භාවනා කිරී­මේදී හිත එකඟ නැත්නම් අපායේ දුක් සිහි ­කරගන්න | සිළුමිණ

භාවනා කිරී­මේදී හිත එකඟ නැත්නම් අපායේ දුක් සිහි ­කරගන්න

අද අපි දේශනා කර­න්නට ෙදුනේ සංයුක්ත ‍නිකායේ පංචාල ඡන්ඩ සූත්‍ර­යයි.

 

මේ පංචාල ඡන්ඩ කියලා කියන්නේ දිව්‍ය පුත්‍ර­යෙක්. සැවැ­ත්නු­වර ජේත­ව­නා­රා­මයේ වැඩ සිටින කාලයේ බුදු­ර­ජා­ණ­න්ව­හ­න්සේගේ කාලයේ හිටපු දිව්‍ය­පු­ත්‍ර­යෙක්. බුදු­ර­ජා­ණ­නන් වහන්සේ සැවැත් නුවර ජේත­ව­නා­රා­මයේ දී වැඩ­වෙ­සෙන කාල­යේදී තව දිව්‍ය­පු­ත්‍ර­යන් විශාල පිරි­සක් පිරි­ව­රා­ගෙන ජේත­ව­නා­රා­ම­යට පැමි­ණියා.

බුදු­ර­ජා­ණන් වහ­න්සේට ආද­ර­යෙන් ගෞර­ව­යෙන් එක­ත්පස්ව හිදි­මින් මේ පණ්චාල ඡන්ඩ උන්ව­හ­න්සේගේ ඉදි­රි­යේදි ගාථා­වක් ඉදි­රි­පත් කර­නවා. උන්ව­හ­න්සේ­ගෙන් මේ ගාථා­වක් විදි­හට අහන්නේ ප්‍රශ්න. ඇවිත් උන්ව­හන්සේ ඉදි­රියේ මෙසේ ප්‍රකාශ කර­නවා. කටු­වක් ඇනිච්ච කෙනෙක් කටු­ව­කින් ම ඉවත් කර­නවා වගේ ගථා­ව­කින් ම ප්‍රශ්න ඉදි­රි­පත් කර­නවා. සම­හර වෙලා­ව­ක­ට‍ මේ ගාථා­ව­කින් අහන ප්‍රශ්න­යට ගාථා­ව­කින් ම පිළි­තුරු දෙනවා.

සම­හරු ගාථා­ව­කින් අහන්නේ තමන්ගේ අද­හස. උන්ව­හන්සේ මේ සියල්ල හොඳින් අහ­ගෙන ඉන්නවා. ඒ දිව්‍ය පත්‍රයා තමන්ගේ අද­හස ගාථා­ව­කින් කියන විට එය පිලි­කුල් කරන්නේ නැහැ. ප්‍රති­කේෂ කරන්නේ නැතුව තමන්ගේ අද­හ­සත් පිළි­තුර ගාථා­ව­කින් ඉදි­රි­පත් කර­නවා.

‍අපි මෙහිදි කතා කරන්නේ පංචාල ඡන්ඩ ඇවිල්ලා බුදු­න්ව­හ­න්සේට මොකක්ද කියන්නේ කියලා.සංඩාකේ වත ඕකං අවින්දි බූරිනේ යසෝ මේ ලෝක‍යේ ඉන්නවා මානය දුරු කරන ලද අය. මම උසස්, මම උගත් කියලා හිතන අද­හස දුරු කරපු අය ඉන්නවා. මේ අය අතර ශ්‍රේෂ්ඨ වූ බුදු­න්ව­හන්සේ ධ්‍යාන අව­බෝධ කළා. මානය දුරු කරපු අය අතර ශ්‍රේෂ්ඨ වූ බුදු­ර­ජා­ණන් වහන්සේ එය අව‍බෝධ කළා. බුදු­ර­ජා­ණන් වහන්සේ ඒ බාධා තිබි­යදී තමයි එය අව­බෝධ කර­ගත්තේ කියලා දිව්‍ය­පු­ත්‍රයා ප්‍රකාශ කළා. එයයි බුදු­ර­ජුන් ඉදි­රියේ ප්‍රකාශ කළේ. කෙටි­යෙන් ම මතක් කළොත් ඒ අද­හස මානය දුරු කළ අය අතර ශ්‍රේෂ්ඨ වු බුදු­ර­ජා­ණන් වහන්සේ ‍ධ්‍යාන අව­බෝධ කළා.

