අම්මාගේ සෙන­හ­සින් සුර­ක්ෂාවේ හයි­යෙන් සුව­පත් වන වාස­නා­වන්ත දරුවෝ | Page 2 | සිළුමිණ

අම්මාගේ සෙන­හ­සින් සුර­ක්ෂාවේ හයි­යෙන් සුව­පත් වන වාස­නා­වන්ත දරුවෝ

 

 

දිනය නිශ්චි­ත­වම මතක නැතත්, ඒ 2017 වර්ෂයේ ලෝක ළමා දින­යට පුංචි දරු­වන් සුදා­නම් වෙමින් සිටින සැප්තැ­ම්බර් මාසයේ දින­යකි. ඊට දින කිහි­ප­ය­කට පෙර අධ්‍යා­පන ඇමැති අකිල විරාජ් කාරි­ය­ව­සම් මහතා හදි­සියේ මාධ්‍ය සාක­ච්ඡා­වක් කැඳවා තිබිණි. ඒ සඳහා සිළු­මිණ පුව­ත්පත වෙනු­වෙන් මමද සහ­භාගි වුණේමි. කාර­ණාව වූයේ සමස්ත පාසල් දරු­වන් වෙනු­වෙන් ලබා­දී­මට සූදා­නම් වන රක්ෂ­ණා­ව­ර­ණ­යක් පිළි­බ­ඳය. පාසල් දරු­වන් වෙනු­වෙන් රජය හඳුන්වා දෙන “ සුරක්ෂා“ රක්ෂ­ණා­ව­ර­ණය ගැන අපි එදා ප්‍රවෘත්ති විශේ­ෂාංග සැක­සු­වෙමු

ඉන් දින කිහි­ප­යක් ඇවෑ­මෙන් මේ අපූරු ත්‍යාගය දරු­වන්ට පිරි­නැ­මුවේ 2017 ඔක්තෝ­ම්බර් මස 1 වැනිදා යෙදී තිබුණු ලෝක ළමා දින­යේ­දීය.

“අම්මේ මෙන්න අපේ සුරක්ෂා කාඩ් එක. මේක අම්ම­ලාට දෙන්න කිව්වා“

ඊට මස කිහි­ප­ය­කට පසු මාගේ දරු තිදෙනා මා අතට ලබා දුන්නේ කහ­පා­ටට හුරු කාඩ් පත්ය. මා ඒවා සුපු­රුදු පරිදි බැංකු කාඩ්පත් තැන්පත් කරන ගොනුවේ තැන්පත් කළා මිස ඊට වැඩි යමක් ඒ ගැන සිතුවේ නැත. රැකියා ආය­ත­න­යෙන්ද රක්ෂ­ණා­ව­රණ හිමි මට එහි ඇති වටි­නා­කම වැට­හුණේ නැත.

පසු­ගිය දිනක මාගේ කුඩා දරුවා හදි­සියේ අස­නීප වූයේ නොසිතු පරි­දිය. දරු­වාගේ රෝග තත්ත්වය තර­මක් දරුණු අතට පත් වූයෙන් වහා දරුවා රෝහ­ල්ගත කරන මෙන් උප­දෙස් ලැබිණි. දරුවා වහාම කොළඹ පෞද්ග­ලික රෝහ­ල­කට ඇතු­ළත් කරන ලදි . වසරේ අව­සාන කාල නිසා ආය­ත­නික රක්ෂණ මුදල් ද විය­දම් වී හමා­රය.

“ ඇයි ඔයා­ලගේ රක්ෂණ ගැනම හොය හොයා ඉන්නේ. ලංකාවේ හැම දරු­වෙ­කු­ටම දැන් රුපි­යල් ලක්ෂ 2ක රක්ෂ­ණ­යක් තියෙ­න­වනේ. දරුවා ඒ රක්ෂ­ණ­යෙන් ඇතු­ළත් කරන්න. දරු­වෙක් ඒ රක්ෂ­ණ­යෙන් ඇතු­ළත් කර­න්නට කිසිම කර­ද­ර­යක් නැහැ..“ රෝහල අපට පැවැ­සීය.

