1817 ඌව මහා නිද­හස් කැරැල්ල ජීව­මාන කළ වාරි­ය­පොළ සුමං­ගල හිමි පිළි­බඳ හෙළි­ වන අප්‍ර­කට තොර­තුරු | සිළුමිණ

1817 ඌව මහා නිද­හස් කැරැල්ල ජීව­මාන කළ වාරි­ය­පොළ සුමං­ගල හිමි පිළි­බඳ හෙළි­ වන අප්‍ර­කට තොර­තුරු

(1 කොටස)

‘වාරි­ය­පොළ සුමං­ගල’ නම අපට හොඳ­ටම හුරු­පු­රුදු නමකි. කොත­රම් ප්‍රබ­ලව උන්ව­හ­න්සේගේ නම ප්‍රච­ලි­තව ඇද්ද සඳ­හන් කළොත්, ඒ වටා කාල­යත් සමඟ ගොනු වී ඇති කතා යම් ප්‍රමා­ණ­යක් ඇත්ත වශ­යෙන්ම මොන­ත­රම් දුරට නිව­රැ­ර­දි­දැයි මේ ලිපි­යෙන් විම­ර්ශ­නය කෙරේ. එයින් ප්‍රධාන වන්නේ,

(1) 1815 මාර්තු මස 2 වන දින, උඩ­රට ගිවි­සුම අස්සන් තැබී­මට පෙර ඉංග්‍රීසි කොඩිය එසවූ බැවින්, එය පහ­තට ඇද දමා පයින් පාගා දැමූ බව;

(2) එම නිසා, උන්ව­හන්සේ වෙඩි තබා ඝාත­නය කළ බව;

(3) 1831 පෙබ­ර­වාරි 5 වන දින උන්ව­හන්සේ යාපනේ හිර­ගෙ­ද­රදී අප­වත් වූ බව මහා­චාර්ය තුඹුල්ලේ සීල­ක්ඛන්ද හිමි පැව­සීම: සහ

(4) උන්ව­හන්සේ ගේ ජන්ම පළාත වන්නේ, සිල­ක්ඛන්ද හිමි අනුව, උන්ව­හන්සේ ද අයත් වයඹ පළාතේ, කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ හෙවත් පැරණි හත්කෝ­රලේ වාරි­ය­පොළ ග්‍රාම­යට යනුයි.

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය අනු­රාධ සෙනෙ­වි­රත්න මහතා ලියූ, සංස්කෘ­තික ත්‍රිකෝ­ණය විසින් ප්‍රකා­ශිත ‘KANDY’ නම් පොතේ (මේ පොත දැඩි ලෙස විවේ­ච­න­යට ලක් විය. කතිර කොඩිය බිම ඇද දැමීම නිසා වාරි­ය­පොළ හිමි ජීවි­ත­යෙන් වන්දි ගෙවූ බව සඳ­හන් කරන අතර, ඉති­හා­සය පිළි­බඳ මහා­චාර්ය, තුඹුල්ලේ සීල­ක්ඛන්ද හිමි­පාණෝ, වාරි­ය­පොළ සුමං­ගල හිමි ගැන 1984 පළ කළ පොතේ, උන්ව­හන්සේ යාපනේ හිර­ගෙ­දර දීම 1831 පෙබ­ර­වාරි 5 වන දින “අව­සන් වරට දෙනෙත් පියා­ගත්හ” යනු­වෙන් සඳ­හන් කරති. මේ ආදි වශ­යෙන් උගත්තු වරින් වර ප්‍රකාශ කළ තොර­තුරු, කලින් කී පරිදි පිළි­ගෙන, වරි­ය­පොළ සුමං­ගල හිමි සමරු මුද්ද­ර­යක් නිකුත් කිරීම වෙනු­වෙන් තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ මුද්දර අංශය කෙටි දැන්වී­ම­කින් මගෙන් කළ ඉල්ලීම අනුව, රජය පවා පිළි­ගෙන තිබූ කොඩිය ඇද දැමීමේ යනාදි විස්තර, එම මුද්ද­රය ආව­ර­ණය වන අංක 171/1985 දරන, මුද්දර නිවේ­ද­න­යට ඇතු­ළත් කළෙමි. පසුව කළ අධ්‍ය­ය­න­ය­කදී, එහි ඇතැම් විස්ත­ර­වල ඓති­හා­සික පද­න­මක් නොමැති බව වටහා ගත් මම, වහාම ඒවා නිවැ­රදි කොට, 1986.4.27; 1956.5.4; 1985.5.25 ‘සිළු­මිණ’ සහ එම දින SUNDAY OBSERVER මෙන්ම , පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ THE SRI LANKA JOURNAL OF THE HUMANITIES, Vol. xxi සහ, එහි පළ කෙරුණු, PROF. W.M. SIRISENA FELICITATION VOLUME, 2009 වැඩි­ම­නත් වශ­යෙන් පළ කළෙමි.

