හීන් - සැරය ලොකුයි නේද? | සිළුමිණ

හීන් - සැරය ලොකුයි නේද?

ම රජ­රට ප්‍රදේ­ශයේ ඒ හැටි ප්‍රසි­ද්ධි­යක් නැති සාමාන්‍ය පාස­ලක උප ගුරු­ව­ර­යෙක් වෙමි. මගේ දෛනික කාල පරා­ස­යෙන් වැඩි කොටස දරු­වන්ට පාඩම් කියා දීම සඳහා ගෙවී යයි. ඉති­රිය ගොවි­තැන් - බතක් කිරීම සඳ­හාය. කළ යුතු හෝ, කළ හැකි හෝ වෙනත් වැද­ගත් රාජ­කා­රි­යක් මට නැත. මා බඳුම තවත් මිනිස්සු කප්ප­රක් මේ භූමිය තුළ ඔහේ ජීවත් වෙති. ජීවි­ත­යක් සැබෑ නම්; ඊට ඉල­ක්ක­යක් - හැඩ­යක් - ජව­යක් - රිද්ම­යක් හා තෘප්ති­යක් තිබිය යුතුය. එහෙත් ඒ සියල්ල අපට අහි­මිය.

ලොකු බලා­පො­රොත්තු ජය­ග්‍රාහී ඉලක්ක, අනා­ගත සිහින යන කිසි­වක් අපට නැත. නැංගූ­රම් ලාගත හැකි වරා­යක් නැතිව මහා සාග­රයේ දෙපැ­ත්තට පැද්දෙන බඩු - නැවක් සේ අපේ ජීවිත ද එක­තැන පැද්දෙයි. එක තැන පල් වෙයි.

 

ඩේව්ඩ් බ්‍රොන්ස්ට්‍රීන් විසින් රචනා කරන ලද “හව් ටු චේන්ජ් ද වර්ල්ඩ්” නම්; කෘති­යට අනුව ලෝකය වෙනස් කළ හැක්කේ නිදි­ව­ර්ජි­තව වැඩ කරන පුංචි මිනි­සුන්ට පමණි. “රෙස්ට්ලස් පීපල්” ලෙසින් කතු­ව­රයා ඔවුන් හඳුන්වා ඇත. එහෙත් ඒ පුංචි මිනි­සුන් සංවි­ධාන කළ යුතුය. ඔවුන් යම් ඉල­ක්ක­යක් කරා මෙහෙය විය යුතුය. ඒ සඳහා නිර­න්ත­ර­යෙන් වැඩ කරන අවංක නාය­ක­යන් සිටිය යුතුය. එබඳු සාර්ථක හා කාර්ය­ශූර නාය­ක­යන් අපට කොයින්ද?

අපේ ගුරු විවේ­කා­ගා­රය ඉතා කර්කශ දේශ­පා­ලන විවේ­ච­න­ව­ලින් උණු­සුම්ය. රටේ දේශ­පා­ලන ක්‍රමය, ජාතික ආර්ථි­කය, ආණ්ඩුවේ වැඩ­ස­ට­හන් මෙන්ම නාය­ක­යන්ගේ චර්යා­වන්ද දැඩි ගර්හා­වට හා අප­හා­ස­යට ලක්වෙයි. ඒවාට සවන් දෙන විට රුධිර සංස­රණ වේගය ශිඝ්‍ර­යෙන් ඉහළ යයි. එබැ­වින් මම ගුරු විවේ­කා­ගා­ර­යෙන් ලුහුටා යමි. එහෙත් සිත­න්නට යමක් ඉතිරි වී තිබේ.

මතු­ප­ර­පුරේ අනා­ග­තය මෙහෙයැ වන ගුරු­ව­රුන්ගේ මතය පහ­සු­වෙන් බැහැර කළ නොහැ­කිය. ඔව් හු වැඩ කරන අවංක නාය­ක­යකු ඉල්ලා සිටිති. පුංචි මිනි­සුන් සමඟ ගනු­දෙනු කළ හැකි තැනැ­ත්තකු, නිහ­ත­මානී - චාම් දේශ­පා­ල­ක­යකු, හොර­කම් නොක­ර­න්නකු, නීති­ග­රුක හා සාම­කාමී නාය­ක­යකු ලෙසින් ඔහුගේ ගති - ලක්ෂණ අර්ථ ගන්වනු ලැබේ. එවැ­න්නකු උපයා - සපයා ගැනීම පහසු නැති බව දේශ­පා­ලන සන්ද­ර්භය දෙස බලන විට පෙනෙයි. බොහෝ නාය­ක­යන්ට දූෂණ චෝදනා ඇත. බොහෝ නාය­ක­යන්ට භීෂණ චෝදනා ඇත. දේශ­පා­ල­නය බොරු­කා­ර­යන්ගේ ලෝක­යක් බවට පරි­ව­ර්ත­නය වී තිබේ.

