
සියලු ආකාරයේ දූෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීමට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් සර්වපාර්ශ්වික දූෂණ විරෝධි සභාවක් ස්ථාපිත කරන බව නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
රටේ විවිධාකාරයෙන් සිදු වන දූෂණ වැළැක්වීමට ගන්නා පියවර හා වැඩපිළිවෙළ කුමක්දැයි ඉකුත් සිකුරාදා (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ව්‍යාපාරික හමුවේදී අයකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ කීය.
ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික ප්රගමනය උදෙසා තමා බලයට පත් වීමෙන් පසු අනුගමනය කරන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමේ අරමුණින් මේ ඉහළ පෙළේ ව්‍යාපාරික හමුව පැවැත්විණි.
එහිදී නැඟූ පැනයන්ට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස මහතා, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය නඟාසිටුවා ජනතාවට එහි උපරිම වාසි අත් කරදීමට ක්‍රියා කරන බවද කීය.
එපමණක් නොව, ජාතික ආරක්ෂාව නවීන උපායමාර්ගික, විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ බලගන්වා ආරක්ෂක අංශවල සාමාජිකයන්ට අවශ්‍ය නූතන ත්‍රස්තවාදය පැරදවීමට සමත් පුහුණු කිරීම් හා උපකරණ ලබා දෙන බවද ඔහු කීය.
කාන්තා හා ළමා අයිතීන් සුරැකීමට මුල් තැන, දෙස් විදෙස් ආයෝජකයන්ට හා කාර්යක්ෂම හා සරල බඳු ක්‍රම හඳුන්වාදීම, පරිසරය ආරක්ෂා කිරීමට නව නීති-රීති මෙන් ම රටේ පොදු ජනතාවගේ අත-මිට සරු කිරීමට නව රැකියා දස ලක්ෂ ගණනින් බිහි කිරීමට රටේ සම්පත් යොදාගන්නා බවටද හෙතෙම මෙහිදී සහතික වූයේය.
පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මවුබිම සුරැකීම, මවුබිමේ සමාජ, ආර්ථික ප්රගමනය සකස් කිරීම තම ආර්ථික ප්‍රතිපත්තිය බවද ඇමැතිවරයා මෙහිදී පැහැදිලි කළේය.