ඉංග්‍රීසි භාරයේ තිබූ දළදා වහන්සේ රහසේ ඉවත් කර ගෙන යෑමේ චෝද­නා­වට වර­ද­කරු වූ වාරි­ය­පොළ හිමි ඝාත­නය කළේය, හිර­ගෙ­දර දී අප­වත් වූහ යනාදි සාවද්‍ය තොර­තුරු උග­තුන් අතින් ම ප්‍රචා­රය වුවත්, උන්ව­හන්සේ “තව­මත් යාපනේ බන්ධ­නා­ගාර ගතව සිටින බව” 1819 අප්‍රේල් 4 දින දරන රාජ්‍ය ලේඛ­නා­ගාර වාර්තා­වක සඳ­හන් වන අතර, හොඳ කල්ක්‍රි­යා­වෙන් මෙන්ම යම් රෝගී තත්ත්ව­යක පසු වූ බැවින්, උන්ව­හ­න්සේට ක්ෂමාව දී, උන්ව­හන්සේ සමඟ සිර­ගත කරන ලද භික්ෂූන් වහ­න්සේලා 20 නම අතර, වාරි­ය­පොළ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 10 නමක්, 4 වන ජෝජ් රජ තුමාගේ උපන් දිනය වෙන‍‍ු­වෙන් 1821 අප්‍රේල් මස 24 වන දින යාපනේ බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව, එම දින දරන රාජ්‍ය ලේඛන වාර්තාවේ දැක්වේ. මම මේ වාර්තාව කියවා බැලීමි. ඉන් ඉදි­රි­යට උන්ව­හන්සේ අවු­රුදු 10ක් අස්ගිරි විහා­රයේ ජීවත් වූහ.

මවු බිමේ ස්වාධි­ප­ත්‍යය වෙනු­වෙන්, උඩ­රට මහා කැරැ­ල්ලට ජීව වායුව දී, එව­කට ලොව ප්‍රබ­ල­තම බල­වතා වූ බ්‍රිතාන්‍ය අධි­රාජ්‍ය සමඟ කෙළින් ම ගැටුණු මේ සුප්‍ර­සිද්ධ වීරෝ­දාර වාරි­ය­පොළ හිමි, ඇත්ත වශ­යෙන් කාගේ කවු­රුද?;. උන් වහ­න්සේගේ පැවිදි නම කුමක්ද?, උන්ව­හ­න්සේගේ ගම රට කොයි පළා­තේද?, සහ උන්ව­හන්සේ අප­වත් වූයේ මොන වර්ෂ­යේද? යන ප්‍රශ්න අප ඉදි­රියේ තිබේ. මේවාට ඍජු පිළි­තුරු නිර්මා­ණය නොවූ­වත්, සම­කා­ලීන වාර්තා නිරී­ක්ෂ­ණය කිරීමේ දී, අනි­යම් ලෙස විද්‍ය­මාන වන කරුණු මඟින්, දෙම­වු­පිය ප්‍රශ්න හැර, අනෙක් කීපය පහ­සු­වෙන් නිරා­ක­ර­ණය කර­ගත හැකිය.

