ක­යට රට යා යුතුයි කියන තැන මං ඉන්නවා. මටත් ඒ වෙනු­වෙන් රටට වැඩ කරන්න අව­ශ්‍යයි. ශ්‍රී ලංකාවේ මෘදු­කාංග නිෂ්පා­ද­ක­යන් සහ නිර්මා­ණ­ක­රු­වන් දිරි­මත් කළොත් ඒ ඉල­ක්කය අපිට සුළු දෙයක්.

කවු­රු­හරි ඔබේ ජීවි­ත­යෙන් ගන්න­වට කැමැති හොඳම දේ කුමක්ද...

Discipline, Commitment සහ Attitude .අවු­රුදු ගණ­නා­වක් මහ­න්සි­වෙලා, දුක් විඳලා හදපු ව්‍යාපා­ර­යක් වුණත්, විනය නැති­වු­ණොත් විනාශ වෙන්න මහ කාල­යක් යන්නෑ. කැප­වී­මක් නැති­වු­ණොත් කව­දා­වත් තමන්ගෙ දේ රැකෙන්නෙ නැහැ. ඉදි­රි­යට යන්නෙත් නැහැ. මේ මො දේ කර­න්නත් ඔළුවෙ හොඳ ආකල්ප තියෙන්න ඕනෙ. පටු සීමා රාමු­වල කොටු­වෙලා, ලෝකෙ ඉදි­රි­යට යන්න බැහැ. හොඳ දේවල් රැක­ගෙන යන ඉදිරි ගම­න­කට විත­රයි පැවැත්ම තියෙන්නේ. මේ තමයි මගේ ජීවි­තය සාර්ථක කළ රහස්. කැමැති ඕනෙ කෙන­කුට පුළු­වන් මේ දේවල් උකගා ගන්න.

 

ඡායා­රූප - විමල් කරු­ණා­ති­ලක

Comments