උන්ව­හන්සේ මෙය අහ­ගෙන හිටියා ඉන් පසුව ප්‍රකාශ කර­නවා සම්බා දේ වාතී වින්දන්ති ධම්මං නිබ්බාන පත්තියා යේ සතින් පච්ච­ලත් තුන්සූ සම්මාතේ සුස­මා­හිතා ...' උන්ව­හන්සේ තමන් වහ­න්සේගේ අද­හස ප්‍රකාශ කර­නවා. යම් කෙනෙක් නිවන් දකි­න්නට ඕන කියලා සිහිය උප­දවා ගත්තො­තින් බාධා තිබු­ණත් ධ්‍යානව උප­දවා ගන්න පුළු­වන්.

බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ කිය­නවා ඒ තැනැ­ත්තාගේ හිතත් හොඳින් සමා­හිත වෙලා කියලා කිය­නවා. මේ දිව්‍ය පුත්‍ර­යාට මේ ශාස­නය පට­න්ගත්ත දින පටන් අනා­ග­තයේ සාසන අන්තර දහ­නය වන තුරුම මේ බුද්ධ සාස­නයෙ බිහි­වන භික්ෂු භික්ෂුණී උපා­සක උපා­සිකා යන සිව්ව­නක් පිරි­ස­ටම මහ පුදුම වටින අව­වා­ද­යක් දෙනවා.

මොකක්ද මේ අව­වා­දය; නිවන් දකින අද­හ­සින් සිහිය පිහි­ටුවා ගත්තො­තින් කොත­රම් බාධා ආවත් සමා­ධි­යක් උප­දවා ගන්නට පුළු­වන් කියලා බුදු­න්ව­හන්සේ දේශනා කර­නවා. මේ උතුම් පණි­වු­ඩය අපිට සිහි­පත් කර­නවා; අපේ හිතේ නිවන් දකින ප්‍රාර්ථ­නව තිය­නවා නම් සමථ විද­ර්ශ­නාව මත සිහිය පිහි­ටු­ව­න්නට පුළු­වන් නම් අපිට සමා­ධි­යක් ලබන්න පුළු­වන් කියලා කිය­නවා.

මෙය අහන කෙනාගේ සිත කොයි­ත­රම් විර්ය­ය­වන්ත වෙන­වාද බලන්න. ශාස්තෘෘන් වහන්සේ කිය­නවා නම් ඔබ නිවන් දකින අද­හ­සින් සිහිය පිහි­ටු­ව­නවා නම් ඔබට පුළු­වනි සමා­ධි­යක් ලබන්න කියලා; අපිට තව කවර කතා­වක්ද? මගේම විමුක්ති දාය­ක­යන් වහන්සේ මට එහෙම කිය­නවා නම් ඇයි අපි එය කල් දාන්නේ. ඔබටත් ඒ ගැන හිත­න්නට කාලය ඇවිල්ලා.