උන්ව­හ­න්සේගේ නමෙහි ‘වාරි­ය­පොළ’ ලෙස සඳ­හන් වන්නේ සිය උපන් ගම වාරි­ය­පොළ වූ නිසාය. මේ යුගයේ සෑම හිමි නමක් ම සිය නම මෙන්ම අස්සන සට­හන් කළේ ගමේ නමිනි. ‘කොබ්බෑ­ක­ඩුව උන්නාන්සේ, මාව­ත­ගම උන්නාන්සේ, තුඹ­ගොඩ උන්නාන්සේ වම්හ’ යනාදි වශ­යෙන් මිස පැවැදි නමෙන් නොවේ. පැවිදි නම සඳ­හන් කෙරුණේ ඉතා කලා­තු­ර­කිනි. මේ හිමිගේ ගිහි නම හේරත් මුදි­ය­න්සේ­ලාගේ කිරි­හාමි යයි ද, පියාගේ නම බම­ණු­කො­ටු­වේ­රාල යයි මහා­චාර්ය සීල­ක්ඛන්ද හිමි පළ කළ ග්‍රන්ථ­යක් ආශ්‍ර­යෙන් රාජ්‍ය ලේඛ­නා­ගාර අධ්‍යක්ෂ ආචාර්ය කේ.සී.ජී. විම­ල­රත්න මහතා පවා සඳ­හන් කළත්, එවැනි සඳ­හ­නක් කිසිම සම­කා­ලීන පිළි­ගත හැකි මූලා­ශ්‍ර­යක නැත. මේ අතර, වාරි­ය­පොළ හිමිගේ පර­ම්ප­රාව ගැන කිසිම හෝඩු­වා­වක් නැතැයි ද පැවසේ. එසේ නම්, මේ නම් ගම් සොය­ගත්තේ කෙසේද,. මේවා හුදෙක් ම නිර්මා­ණය කළ ව්‍යාජ තොර­තු­රුය. මේ තොර­තුරු සම්පූ­ර්ණ­යෙන් බැහැර කරන, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙකු වූ, වට­පු­ළුවේ පදිංචි එස්.බී. කර­ල්ලි­යද්දේ මහතා, 2005 මාර්තු 9 වන දින ‘දිව­යින’ පත්‍ර­යට ලිපි­යක් සප­ය­මින්, තවත් මනඃ­ක­ල්පිත පැටි­කි­රි­යක් අරෝ­ප­ණය කර­ව­මින්, 15 වන ශත වර්ෂයේ තූන­යම රාජ පර­ම්ප­රා­වට මේ හිමි අයිති බවත්, උන්ව­හ­න්සේගේ පියා දේව මැද්ද බංඩාර බවත් පව­ස­මින්, හෙතෙම තමා උපන්, මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ දුම්බ­රට උන්ව­හ­න්සේව ඈඳා ගනී. වාරි­ය­පොළ හිමිගේ පැටි­කි­රිය සම්බ­න්ධ­යෙන් සීල­ක්ඛන්ද හිමි හෝ කර­ල්ලි­යද්දේ මහතා හෝ ඍජු, පිළි­ගත හැකි මූලා­ශ්‍රය කිසි­වක් ඉදි­රි­පත් නොක­රයි. 19 වන සිය­වසේ නිවැ­රදි තොර­තුරු පවා සොයා ගැනී­මට බැරි තැන, අවු­රුදු 500ක් පැරණි විස්තර කර­ල්ලි­යද්දේ මහ­තාට ලැබුණේ කෙසේ ද යන්න විස්මය දන­ව­න්නකි. මේ හැරත් ‘වාරි­ය­පොළ’ නමින් ගමක් උඩ­පාත දෙදු­ම්බ­රම නොවීය. මෙහි සිදු වී ඇත්තේ පාළු අම්බ­ලමේ වළං බිඳී­මකි.

වාරි­ය­පොළ හිමිගේ පැවිදි නාමය කිසිම සම­කා­ලීන වාර්තා­වක සඳ­හන් නොවෙ­තත්, ජන­ප්‍ර­වා­දයේ, එය “සුමං­ගල” ලෙස පව­ත්වා­ගෙන එනු ලබයි. එය සැක­යෙන් තොර පිළි­ගැ­නී­මට, කරුණු තුනක් දැක්විය හැකිය. (1) නොනැසී පව­තින ජන­ප්‍ර­වා­දය; (2) වෙනත් පැවිදි නම­කින් හැඳින් වී නැති වීම සහ උන්ව­හන්සේ අප­වත් වූවා­යින් පසු, උන්ව­හන්සේ අයත්ව සිටී, දකුණු මාතලේ කටු­දෙ­ණිය පන්සලේ පසු කල­කදී මහණ වූ හිමි නමක, එය වාරි­ය­පොළ ගමින් ම වූ බැවින්, කීර්ති­මත් නමක්ව පැවති “වාරි­ය­පොළ සුමං­ගල” නමින් හැඳි­න්වුණු බැවිනි.