පුදු­ම­යෙකි! මීට සති දෙක­කට පමණ පෙර සිට අපේ ගුරු විවේ­කා­ගා­රය අද­හා­ගත නොහැකි ලෙස සන්සුන් වී තිබේ. එය ප්‍රසන්න ස්ථාන­යක් බවට පරි­ව­ර්ත­නය වී තිබේ. කිසි­යම් අනා­ගත අපේ­ක්ෂා­වක් පිළි­බ­ඳව සේයා එහි රැඳී ඇත. කොටින්ම ඔවුන් සේවූ වැඩ කරන සරල නාය­කයා සම්මුඛ වී ඇත. දැන් ඒ පිළි­බඳ මනෝ­වෘ­ත්තික කති­කා­වක්ද ගුරු විවේ­කා­ගා­රය තුළ පවතී. මේ නාය­කයා කවුද? ඔහුගේ දැක්ම කුමක්ද? ඔබ එය හඹා යන්නට වෙර දරමි.

ඔහු පිළි­බඳ විව­ර­ණ­යක යෙදෙ­න්නට පෙර ඔහුගේ පියා පිළි­බඳ සට­හ­නක් තැබීම කාලෝ­චි­තය. මන්ද යත්; පියාගේ අභා­සය හා කැප­වීම නොඅ­ඩුව පුත්‍රයා ළඟ ද පව­තින බැවින්ය. ඔහුගේ පියා හිටපු ජනා­ධි­පති රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාය. ප්‍රේම­දාස මහතා පුංචි මිනි­සාගේ ජනා­ධි­පති ලෙස ද පොදු ජන­යාගේ නාය­කයා ලෙස ද හැඳි­න්විණි. ඔහුගේ දේශ­පා­ලන ජීවි­තයේ කැපී පෙනෙන ලක්ෂණ දෙකක් තිබිණි. ඉන් පළමු වැන්න නම්; රටේ දිළිඳු ජන­යාගේ ගැටලු විසැ­දීම සඳහා කොන්දේසි විර­හි­තව ඉදි­රි­පත් වීමය. දෙවැන්න නම් ; ඔහුගේ සෑම මහ­ජන ව්‍යාපෘ­ති­යක් සඳහා ම ඉලක්ක සට­හන් කර තැබී­මය.

ප්‍රේම­දාස මහතා සතු මේ විශේෂ ලක්ෂණ දෙක 1990 ගණ­න්වල දී ඉන්දීය දේශ­පා­ලන විචා­ර­ක­යන්ගේ සේම එරට බුද්ධි­මත් ව්‍යාපා­රි­ක­ය­න්ගේද නිබඳ ඇගැ­යී­මට ලක් විය. එවක ශ්‍රී ලංකා­වට පැමිණි ඉන්දීය ව්‍යාපා­රි­ක­යකු කියා සිටියේ ප්‍රේම­දාස මහ­තාගේ නාය­ක­ත්වය යටතේ ශ්‍රී ලංකාව වේග­යෙන් ඉදි­රි­යට යන බවය. ඔහුගේ ඇඟ­ලුම් කම්හල් 200 වැඩ­ස­ට­හන රටේ ආර්ථි­කයේ සුවි­ශාල පිබි­දී­මක් ඇති කරන බවද එම ව්‍යාපා­රි­කයා කියා ඇත.