ඉතින් අපි බලමු මේ නිවන් දකින අද­හ­සින් සිහිය පිහි­ටු­වා­ගෙන අපේ ජීවි­තය තුළ සමා­ධි­යක් උප­දවා ගන්නේ කෙසේද කියලා. බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ ශාස­න­යෙහි යම් කිසි සමා­ධි­යක් ලබන්න; හිතේ තැන්පත් බවක් ලබන්න යම් කෙනෙක් කැමැති නම් එයා කළ යුතු භාව­නා­වක් තියෙ­නවා; සමථ භාව­නාව කියලා. තමන්ට හිතුණ පම­ණින් ම සම­ථ­යක් වඩන්න ඕන කියලා හිතු­වට එක පාරට සම­ථය වඩන්න පුළු­වන් කමක් නැහැ. ඉස්සර වෙලාම කළ යුතු වැඩ­පි­ළි­වෙ­ළක් තියෙ­නවා. ඒ වැඩ­පි­ළි­වෙලේ පළමු දේ තමයි; පන්සිල් සමා­දන් වෙලා තමන් සිල්වත් කෙනෙක් බවට පත් වෙන්නට ඕන.

සීල‍යේ අඩු­පාඩු තිබු­ණොත් භාවනා කළාට හිත සමා­ධි­ගත වෙන්නේ නැහැ. බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ ගෙන් ආනන්ද තෙරුණ් වහන්සේ ඇහුවා දිනක්, භාග්‍ය වතු­න්ව­හන්ස! මොක­ටද සීලය තියෙන්නේ කියල. ඒ අව­ස්ථාවේ කිය­නවා ආන­න්දය! සමා­ධිය පිණි­සයි. සිල්වත් නැති කෙනාට භාවනා කළාට හිතේ සමා­ධි­යක් පිහි­ටුවා ගන්නට බැහැ; හිත තැන්පත් කර­ග­න්නට බැහැ. ඒ නිසා සිල්වත් බව හිතේ ඇති කර­ග­න්නට ඕන. භාවනා කර­න්නට පෙර පන්සිල් සමා­දන් වෙන්ට ‍ඕන.

පන්සිල් සමා­දන් වුණාට මදි; උන්ව­හන්සේ අපිට කියලා දෙනවා කර­න්නට ඕන මොන­වද කියලා. සමා­දාය තික්ඛති සික්ඛා පදේසූ... සමා­දාය: මුලින් සමා­දන් වෙන්ට ඕන; ඉන්ප­සුව 'සික්ඛති': හික්මෙ­න්නට ඕන. ඉන්පසු සික්ඛා පදේසූ සික්ෂා පදය තුළ හික්මෙ­න්නට ඕන . බලන්න උන්ව­හන්සේ අපිට උග­න්නපු හැටි; අපි දන්නේ හි‍ක්මෙන ටික විත­රයි. නමුත් හික්මෙ­න්නට ඕන සික්ඛා පදය තුළයි. එය අපි අපේ හිතට ගත්තේ නැහැ. ප්‍රායෝ­ගික ජීවි­ත­යට ගත්තේ නැහැ. ඒ නිසා අපිට සික්ඛා පද රැක ගන්නට බැරිව ගිහිල්ලා. ඒ නිසා සීලය සමා­දන් වෙන්නට ඕන; සික්ඛා පද තුළ හි‍ක්මෙන්නට ඕන. ඒ තුළයි භාව­නාව අරම්භ කර­න්නට ඕන.

භාවනා කරන කෙනෙක් දත යුතු ප්‍රධාන කාර­ණා­වක් තියෙ­නවා. භාවනා කර­න්නට පෙර අපි කළ යුතු වැඩ කොට­සක් තිය­නවා. මෙය බුද්ධ ශාස­නයේ හඳු­න්ව­නවා, පුර්ව කෘත්‍ය කියලා. මුලින් බුද්ධ ධම්ම සංඝ යන තෙරු­වන්ට වන්දනා කර­න්නට ඕන තෙරු­වන්ට ජීවි­තය පුජා කර­න්නට ඕන. ලොකු අර­මු­ණ­ක­ටයි මේ ජිවි­තය පුජා­ක­රන්නේ. මම උදා­හ­ර­ණ­යක් කිය­න්නම්, එක් මනු­ස්ස­යෙක් ඉන්නවා, එයාට ගොඩක් වටින රෙද්දක් තිය­නවා, පුදු ම විදි­හට පරි­ස්සම් කර­නවා මේ වටිනා රෙද්ද. ඔහු අර­ගෙන ගිහින් මහා සංඝ රත්න­යට ආද­ර­යෙන් ගෞර­ව­යෙන් පුජා කර­නවා. උන්ව­හන්සේ මේ රෙදි කඩ බිමට එළලා හතර කොනට කූඤ්ඥ හත­රක් ගහ­නවා.

