‘ප්‍රවීනා’ කතාවේ කැමරාවෙන් පසුපස තවත් කතා | Page 2 | සිළුමිණ

‘ප්‍රවීනා’ කතාවේ කැමරාවෙන් පසුපස තවත් කතා

‘සිරස’ නාලිකාව ඔස්සේ විකාශය වන ප්‍රවීනා ටෙලි වෘත්තාන්තයේ දෙවැනි අදියර ඔබත් නරඹනවා ඇති. එහි දැන් ප්‍රවීනා ලෙස රඟන්නේ එරිකා ෆර්නැන්ඩස්. ( ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ඇය ප්‍රවීනා වුවත්, ඉන්දියාවේ මේ චරිතය නම් කර ඇත්තේ ‘ප්‍රේනා’ යනුවෙන්. ටෙලි වෘත්තාන්තය එරටෙහි විකාශය වන නම තමයි, කසෞටි සින්දගී කේ’) ප්‍රවීනා ගේ පෙම්වතා, අනුරාධ ඒ චරිතය නිරූපණය කරන්නේ පාත් සම්තාන්. ටෙලි නාට්‍යය තුළ එරිකා සහ පාත් පෙම්වතුන් යුවළක් ලෙස නිරූපණය කරන රංගනය ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කිරීමට සමත් වී ඇති බව රහසක් නොවෙයි.

පුංචි තිරයේ පෙම්වතුන් විලසින් රඟපාන මේ දෙදෙනා ගැන එක්තරා ආරංචියකුත් පැතිරී ගියා. පාක් සහ එරිකා සැබවින්ම පෙම්වතුන් බවයි ඒ ආරංචියෙනි කියවුණේ. මේ ගැන බොලිවුඩ් මාධ්‍යවලින් කිහිප වතාවක්ම ඔවුන් දෙදෙනාගෙන් විමසුවත් ඊට පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් ටික කාලයක් ගත වෙද්දී කවුරු කවුරුත් දැන ගත්තේ පාක් සහ එරිකා යුවළ පෙමින් බැඳී සිට පසුව වෙන්වී ඇති බවයි. මේ වෙන්වීමට හේතුව, බොලිවුඩ් ටෙලි නාට්‍ය ලෝක‍යේ සුරූපී නිළියක වන ප්‍රියංකා සොලන්කිලු. ඇය පාත් සමඟ සබඳකමක් ඇති කර ගත් බව දැනගත් එරිකා, පාත්ගෙන් වෙන් වූ බවයි තතු දත් අය පවසන්නේ.

කෙසේ වෙතත් ප්‍රියංකාට පාත්ගේ සෙනෙහස ලබන්න වරම් ලැබුණේ කෙටි කාලයයි. ඔහු ‘කසෞටි සින්දගී කේ’ (ප්‍රවීනා) ටෙලි නාට්‍යයේම රඟන ආරියා අගර්වාල් ගේ සෙනෙහස ළඟ නැවතුණා. දෙදෙනා නිතර නිතර හමුවුණා. සමහර දවස්වලට පාත් සහ ආරියා මුණ ගැසුණේ ආරියාගේ නිවසේදියි. දැන් නම් ආරියා ට පාත්ගෙන් තොර ලෝකයක් නැහැ. ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පාත් සහ තමන් එකට සිටිමින් ගත්ත ඡායාරූප රැසකුත් මෑතකදී ඇය පළ කර තිබුණා. පාත්ගේ සිත සොරා ගත්තු ආරියා ‘ප්‍රවීනා’ ටෙලි නාට්‍යයේ රඟන්නේ කවුරුත් හැටියටදැයි දැන් ඔබට ප්‍රශ්නයක් මතුවේවි. ආරියා නිරූපණය කරන්නේ විශ්කා චෞබේ හෙවත් කෝමලීගේ සොහොයුරියගේ චරිතයයි.

පාත්ට පෙම්වතියන් කිහිප දෙනෙකුම සිටියා. ඒ අය අතුරින් එක් අයෙක් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක්. ඇය තමයි ඩිෂා පටානි.

 

Comments