ප්‍රේම­දාස මහ­තාගේ දේශ­පා­ලන කාර්ය­භා­රය විශ්ලේ­ෂ­ණය කරන කෙනෙ­කුට 1978 සිට 1991 දක්වා කාලය අති­ශ­යින්ම වැද­ගත් වනු ඇත. ඔහු අග­මැ­ති­ව­ර­යකු ලෙසද ජනා­ධි­ප­ති­ව­ර­යකු ලෙස ද රටට හා ජාති­යට මහත් සේවා­වක් ඉටු කර තිබේ. ඔහුගේ සංව­ර්ධන උපාය මාර්ග රටේ දිළිඳු ජන­තා­වගේ ජීවිත සමඟ ද ලෝක ආර්ථි­කයේ නව ප්‍රව­ණතා සමඟ ද ඉතා හොඳින් ගැළ­පිණි. ඔහුගේ දැක්ම, සැලැ­සුම් හා ව්‍යාපෘති අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක වූයේ නම් ; මේ වන විට ආසි­යාවේ දියුණු ම රාජ්‍යය බවට පත්වී­මට අව­කා­ශය පැවැ­තියේ ශ්‍රී ලංකා­වට ය. ප්‍රේම­දාස මහ­තාගේ සමාජ - ආර්ථික ක්‍රියා­ව­ලිය හඳු­නා­ගත හැකි ව්‍යාපෘති හත­රක් නම් කළ හැකිය.

1ග්‍රාමෝ­දය

2 නිවාස වැඩ­ස­ට­හන

3 ජන­ස­විය

4 ඇඟ­ලුම් කම්හල්

ග්‍රාමෝ­දය සංක­ල්ප­මය වශ­යෙන් ඉතා වැද­ගත් ය. එය ගමේ සාමූ­හික ප්‍රයත්න සවි­මත් කරයි. ගම සංව­ර්ධ­නය කිරීම හා පළාත් පාලන ආය­ත­න­වල කාර්ය­භාර්ය විධි­මත් කිරීම එහි අර­මුණ විය. නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය හා නිවාස පහ­ළොස් ලක්ෂය නමින් දැවැන්ත වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක විය. ජනතා සහ­භා­ගි­ත්වය සහිත මේ සංව­ර්ධන වැඩ­ස­ට­හන් නිසා කුටු­ම්භය ශක්ති­මත් විය. ජන­ස­විය යනු දිළි­ඳු­කම පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වූ පර­මා­දර්ශී වැඩ­ස­ට­හන වෙයි. දිළි­ඳු­කම පිළි­බඳ සාර්ථක නිර්ව­ච­න­යක් හෝ ඊට පෙර රටේ නොති­බිණි.

ප්‍රෙ‍්මදාස මහතා මේ වැඩ­ස­ට­හන සැලැ­සුම් කිරීම සඳහා මහා­චාර්ය මොහො­මඩ් යුනුස්ගේ “ග්‍රාමීන් බැංකු” ක්‍රමය හැදෑ­රු­වේය. ආචාර්ය ඊ.එෆ්. ෂුමා­කාර්ගේ “ඉස්මෝල් ඊස් බ්යුට්ෆුල්” නම් ලෝක පුජිත ආර්ථික විද්‍යා ග්‍රන්ථය හැදෑ­රු­වේය. ඉහත විද්ව­තුන් දෙදෙ­නාම ආර්ථික විද්‍යා විෂය සම්බ­න්ධ­යෙන් නොබෙල් ත්‍යාග ලාභීහු වෙති.

ප්‍රේම­දාස මහ­තාගේ ව්‍යාපෘ­ති­වල සැල­සුම් හා ඉලක්ක ඇතැම් දේශ­පා­ල­ක­යන්ගේ විවේ­ච­න­ය­ටත් - ගර්හා­ව­ටත් ලක් විය. ඇඟ­ලුම් කම්හල් 200 වැඩ­ස­ට­හ­නට ද දැඩි විවේ­චන එල්ල විය. එහෙත් අද වන විට රටේ ආර්ථි­කයේ වැඩි බරක් ඉසි­ලී­මට එම වැඩ­ස­ට­හන සමත්වී ඇත. ගමේ තරුණ කණ්ඩා­ය­ම්වල විරැ­කියා ගැට­ලු­වට විස­ඳු­මක් එහි තිබේ. ජාතික ආර්ථි­කයේ විදේශ විනි­මය පිළි­බඳ ගැට­ලු­වට ද විස­ඳු­මක් එහි තිබේ.

