සමා­ජ­වා­දය කියන්නේ වැඩ කරන පන්ති­යට බලය හිමි කර දීමයි | සිළුමිණ

සමා­ජ­වා­දය කියන්නේ වැඩ කරන පන්ති­යට බලය හිමි කර දීමයි

ආචාර්ය අජන්තා පෙරේරා මෙරට පම­ණක් නොව, ලොව බොහෝ රට­වල පතළ කීර්ති­යක් ඇති පරි­සර විද්‍යා­ඥ­ව­රි­යකි. ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය ඇතුළු බොහෝ පාරි­ස­රික ප්‍රති­පත්ති මෙර­ටට හඳුන්වා දීමට පුරෝ­ගාමි වූ ඕ තම ස්වේච්ඡා වෘත්තීය ජීවි­තය අත­ර­තුර වරක් වවු­නි­යාවේ එල්ටී­ටීඊ කඳ­වු­ර­කට කඩා­වැදී ඔවුන්ට පරි­ස­රය සුරැ­කීමේ වැද­ග­ත්කම කියා දීමට කට­යුතු කළාය. ‘කසළ රැජන’ යන අන්වර්ථ නාම­යෙන් හඳු­න්වනු ලබන ආචාර්ය අජන්තා 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකාවේ සමා­ජ­වාදි පක්ෂයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂි­කාව ලෙස තරග කරයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කිරී­මට ඔබ කල්පනා කළේ ඇයි?

මේ සඳහා බලපෑ ප්‍රධා­න­තම කාර­ණාව වන්නේ වත්මන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ හැසි­රීම ගැන ඇති වූ අප්‍ර­සා­දය. ඔවුන්ට සංවා­ද­යෙන් කට­යුතු විස­ඳා­ගැ­නී­මට නොහැකි වී තිබෙ­නවා. එයින් පෙනී­යන්නේ ඔවුන්ට බුද්ධි­මත් ලෙස ගැටලු නිරා­ක­ර­ණය කිරී­මට නොහැකි වී ඇති බවයි. මට කණ­ගා­ටු­වක් ඇති කළ අනෙක් කාර­ණය තමයි පාස්කු ප්‍රහා­රය ගැන මේ කිසි­ව­කුත් වග­කී­මක් ඇති ආකා­ර­යට කට­යුතු නොකි­රීම. මෙය ඇත්තෙන්ම ඉතා නරක තත්ත්ව­යක්. දේශ­පා­ල­න­යට පැමි­ණී­මට මට හේතු වූ අනෙක් කාර­ණය තමයි එංග­ල­න්ත­යෙන් කසළ ගෙන ඒම. මේ ක්‍රියා­වත් සමඟ 1992දී අප අත්සන් කළ බාසල් සමු­ළුව අප උල්ලං­ඝ­නය කර­නවා.

සමා­ජයේ සිටින සියලු දෙනා කියා සිටි­නවා පාර්ලි­මේ­න්තුවේ සිටින 225 දෙනා තව­දු­ර­ටත් අවශ්‍ය නැහැ කියලා. ඒත් කවු­රු­වත් ඒ සඳහා ක්‍රියා­මා­ර්ග­යක් ගන්නේ නැහැ. ඒ අනුව අපට සම්පූර්ණ වෙන­සක් අවශ්‍ය බව මා විශ්වාස කරන නිසා මේ සඳහා ඉදි­රි­පත් වීමට මම තීර­ණය කළා.

ඔබ හොඳ පිළි­ගැ­නී­මක් ඇති පරි­ස­ර­වේ­දි­නි­යක්. ඔබ විශ්වාස කර­න­වාද, පරි­ස­රය ගැන ඇති ඔබේ දැනුම සහ පරි­ස­රය සුරැ­කී­මට ඇති කැප වීම යන කාරණා පම­ණක් මේ රටේ නාය­කයා වීමට ප්‍රමා­ණ­වත්ය කියා?