මේ ගැන විස්ත­ර­යක් කළ, උඩ­රට ඓති­හා­සික තොර­තුරු ගැන විශා­රද දැනු­මක් තිබූ, සගම රාජ­මහා විහා­රයේ විහා­රා­ධි­පති වූ අස්ගිරි පාර්ශ්වයේ ඔළු­වා­වත්තේ ධම්ම­කිත්ති මහ නාහිමි, කලින් අප­වත් වූ හිමි නම­කගේ නම, එම පන්ස­ලේම මහණ වන්න­කුට ආදේශ කිරීමේ සිරි­තක් තිබූ බව මට පවසා ඇත. මේ අනුව, ‘සුමං­ගල’ නම් පැවිදි නම උන්ව­හ­න්සේට තිබී ඇති බව පිළි­ගත හැකි යයි, උන්ව­හන්සේ වැඩි දුර­ටත් මට පැව­සූහ.

ඊළ­ඟට, උන්ව­හන්සේ උපන් ගම කුමක් දැයි විම­සමු. එය වාරි­ය­පොළ බව සඳ­හන් වන නිසා, ඒ ගැන ගැට­ලු­වක් නැත. එහෙත් ගැට­ලුව වන්නේ, වාරි­ය­පොළ නමින් මේ දෙකක්ම එකට යාව ඇති පළාත් දෙක පිහි­ටී­මයි. එකක් වන්නේ, පැරණි මාත‍ලේ මහා දිසාවේ හෙවත් දැනට මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රි­ක්කයේ, මැද­සිය පත්තුවේ පිහිටි වාරි­ය­පො­ළයි. අනෙක වන්නේ, පැරණි හත්කෝ­රලේ හෙවත් දැනට වයඹ පළාතේ, කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්‍කයේ පිහිටි වාරි­ය­පො­ළයි.

මේ වක­වා­නුවේ ‘වාරි­ය­පොළ’ හිමි වරු සිව් දෙනෙක් ඉති­හා­සයේ දැක්වෙති. එයින් පළ­මු­වැ­නියා වන්නේ, දළදා නඩු­වට සම්බන්ධ, සුප්‍ර­සිද්ධ වාරි­ය­පොළ (සුමං­ගල) හිමි ව්. ඉන් අන­තු­රුව ඉන්නේ ඍජු­වම ‘වාරි­ය­පොළ සුමං­ගල’ නමින් සිටින හිමිය. තුන්වැ­නිව සිටින්නේ, ‘වාරි­ය­පොළ දීපං­කර’ හිමිය. මොවුන් තිදෙ­නාම අයත් වන්නේ, දැනට මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රි­ක්කයේ, මැද­සිය පත්තුවේ, වාරි­ය­පොළ ගමේ, මාතලේ ගොඩ­පළ විසූ, විජේ­පාල රජ සමයේ ඉදි­ක­රනු ලැබූ කටු­දෙ­ණිය පන්ස­ලට බව වාර්තා වී තිබේ. එසේ නැතිව, කිසි­සේත් කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ වාරි­ය­පො­ළට නොවේ. සිව් වෙනියා වන්නේ ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජ­තු­මාගේ තුන්වන රාජ්‍ය වර්ෂයේ “අස්ගිරි උපත” නම් පොත ලියූ ‘වාරි­ය­පොළ අනෝ­ම­දස්සී’ හිමිය. වෙන තොර­තු­රක් නැත. පැව­සී­මට ඇත්තේ ‘වාරි­ය­පොළ’ නමින් සිව් නමක්ම අස්ගි­රි­යට අනු­බ­ද්ධව සිටීම අහඹු සිද්ධි­යක් බවයි.

දළදා නඩු­වට අයත් වාරි­ය­පොළ උන්නාන්සේ කටු­දෙ­ණි­යට අයත් වන බව ඔප්පු­වන පළමු සාක්ෂිය වන්නේ, ඉතා කීර්ති­මත් නාම­ය­කට සහ වීර චරි­ත­යක් ලෙස ගෞර­වා­ද­ර­යට පත් උන්ව­හන්සේ අප­වත් වීමෙන් පසු, ඒ නමින් ම එම පන්ස­ලේම පසු කලක මහණ වූ හිමි නමක් ද වාරි­ය­පොළ සුමං­ගල වීමයි. කටු­දෙ­ණිය පන්ස­ලට පරි­බා­හිර කෙනෙක් කව­දා­වත් ඒ නමම ගන්නේ නැත. උන්ව­හන්සේ කටු­දෙ­ණිය පන්සලේ වැඩ සි‍ටින කාලයේ, තමා මිල­යට ගත් ඉඩම් වෙනු­වෙන් මර­ක්කල මිනි­සුන් දෙදෙ­න­කුට විරු­ද්ධව, මාතලේ දිස්ත්‍රික් උසා­වියේ නඩු අංක 67684 යටතේ නඩු­වක් ද ගොනු කර තිබිණි.