එහෙට මෙහාට වෙන­වාට උන්ව­හන්සේ ඉන්පස්සේ දැලි නූල් ගහ­නවා. ඉන් පසු දැලි පිහි­ය­කින් නූළක කොනක් කපලා දෙපැ­ත්තට අදි­නවා. මේ දැලි නූල් ගහ­නවා, කෑලි කෑලි­ව­ලට කප­නවා දකි­න­කොට මේ තැනැ­ත්තාගේ හිතට සතු­ටක් දැනෙ­නවා.

අද මම පූජා කළ මේ රෙද්ද හෙට චීව­ර­යක් බවට පත්වෙ­නවා. ම‍ගේ තථා­ග­ත­යන් වහ­න­සේගේ අනු­ගා­මික නමක් මේ සිවුර පොර­ව­ගෙන සිල්වත්ව, ගුණ­වත් ව ගමන් කර­මින් සස­රින් මිදි­මට ගමන් කර­නවා. මේ සිවුර පොර­ව­ගෙන භාවනා කිරී­මට ප්‍රථම මුළු හද­ව­තින් ම උන්ව­හ­න්සේට මුළු ජිවි­තය ම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්න­යට පූජා කළාම, මේ ශරි­ර­යට දුක දැනු­ණාම හිතෙ­නවා;

මම වාඩි වුණේම භාව­නා­වට, ත්‍රිවිධ රත්න­යට ජීවි­තය පුජා කර­ලයි කියලා. මේ ත්‍රිවිධ රත්න­යට යි මෙය අයිති කියලා වේද­නාව ඉව­සන්න පුළු­වන් මහ පුදුම ශක්ති­යක් ධෛර්ය­යක් ඇති වෙනවා. එය­ටයි ජිවි­තය පුජා කරන්නේ. ඉන්ප­සුව මෛත්‍රී වඩ­න්නට ඕන. ගහන්න මරන්න හිතෙන්නේ නැහැ. අත­පය රිදු­ණත් තරහා යනවා. පොඩි සද්ද­යක් ඇහු­ණාත් තරහා යනවා.

අක­මැ­තිතා එනවා, ද්වේෂය එනවා, ටිකක් මෛත්‍රි­ව­ඩලා භාව­නාව කළාම මේ තත්ත්වය මඟ හැරෙ­නවා. භාවනා කරන කාලය තුළදි රාග­යෙන් අධික පිඩා‍වට පත් නොවී මේ භාව­නා­වට කාලය ගත කර­න්නට ඔබට පුළු­වන්. ඉන් පසු කළ යුතු වන්නේ මරණ සතිය මෙ‍නෙහි කිරී­මයි.

ජිවි­තය අනි­ය­තයි, මර­ණය නිය­තයි කියලා මෙනෙහි කිරි­මේන් විර්යය වැඩෙ­නවා. ඉන් පසුව භාවනා මන­සි­කා­ර­ය­කට ඔබේ සිත යොමු කර­න්නට ඕන. මේ විදි­හට භාව­නා­වක් කරද්දි එහි මූලික පසු­බිම සකස් කර­ග­න්නට ඕන­මයි. අපි මේ කට­යුතු වලදී නිවැ­රදි ලෙස වාඩි­වෙ­න්නට ඕන; අර්ධ පරි­ය­න්ක­යෙන් වාඩි­වෙ­න්නට ඕන; කොන්ද ඍජුව වාඩි වෙන්නට ඕන. වම් අත මත දකුණු අත තබා ගන්නට ඕන.