අප ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා උපුටා දක්වන්නේ විශේෂ හේතු­වක් නිසාය. එනම්; ඔහුගේ දැක්ම හා ව්‍යාපෘති පව­ත්වා­ගත හැකි නම්; රටට ගැළ­පෙන ආර්ථික මොඩ­ල­යක් සේම පොඩි මිනිසා තෘප්ති­මත් වන දේශ­පා­ලන ආකෘ­ති­යක්ද නිර්මා­ණය කර ගත හැකි බැවින්ය.

සජිත් ප්‍රේම­දාස මහතා සිය පියාගේ අඩි­පාරේ යන බව පෙනෙයි. ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා හැඳි­න්වූයේ නිදි­ව­ර්ජිත ව පොඩි මිනි­සුන් උදෙසා වැඩ කරන නාය­ක­යකු හැටි­ය­ටය. ඔහු නිදි සුව ලැබූ කාලය ඉතා අඩුය. නිදි­ව­ර්ජි­තව සිටි කාල­යෙන්ද 95% ක් යොදා­ගෙන ඇත්තේ පොඩි මිනි­සුන් උදෙසා යමක් ඉටු කිරීම සඳ­හාය. සජිත් මහතා දවසේ පැය විසි හත­රෙන් දහ අට­ක්වත් පොඩි මිනි­සුන් උදෙසා වැඩ කරන බව සමීප ව ඇසුරු කරන්නෝ පෙන්වා දෙති. අපේ දේශ­පා­ලන නාය­ක­ය­න්ගෙන් සම­හරු උදැ­සන කාල­යෙන් පැයක් හෝ පැය දෙකක් හෝ ඇවි­දී­මට, ව්‍යායාම කිරී­මට නැත­හොත් යෝගී ආස­න­වල යෙදී­මට ගත කරති. එය නරක දෙයක් නොවේ. එහෙත් සජිත්ට එවැනි කාල­යක් නැත. ඔහු එම කාලය ද ජන­තාව වෙනු­වෙන් මිඩංගු කරයි. උදැ­සන හතර පහ අතර කාලයේ වුව ගම්මා­න­ය­කදී ඔහු දැක ගත හැකිය.

ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ව්‍යාපෘ­ති­ව­ලට මෙන්ම සජිත්ගේ ව්‍යාපෘ­ති­ව­ලට ද ඉලක්ක තිබේ. නිවාස ව්‍යාපෘති 2500ක්, නිවාස 25,000ක්, දහම් පාසල් ගොඩ­නැ­ගිලි 1000ක් ආදී ලෙසින් එම ඉලක්ක සට­හන් වී ඇත. ඒ සෑම ඉල­ක්ක­යක්ම නිශ්චිත දින­යට පෙර විවෘත කොට මහ­ජ­නයා වෙත භාර දීම ඔහුගේ ක්‍රමය වී ති‍බේ. සෑම සෙන­සු­රා­දා­ව­කම, සෑම ඉරි­දා­ව­කම රටේ කුමන හෝ ප්‍රදේ­ශ­යක නව ගම්මා­න­යක් විවෘත වෙයි. ඒ සෑම ගම්මා­න­ය­කම ප්‍රජා ශාලා­වක්, ළදරු පාස­ලක්, විවෘත වෙයි. ගමේ පාර­වල් හැදෙයි. නැවත වන වගාව සිදු වෙයි. ඒ අතර විවෘත කිරීමේ උත්ස­ව­යේදී ඇස් කණ්ණාඩි බෙදා දෙයි. සජිත් දින­පතා ගමින් - ගමට ඇවි­දියි. වැඩ නිරී­ක්ෂ­ණය කරයි.

