
උඩරට දුම්රිය සේවාව නංවා ලීමේ තවත් පියවරක් වශයෙන් ඇමරිකාවෙන් නව දුම්රිය එන්ජින් 12ක් ආනයනයට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිළුමිණට කීය. බ්‍රසීලයෙන් ලබාගන්නා ණය ආධාර මත මේ දුම්රිය එන්ජින් ආනයනයට කටයුතු කර ඇතැයි කී ඒ මහතා එම එන්ජින් උඩරට මාර්ගයේ ධාවනයට යෙදවිමට හැකි අයුරින් නිෂ්පාදනය කරනු ලබන බවද කීය.
ද්විත්ව රියැදුරු කුටි සහිත මේ නව දුම්රිය එන්ජින් දිගින් අඩු එහෙත් අශ්වබලය වැඩි අයුරින් නිපදවීවට ඇමරිකානු තාක්ෂණය උපයෝගි කරගැනීමට නිෂ්පාදකයන් කටයුතු යොදා ඇතැයිද බ්‍රසීලයෙන් ලබාගන්නා ණය ආධාර මත මේ දුම්රිය එන්ජින් ආනයනය කරන හෙයින් බ්‍රසීලයේ ස්ථාපිත ඇමරිකානු සමාගමක් විසින් එම එන්ජින් නිපදවීමට කටයුතු යොදන බවද ඒ මහතා කීය. 1954 වසරේදී මෙරටට ආනයනය කරන ලද එම්-2 එන්ජින් වසර 65ක් තිස්සේ තවමත් ඉතා හොඳින් ධාවනය කරන බව පෙන්වා දුන් සාමාන්‍යාධිකාරිවරයා දීර්ඝ කාලයක් භාවිත කළ හැකි ඇමරිකානු දුම්රිය එන්ජින් මෙරට භාවිතයට ආනයනය කෙරෙන්නේ 1979 වසරේ එම්-4 දුම්රිය එන්ජින් කැනඩාවෙන් ආනයනය කිරීමෙන් වසර 40කට පසුව බවද කීය.