නීති වෙනස් වූ සුපිරි පන්දු වාරය | සිළුමිණ

නීති වෙනස් වූ සුපිරි පන්දු වාරය

2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ.

එම නීති සංශෝධනය කර ඇත්තේ ඩුබායිහි ඊයේ (14) පැවති අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමකදීයි.

ඒ අනුව අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ, සුපිරි පන්දු වාරයේදී ලකුණු සමවීමක් සිදුවුවහොත් වැඩිම හතරේ පහර එල්ල කළ කණ්ඩායමට තරගයේ ජයග‍්‍රහණය ලබා දීමේ නීතිය ඉවත් කිරීමටයි.

මින් ඉදිරියට සුපිරි පන්දු වාරයකදී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගතහොත් එක් කණ්ඩායමක් ජයග‍්‍රහණය කරන තුරු නැවත නැවතත් සුපිරි පන්දුවාර කි‍්‍රයාත්මක කෙරෙන පරිදි එම නීතිය සංශෝධනය වී ඇත.

ඒ අනුව මෙම නව නීතිය මීට පෙර කි‍්‍රයාත්මක වුයේ නම් එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අවසන් මහා තරගයේදී තවත් සුපිරි පන්දුවාරයක් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව හිමිවන බවයි කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙන්නේ. 

 

Comments