එයට පරි­ස­රය ගැන දැනුම පම­ණක් ප්‍රමා­ණ­වත් වන්නේ නැහැ තමයි. අපට සංව­ර්ධ­නය අව­ශ්‍යයි, සංව­ර්ධ­නය නැතිව කිසිම රටක් පව­ත්වා­ගෙන යන්න බැහැ. ඒත් අප රට සංව­ර්ධ­නය කරා ගෙන යන්නේ කෙසේද යන්නයි ප්‍රශ්නය. රට දූෂ­ණ­යෙන් තොරව, නිද­හස්ව සහ සාධා­ර­ණව පව­තින බව අප සහ­තික කර­ගත යුතුයි. එසේම බහු­තර ජන­තා­වගේ අව­ශ්‍යතා ඉටු කරන බව අප සහ­තික කර­ගත යුතු අතර, රටේ සංව­ර්ධ­නයේ ප්‍රති­ඵල රටේ සිටින දුප්ප­තුන් වෙනු­වෙන් හොඳින් යෙද­වෙන බව අප සහ­තික කර­ගත යුතුයි. ඉතින් ජනා­ධි­පති වශ­යෙන් රටේ සංව­ර්ධ­න­යට මා ප්‍රමු­ඛ­ත්වය දෙනවා.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී ජය­ග්‍ර­හ­ණ­යක් අත් කර­ගත හැක්කේ ප්‍රධාන පක්ෂ­වල අපේ­ක්ෂ­ක­යන්ට පම­ණක් යැයි බොහෝ අය අතර මත­යක් පව­ති­නවා. ඒ යථා­ර්ථය තුළ ඔබට ඇත්තේ විශාල අභි­යෝ­ග­යක්. මේ සම්බ­න්ධව ඔබගේ දැක්ම කුමක්ද?

ශ්‍රී ලාංකි­ක­යන් බහු­ත­ර­ය­කගේ අද­හස එය වන විට විශාල අභි­යෝ­ග­යක් පව­ති­නවා. ඔවුන් හිත­නවා බලය තිබෙන්නේ විශාල පැජ­රෝ­වල ගමන් කරන, හමුදා භට­යන් පිරි­ව­රා­ගෙන ගමන් බිමන් යන අය­ටයි කියලා. ඒත් මා ඔවුන් බල­ව­තුන් ලෙස දකින්නේ නැහැ. ඔවුන් බලයේ එල්ලී සිටින්නේ ඔවුන්ට පාර්ලි­මේ­න්තුවේ රැඳී සිටිය යුතු නිසායි. මා මොනම ආකා­ර­ය­කින් වත් ඔවුන්ට සමාන වීමට කල්පනා කරන්නේ නැහැ.

ප්‍රසිද්ධ වීමට ඔබ යොදා­ගන්නා ක්‍රමෝ­පාය කුමක්ද?

මේ අව­ස්ථාවේ අප ඉතා සරල ලෙස මිනි­සුන් වෙත ගොස් ඔවුන්ව හමු වනවා. එය තමයි අපට ඇති හොඳම ක්‍රමය. එහෙත් ජන­මා­ධ්‍ය­ව­ලින් ලැබෙන සම්මුඛ සාක­ච්ඡාත් ඉතා ප්‍රයෝ­ජ­න­වත්. අනෙක් අතට මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා අති­ශය විනි­වි­ද­භා­ව­යෙන් කට­යුතු කිරීම ඉතා අගය කළ යුතුයි.

ඔබ තරග කරන්නේ ශ්‍රී ලංකාවේ සමා­ජ­වාදි පක්ෂ­යෙන්. ඔබ සමා­ජ­වා­දි­යෙක්ද? ජනා­ධි­පති ලෙස බල­යට පත් වූ පසු ඔබ සමා­ජ­වාදි ප්‍රති­පත්ති පද­නම් කර­ග­න්න­වාද?

මා හැම­දා­මත් සමා­ජ­වා­දි­යකු වුණා. මගේ පාරි­ස­රික වැඩ ආරම්භ වුණේ කසළ ගොඩ­ගසා තිබූ ස්ථාන­වල ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය සඳහා කසළ එකතු කරන දුප්ප­තු­න්ගෙත් දුප්ප­තුන් සම­ඟයි. සමා­ජ­වා­දය කියන්නේ වැඩ කරන පන්ති­යට බලය ලබා දීමයි. මා එය දැඩිව විශ්වාස කර­නවා. මා කියන්නේ නැහැ පෞද්ග­ලික කර්මාන්ත සඳහා මා විරෝ­ධය දක්ව­නවා කියලා. එහෙත් අප රජ­යෙන් පාල­නය වන කර්මාන්ත ශාලා වැඩි වැඩි­යෙන් ඇති කළ යුතුයි.

ලොව ප්‍රථම කාන්තා අග­මැ­ති­ව­රිය වගේම ප්‍රථම විධා­යක ජනා­ධි­ප­ති­ව­රි­යත්ප ශ්‍රී ලංකා­වෙන් බිහි කර තිබෙ­නවා. ඒත් ඔබ විශ්වාස කර­න­වාද ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­නයේ නිරත වීම කාන්තා­ව­කට පහසු දෙයක් කියලා.

