AIA රක්ෂණ සමා­ගමේ අති­වි­ශි­ෂ්ට­යෝ ඇග­යුමට | සිළුමිණ

AIA රක්ෂණ සමා­ගමේ අති­වි­ශි­ෂ්ට­යෝ ඇග­යුමට

AIA වාර්ෂික අලෙවි සමු­ළුව “විශි­ෂ්ට­ත්වය හඹා යන්නෝ” යන තේමාව යටතේ කොළඹ ෂැන්ග්‍රිලා හෝට­ලයේ දී නොබෝදා අති උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පැවැ­ත්විණි. දිව­යිනේ නන් දෙසින් වෙල­ත්ප්ලෑ­නර්ස් කළ­ම­නා­ක­රු­වන් 1200 කට අධික සංඛ්‍යා­වක් මෙම සමු­ළුව සඳහා සහ­භාගී වූ අතර ජය­ග්‍රා­හ­ක­යින් සිය සේවා­ලා­භීන් වෙනු­වෙන් කර ඇති කැප­වීම් සඳහා ඇග­යී­මට ලක්වූහ.

මෙම සමු­ළුවේ ප්‍රධා­න­තම අංගය වූයේ 2018 වසර සඳහා විශි­ෂ්ට­තම කාර්ය­සා­ධ­න­යක් අත්පත් කර­ගත් අලෙවි බලකා සාමා­ජි­ක­යින් සම්මා­න­යෙන් පිදුම් ලැබී­මයි. මෙවර හොඳම වෙල­ත්ප්ලෑ­නර් ලෙස සම්මා­න­යෙන් පිදුම් ලැබූවේ කුරු­ණෑ­ගල ප්‍රාදේ­ශීය සංව­ර්ධන කාර්යා­ලයේ සී. ලාල් වන්නි­ආ­රච්චි මහ­ත්මි­යයි.

පිළි­ම­ත­ලාව ප්‍රාදේ­ශීය කාර්යා­ලයේ එස්. එන්. ගුණ­ව­ර්ධන දෙවන ස්ථාන­යත් මොර­ටුව ප්‍රාදේ­ශීය සංව­ර්ධන කාර්යා­ලයේ කේ. ඩී. මද්‍රා­කිණි තක්ෂිලා මෙන­විය තුන්වන ස්ථාන­යත් දිනා ගැනී­මට සමත් විය.

හොඳම වෙල­ත්ප්ලෑ­නර්ස් කළ­ම­නා­කරු ලෙස කෑගල්ල ප්‍රාදේ­ශීය කාර්යාල අංක 2 හි එන්. ඩබ්. නිලන්ත සේනා­රත්න බණ්ඩාර සම්මා­න­යෙන් පිදුම් ලැබීය. දෙවන සථා­නය කොළඹ ප්‍රාදේ­ශීය කාර්යාල අංක 5 හි එම්. ඩී. තුරාජ් අපොන්සු දිනා­ගත් අතර තුන්වන ස්ථානය කොළඹ ප්‍රධාන ප්‍රාදේ­ශීය කාර්යා­ලයේ ඩී. ජේ. වීර­තුංග දිනා ගන්නා ලදී. හොඳම බෙදා­හැ­රීම් අංශ ප්‍රධානී ලෙස කෑගල්ල ප්‍රාදේ­ශීය කාර්යාල අංක 2 හි චන්න දුනු­සිංහ සම්මා­න­යෙන් පිදුම් ලද අතර දෙවන ස්ථානය මොර­ටුව ප්‍රාදේ­ශීය කාර්යාල අංක 1 හි හේමන් කුමා­ර­ටත් තුන්වන ස්ථානය මීග­මුව ප්‍රාදේ­ශීය කාර්යාල අංක 1 හි ඉරේෂ් සිල්වා­ටත් හිමි­විය.

Comments