පසු කල­කදී, උන්ව­හන්සේ ඔප්පු­වක් මත 1873 දී, කටු­දෙ­ණිය පන්සල සහ ඊට අයත් සියලු ඉඩ­ක­ඩම් දේපොළ යනා­දිය දොර­කු­ඹුරේ පන්සලේ (මහ­නු­වර) තල­වින්න (ඒත් මහ­නු­වර) ඉන්ද­ජෝති හිමිට ලියා දී සිවුරු හැරි­යේය. මේ සෑම තැනම සඳ­හන් වන්නේ, මධ්‍යම පළාත මිස වයඹ පළාත නොවන බව අව­ධා­ර­ණ­යෙන් පෙන්වා දෙමි.

තුන්වන වාරි­ය­පොළ හිමි වන්නේ, අස්ගිරි තල්පතේ ම සඳ­හන් වන, අස්ගිරි මහා විහා­රයේ අනු­නා­යක ධුරය දැරූ “වාරි­ය­පොළ දීපං­කර” උන්නාන්සේ ය. නමුත්, සියලු දෙනා උන්ව­හන්සේ වාරි­ය­පොළ සුමං­ගල යයි පට­ල­වා­ගෙන ඇත.

මෙයට හේතුව වූයේ, අදාළ තල්පතේ සඳ­හන් වූ මේ හිමිගේ පැවිදි නම, එම පාඨය ඉදි­රි­පත් කිරීමේ දි තුඹුල්ලේ සීල­ක්ඛන්ද හිමි ය. කපා­හැර පළ කිරී­මයි. මල්වතු මහා විහා­රයේ මෙන් නොව, අස්ගිරි මහා­වි­හා­රයේ පැව­තියේ එක් අනු­නා­යක ධුර­යකි.

අස්ගිරි පාර්ශ්ව­යට අයත්, මහ­නු­වර පිහිටි සුප්‍ර­සිද්ධ සුදු­හු­ම්පොළ රාජ මහා විහා­රය, ඉදි­ක­රනු ලැබුවේ 1777 දී එහි නිර්මාතෘ වූ, මාතලේ, කඩු­වෙල හිමි වන අතර, උන්ව­හන්සේ එහි නායක හිමි ද වූහ. 1813 උන්ව­හන්සේ අප­වත් වූ සේක. මේ පුර­ප්පා­ඩුව සඳහා එහි නායක ධුර­යට ශ්‍රී වික්‍ර­ම­රා­ජ­සිංහ රජ­තුමා, අස්ගිරි මහා විහා­රයේ මහා නායක හිමි වූ මාව­ත­ගම උන්නාන්සේ පත් කළේය. එහෙත් ඒ හිමි, කඩු­වෙල ශිෂ්‍ය හෝ ඥාති ශිෂ්‍ය පර­ම්ප­රා­වට අයත් නොවන බව පව­ස­මින් එම පන්සලේ සිටි අනෙක් හිමි­වරු මෙයට විරෝ­ධය පෑහ. මේ හේතු­වෙන්, කඩු­වෙල පර­ම්ප­රා­වට අයත් මයි­ල­වැව හිමි ඒ පද­වි­යට පත් විය.

පසු කල­කදී, මයි­ල­වැව හිමි, තමා මහණ වී සිටි සියම් නිකාය අත්හැර, ගාල්ලේ, දඩල්ලේ අම­ර­පුර නිකා­යට සම්බන්ධ විය. මේ හේතු­වෙන් මල්වතු සහ අස්ගිරි මහා නායක හිමි­වරු, මයි­ල­වැව හිමි සියම් නිකා­යෙන් නෙරපා දැමූහ. උන්ව­හ­න්සේගේ අප­වත් වීමෙන් පසු, ඒ තන­තු­රට සියම් නිකායේ රඹු­ක්වැල්ලේ හිමි පත් විය.

උන්ව­හන්සේ ද ටික කල­කට පසු,සියම් නිකාය හැර දමා අම­ර­පුර නිකා­යට ඇතුළු වූහ. මේ වන විට උඩ­රට රාජ­ධා­නිය ඉංග්‍රී­සින්ට නතුව පැව­තිණ. මේ වක­වා­නුවේ ඉංග්‍රිසි ආණ්ඩුව පිළි­ගෙන තිබුනේ සියම් නිකාය පමණි.