ඇත්තෙන්ම එය එසේ විය යුතුයි. මා දරු­වන් දෙදෙ­න­කුගේ මවක්. මා පවුල් බැඳීම සුර­ක්ෂිත කළ යුතුයි. එසේම නිත­රම පවුලේ වටි­නා­කම ඉහ­ළින්ම රකි­නවා. රට වෙනු­වෙන් කට­යුතු කරන විටත් ඒ ප්‍රති­ප­ත්ති­යම තමයි මා අනු­ග­ම­නය කරන්නේ. මා විශ්වාස කර­නවා රටේ සිටින සිය­ලුම පුර­වැ­සි­යන් මගේ දරු­වන්ය කියලා. ඒ නිසා මෙය තව­දු­ර­ටත් කාන්තා­ව­කට අලුත් දෙයක් නොවෙයි. ශ්‍රී ලංකා­වෙන් ප්‍රථම කාන්තා අග­මැ­ති­ව­රිය වගේම ප්‍රථම විධා­යක ජනා­ධි­ප­ති­ව­රිය බිහි වීම මා බෙහෙ­වින්ම අගය කර­නවා. ඒත් අප අම­තක කරන්න නර­කයි සෑම වස­ර­කම මේ රටේ කාන්තා­වන් විශාල පිරි­සක් තම පවුලේ අය මෙහි දමා ගෘහ සේවය සඳහා මැද­පෙ­ර­දිග රට­ව­ලට යන බව.

ලොව බොහෝ ප්‍රදේ­ශ­වල හරිත දේශ­පා­ලන පක්ෂ තිබෙ­නවා. ඒත් ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන ව්‍යූහයේ එවැනි පක්ෂ ඇත්තේ නැහැ. එයින් අද­හස් වන්නේ ශ්‍රී ලාංකි­ක­යන් පරි­ස­රය සම්බ­න්ධ­යෙන් දක්වන්නේ අඩු සංවේ­දි­තා­වක් කියන කාර­ණ­යද?

මගේ අධ්‍යා­පන කට­යුතු අව­සන් කොට 1993දී මේ රටට පැමි­ණෙන විට, පරි­සර සංර­ක්ෂ­ණය ගැන රටේ එත­රම් දැනු­ව­ම්ව­ත්භා­ව­යක් තිබුණේ නැහැ. ඒත් වසර කිහි­ප­ය­කින් පරි­ස­රය ගැන දැනු­ව­ත්භා­ව­යක් ඇති කිරී­මට අපට හැකි වුණා. පසුව මා ෆීජි දූප­ත්ව­ලට ගිය කාලය වන විට බිම් මට්ටමේ පරි­සර සංවි­ධාන 35,000කට වැඩි ප්‍රමා­ණ­යක් ශ්‍රී ලංකාවේ පැවැ­තුණා. මේ රටේ සිදු වුණේ දේශ­පා­ලන අව­ශ්‍ය­තාව තකා පරි­ස­රය නොස­ලකා හැරී­මයි.

අතී­තයේ ඔබ කාල­යක් ආණ්ඩුවේ ආය­තන රාශි­යක් සමඟ සමී­පව කට­යුතු කළා. වරක් ඔබ පරි­ස­රය පිළි­බඳ කැබි­නට් ඇමැ­ති­ව­ර­යාගේ උප­දේ­ශ­ක­ව­රි­යක ලෙසද කට­යුතු කළා. ඒ වැඩ­ව­ලදී ඔබට සාර්ථ­ක­ත්ව­යක් අත් කර­ගත හැකි වුණාද?

එක වැද­ගත් කරු­ණක් තමයි ජාතික ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ පනත ඇති කිරීම. මා එය සිදු කළේ පාඨලී චම්පික රණ­වක ඇමැ­ති­ව­රයා සම­ඟයි. ඝන අප­ද්‍රව්‍ය සමඟ අප කට­යුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන අවශ්‍ය සියලු කාරණා මෙහි අඩං­ගුයි. අවා­ස­නා­ව­කට වගේ අමා­ත්‍ය­ව­රයා ඒ ප්‍රති­ප­ත්තිය දිග­ටම ක්‍රියා­ත්මක කළේ නැහැ.

