නන්දා මාලිනී කැනඩා සංචාරයක | සිළුමිණ

නන්දා මාලිනී කැනඩා සංචාරයක

විශාරද නන්දා මාලිනී ඔක්තෝබර් මාසයේ ප්‍රසංග වාර කීපයක් සඳහා කැනඩාවේ සංචාරය කිරීමට නියමිත බව කැනඩා - ශ්‍රී ලංකා මිත්‍රසංගමයේ ටොරෙන්ටෝ ශාඛාව විසින් දැනුම් දී ඇත. ඒ අනුව ඔක්තෝබර් 19 වැනි දින ටොරොන්ටෝ නගරයෙන් ආරම්භ වන ප්‍රසංග මාලාව “එඩ්මන්ටන්” “කැල්ගරි”, වැන්කුවර් සහ “ඔටාවා” යන නගරවල පැවැත්වීමට නියමිතය.

සංගීතවේදී සෝමතිලක ජයමහ, සංගීතවේදී කරුණාරත්න දිවුල්ගනේ ශිල්පීන් දෙපළ ඇය සමඟ මෙම සංචාරයට එක්වෙති. සුරේෂ් මාලියැද්ද විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ප්‍රසංග මාලාව සඳහා ශ්‍රී ලංකාවෙන් වාද්‍ය ශිල්පීන් අට දෙනෙකු සහභාහිවීමට නියමිතය. මෙහි ප්‍රධාන සංවිධායකත්වය දරන්නේ ටොරොන්ටෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීය රසවතකු වන සුදේශ් මුතුනවගොන්න මහතායි.

Comments