මා සතුව දරු තිදෙ­නා­ටම රුපි­යල් ලක්ෂ 6ක රක්ෂ­ණා­ව­ර­ණ­යක් තිබෙන බව පසක් විය. ඒත් මේ ලෙඩේට ඒ රක්ෂ­ණ­යෙන් ආව­ර­ණ­යක් තියෙ­න­වාද? අපිට කොට­සක් පම­ණක් ගෙව­යිද? ඉතිරි මුදල අතින් ගෙවන්න වෙයිද? .“

මම සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණයේ නොදත් තතු රෝහ­ලෙන් විම­සීමි.

“ දරු­වට ලක්ෂ දෙකක රක්ෂ­ණ­යක් තියෙ­නවා. ඕනෑම රෝග­ය­කට ඇතු­ළත් වෙලා කිසිම මුද­ලක් නොගෙවා නේවා­සික ප්‍රති­කාර ලබා­ගන්න පුළු­වන්. රෝහල් බිල අතින් ගෙවන්න අවශ්‍ය නැහැ. රුපි­යල් ලක්ෂ දෙකට වැඩි වුණොත් විත­රයි ඉතුරු මුදල අතින් ගෙවන්න වෙන්නේ. ඔයාලා දරු­වා­ඇ­ඩ්මිටි කරලා රක්ෂණ ආය­ත­න­යට දැනුම් දෙන්න... “

කොච්චර දෙයක්ද? මා පම­ණක් නොව බොහෝ මවු­පි­යන් මේ රක්ෂ­ණා­ව­ර­ණයේ සැබෑ තත්ත්වය නොද­න්න­වාට සැක­යක් නෑ. දරු­වකු රෝහ­ල­කට නේවා­සික ප්‍රති­කාර සඳහා ඇතු­ළත් කිරී­මේදී Allianz රක්ෂණ ආය­ත­න­යට අවශ්‍ය වන්නේ දරු­වාගේ පාසල, දරු­වාගේ නම, පාස­ලට ඇතු­ළත් වීමේ අංකය හා සංග­ණන අංකය පමණි. දරුවා කාඩ්පත ලබා­ගෙන නැති විටක පවා කිසිදු විම­සී­මක් නොකර ඇතු­ළත් වීමේ හැකි­යාව ලැබෙයි. වත්මන් රජය ලබා දුන් මේ රක්ෂ­ණා­ව­ර­ණයේ වටි­නා­කම මුද­ලින් මිල කළ නොහැකි බව මට පසක් විය.

දරුවා කොළඹ ප්‍රධාන පෞද්ග­ලික රෝහ­ල­කට ඇතු­ළත් කෙරුණේ අධ්‍ය­පන ඇමැති අකිල විරාජ් කාර්ය­ව­සම් මහතා දරු­වන්ට ප්‍රදා­නය කළ සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණ­යට පින්සිදු වන්න­ටය. දරුවා පහ­සු­කම් සපිරි රෝහ­ලක නැවැති විශේ­ෂඥ ප්‍රති­කාර ලබ­න්නට විය. ලංකාවේ ඉහ­ළම ළමා වෛද්‍ය­වරු දරුවා පරීක්ෂා කර ප්‍රති­කාර කර­න්නට වූහ. දරු­වාගේ රෝගය වෙනු­වෙන් ලබා­දුන් ඖෂධ මිල අධි­කය. කර­ල­කට 1500කි. රෝග පරී­ක්ෂණ ගාස්තු වෙනු­වෙන් වැය වූයේ ඊට වඩා වැඩි මුද­ලකි. දින පහක ප්‍රති­කාර කාල­ය­කින් පසු දරුවා සුව විය. රෝහල් බිල රුපි­යල් ලක්ෂ එක­හා­මා­ර­කට ආසන්න විය. කිසිදු විම­සී­ම­කින් තොරව සම්පූර්ණ බිල සුර­ක්ෂා­වෙන් ගෙවිණි. මගේ ඉහේ මලක් පිපිණි.

