ජපානය කැලඹූ හගිබිස් සුළි කුණාටුව | සිළුමිණ

ජපානය කැලඹූ හගිබිස් සුළි කුණාටුව

හගිබිස් යන වචනයේ පිලිපීන අරුත "වේගය" යන්නයි. වචනයේ පරිසමාප්තියෙන්ම පැයට කිලෝමීටර 213ක අධික වේගයක් ඇති සුළි කුණාටුවකි. වසර හැටකින් පමණ ජපානයට එල්ලවුණු දරුණුතම සුළි කුණාටුව මෙයයි.

ජපන් කාළගුණ දෙපාර්තමේන්තුව මෙය ප්‍රචණ්ඩ ගණයේ සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කර ඇත. 

මේ වන විට හබිගිස් සුළි කුණාටුවෙන් 66දෙනෙකුට පමණ ජීවිත හානි සිදුව ඇති අතරව් දෙසීයකට අධික පිරිසක් තුවාල ලබා ඇත.
 
නිවෙස් 10,000කට පමණ හානි සිදුවී ඇති අතර මිලියන හතකට අධික පිරිසකට නිවාස වලින් ඉවත්වන ලෙස දැනුම් දී ඇත.
 
එනමුත් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන වලට පැමිණ ඇත්තේ 50,000ක් පමණයි. අවතැන්වූවන් සොයා 110,000ක් පමණ නිලධාරීන් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
 
සුළි කුණටුව අතරතුර නායයෑම් 140ක් පමණ සිදුවූ බවට වාර්ථාවී ඇත. නිවාස 35,000කට විදුලිය ඇනහිට ඇති අතර ප්‍රදේශ කීපයකට ජල සැපයුම අඩාලව ඇතයි විදෙස් ආරංචිමාර්ග පවසයි.
 
ජපානයේ පළාත් අටකට බලපෑ මෙම සුළි සුලගින් ටෝකියෝ නගරයට එතරම් හානියක් නැතත් නාගනෝ ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇත.
 
එම පළාතේ පිහිටි දුම්රිය ස්ථානයක්ද ජලයෙන් යට වී ඇති අතර අධි වේගී දුම්රිය 10ක් දියේ ගිලී පවතී.
 
ඉන් එක් දුම්රියක වටිනාකම ඩොලර් මිලියන 30ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
 
මෙවර ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ රග්බි ලෝක කුසලානයේ තරඟ තුනක්ද අයහපත් කාළගුණ තත්වය නිසා අවලංගු කිරීමට සිදුව ඇත.
 
 
 

Comments