සජිත් මහ­ජන සේවය සඳහා පන්න­රය ලබා ගන්නේ කොළඹ රාජ­කීය විදු­හලේ පැවැති එක්සත් ජාතීන්ගේ ශිෂ්‍ය සංග­මයේ ක්‍රියා­කාරී සාමා­ජි­ක­යකු වෙමින්ය. රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ නිවි­ති­ගල ඉදි කළ “රජ­සි­සු­ගම” ආදර්ශ ගම්මා­නය ඔවුන්ගේ පළමු මහ­ජන සේවය ලෙස සට­හන් වී ඇත. ශිෂ්‍ය ප්‍රජා­ව­කගේ ශ්‍රම දාය­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකාවේ ඉදි වූ පළමු ගම්මා­නය ලෙස එය ඉති­හා­ස­යට එක් වී ඇත. රජ­සි­සු­ගම ඉදි­කි­රීම පිළි­බඳ මත­කය අවදි කරන ගම්මුන් කියා සිටින්නේ සජිත් එදා පුංචි කොලු ගැට­යකු ලෙස සිය සාමා­ජි­ක­යන්ද හසු­රුවා ගනි­මින් අපූ­රු­වට වැඩ කළ බවය. “හරි නිහ­ත­මානී ළමයා හුඟාක් මහ­න්සි­යෙන් වැඩ කළා’ යැයි රජ­සි­සු­ගම පැරණි ගැමි­යෙකු කියනු අපට අස­න්නට ලැබිණි.

අප්‍රි­කාවේ මහා ලේඛ­කයා ලෙසින් ප්‍රකට ව සිටි චිනුවා අචෙබේ නයි­ජී­රි­යාවේ දේශ­පා­ල­ක­යන් දිගට - හර­හට විවේ­ච­නය කළේය. ඔහු වරෙක කියා සිටියේ අපේ රටේ නාය­ක­ත්ව­යන්ට පොඩි මිනිසා ගැන හෝ රට ගැන හෝ කිසිදු හැඟී­මක් නැති බවය. අප්‍රි­කානු රට­වල බොහෝ නාය­ක­යන්ගේ අභි­ප්‍රාය වූයේ තමන්ගේ හා තම පවුලේ සුඛ - විහ­ර­ණය සපයා ගැනීම පමණි. බලය - ආර­ක්ෂාව හා මහා මන්දිර ඔවුන්ගේ අපේක්ෂා අතර ප්‍රධාන විය. ඒ අනුව අචෙ­බේගේ විවේ­චන සලකා බලන විට සජිත් මහතා මෑත­කදී කළ ප්‍රකා­ශ­යක් අප සිහි­යට නැගේ. එනම්; වෙඩි නොව­දින අලුත් රථ හා සැප­ප­හසු මන්දිර තමන් ‍ප්‍රතික්ෂේප කරන බවය. එබඳු දේපොළ මහ­ජන සුබ­සි­ද්ධිය සඳහා යොද­වන බවද ඔහු කියා සිටී. පාකි­ස්තා­නයේ වත්මන් අග­මැ­ති­ව­රයා ද එබඳු ජනතා පොරො­න්දු­වක් ලබා දී එය ඉටු කර­මින් සිටී. ජන­තාව වෙනු­වෙන් වැඩ කිරී­මට මහා මන්දිර අවශ්‍ය නැත.

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ දේශ­පා­ල­නය විග්‍රහ කරන කෙනෙකු පළ­මුව සොයා බැලිය යුත්තේ; ඔහු හම්බ­න්තො­ටින් දේශ­පා­ලන ගම­නක් ආරම්භ කළේ ඇයි ද යන්නය. ලෙනාඩ් වුල්ෆ් හම්බ­න්තොට හැඳි­න්වූයේ වනය විසින් ගොදුරු කර­ගනු ලබන නූගත් ගැමි­යන් වසන අති - දුෂ්කර කලා­ප­යක් හැටි­ය­ටයි. හම්බ­න්තොට හා මොන­රා­ගල යන දිස්ත්‍රික්ක දෙක දරි­ද්‍ර­තාව වැඩි­යෙන්ම සට­හන් කරන දිස්ත්‍රික්ක දෙක ලෙස ප්‍රච­ලි­තය. අභි­යෝ­ග­ව­ලට මුහුණ දීමේ කැමැත්ත මෙන්ම පුංචි මිනි­සුන් වෙනු­වෙන් වැඩ කිරීමේ අභි­ලා­සය ද මේ තෝරා­ගැ­නීම ඔස්සේ වටහා ගත හැකිය. හම්බ­න්තොට දී සජිත් මහතා වඩාත් ප්‍රකට වන්නේ ඔහුගේ ස්වයං­රැ­කියා වැඩ­ස­ට­හ­නත් සම­ඟය. බලය නැති කාලයේ පවා දිස්ත්‍රි­ක්කය පුරා ඇවි­දි­මින් මේ ව්‍යාපෘ­තිය සාර්ථක කර­ග­න්නට ඔහු සමත් විය. විරැ­කි­යාව හම්බ­න්තොට තරුණ ප්‍රජා­ව­ගේද, කාන්තා පර­පු­රේද සුවි­ශේෂී ගැට­ලු­වක් වෙයි. සජිත්ගේ ස්වයං­රැ­කියා ව්‍යාපෘ­තිය නිසා ස්වකීය ජීවි­තය සාර්ථක කර­ගත් බොහෝ දෙනා එහි සිටිති. ඔහු වරෙක හම්බ­න්තොට කාන්තා­වන් සඳහා මහන මැෂින් බෙදා දුන්නේය. එය සාර්ථක වැඩ­ස­ට­හ­නක් බව කාන්තාවෝ කියති.