“ ඔයාලා දැන් රක්ෂණ ආය­ත­න­යට දැනුම් දෙන්න...“

එක් දරු­වෙකු වෙන්වෙන් රුපි­යල් ලක්ෂ ගණ­න­කට රජය උර දෙයිද? මා සිතු­විල්ල නිවැ­රදි නොවීය. රෝහල හා රක්ෂණා ආය­ත­නය අතර සියලු ගනු­දෙනු සිදු වූයේ ඔන්ල­යින් ක්‍රම­ය­ටය. කිසිදු ගනු­දෙ­නු­ව­කට ලිය­කි­ය­විලි පිර­වී­ම­කට මැදි­හත් විමක් අවශ්‍ය නොවිණි. සුළු මොහො­ත­කින් රෝහල් කාම­ර­යට පැමිණි හෙදි­යක පැවැ­සූයේ “ ඔයා­ලට දැන් යන්න පුළු­වන්. සියලු බිල්පත් සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් ගෙවලා තියෙන්නේ. දරු­වට මේ අවු­රු­ද්දට ගන්න තවත් මුදල් ඉතුරු වෙලා තියෙ­නවා. ලබන අවු­රුද්දේ නැව­තත් ලක්ෂ දෙකක් එකතු වෙනවා. ඒ වගේම දරු­වට ගෙදර ගිහින් දෙන්න අවශ්‍ය හැම බේත­ක­ටම රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් ගෙවලා තියෙන්නේ...“

සිතට දැනුණේ වච­න­යෙන් කිව නොහැකි සහ­න­යකි. කිසිදා මෙවැ­න්නක් බලා­පො­රොත්තු වූයේ නැත. සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණය ගැන පුව­ත්ප­තට කොතෙ­කුත් ලිවද මේ වර­ප්‍ර­සා­දයේ ඇත්ත ඇති සැටි­යෙන් අත්වින්ඳේ දැන්ය. පාසල් යන මාගේ දරු තිදෙනා කොත­රම් සුර­ක්ෂි­ත­දැයි මට සිතුණු වාර අන­න්තය. දරු තිදෙ­නෙක් වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 6ක රක්ෂ­ණා­ව­ර­ණ­යක් මා සතුව ඇති බව සිතෙන විට මට දැනෙන්නේ පුදු­මා­කාර අස්වැ­සි­ල්ලකි.

ලෝකයේ බොහෝ රට­වල පාසල් දරු­වන් වෙනු­වෙන් පිරි­නැ­මෙන රක්ෂ­ණා­ව­රණ ඇත. නමුත් ඒ සියල්ල ඇත්තේ දරු­වාගේ පාසල් කාලය තුළ බව දනිමි. ඒ පාසල් රක්ෂ­ණය දරු­වන්ගේ නිවාඩු කාල­යට ,පාසල අහ­වර වු පසු ලැබෙන්නේ නැත. එහෙත් සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් අපේ දරු­වන් දවසේ පැය 24 ම ආව­ර­ණ­යක් ලබන බව අපි නොද­න්නෙමු. එසේම වසරේ දින 365 දීම දරුවා වෙනු­වෙන් ආර­ක්ෂිත රැක­ව­ර­ණ­යක් සැප­යෙයි.

පහත සත්‍ය සිදු­වීම් ඔබ වෙත වාර්තා කරන්නේ මා ලද අත්දැ­කීම වඩාත් ඔබට සනාථ කර­න්න­ටය.

ඇය කුරු­ණෑ­ගල පෞද්ග­ලික පාස­ලක අධ්‍යා­ප­නය ලබන දරු­වෙකි. මේ තොර­තුරු අපට ලබා දුන්නේ ඇයගේ මාමා කෙනෙකි. දරුවා මේ වන විටත් දරුවා රෝහ­ල්ගත වී ප්‍රති­කාර ලබන අතර ඇය ගොදුරු වී ඇත්තේ පිළිකා රෝග­ය­ක­ටය.

“ දරුවා ඉන්දි­යා­වට ගෙන­ගි­හින් ඔප­රේ­ෂන් එකක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා අවශ්‍ය වන රුපි­යල් මිලි­යන 1.8ක් දරු­වට දුන්නේ සුරක්ෂා රක්ෂ­ණ­ව­ර­ණ­යෙන්. එය ලබා­ගන්න අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ඉහළ නිල­ධා­රීන් උදවු වුණා. කිසිම කර­ද­ර­යක් නැතුව දරුවා ඉන්දි­යා­වට ගෙනි­හින් ඔප­රේ­ෂන් එක කරන්න මුදල් ලැබුණා“ ඒ දරු­වාගේ නම සඳ­හන් කිරී­මට අක­මැති වූ පෞද්ග­ලික පාස­ලක අධ්‍යා­ප­නය ලබන දරු­වෙ­කුගේ ඥාති­යෙකි.