මේ දේවල් නිවැ­රදි ව කර­මින් ආනා­පාන සතිය සහ මෛත්‍රි නිවැ­ර­දිව වැඩිය යුතුයි. පුරුදු කරන භාවනා කම­ට­හ­නක් මෙනෙහි කර­න්නට ඕන.

ඉන්ප­සුව කාරණා හත­රක් මුල්ක­ර­ගෙන ඉතා කැමැ­ත්තෙන් යුතුව භාව­නාව අර­මුණු කර­න්නට ඕන. ඡන්දස් උප්ප­ද්දවා කැමැත්ත අර­මුණු කර­ගෙන විර්යෙන් යුතුව උත්පා­ද­නය කර­න්නට ඕන. අපි හිත­නවා හුස්ම වලට හිත යොමු කර­නවා කියලා. නිකං අර­මුණු නැතුව එසේ සිතීම කර­න්නට හොඳ නැහැ . එය අර­මුණු ඇතුව කල්ප­නා­වෙන් වී‍ර්යෙන් කළ යුතුයි.

විර්යන් උප්පා­දිත්වා කියලා එයට කිය­නවා. චිත්තං උප්පන් දිත්වා මනසි කරෝති... කියන්නේ චිත්තය උත්පා­ද­නය කර­මින් අධි­ෂ්ඨා­න­යෙන් යුතුව මනස ක්‍රියා­ත්මක කිරී­මයි. නිවන් දැකීමේ අර­මු­ණයි; අධි­ෂ්ටා­නය විය යුතු වන්නේ. චිත්තං උප්පා­දිත්වා විමන්සං උප්පා දෙත්වා.... නුව­ණින් යුතු­වයි මෙනෙහි කරන්න ඕන. නුව­ණින් තොරව මෙනෙහි කළ­හොත් තම­න්ට­වත් දැනෙන්නෙ නැහැ. අර­මු­ණ­කට හිත යනවා කියලා ඉන් පසුව ටික වෙලා­ව­කින් අර­මු­ණට හිත එන්නට පුළු­වන්.

මගේ හිත ලිහිල් විර්යය කියලා මෙනෙහි කර­නවා නම් ඉතා වටි­නවා. ආයෙ­මත් භාවනා කර­න්නට පටන් ගන්නවා. සම­හර විට ඉතා හොඳින් භාවනා කරන් යන්න­ටත් පුළු­වන් . එවිට කර­න්නට ඕන අපාය ගැන හිතලා හිත බයට පත් කරන්න.

ඒ නිසා අපා­යට යන කෙලෙස් ටික­වත් නැති කරන්න පුළු­වන් වෙන්න කියලා හිත­නවා. එසේ නම් මම මැරිලා අප්‍ර­මාණ නිර­ය­වල් ටිකක් තිය­නවා; ඒ නිර­ය­වල් වල උප­දින්න පුළු­වන් කියලා හිත­න්නට ඕන.

බුද්ධ ශාස­නයේ එක්තරා වැද්දෙක් මහණ වුණා. එයාට අධික වතුර පිපා­ස­යක් හැදුණා. කල හැටක වතුර තිබුණා කල හැටේම වතුර ඔහුට පේන්නේ නැහැ. රහ­තන් වහ­න්සේලා නිදා ගන්න­කම් ඉඳලා ඔහුට වතුර පෙව්වා. පුදුම පිපා­ස­යක්. ඒ පිපා­සය සංසි­ඳුණේ නැහැ; රහ­තන් වහ­න්සේ­ලාට කිව්වා, ස්වාමීනි මාව බේර­ගන්න කියලා.