හම්බ­න්තොට සඳහා වරා­යක්, ගුවන් තොටු­පො­ළක්, අන්ත­ර්ජා­තික සම්ම­න්ත්‍රණ ශාලා­වක් හා අන්තර් ජාතික ක්‍රීඩාං­ග­ණ­යක් ලැබී තිබු­ණද එහි ජනී ජන­යාගේ දිළි­ඳු­කම තුරන් වී නැත. දිළි­ඳු­කමේ ගැඹුර තව තවත් වර්ධ­නය වන බවක් නම් පෙනෙ­න්නට තිබේ. සජිත් වරෙක කියා ඇත්තේ තමන් හම්බ­න්තොට විප්ල­ව­යක් ඇති කරන බවය. අපට හැගෙන පරිදි ඉදිරි කාලය ඒ සඳහා යොදා­ගත හැකිය.

අපේ ගුරු විවේ­කා­ගා­රයේ තීන්දුව නිවැ­රැ­දිය. තෝරා­ගැනී‍ම ද නිවැ­රැ­දිය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කීවා සේ සුදු­ස්සාට සුදුසු තැන ලැබිය යුතුය. මෙයින් වසර විසි­න­ව­ය­කට පෙර 1990 එක්තරා දින­ය­කදී තරුණ සජිත් කිරු­ළ­පන දේශ­පා­ලන වේදි­කා­ව­කට නැංගේය. ඒ පළමු වර­ටය. එව­කට රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍ය­ව­රයා ලෙස ද වැවිලි කර්මාන්ත අමා­ත්‍ය­ව­රයා ලෙස ද කට­යුතු කළ රන්ජන් විජේ­රත්න මහතා එම වේදි­කාවේ සිට ම සජිත්ට සාර්ථක දේශ­පා­ල­න­යක් ඇතැයි කියා සිටි­යේය. එය ඉංග්‍රීසි පුව­ත්පත් වාර්තා කර තිබුණේ “බ්‍රයිට් පොලි­ටි­කල් ෆියු­ඩර් ෆෝ සජිත්” යනු­වෙන්ය. රන්ජන් විජේ­රත්න හැම ප්‍රකා­ශ­යක්ම සිදු කළේ හොඳින් සිතා මතා තර්කා­නු­කූ­ල­වය. රන්ජන් විජේ­රත්න මහ­තාගේ ‍කියමන අද සනාථ වී තිබේ.

එව­කට අවු­රුදු විසි තුනක පමණ හිරි­මල් තරු­ණ­ය­කුව සිටි සජිත් දේශ­පා­ලන වේදි­කාව මතට ගොඩ­වීම ඇත්ත පත්ත­රය පවා අනු­මත කර තිබුණි. සජිත් වෙනු­වෙන් කතු­වැ­කි­යක් වෙන් කළ ඇත්ත කතු­ව­රයා සිය වැකිය අව­සන් කර තිබුණේ මෙසේය.

“රන්ජන් විජේ­රත්න මහතා දුන් අව­වා­දය පිළි­ප­දින්න. දේශ­පා­ලන ඉණි මගේ පහළ කොට­සින් පට­න්ගෙන ඉහ­ළට නඟින්න!”

සජිත් පහ­ළින් පට­න්ගෙන හෙමින් සීරුවේ ඉහ­ළට ගමන් කරයි. හීන් සැරය ලොකු බව වැඩ කරන ජන­තාව හොඳින් ම දනිති.

 

Comments