මේ තවත් එවැ­නිම සත්‍ය කතා­වකි. මේ දරුවා අධ්‍යා­ප­නය ලබන්නේ කොළඹ ප්‍රධාන පාස­ල­කය. එසේම පසු­ගිය උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින පුතෙකි. දරුවා වෙනු­වෙන් සුරක්ෂා රක්ෂ­ණා­ව­රණ ප්‍රති­ලාභ ලබා­ගත් ආකා­රය ගැන කිවේ ඔහුගේ මවය.

“අපිට වෙන රක්ෂ­ණා­ව­රණ තිබුණා. ඒත් දරුවා අවු­රුදු 18 සම්පූර්ණ නිසා ඒවා ලබා­ගන්න බැහැ. දරු­වාට අස­නීප වෙන විට සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණය තිබුණේ ලියා­ප­දිංචි වන අව­දියේ. ඒ නිසා අපි හිතුවා දරු­වාට රක්ෂ­ණා­ව­ර­ණය ගන්න නොලැ­බෙයි කියලා. ඒත් මේ වසරේ මැයි මාසයේ දරුවා අස­නීප වී පෞද්ග­ලික රෝහ­ල­කට ඇතුළු කළා. ලියා­ප­දිංචි මට්ටමේ තිබු­ණත් දරු­වාට ගිය රුපි­යල් ලක්ෂ දෙක කිසිම අඩු­වක් නැතුව ගෙව්වා. අපිට රක්ෂණා ආය­න­යට කතා කර කර මහන්සි වෙන්න සිදු­වුණේ නැහැ. මේක අපිට පුදුම සහ­න­යක් වුණා....“ ඇය පැව­සු­වාය.

මේ මව බුද්ධි­කාය. සිය දිය­ණිය අධ්‍යා­ප­නය ලබන්නේ කොලඹ බාලිකා විදු­හ­ලක වන අතර ඇය පිළි­කා­වක් නිසා පිඩා විඳියි.

“ මගේ දුවගේ පිළි­කා­වට අවශ්‍ය ප්‍රති­කාර වෙනු­වෙන් රක්ෂ­ණ­ව­ලට හරි­යට රස්ති­යාදු වුණා. පස්සේ අපිට සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් ප්‍රති­ලාභ ගන්න පුළු­වන් කියා ආරංචි වුණා. දරු­වගේ පරී­ක්ෂ­ණ­ව­ලට රෝහ­ල්ව­ලට ගෙවූ සියලු මුදල් අපිට සුර­ක්ෂා­වෙන් ලැබුණා. ඒ මුදල රුපි­යල් ලක්ෂ 2ක්. සති දෙකක් ඇතු­ළත ගෙවූ සියලු මුද­ලම අපේ ගිණු­මට ලැබුණා. “

මේ ප්‍රති­ලාභ හිමි වන්නේ නග­රයේ දරු­වන්ට පම­ණක් නොවේ . ගම්බද පාසල් දරු­ව­න්ටද අද නග­රයේ සුපිරි පස­හු­කම් ඇති රෝහ­ල­කට ඇතුළු වී නොමි­ලයේ ප්‍රති­කාර ලැබිය හැකිය. ලංකාව පුරා විසිරි ඇති පෞද්ග­ලික රෝහල් 60කට කිසිදු ගෙවී­ම­කින් තොරව ඇතු­ළත් වි කිසිදු ගෙවී­මක් නොගෙවා ප්‍රති­කාර ලබා පිට­විය හැකි බව ඔබ නොද­න්නේද?

“අපි දිය­ත­ලාවේ. පුතා ලබන වසරේ උසස් පෙළ කර­නවා. බෝල ගහන්න ගිහින් පුතාගේ කැකුල කැඩුණා. දරුවා කළු­බෝ­විල, මහ­ර­ගම අපේක්ෂා රෝහ­ල්වල නතර කළා. ඒ සඳහා විය­දම් වු සියලු මුදල රුපි­යල් ලක්ෂ 2ක් සුර­ක්ෂා­වෙන් අපිට ලැබුණා. මුදල් ලබා ගන්න කිසිම කර­ද­ර­යක් වුණේ නැහැ. රජයේ රෝහ­ල්වල නතර වුණාට දව­සට රුපි­යල් 3000 ගණනේ ලැබුණා. තාමත් දරුවා ප්‍රති­කාර ගන්නවා. ඒ මුද­ලුත් ඉදි­රි­යේදි අපිට ලැබෙයි කියා සිත­නවා....“ එසේ පැවැ­සූයේ සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් ප්‍රති­ලාභ ලබා ගත් දරු­වෙ­කුගේ පියෙ­කුය.