අපාය ගැන තේරැම් අර­ගෙන භාවනා කරන්න කියලා අපාය කෙබ­දුද කියලා ඔහු ප්‍රශ්න නඟ­නවා. රහ­තන් වහන්සේලා ගිනි පුපු­රක් ගන්නවා; ඍද්ධි බල­යෙන් මෙය දර­ගොඩ ගිනි ගත්තා සැණින්. අපි වුණත් මේ විදි­හට අපි­ටත් හින වීර්යය ඇති වෙලාවේ භයට පත්වෙ­න්නට ඕන. අපි භාවනා කම­ට­හන වඩන්න පටන් ගන්න ඕන. නිදි­මත එන අවස්ථා එනවා අපි භාවනා කරන විට.

එවිට අපි එය නුව­ණින් දකි­න්නට ඕන. මේ ආකා­ර­යට නුව­ණින් දැන­ගෙන පුළු­වන් නම් මෙනෙහි කර­න්නට ඕන. ථීන මිත්තය, ථීන මිද්දය කිය ලා මෙනෙහි කර­න්නට ඕන. ‍මේ ආකා­ර­යට එසේ මෙනෙහි කර­මින් සිටින විට හිත තැන්පත් වෙනවා නම් හොඳයි. කළ­යුතු දෙය තමයි; අර­මුණ වෙනස් කළ යුතුයි. මෛත්‍රී කර­මින් බුදු ගුණ භාව­නාව කළ යුතුයි. අර­මුණ වෙනස් කර භාවනා කරලා බලන්න ඕන.

අර­මුණ වෙනස් කර­ගෙ­නත් නිදි­මත එනවා නම්, සිහි­යෙන් ඉරි­යව්ව වෙනස් කර­න්නට ඕන. වේද­නාව නිසා ඉරි­යව්ව වෙනස් කරන්න බැහැ . නමුත් නිදි­මත නිසා අර­මුණ වෙනස් කර­න්නට ඕන. දකි­මින් මෙනෙහි එය කර­න්නට ඕන. වතුර ටිකක් අර­ගෙන මුහුණ සෝදා­ග­න්නට ඕන.

මේ ආකා­ර­යට මුහුණ හෝඳගෙන ඉන්පසු කන්දෙක අදින්න ඕන. කන්දෙක රිදෙන්න ඇදලා දකුණු අතේ වම් අතේ බාහුව පිරි­ම­දි­න්නට ඕන. මේ ආකා­ර­යට ආයෙත් වාඩි­වෙ­න්නට ඕන. ඉන්පසු ව ප්‍රගුණ කළ ධර්මය සංගා­යනා කර­න්නට ඕන.

ඉන්ප­සුව භාවනා පටන් ගන්නට ඕන, එවිට ථීන මිද්ද­යෙන් භාවනා කර­න්නට පුළු­වන්. කිහිප සැර­යක් කර­ලත් බැරි­නම් නැගි­ටින වෙලාව අධි­ෂ්ඨාන කරලා නිදි­යන්න ඕන. දකුණු අත ඔළුවේ තියා­ගෙන නිදා ගැනීම කළ යුතුයි; වම් අත ශරි­රය දිගේ තබ‍ා­ගත යුතුයි. මේ වගේ භාවනා කර­න­කොට තවත් බාධක තියෙන්න පුළු­වන්.

හිත විසුරු වන­විට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය අර­මුණු කර­ගෙන මේ භාවනා ව වඩ­න්නට ඕන. කාම සංක­ල්පනා එනවා නම් ඒ වෙලා­වේදි දේව­දුත සුත්‍රය මෙනෙහි කර­න්නට ඕන . මේ දේව­දුත සුත්‍රයේ තියන විදි­හට දුක්වි­ඳි­න්නට ඕනද කියලා හිත බයට පත් කර­ගෙන; භාව­නාව අර­මුණු කර­ගෙන; භාවනා කර­න්නට ඕන. අපි කළ­යුතු වන්නේ මේ සස­රින් එතෙර වීමට නම් භාව­නාව ප්‍රගුණ කිරී­මයි; කියන ස්ථීර අධි­ෂ්ඨා­න­යෙන් යුතුව භාව­නාව වැඩිය යුතුයි.

Comments