ඉන් පසු මා ආහාර උප­දේ­ශන කමි­ටුවේ කාර්ය­භා­ර­යක් ඉටු කළා. මිනි­සුන් තමන් පරි­භෝ­ජ­නය කරන්නේ කුමක් දැයි යන්න දැනු­ම්වත් කිරී­මට අප කට­යුතු කළා. එසේ වෙතත් යථා­ර්ථ­වාදි නොවන දැන්වීම් විශාල ප්‍රමා­ණ­යක් රූප­වා­හි­නියේ විකා­ශය වෙනවා. සමා­ගම් තම නිෂ්පා­දන සම්බ­න්ධව ප්‍රචා­රය කළ යුත්තේ මොන­වාද නැත්තේ මොනවා දැයි තහ­වුරු කිරී­මට අප කණ්ඩා­ය­මක් ලෙස කට­යුතු කළා.

එසේම ගොවීන් තමන්ගේ වගා­ව­ලට වැඩි­පුර කෘෂි රසා­යන භාවිත කිරීම වැළැ­ක්වී­මට දැනු­ම්වත් කිරී­ම­ටත් මට පුළු­වන් වුණා. පාරි­භෝ­ගික සේවා අධි­කා­රියේ මිල කමි­ටුවේ මා සේවය කළ අව­ස්ථාවේ කිරි­පිටි සමා­ග­ම්ව­ලට හිතු­මතේ මිල ඉහළ දැමී­මට ඉඩ නොදී­මට මට හැකි වුණා.

වරක් ඔබ එල්ටී­ටීඊ කඳ­වු­ර­කට ඇතුළු වී, ඒ කඳ­වුරේ නාය­ක­යාට කඳ­වුර තුළ පරි­ස­රය සුරැ­කීමේ වැද­ග­ත්කම කියා දුන්නා. ඒ සිදු වීම කෙටි­යෙන් පැව­සිය හැකිද?

එය විශිෂ්ට අත්දැ­කී­මක්. එය යුද්ධය තීව්‍ර ලෙස පැවැති කාල­යක්. වවු­නි­යාවේ කොම්පෝස්ට් පොහොර වැඩ­ස­ට­හ­නක් වෙනු­වෙන් මා නිතර එහි යන්න-එන්න පට­න්ගෙන තිබුණා. මෙසේ යන අත­ර­තුර දිනක් තැඹිලි සහ රතු පැහැති පොලි­තීන් කොඩි රැසක් ප්‍රදේ­ශයේ තිබෙ­නවා මා නිරී­ක්ෂ­ණය කළා. ඒ නිසා මා මෙතෝ­දිස්ත පූජ­ක­ව­ර­යකු සමඟ ප්‍රදේ­ශයේ එල්ටී­ටීඊ කඳ­වුර වෙත ගොස් එහි නාය­කයා හමු විය යුතු බව දැඩිව කියා සිටියා. ඉල්ලීම් කිහි­ප­යක්ම සිදු කළ පසු කඳ­වුරේ නාය­කයා මා හමු වුණා.

‘ඔබ බිම්ක­ඩක් වෙනු­වෙන් සටන් වදි­නවා. ඔබ ඒ භූමි­යට ආදරේ නම් පොලි­තී­න්ව­ලින් එය දූෂ­ණය කරන්නේ ඇයි? තව­දු­ර­ටත් පොලි­තීන් සැර­සිලි භාවිත නොක­රන බවට මට ඔබ­ගෙන් සහ­ති­ක­යක් අව­ශ්‍යයි’ මා ඔහුට පැවැ­සුවා. පැය දෙකක් පමණ සාව­ධා­නව මට ඇහු­ම්කන් දීමෙන් අන­තු­රුව ඔහු මා කියූ දෙයට එකඟ වුණා. ඉන් මොහො­ත­කට පසු ඔහු නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පැවැ­සුවා තව­දු­ර­ටත් ඒ කඳ­වුරේ පොලි­තීන් සැර­සිලි භාවිත නොක­රන බවට. එයින් තවත් පිය­ව­රක් ඉදි­රි­යට තැබූ ඔවුන් මට පොරොන්දු වුණා ඒ ප්‍රදේ­ශයේ වැඩි-වැඩි­යෙන් රුක් රෝප­ණය කරන බවට.

(සන්ඩේ ඔබ්ස­වර් පුව­ත්ප­තට රජිත ජාගො­ඩ­ආ­රච්චි සම්පා­ද­නය කළ ලිපි­යක් ඇසු­රෙනි)

Comments