ඇය ගාල්ලේ කනිටු විදු­හ­ලක විදු­හ­ල්ප­ති­නි­යයි. ග්‍රාමීය පාස­ලක විදු­හ­ල්ප­ති­නිය වන ඇයගේ දරු­වාද මේ රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් ප්‍රති­ලාභ හිමි කර­ගෙන ඇත. “ අනෙ­කුත් රක්ෂණ සමා­ග­ම්ව­ලට වඩා වේග­යෙන් මේ රක්ෂණ සමා­ගම මුදල් ගෙවීම් කර­නවා. ඒ අයට ඡායා­පි­ට­පත් ලබා දුන්නත් ප්‍රමා­ණ­වත්. අපේ පාසලේ දරු­වන් දෙන්නෙ­කුට හොඳ රෝහ­ලක නැව­තිලා ප්‍රති­කාර ලබා­ගන්න සුර­ක්ෂා­වෙන් සෘජු ගෙවීම් කළා. මේක දරු­වන්ට විශාල සහ­න­යක්. මගේ දුවගේ ශල්‍ය­ක­ර්ම­යක් කළා. දරු­වාගේ ඒ ශල්‍ය­ක­ර්ම­යට රුපි­යල් ලක්ෂ දෙක­කට වඩා මුද­ලක් ලැබුණා. ගමේ දරු­වන් මේ රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් විශාල ප්‍රති­ලාභ ලබා­ග­න්නවා. එත් ගොඩාක් දෙනෙකු මේ පිළි­බඳ දැනු­ම්වත් වෙලා නැහැ....“ ඇය පව­ස­න්නීය.

එය සත්‍යකි. බොහෝ දෙනෙකු අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා දරු­වන්ට ලබා­දුන් මේ වර­ප්‍ර­සා­ද­යට හිමි ප්‍රති­ලාභ ගැන දන්නේ නැත. ඒ නිසා තව­මත් දරු­වන්ගේ අස­නී­ප­ය­කදී කන­කර උකස් කර හෝ විය­දම් කරති.

“ සුරක්ෂා සිසු රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් මේ වන විට සිසුන් 40,000කට රුපි­යල් මිලි­යන 1,600ක් ඉක්මවා ප්‍රති­ලාභ ලබා දී තියෙ­නවා. මවු­පිය අහිමි වීමක දී සිසු දරු­වන්ගේ අධ්‍යා­ප­නය අඩාළ වීමට ඉඩ නොතැ­බී­ම­ටත්, අසාධ්‍ය රෝග, හදිසි අන­තුරු අවස්ථා මෙන් ම දරු­වන්ගේ සෞඛ්‍යා ආර­ක්ෂාව වෙනු­වෙන් තීන්දු තීරණ ගැනී­මට සිදු වන ඕනෑම අව­ස්ථා­වක දී ඒ සඳහා ශක්ති­මත් ව මුහු­ණ­දී­ම­ටත් සුරක්ෂා සිසු රක්ෂ­ණා­ව­ර­ණ­යෙන් ලැබෙන්නේ සුවි­සල් පිටු­බ­ල­යක්.

මේ වසරේ සිට සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණයේ ප්‍රති­ලාභ වැඩි කිරී­මට පිය­වර ගත්තා. රජයේ රෝහ­ල්ගත වන දින­කට ගෙවන මුදල රුපි­යල් 1,000 සිට රුපි­යල් 3,000 තෙක් වැඩි කිරීම, බාහිර ප්‍රති­කාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උප­ක­රණ, ඇස් කන්නාඩි වැනි උප­ක­රණ ලබා ගැනීමේ හැකි­යාව, විශේ­ෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබා­ගැ­නී­මට හැකි­යාව, මුදල් ගෙවී­ම­කින් තොර ව රෝහ­ල්ගත වීමේ හැකි­යාව, රෝහ­ල්ගත වීමට පෙර දින 7ක් සහ රෝහ­ලෙන් පිට වූ පසු දින 14ක් බෙහෙත් ලබා­ගැ­නීමේ හැකි­යාව ද ලබා­දීම ඒ අතර ප්‍රධා­නයි.