මේ නිකාය මාරුව රජය අනු­මත නොකළා පම­ණක් නොව, 1836 සැප්තැ­ම්බර් 16 වන දින රජය රඹු­ක්වැල්ලේ හිමි තන­තු­රෙන් නෙරපා දැමීය. එප­ම­ණක් නොව, උඩ­රට ගිවි­සුමේ 5 වන වග­න්තිය මත, බුදු සසුනේ ආර­ක්ෂාව සහ වග­කීම රජය සතු බැවින්, උන්ව­හන්සේ සුදු­හු­ම්පොළ රාජ මහා­වි­හා­ර­යෙන් පවා නෙරපා දැමී­මට, 1837 මහ­නු­වර දිසා අධි­ක­ර­ණයේ නඩු­වක් ද ගොනු කළේය.

ඉන් පසු එහි නායක ධුර­යට අස්ගිරි මහා විහා­රයේ අනු­නා­යක ධුරය හොබ­ව­මින් සිටි, වාරි­ය‍පොළ දීපං­කර හිමි, දර­මින් සිටි එම තන­තු­රට අම­ත­රව රජය විසින් සුදු­හු­ම්පොළ නායක හිමි ලෙස ද පත් කරන ලදී. දීපං­කර හිමි පත්වූ­වාට පසු, උන්ව­හන්සේ, ඒ වන විට පන්සලේ නේවා­සි­කව සිටි අනිත් හිමි වරුන්ට විහාර අටු­වෙන් මාසි­කව ලැබිය යුතු සහල් සලා­කය දීම ප්‍රති­ක්ෂේප කළේය. මෙයට එරෙ­හිව, එම හිමි­වරු දීපං­කර හිමිට විරු­ද්ධව 1839 සහ 1840 මහ­නු­වර දිසා අධි­ක­ර­ණයේ නඩු කීප­යක් පැව­රූහ. මේ නඩු­ව­ලින් පැමි­ණිලි පක්ෂය ජය ලැබූ නමුත්, එහි තීන්දු අභි­යෝ­ග­යට ලක් කර­මින් රජය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඇපෑ­ලක් ඉදි­රි­පත් කළේය. මේ ඇපෑ­ලෙන් රජය ජය ලැබීය. සුදු­හු­ම්පොළ නායක හිමි වශ­යෙන්, සිය බල­තල අනුව දීපං­කර හිමි, මේ විහා­ර­යට අනු­බද්ධ විහා­ර­යක් වූ තුම්පනේ ගුණ­දහෙ කාසා­ගල් පිරි­වෙන් විහා­රයේ නායක හිමි වශ­යෙන්, 1846 මල්වතු මහා විහා­ර­යට අය­ත්කෝ­න්වැව බුද්ධ­ර­ක්ඛිත තෙරහු පත් කළේය.

1817 - 18 දළදා නඩු­වට සම්බන්ධ වාරි­ය­පොළ සුමං­ගල හිමි, 1831 පෙබ­ර­වාරි 5 වන දින අප­වත් වූ බව රාජය ලේඛන අනුව දැක්වෙන බව රාජ්‍ය ලේඛන අධ්‍යක්ෂ, ආචාර්ය කේ.ඩී. ජී. විම­ල­රත්න මහතා සඳ­හන් කරයි. ඉහත සඳ­හන් පරිදි, වාරි­ය­පොළ දීපං­කර හිමි 1846 දක්වා ජීවත් වූ බව තහ­වුරු වන අතර, දළදා නඩු­වට අදාළ වාරි­ය­පොළ සුමං­ගල හිමි 1831 අප­වත් වූ බැවින්, එම හිමි අප­වත් වූවාට පසු, තව අවු­රුදු 15 ඉදි­රි­ය­ටත් වාරි­ය­පොළ දීපං­කර හිමි ජීවත්ව සිටින බව තහ­වුරු වේ. දීපං­කර හිමි අප­වත් වූයේ 1871 බව සැලකේ. එයින් තවත් දුරට පැහැ­දිලි වන්නේ, වාරි­ය­පොළ සුමං­ගල හිමි අප­වත් වූවාට පසු වාරි­ය­පොල දීපං­කර හිමි අවු­රුදු 40ක් ඉදි­රි­යට ජීවත් වූ බවයි. මෙය කෙසේ වෙතත්, වෙන වෙනම වාරි­ය­පොළ හිමි­වරු දෙදෙ­නකු සිටිනු මිස, එක් අයකු නොවන බව ඕනෑම කෙන­කුට සක් සුදක් සේ පැහැ­දිලි වනු ඇත.

Comments