HNB ෆිනෑන්ස් නගර ශාඛාවේ ලේ දන් දීම සාර්ථ­කව | සිළුමිණ

HNB ෆිනෑන්ස් නගර ශාඛාවේ ලේ දන් දීම සාර්ථ­කව

ශ්‍රී ලංකාවේ ඉදි­රි­යෙන්ම සිටින මූල්‍ය සමා­ග­මක් වන HNB ෆිනෑන්ස් සිය ශාඛා මට්ට­මින් සිදු කරනු ලබන ආය­ත­නික සමාජ වග­කීම් වැඩ­ස­ට­හන යටතේ HNB ෆිනෑන්ස් හි නගර ශාඛාව මගින් සංවි­ධා­නය කළ ලේ දන්දීමේ වැඩ­ස­ට­හන පසු­ගිය 18වන දින සාර්ථක අන්ද­මින් බොරැල්ල සර්ප­න්ට­යින් නිවාස සංකී­ර්ණ­යට යාබද ප්‍රජා­ශා­ලා­වේ දී පැවැ­ත්වින. HNB ෆිනෑන්ස් නගර ශාඛාව මගින් වාර්ෂි­කව සංවි­ධා­නය කළ මෙම වැඩ­ස­ට­හන මෙවර සිව්වන වරට ද අඛ­ණ්ඩව පැවැ­ත්වින. ශ්‍රී ලංකා මධ්‍යම ලේ බැංකුවේ සහ HNB ෆිනෑන්ස් නගර ශාඛාව මෙන්ම බොරැල්ල සේවා මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රීහු ද මේ සඳහා සහ­භාගී වූහ.

Comments