රජයේ හෝ පෞද්ග­ලික රෝහ­ලක නේවා­සික ප්‍රති­කාර සඳහා රුපි­යල් 200,000ක් ද, බාහිර ප්‍රති­කාර සඳහා රු.20,000 ක් ද, අසාධ්‍ය රෝග ප්‍රති­කාර සඳහා රුපි­යල් 200,000ක සිට අව­ශ්‍ය­තාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ගෙව­නවා. පූර්ණ අක­ර්ම­ණ්‍ය­තා­වක දී රු. 200,000ක් ද, අර්ධ අක­ර්ම­ණ්‍ය­තා­වක දී රු.150,000 සිට රු. 200,000 ක් දක්වා ද, මවු­පිය වියෝ­වක දී එක් අය­කුට රු. 200,000 බැඟින් දෙදෙ­නාට ම ආව­ර­ණය ද, (පවුලේ සියලු දරු­වන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝ­වක දී රු. 150,000 ක මුද­ලක් ද ප්‍රති­ලාභ ලෙස පිරි­නැ­මෙ­නවා. කිසිම කෙනෙක් නොක­රපු මෙය රජ­යෙන් දරු­වන්ට දුන් විශාල ප්‍රති­ලා­භ­යක්“ ඒ අධ්‍යා­පන අමාත්‍ය අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාය.

සුරක්ෂා ප්‍රති­ලාභ ලබා­ගැ­නීමේ දී යම් ප්‍රමා­ද­යක් හෝ වෙනත් ගැට­ලු­වක් මතු වේ නම්, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112369369, 0113641555,0112784872 යන දුර­ක­තන අංක­ව­ලට අමතා ඒ සම්බන්ධ ව දැනුම් දෙන ලෙස ද අමා­ත්‍ය­ව­රයා කියයි.

“අපිත් සමඟ සම්බන්ධ වුණු රෝහල් 60ක නේවා­සික ප්‍රති­කා­ර­ව­ලදී සෘජු ගෙවීම් කරන්නේ. ඉහත රෝහ­ල්ව­ලට ඇතු­ළත් වී ප්‍රති­කාර ලබා­ගෙන ගෙවී­මක් නොකර පිට වී යා හැකියි. ඊට අම­ත­රව එම රෝහ­ල්ව­ලට ඇතු­ළත් වී ගෙවූ බිල්පත් මුදල් සති දෙකක් ඇතු­ළත ආපසු ලබා ගත හැකියි. විශේ­ෂඥ වෛද්‍ය ප්‍රති­කාර ගත්තොත් ඒවාත් ගෙවීම් කර­නවා. විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් සඳහා කරන චැනල් ගෙවීම් අනි­වා­ර්ය­යෙන් නැවත ගෙව­නවා. මේ සඳහා බිල්පත හා ඒ සඳහා වූ අයැ­දුම් පත්‍රය පුරවා ළඟම පිහිටි Allianz රක්ෂණ ආය­ත­න­යට හෝ අධ්‍යා­පන අමා­ත­යාං­ශ­යට ගෙනැ­විත් බාර දිය යුතු යි. ඒ සම­ඟම භාර­ක­රුගේ හෝ මවු­පි­යන්ගේ බැංකු පොතේ මුල් පිටුවේ ඡායා පිට­ප­තක් ඇමි­ණිය යුතු වන්නේ අදාල මුදල් බැර කරන්න. මේ රක්ෂණ හිමි­කම අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ සංග­ණන අංක­යක් හිමි පෞද්ග­ලික, ජාත්‍ය­න්තර, විශේෂ පාසල් වලට වගේම පිරි­වෙන් වල­ටත් ලබා ගත හැකියි. “ ඒ අධ්‍යා­පන අධ්‍යක්ෂ ( සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව) රේණුකා පීරිස් මහ­ත්මි­යයි.

දැන් දරු­වන්ගේ සෞඛ්‍යය ගැන මවු­පි­යන්ට කවර බරක්ද? දරු­වන්ගේ වග­කීම වත්මන් රජය දෝතට ගෙන හමා­රය. කිසිදු කලක නොඇසූ අස­නීප දැන් දරු­වන්ට වැල­ඳෙයි. සුළු අස­නී­ප­ය­කට වුවද විශාල වැයක් දර­න්නට සිදු වෙයි. එවන් මොහො­තක ‘සුර­ක්ෂාව‘ අම්ම­ලාට මහත් හයි­යකි. අස්වැ­සි­ල්ලකි. ?

Comments