අපද්‍රව්‍ය යොදා විදුලිය නිපදවීමට ඉතාලියේ සහාය | සිළුමිණ

අපද්‍රව්‍ය යොදා විදුලිය නිපදවීමට ඉතාලියේ සහාය

ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය මෙරටට ලබාදීමට ඉතාලිය එකඟතාව පළකර තිබේ.

වරකට අපද්‍රව්‍ය ටොන් 100ත් 300ත් අතර ප්‍රමාණයක් යොදා ගනිමින් විදුලිය නිපදවිය හැකි බලාගාරයක් ඉදිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබුණි.

ඒ, මෙරට ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක හමු වූ අවස්ථාවේදී ය.

ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය සහාය දෙන බව ඉතාලි තානාපතිනිය ප්‍රකාශ කර ඇත.

 

Comments